Posts

Showing posts with the label Tutorials

Automotive Battery

Image
 මෝටර් රථ එන්ජිම පණගැන්වීම (𝑪𝒓𝒂𝒏𝒌𝒊𝒏𝒈) සදහා අවශ්‍ය කරනු ලබන මූලික කරකැවීම් බලය 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 එකක් භාවිතයෙන් ලබා දෙනු ලබයි. මෙම 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 ය කරකැවීම සදහා අවශ්‍ය විද්‍යුත් බලය සපයා ගැනීම සදහා මූලික වශයෙන් මෝටර් රථය තුල 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 යක් අන්තර්ගත කර පවතී. විශේෂයෙන්ම මෙම වර්ගයේ මෝටර් රථ 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 නැවත ආරෝපණය (𝑪𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈) කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය කර පවතී.  බැටරිය තුල එන්ජිම පණගැන්වීම සදහා 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 එකට අවශ්‍ය වන විද්‍යුත් බලයට අමතරව , එන්ජිම පණගැන්වීමට සදහා අවශ්‍ය අනිකුත් පද්ධති සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් බල ධාරිතාවයක් පැවතිය යුතු ය. එනම් , ප්‍රධාන වශයෙන් දහන කුටීර (𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓) තුල අන්තර්ගත ඉන්ධන වාත මිශ්‍රණය දල්වාලීම සදහා භාවිතා කරනු ලබන 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 වෙත අවශ්‍ය විද්‍යුත් බලය බැටරිය මගින් සපයනු ලබයි. මෝටර් රථ තුල මෙවැනි 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 අන්තර්ගත කිරීමේ ද්වීතික කාර්යය ලෙසින් , මෝටර් රථ තුල පවතින අනිකුත් විද්‍යුත් උපාංගයන් සදහා අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම පෙන්වා දිය හැකි ය....

Inductive pulls generator

Image
       පේරක වර්ගයේ  සංඥා උත්පාදක (𝑰𝒏𝒅𝒖𝒄𝒕𝒊𝒗𝒆 𝒕𝒚𝒑𝒆 𝒑𝒖𝒍𝒍𝒔 𝒈𝒆𝒏𝒆𝒓𝒂𝒕𝒐𝒓) හෝ 𝒊𝒏𝒅𝒖𝒄𝒕𝒊𝒗𝒆 𝒔𝒆𝒏𝒔𝒐𝒓 සදහා මූලික වශයෙන් දඟරයක් (𝒄𝒐𝒊𝒍 𝒘𝒊𝒏𝒅𝒊𝒏𝒈) , චුම්බක ක්ෂේත්‍රයක් සහ චලනය වන කොටසක් (𝒎𝒐𝒗𝒆𝒎𝒆𝒏𝒕) අන්තර්ගත කරමින් නිර්මාණය කර ඇත. චුම්බක ක්ශේත්‍රයන්ට සංවේදී ද්‍රව්‍ය වලින් නිපදවා ඇති යාන්ත්‍රික කොටසක් හෝ උපාංගයක් ("𝑴𝒐𝒗𝒆𝒎𝒆𝒏𝒕" ලෙසින් හැදින් වේ) සංවේදකය අසලින් චලනය වන විට එම සංවේදකය තුලින් ස්වයං වොල්ටීයතා සංඥාවක් ජනනය වීම සිදු වේ. මෙම වර්ගයේ පේරක සංවේදක ෆැරඩේ (𝑭𝒂𝒓𝒓𝒐𝒅𝒂𝒚 𝑳𝒐𝒘) නියමයට අනුකූලව ක්‍රියාත්මක වේ.           මෙම පේරක දඟරය නිපදවා ගෙන ඇත්තේ , ස්ථීර චුම්බක (𝑷𝒆𝒓𝒎𝒂𝒏𝒆𝒏𝒕 𝑴𝒂𝒈𝒏𝒂𝒕) යක් මැදි වන ලෙස එම චුම්බක ය වටා සන්නයක කම්බියක් (𝑪𝒐𝒊𝒍 𝒐𝒇 𝑾𝒊𝒓𝒆) ඔතා ගැනීම මගිනි. මෙම සන්නයන කම්බිය සදහා බොහෝ විට පාර විද්‍යුත් මාධ්‍යයකින් ආවරණය කල තඹ කම්බි 𝑪𝒐𝒑𝒑𝒆𝒓 𝑾𝒊𝒓𝒆) භාවිතා කරයි. මෙහි දී භාවිතා කල ස්ථීර චුම්බක යෙහි , චුම්බක ස්‍රාවය (𝑴𝒂𝒈𝒏𝒆...

Diode

Image
"𝑫𝒊" = 𝑻𝒘𝒐 සහ "𝑶𝒅𝒆" = 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒅𝒆 එනම් 𝑨𝒏𝒐𝒅𝒆 "+" (𝒑) සහ 𝑪𝒂𝒕𝒉𝒐𝒅𝒆 "-" (𝒏)ලෙසින් හඳුන්වනු ලබන ඉලෙක්ට්‍රෝඩ දෙකක්‍ යොදා ගනිමින් නිර්මාණය කර ඇති විද්‍යුත් උපාංගයක් හෝ සංරචකයක් 𝘿𝙞𝙤𝙙𝙚 ලෙසින් හඳුන්වනු ලබයි.     විද්‍යුත් බලය ( Electric Force ) එක් දිශාවකට පමණක් යොමු කල හැකි පරිද්දෙන් අග්‍ර දෙකක් සහිතව නිපදවා ඇති ඉලෙක්ට්‍රොනික උපාංග "Diode" ලෙසින් හැදින්වේ. අර්ධ සන්නයක (Semi-conductor) උපාංග පවුලේ පළමු සොයා ගැනීම ලෙසින් අර්ධ සන්නායක ඩයොඩ හඳුන්වා දිය හැකිය. පසු කාලයේ දී විවිධ වර්ගයේ විශේෂාංග සහ ලක්ෂණ වලින් සමන්විත වන පරිදි විවිධ වර්ගයේ ඩයෝඩ වර්ග නිර්මාණය කරන ලදි. අද වන විට බහුලව භාවිතා කරනු ලබන ඩයෝඩ වර්ගය ලෙසින් අර්ධ සන්නායක ඩයෝඩ හඳුන්වා දිය හැකිය.    සාමාන්‍යයෙන් සිලිකන් දැලිසි භාවිතා කරමින් ඩයෝඩ නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබයි. මේ සදහා අනිකුත් අර්ධ සන්නායක ද්‍රව්‍ය වන ජර්මේනියම් සහ ජර්මේනියම් ආසනික් ද භාවිතා කිරීම සිදු කරනු ලබයි.      ඩයෝඩ ( Diode ) තුලින් සෑම විටම විද්‍යුත් ධාරා ප්‍රවාහයේ චලිතය එක් දිශාවකට පමණක...

Magnetic Field

Image
    චුම්බක ක්ෂේත්‍රයක් ( Magnatic Field ) යනු කිසියම් චුම්බකයක බලපෑමට නතු වූ , එම චුම්බකය ( Magnet ) අවට ඇති ප්‍රදේශය යි. චුම්බක මගින් , එම චුම්බකය මත සහ අවට පරිසරය තුල චුම්බක බල ( Magnetic Force ) බෙදී යන ආකාරය පිළිබදව අධ්‍යනය කිරීම සදහා චුම්බක ක්ෂේත්‍ර මූලධර්ම භාවිතා කරනු ලබයි. මෙම ලිපිය මගින් චුම්බක ක්ෂේත්‍රය, චුම්බක ක්ෂේත්‍ර ත්‍රීව්‍රතාවය සහ එහි ගැබ් වී පවතින ලක්ෂණ පිළිබදව මනා අවබෝධයක් ලබා ගැනීමට උත්සහ ගනිමු. What is magnetic field   " චුම්බක ද්‍රව්‍යයක් හෝ චලනය වන විද්‍යුත් ආරෝපණයක් වටා ඇති කලාපය තුල චුම්බක බලයක් ක්‍රියා කරමින් චුම්බක බලපෑමට නතු වන ප්‍රදේශය චුම්බක ක්ෂේත්‍රය ලෙසින් අර්ථ දක්වා ඇත."     චුම්බක ක්ෂේත්‍රයක් යනු චුම්බක මත ඇති වනු ලබන බලයන් නිරීක්ෂණය කල හැකි චුම්බක ,විද්‍යුත් ධාරාව ( Electric current ) හෝ වෙනස් වන විද්‍යුත් ක්ෂේත්‍රයන් ( Electric Field ) අසල ඇති වන දෛශ්‍රික ක්ෂේත්‍රයකි. චුම්බක ක්ෂේත්‍රයක් නිපදවීම සිදු වනු ලබන්නේ ක්වන්තම් උප පරමාණුක අංශු වලට ආවේණික කෝණික ගම්‍යතාවය සමග විද්‍යුත් ආරෝපණ ( Electric Charge ) හෝ චුම්බක මත ස්වාභාවික ව ...

Magnet

Image
𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗠𝗮𝗴𝗻𝗲𝘁?    පිටතින් චුම්බක ක්ෂේත්‍රයක් (𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒇𝒊𝒆𝒍𝒅) නිපදවා ගත හැකි ඕනෑම වස්තුවක් චුම්බක (𝒎𝒂𝒈𝒏𝒆𝒕) ලෙසින් හැදින් වේ. මෙම චුම්බක වස්තු මගින් යකඩ , කොබෝල්ට් , නිකල් , තඹ වැනි අනිකුත් ෆෙරෝ චුම්බක  ද්‍රව්‍ය (𝒇𝒆𝒓𝒓𝒐𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒎𝒂𝒕𝒆𝒓𝒊𝒂𝒍𝒔) මත ආකර්ෂණ බල ඇති කරයි. චුම්බක මගින් නිපදවනු ලබන චුම්බක ක්ෂේත්‍රය මිනිසා ඇතුළු අනිකුත් ජීවීන්ට නො පෙනෙන ඒ වගේම නො දැනෙන අදෘශ්‍යමාන බලවේගයක් වේ. මෙය චුම්බක ද්‍රව්‍ය හෝ උපාංගයන් තුල අන්තර්ග ඊටම ආවේණික හා වඩාත් කැපී පෙනෙන ප්‍රධානතම ලක්ෂණයයි. චුම්බක මත ඇති වන චුම්බක ක්ෂේත්‍රය මගින් 𝒇𝒆𝒓𝒓𝒐𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 ද්‍රව්‍ය ආකර්ෂණය කරනවාට අමතරව වෙනත් චුම්බක ද්‍රව්‍ය මත ආකර්ෂණ විකර්ෂණ බල ඇති කරමින් එම චුම්බක ද්‍රව්‍ය ආකර්ෂණය හෝ විකර්ෂණය කිරීම සිදු කරයි.   "චුම්බක ක්ෂේත්‍රයක් (𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒇𝒊𝒆𝒍𝒅) නිපදවීමට සහ සමාන චුම්බක ධ්‍රැව විකර්ශනය කිරීමටත් , අසමාන චුම්බක ධ්‍රැව ආකර්ෂණය කිරීමටත් හැකි වස්තු චුම්බක(𝑴𝒂𝒈𝒏𝒆𝒕) ලෙස අර්ථ දැක්වේ."    චුම්බක...

Capacitor

Image
    ධාරිත්‍රක(capacitor) යනු විද්‍යුත් ශක්තිය(electrical enargy) ගබඩා කර ගත හැකි උපකරණයකි.   ඉලෙක්ට්‍රොනික උපකරණ වල හැඩයෙන් , ප්‍රමාණයෙන් හා ධාරිතාවෙන්(Capacitance) වෙනස් විවිධ  ධාරිත්‍රක වර්ග භාවිතා කරනු ලබයි.       එය පරිවාරක මාධ්‍යය ක්   මැදි වන ලෙස ප්‍රතිවිරුද්ධ ලකුණු සහිත සමාන විශාලත්වයෙන් යුත් ආරෝපණ(Charge) රැගෙන යා හැකි සන්නායක දෙකක සැකැස්මකින් යුත් වේ. මෙහි ඇති පරිවාරක මාධ්‍ය (සන්නායක නොවන කලාපය) ලෙස: • Glass • Paper • Air • Semi-conductor වැනි විද්‍යුත් පරිවාරක(electric insulator) හෝ රික්තක(Vacuum) මාධ්‍යයන්  භාවිතා කර ඇත. මේ සදහා භාවිතා කරනු ලබන පරිවාරක ද්‍රව්‍ය පාර-විද්‍යුත් ද්‍රව්‍ය (Dielectric) ලෙසින් පොදුවේ හදුන්වනු ලබයි.  Charge on capacitor       ධාරිත්‍රකයේ ගබඩා වන ආරෝපන ප්‍රමාණය Q ලෙස ගනිමු     එවිට ධාරිත්‍රකයේ ශුද්ධ ආරෝපනය එහෙම නැත්තන්  සම්පූර්ණ ආරෝපනය ශුන්‍ය වේ.     (+Q) + (-Q) = 0   නිසා.     පාර-විද්‍යුත් මාධ්‍ය දෙපස ඇති එක් සන්නයක් වටා...

Lead Acid Battery

Image
      විද්‍යුත් ශක්තිය( Electrical Energy ) , රසායනික ශක්තිය( Chemical Energy ) බවය පරිවර්තනය කර ගබඩා කර අවශ්‍ය විටදී එම රසායනික ශක්තිය , විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර ගත හැකි පරිදි නිපදවා ඇති බැටරි ද්වීතික බැටරි ( Secondary battery ) ලෙස හඳුන්වයි.       බාහිර විද්‍යුත් ප්‍රභවයක් යෙදීම මගින් විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය  බවට පරිවර්තනය කිරීම බැටරි ආරෝපණය ( battery charging )ලෙසින් හැදින් වේ. ද්වීතික බැටරියේ සිට පිටතට ධාරා( Current ) සැපයීමක් ලබා ගැනීම සදහා රසායනික ශක්තිය, විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම බැටරි විසර්ජනය ( battery discharging )කිරීම ලෙස හැදින් වේ.       Lead - acid - battery යනු විද්‍යුත් ආරෝපණ ගබඩා කිරීම සදහා බහුලව භාවිතා වන බැටරි වර්ගයක් වේ. ද්වීතික බැටරි ( Secondary battery )  කාණ්ඩය යටතේ වර්ග කර ඇති මෙම බැටරි වල ඇති සුවිශේෂ වාසිය නම් නැවත නැවත ආරෝපණය කර භාවිතා කිරීමේ ඇති හැකියාවයි. මේ වාසිය නිසා lead-acid-battery මෝටර් රථ විදුලි පද්ධතිය සදහා අවශ්‍ය විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම සදහා අද වන විට බහුල වම භාව...

Kirchhoffs Circuit Low

Image
Kirchhoffs circuit low නියමයන් මගින් පරිපතයක් වටා ඇති වෝල්ටියතා ( Voltage ) සහ ධාරා ( Current ) සදහා මූලික ජාල නීති සහ ප්‍රමේයන් භාවිතා කිරීමෙන් සන්කීර්න පරිපත ගැටළු පවා විසදීම සදහා අවශ්‍ය පහසුකම් ලභාගත හැකිය. 1845 දී ජර්මානු භෞතික විද්‍යාච්නයෙක් වූ Gustav Kirchhoff  විසින් පරිපත තුල ධාරාවන් සහ විද්‍යුත් ශක්තිය සංසරනය වන ආකාරය පිලිභදව නීති මාලාවක් සකස් කරන ලදි.

Resistor

Image
ප්‍රතිරෝදක ( Resistor ) යනු විද්‍යුත් ධාරාවේ ප්‍රවාහයට භාදාවක් ඇති කිරීමට සමත් වන ඉලෙක්ට්‍රොනික මුලද්‍රව්‍යකි.  සැලකිය හැකි වෝල්ටීයතා පරාසයක් තුල ප්‍රතිරෝධය නියතනම් , එම ද්‍රව්‍යයයේ හැසිරීම පුරෝකතනය කිරීමට Ohm නියමය ( Ohm’s Low ) භාවිතා කල හැකිය. V=IR භාවිතා කරමින් අපිට රෙසිස්ටර් අග්‍රයන්හි වෝල්ටීයතා ( Voltage ) අගයන් හා එය තුලින් ගලා බසින ධාරාවේ අගය මැනගැනීම මගින් ඉලෙක්ට්‍රොනික මූලද්‍රව්‍ය වල ප්‍රතිරෝදය ගනනය කර ගත හැකි වේ. මේ නිසා:    “ සං‍රචකයක හෝ උපාංගයක විද්‍යුත් ප්‍රතිරෝදය( Resistor ) , එය හරහා ගලා යනු ලබන විද්‍යුත්    ධාරාව ( Electric current ) එයට යොදනු ලබන විභව අන්තරයේ අනුපාතය ලෙස අර්ථ දැක්වේ”.               ප්‍රතිරෝද සදහා භාවිතා කරනු ලබන  සංකේතය ඉහත රූපයේ දක්වා ඇත. ප්‍රතිරෝධක මනිනු ලබන සම්මත ඒකකය Ohms වන අතර එය Ω ග්‍රීක අක්ශරය මගින් සංකේතවත් කරනු ලබයි.          ප්‍රතිරෝදී අගය ගනනය කිරීම සදහා භාවිතා වන සූත්‍රය,                  ...

Ohms Low

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗢𝗵𝗺’𝘀 𝗟𝗮𝘄?    විද්‍යුත් සන්නයනය කරනු ලබන සන්නායක මාධ්‍යයක් (𝑪𝒐𝒏𝒅𝒖𝒄𝒕𝒊𝒗𝒆 𝒎𝒂𝒕𝒆𝒓𝒊𝒂𝒍) තුලින් ගලා යනු ලබන විද්‍යුත් ධාරා ප්‍රවාහය ( 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 𝑭𝒍𝒐𝒘) සහ එම සන්නායක මාධ්‍ය මත යොදනු ලබන වෝල්ටීයතාවය (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) අතර පවතින සම්බන්ධතාවය , කීර්තිමත් ජර්මන් භෞතික විද්‍යාඥයෙක් වූ 𝑮𝒆𝒐𝒓𝒈𝒆 𝑺𝒊𝒎𝒐𝒏 𝑶𝒉𝒎 මහතා විසින් මුල් වරට අනාවරණය කර ගන්නා ලදි. එතුමාට සිදු කරනු ලබන උපහාරයක් වශයෙන් , සන්නායක මාධ්‍ය තුල ඇතිවෙන මෙම සම්බන්ධතාව ඕම් නියමය (𝑶𝒉𝒎'𝒔 𝑳𝒂𝒘) ලෙසින් හඳුන්වනු ලබයි. එය පහත් පරිදි අර්ථ දක්වා ගත හැකිය: " වෙනස් නොවන භෞතික තත්වයක් යටතේ (උෂ්ණත්ව , ආතති , 𝒆𝒕𝒄.) පවතින සන්නායක මාධ්‍යයක් තුලින් ගලා යනු ලබන විද්‍යුත් ධාරාව "𝗜" , එම සන්නායක මාධ්‍ය දෙකෙළවර මත ගොඩනැගෙන විභව වෙනසට "𝗩" අනුලෝමව සමානුපාතික වේ. " 𝐈𝐧 𝐎𝐭𝐡𝐞𝐫 𝐖𝐨𝐫𝐝𝐬;   " ඕනෑම විද්‍යුත් පරිපථයක භෞතික තත්ව නොවෙනස්ව පවතී නම් (විශේෂයෙන්ම සලකනු ලබන පරිපථයේ උෂ්ණත්වය) එම පරිපථය හරහා ගලනු ලබන...

Voltage

Image
       විද්‍යුත් පරිපථ( Electric Curcit ) තුලින් ආරෝපිත ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් ගලා යාම සදහා එම ආරෝපිත ඉලෙක්ට්‍රෝන මත ඇති කරනු ලබන බලය හෝ පීඩනය වෝල්ටීයතාවය( Voltage ) ලෙසින් අර්ථ දක්වා ඇත. මෙලෙස කිසියම් වෝල්ටීයතාවය ක් යටතේ ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක සිදු වන ගලා යාම විද්‍යුත් ධාරාව( Electric Current ) ලෙසින් හැදින් වේ. විද්‍යුත් ක්ෂේත්‍රයක්( Electric field ) තුල පවතින ලක්ෂ්‍ය න් දෙකක් අතර පවතින විද්‍යුත් විභව වෙනසද වෝල්ටීයතාවය ලෙසින් හදුන්වනු ලබන අතර වෝල්ටීයතාවය වැඩි වන තරමට එම ලක්ෂ්‍යයන් හරහා ගලනු ලබන විද්‍යුත් ධාරා ප්‍රවාහය ද වැඩි වේ.     එනම් වෝල්ටීයතාවය යනු,     " ස්ථිතික විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල ඇති ලක්ෂ්‍යයන් දෙකක් අතර ඒකක ආරෝපණයක්  චලනය කිරීම සදහා අවශ්‍ය වන කාර්යය ප්‍රමාණය. " ලෙසින් අර්ථ දැක්වේ.    වෝල්ටීයතාවය සාමාන්‍යයෙන්;  විද්‍යුත් පීඩනය (Electric pressure )   විද්‍යුත් ආතතිය (Electric tension )   විද්‍යුත් විභව වෙනස (Electric potential difference )   EMF (Electro - motive force)       යන නම් වලින්ද හැදින්විය හැකිය. නමුත් වෝල්ටීයතාවය සහ EMF අතර පොඩි පොඩි වෙනස්කම් පවතී.  ...

Electric Charge

Image
   𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗶𝗰 𝗖𝗵𝗮𝗿𝗴𝗲 ?           ප්‍රදාර්තයන්හි හෝ මූලද්‍රව්‍යයන්හි මූලික තැනුම් ඒකකය ලෙසින් පරමාණු (𝑨𝒕𝒐𝒎) පෙන්වා දිය හැකි ය. මෙම පරමාණු පරමානු අතර බන්ධන සාදා ගෙන එකතු වීමෙන් පරමාණුක අණු හෝ දැලිසි නිර්මාණය වීම සිදු වේ. ස්වාභාවිකවම , පරමාණු නිර්මාණය වීම සදහා උප පරමාණුක අංශූන් එසේත් නැතිනම් මූලික මූලද්‍රව්‍ය තුනක් අඩංගු වීම මගින් සිදු වේ. ඒවා නම් ; • සෘන ආරෝපණය දරනු ලබන ඉලෙක්ට්‍රෝන (𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐧) • ධන ආරෝපණය දරනු ලබන ප්‍රෝටෝන (𝐏𝐫𝐨𝐭𝐨𝐧) • ආරෝපිත අංශූන් අඩංගු නොවන නියුට්‍රෝන (𝐍𝐞𝐮𝐭𝐫𝐨𝐧)    සාමාන්‍යයෙන් , පරමාණු තුල ශුන්‍යයට සමාන වන ශුද්ධ විද්‍යුත් ආරෝපණයක් අන්තර්ගත වේ. මෙය වෙනස් ක්‍රමයකින් පැවසුවහොත් , පරමාණු තුල ස්වාභාවිකව 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏 සහ 𝑷𝒓𝒐𝒕𝒐𝒏 සමාන සංඛ්‍යාවන්ගෙන් පවතින බැවින් පරමාණු විද්‍යුත් වශයෙන් උදාසීන තත්වයේ පවතී. මෙය පරමාණු තුල පැවතිය හැකි අවම ශක්ති මට්ටමයි. එනම් උදාසීන තත්වයේ පවතිනු ලබන පරමාණු භූමි තත්වය යටතේ පවතින බව භෞතික විද්‍යාත්මක ව අර්ථ ද...