Fuel Trims
Fuel Trims 𝗪𝗵𝗮𝘁 𝗮𝗿𝗲 𝗳𝘂𝗲𝗹 𝘁𝗿𝗶𝗺𝘀? 𝑭𝒖𝒆𝒍 𝒕𝒓𝒊𝒎 යනු එන්ජිමෙහි දහන කුටීර තුල සමතුලිත වායු ඉන්ධන අනුපාතයක් පවත්වා ගැනීම සදහා එන්ජින් පාලන පරිගණක ඒකකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝒄𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝒖𝒏𝒊𝒕 𝑶𝑹 𝑬.𝑪.𝑼) විසින් ගණනය කර ගනු ලබන ඉන්ධන මිශ්‍රණයෙහි සිදු කරනු ලබන කුඩා වෙනස් කිරීම් වේ. සුදුසු 𝒅𝒊𝒂𝒈𝒏𝒐𝒔𝒕𝒊𝒄 𝒕𝒐𝒐𝒍 උපකරණයක් එන්ජින් පාලන ඒකකය (𝑬.𝑪.𝑼) හා සම්බන්ධ කර ගැනීමෙන් මෙම 𝒇𝒖𝒆𝒍 𝒕𝒓𝒊𝒎 අගය ප්‍රතිශතයක් ලෙසින් කියවා ගත හැකි වේ. පෙට්‍රල් ඉන්ධන (𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍) වශයෙන් භාවිතා කරනු ලබන 𝒔𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 වර්ගයේ අභ්‍යන්තර දහන එන්ජිමක් ස්ටෝචියෝමිතික වායු-ඉන්ධන මිශ්‍රණයකින් ( 𝑺𝒕𝒐𝒊𝒄𝒉𝒊𝒐𝒎𝒆𝒕𝒓𝒊𝒄 𝒂𝒊𝒓 𝒇𝒖𝒆𝒍 𝒓𝒂𝒕𝒊𝒐 ) ක්‍රියාත්මක වන විට , දහන කුටීරය ( 𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓 ) තුල අන්තර්ගත වී පවතින සියළුම වාතය භාවිතා කරමින් සපයනු ලබන ඉන්ධන සියල්ලම දහනය කිරීම සිදු කරයි. 𝑵𝒐𝒕𝒆:- පෙට්‍රල් ඉන්ධන (𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍) වශයෙන් භාවිතා කරනු ලබන අභ්...