Posts

Showing posts from November, 2022

Petrol or Gassolen Fuel

Image
 පෙට්‍රල් (𝒑𝒆𝒕𝒓𝒐𝒍) යනු වඩාත් සුලබ මෝටර් රථ ඉන්ධන යක් වන අතර මෝටර් රථ , යතුරු පැදි , ස්කූටර් , බෝට්ටු , තණකොළ කපන මැශින් සහ වෙනත් යන්ත්‍ර සූත්‍ර බල ගැන්වීම සදහා ලොව පුරා භාවිතා වේ. මේ නිසා 𝒑𝒆𝒕𝒓𝒐𝒍 යනු ලොව පුරා විහිදී ඇති 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 බහුතරයක් බල ගැන්වීම සදහා භාවිතා කරනු ලබන ජනප්‍රියතම ඉන්ධන වර්ගය ලෙසින් හැදින්විය හැකිය. මෙය ප්‍රෙට්‍රෝලියම් (𝒑𝒆𝒕𝒓𝒐𝒍𝒆𝒖𝒎) භාවිතා කරමින් නිපදවනු ලබන විශේෂිත ඉන්ධනයක් බැවින් 𝑼𝒏𝒊𝒕𝒆𝒅 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 (𝑼.𝑲) විසින් මෙම ඉන්ධන වර්ගය 𝑷𝒆𝒕𝒓𝒐𝒍 ලෙසින් නම් කර පවතී. මෙම 𝒑𝒆𝒕𝒓𝒐𝒍 ඉන්ධන වර්ගයම 𝒈𝒂𝒔𝒐𝒍𝒊𝒏𝒆𝒔 යන විශේෂිත නාමයෙන් ද හඳුන්වනු ලබයි. 𝑷𝒆𝒕𝒓𝒐𝒍 යනු බොර තෙල් (𝑪𝒓𝒖𝒅𝒆 𝒐𝒊𝒍) පිරිපහදු කිරීම මගින් නිස්සාරණය කර ගනු ලබන හයිඩ්‍රොකාබනික වර්ගයේ ඉන්ධනයකි. 𝑷𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 පිරිසිදු අවස්ථාවේ දී පැහැදිලි , අවර්ණ මෙන්ම ඊටම ආවේණික වූ ප්‍රභල ගන්ධයකින් යුක්ත වාෂ්පශීලී ද්‍රවයක් ලෙසින් පවතී.     𝑷𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් කාර්‍යක්ශමව ක්‍රියා කරමින් ඉහල ප්‍රතිදාන බලයක් ලබා ගැනීම

Spanners

Image
 විවිධාකාර උපකරණ එකිනෙක සවි කිරීම සදහා භාවිතා කරනු ලබන 𝒏𝒖𝒕 𝒂𝒏𝒅 𝒃𝒐𝒍𝒕 තද කිරීමට හෝ ලිහිල් කිරීම සදහා භාවිතා කරනු ලබන 𝒕𝒐𝒐𝒍 විශේෂයකි. ඉදිකිරීම් ද්‍රව්‍ය ලෙස සාමාන්‍යයෙන් 𝒅𝒓𝒐𝒑 𝒇𝒐𝒓𝒈𝒆 𝒔𝒕𝒆𝒆𝒍 හෝ 𝒄𝒂𝒓𝒃𝒐𝒏 𝒔𝒕𝒆𝒆𝒍 යොදා ගනිමින් නිපදවා ඇත. මේවා යොදා ගනු ලබන අවශ්‍යතා වයන්ට ගැළපෙන පරිදි විවිධ ප්‍රමාණයන්ගෙන් , විවිධ හැඩයන්ගෙන් හා විවිධ ආකාර වලින් යුතුව නිර්මාණය කර ගෙන පවතී.     𝑵𝒖𝒕 𝒂𝒏𝒅 𝒃𝒐𝒍𝒕 හි 𝒘𝒊𝒅𝒕𝒉 𝒂𝒄𝒓𝒐𝒔𝒔 𝒇𝒍𝒂𝒕𝒔 (𝑨𝑭) අගය පරාසය අනුව යමින් 𝑺𝒑𝒂𝒏𝒏𝒆𝒓 𝒕𝒐𝒐𝒍 විවිධ නාමික ප්‍රමාණයන්ගෙන් යුතුව නිර්මාණය කර පවතී. මෙම 𝒘𝒊𝒅𝒕𝒉 𝒂𝒄𝒓𝒐𝒔𝒔 𝒇𝒍𝒂𝒕𝒔 (𝑨𝑭) ප්‍රමාණය මත නිශ්චිත වූ මිලි මීටර් (𝒎𝒊𝒍𝒍𝒊𝒎𝒆𝒕𝒆𝒓) හෝ අගල් (𝒊𝒏𝒄𝒉) අගයන් යොදා ගනිමින් නිපදවා ගෙන එම අදාල අගය 𝒔𝒑𝒂𝒏𝒏𝒆𝒓𝒔 බද කොටස මත මුද්‍රණය කිරීම සිදු කර ඇත. 𝗧𝘆𝗽𝗲𝘀 𝗼𝗳 𝗦𝗽𝗮𝗻𝗻𝗲𝗿𝘀 𝟏. 𝐎𝐩𝐞𝐧-𝐞𝐧𝐝 𝐨𝐫 𝐬𝐢𝐧𝐠𝐥𝐞-𝐞𝐧𝐝 𝐬𝐩𝐚𝐧𝐧𝐞𝐫 𝟐. 𝐃𝐨𝐮𝐛𝐥𝐞-𝐞𝐧𝐝𝐞𝐝 𝐬𝐩𝐚𝐧𝐧𝐞𝐫 𝟑. 𝐑𝐢𝐧𝐠 𝐬𝐩𝐚𝐧𝐧𝐞𝐫 𝟒. 𝐒𝐨𝐜𝐤𝐞𝐭 𝐬𝐩𝐚𝐧𝐧𝐞

Engine Load

Image
 𝗘𝗻𝗴𝗶𝗻𝗲 𝗟𝗼𝗮𝗱 𝗗𝗲𝗳𝗶𝗻𝗶𝘁𝗶𝗼𝗻     එන්ජින් භාරය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝒍𝒐𝒂𝒅) යනු , අභ්‍යන්තර දහන එන්ජිමක් (𝑰.𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) භාවිතා කරමින් ජනනය කර ගනු ලබන බලයට එරෙහිව ක්‍රියාත්මක වන බලයයි. මේ නිසා එන්ජිමක් ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වීමට නම් , එම එන්ජිමට ශේණිගතව සම්බන්ධ කර ගෙන ඇති භාරයන් අබිබවා යාමට හැකි බලයක් එන්ජිම මගින් ජනනය කට ගැනීමට හැකි විය යුතු ය. මේ නිසා මෝටර් රථ නිෂ්පාදකයන් විසින් සැලසුම් භාරයන්ට අනුකූලව මෝටර් රථ එන්ජින් නිර්මාණය කිරීම සිදු කරයි.    මෝටර් රථ එන්ජින් සදහා සම්බන්ධිත භාරයන් (𝒍𝒐𝒂𝒅) කිහිපයක් පහත පරිදි වේ; • 𝐓𝐫𝐚𝐧𝐬𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧 𝐬𝐲𝐬𝐭𝐞𝐦  • 𝐀𝐥𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐨𝐫 • 𝐀.𝐂 𝐂𝐨𝐦𝐩𝐫𝐞𝐬𝐬𝐨𝐫  • විවිධ කටයුතු සදහා භාවිතා කරනු ලබන 𝐡𝐲𝐝𝐫𝐚𝐮𝐥𝐢𝐜 𝐩𝐮𝐦𝐩 𝐨𝐫 𝐏.𝐓.𝐎 𝐏𝐮𝐦𝐩     මීට අමතරව , එන්ජිමට සම්බන්ධිත භාරය අබිබවා යමින් එන්ජිම මගින් භ්‍රමන බලය නිපදවා ගැනීම නිශ්චිත වූ එන්ජින් වේග පරාසයක් තුලට සීමා වී පවතී. එනම් එන්ජිම මගින් වැඩි බලයක් ජනනය කිරීම සිදු වන විට දී ඊට සාපේක්ෂව එන්ජින් වේගයේ අඩු වීමක් සිදු වේ. ම

Exhaust Emissions

Image
 𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐚𝐧 𝐞𝐱𝐡𝐚𝐮𝐬𝐭 𝐠𝐚𝐬 ?    අභ්‍යන්තර දහන එන්ජිම තුල දී ඉන්ධන වාත මිශ්‍රණය දහනය දහනයට ලක් වීමෙන් වායු ගෝලයට බැහැර වනු ලබන අපද්‍රව්‍ය ම වාතය 𝒆𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 ලෙසින් හැදින් වේ. සාමාන්‍යයෙන් ඉන්ධන වාත මිශ්‍රණය පූර්ණ දහන අවස්ථාවට ලක් වීමෙන් පිටාර වාතය ලෙස කාබන්ඩයොක්සයිඩ් (𝑪𝑶2) සහ ජල වාෂ්ප (𝑯2𝑶) නිපදවීම සිදු විය යුතු ය.     නමුත් 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 එක මත පැටවෙන විවිධාකාර භාරයන්ට (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑳𝒐𝒓𝒅) සමානුපාතික ලෙසින් විවිධ වේග අවස්ථාවන් යටතේ 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 ක්‍රියාත්මක වීම සිදු වේ. මේ නිසා විවිධ අනුපාතයන්ගෙන් යුත් ඉන්ධන වාත මිශ්‍රණයන් එන්ජිම තුලට සැපයීම සිදු කල යුතු ය. මෙම හේතු කාරනා මත එන්ජිම තුල අක්‍රමවත් දහන අවස්ථාවන් සිදු වීම මගින් පිට වන 𝒆𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 තුල පරිසරයට මෙන්ම ජීවීන්ට අහිතකර වන දහනය නොවූ හයිඩ්‍රොකාබන් (𝑯𝑪) , කාබන් මොනොක්සයිඩ් (𝑪𝑶) , සල්ෆර් (𝑺) , නයිට්‍රිජන් ඔක්සයිඩ් (𝑵𝑶𝑿) සහ තවත් බොහෝ රසායනික නිෂ්පාදන අඩංගු වේ.     මීට අමතරව ඉන්ධන මත එකතු කරනු ලබන විවිධාකාර වූ රසායනික සංයෝග නිසා ජනනය වීම සිදු වන විවිධාකාර වූ ර

𝐅ɪʀᴇ 𝐓ʀɪᴀɴɢʟᴇ

Image
   ගින්නක් පැවතීමට හෝ දහනයක් සිදු වීමට නම් , පහත සදහන් අවශ්‍යතාවයන් තුන සපුරාලීම අනිවාර්ය වේ. . • දහනය පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඔක්සිජන් (𝑶𝒙𝒚𝒈𝒆𝒏). දහන පෝෂක වායුව ලෙසින් හඳුන්වනු ලබන්නේ ද ඔක්සිජන් වායුවයි., . • දහනය සිදු වන ද්‍රව්‍යයන්ගේ ජ්වලන උෂ්ණත්වය ඉහල නැංවීමට ප්‍රමාණවත් තාපය (𝒉𝒆𝒂𝒕),  . • කිසියම් ආකාරයකින් පවතින ඉන්ධන (𝒇𝒖𝒆𝒍) හෝ දහනය කල හැකි ද්‍රව්‍ය , .    ගිනි ත්‍රිකෝණයෙහි (𝑭𝒊𝒓𝒆 𝑻𝒓𝒊𝒂𝒏𝒈𝒍𝒆) පැති තුන මගින් තාපය (𝒉𝒆𝒂𝒕) , ඉන්ධන (𝒇𝒖𝒆𝒍) හා දහන පෝෂක වායුව වන ඔක්සිජන් (𝒐𝒙𝒚𝒈𝒆𝒏) නිරූපනය කරනු ලබයි. මේවා දහනයෙහි මූලද්‍රව්‍ය තුන ලෙසින් හඳුන්වනු ලැබේ. .   දහනයක් සිදු වීමට නම් ඉහත සදහන් මූලද්‍රව්‍ය තුන නිවැරදි අනු පාතයන්ගෙන් යුතුව එකිනෙක සම්බන්ධ කිරීම සිදු කල යුතු වේ. ඉහත සපයනු ලබන අංග තුනෙන් එකක් හෝ ඉවත් වීම සිදු උවහොත් දහනය ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකිව නිවී යාම සිදු වේ.    මෙම සිද්ධාන්තය අනුව , අභ්‍යන්තර දහන එන්ජිම තුල ඇති දහන කුටීරය තුල දී ඉන්ධන වාත මිශ්‍රණයෙහි දහනය වීම සිදු වේ. ප්‍රෙට්ට්‍රල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන