Posts

Showing posts from August, 2023

On-Bord Diagnostic System

 On-Bord Diagnostic System   𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗼𝗻-𝗯𝗼𝗮𝗿𝗱 𝗱𝗶𝗮𝗴𝗻𝗼𝘀𝘁𝗶𝗰 𝗢𝗕𝗗 𝘀𝘆𝘀𝘁𝗲𝗺       𝑶𝒏 𝑩𝒐𝒂𝒓𝒅 𝑫𝒊𝒂𝒈𝒏𝒐𝒔𝒕𝒊𝒄 (𝑶𝑩𝑫 𝒔𝒚𝒔𝒕𝒆𝒎) පද්ධතිය යනු මෝටර් රථ වල ක්‍රියාකාරිත්වයේ විවිධ අංශ නිරීක්ෂණය කිරීම සඳහා මෙන්ම දුර්වල ධාවන තත්වයන් ඇතුළු මෝටර් රථයේ වැදගත් පද්ධතීන් තුල ඇති වන රෝග විනිශ්චය කිරීම සඳහා මෝටර් රථය තුල පවතින සියළුම පද්ධතීන් ඒකාබද්ධ කරමින් නිර්මාණය කරන ලද පද්ධතියකි. එය විශේෂයෙන්ම සැලසුම් කර ඇත්තේ අක්‍රමිකතා හඳුනා ගනිමින් එම අක්‍රමිකතා වාර්තා කිරීමටත්, විය හැකි දෝෂ හඳුනා ගැනීමට සහ අදාළ දෝෂ නිරාකරණය කරමින් අලුත්වැඩියාවන් සඳහා සහය දැක්වීමටයි.        අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) සහිත නවීන මෝටර් රථ මගින් නිකුත් කරනු ලබන විෂ සහිත පිටාර වායු විමෝචනය (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 𝒆𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏𝒔) අවම කිරීම සඳහා ම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද පද්ධතීන් සහ සංරචක මෝටර් රථය තුල අඩංගු කර පවතී. මෙම පද්ධති සහ සංරචක පොදුවේ වායු විමෝචන පාලක පද්ධතිය යන නමින් හඳුන්වනු ලබයි. මෙම වායු විමෝචන පාලක පද්ධතියට උත්පේරක පරිවර්තක (𝑪