Fuel Trims

Fuel Trims


 𝗪𝗵𝗮𝘁 𝗮𝗿𝗲 𝗳𝘂𝗲𝗹 𝘁𝗿𝗶𝗺𝘀?

    𝑭𝒖𝒆𝒍 𝒕𝒓𝒊𝒎 යනු එන්ජිමෙහි දහන කුටීර තුල සමතුලිත වායු ඉන්ධන අනුපාතයක් පවත්වා ගැනීම සදහා එන්ජින් පාලන පරිගණක ඒකකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝒄𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝒖𝒏𝒊𝒕 𝑶𝑹 𝑬.𝑪.𝑼) විසින් ගණනය කර ගනු ලබන ඉන්ධන මිශ්‍රණයෙහි සිදු කරනු ලබන කුඩා වෙනස් කිරීම් වේ. සුදුසු 𝒅𝒊𝒂𝒈𝒏𝒐𝒔𝒕𝒊𝒄 𝒕𝒐𝒐𝒍 උපකරණයක් එන්ජින් පාලන ඒකකය (𝑬.𝑪.𝑼) හා සම්බන්ධ කර ගැනීමෙන් මෙම 𝒇𝒖𝒆𝒍 𝒕𝒓𝒊𝒎 අගය ප්‍රතිශතයක් ලෙසින් කියවා ගත හැකි වේ.

     


    පෙට්‍රල් ඉන්ධන (𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍) වශයෙන් භාවිතා කරනු ලබන 𝒔𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 වර්ගයේ අභ්‍යන්තර දහන එන්ජිමක් ස්ටෝචියෝමිතික වායු-ඉන්ධන මිශ්‍රණයකින් (𝑺𝒕𝒐𝒊𝒄𝒉𝒊𝒐𝒎𝒆𝒕𝒓𝒊𝒄 𝒂𝒊𝒓 𝒇𝒖𝒆𝒍 𝒓𝒂𝒕𝒊𝒐) ක්‍රියාත්මක වන විට , දහන කුටීරය (𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓) තුල අන්තර්ගත වී පවතින සියළුම වාතය භාවිතා කරමින් සපයනු ලබන ඉන්ධන සියල්ලම දහනය කිරීම සිදු කරයි. 


    𝑵𝒐𝒕𝒆:- පෙට්‍රල් ඉන්ධන (𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍) වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජිමක (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) ස්ටෝචියෝමිතික අනුපාතය සදහා වාතය කොටස් 𝟏𝟒.𝟕 කට ඉන්ධන කොටස් 𝟏ක් පැවතිය යුතු ය.



   මේ නිසා පෙට්‍රල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල අවම විමෝචන ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීම සදහා එම එන්ජිමට සම්බන්ධිත පරිගණක පාලන ඒකකය (𝑬.𝑪.𝑼) විසින් වාත ඉන්ධන මිශ්‍රණ අනුපාතය 𝟏𝟒.𝟕:𝟏 පරාසයේ සමතුලිතව තබා ගැනීමට නිරතුරුව උත්සහ කරයි. කෙසේ වෙතත් ක්‍රියාකාරී අවස්ථාවේ පවතින සියළුම 𝒔𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 එන්ජින් සදහා ඒ මත යෙදෙන භාරය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝒍𝒐𝒂𝒅) අනුව වැඩි හෝ අඩු වශයෙන් ඉන්ධන නිකුත් කිරීම සිදු කල යුතු ය. එනම් එන්ජිම මත යෙදෙන භාරයට අනුව ඉන්ධන සදහා ඇති වන ඉල්ලුමේ වෙනස් කම් වලට අනුගත වීම සදහා වාතය සහ ඉන්ධන අනුපාතයෙහි පවතින සමතුලිතතාවය අනිවාර්යයෙන් ම වෙනස් විය යුතු ය. 𝑭𝒖𝒆𝒍 𝒕𝒓𝒊𝒎 යනු එන්ජිමෙහි ක්‍රියාකාරී පරාසය පුරා වාත ඉන්ධන මිශ්‍රණය ස්ටෝචියෝමිතික ලක්ෂ්‍යයට (එනම් ලැම්ඩා = 𝟏 අගයට) සමීපතව තබා ගැනීමට එන්ජින් පාලන ඒකකය විසින් ඉන්ධන බෙදා හැරීම සදහා වාත-ඉන්ධන මිශ්‍රණය මත සිදු කරනු ලබන අඛණ්ඩ ගැලපීම් වේ.

   

    වාත-ඉන්ධන මිශ්‍රණ අනුපාතයෙහි ඉන්ධන කොටස් එකකට වාතය කොටස් 𝟏𝟒.𝟕 කට වඩා අඩු නම් (වාත කොටස් 𝟏𝟐 කට ඉන්ධන කොටස් 𝟏 පවතින අවස්ථාවේ) එම ඉන්ධන මිශ්‍රණය පොහොසත් (𝑹𝒊𝒄𝒉) මිශණයක් ලෙසින් හඳුන්වනු ලබයි. පොහොසත් ඉන්ධන මිශ්‍රණයක් (𝑹𝒊𝒄𝒉 𝒂𝒊𝒓 𝒇𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) මගින් ඉහල ලක්ෂ්‍යයක් දක්වා වැඩි බලයක් නිපදවිය හැකි නමුත් එය ඉන්ධන පරිභෝජනය සහ වායු විමෝචනය වැඩි වීමට බලපායි. අනෙක් අතට වාත ඉන්ධන මිශ්‍රණ අනුපාතයෙහි ඉන්ධන එක් කොටසකට වාත කොටස් 𝟏𝟒.𝟕 කට වඩා වැඩියෙන් පවතින විට එම (වාත කොටස් 𝟏𝟔 කට ඉන්ධන කොටස් එකක් වශයෙන් පවතින අවස්ථාවේ) ඉන්ධන මිශ්‍රණය දුර්වල (𝑳𝒆𝒂𝒓𝒏) මිශ්‍රණයක් ලෙසින් හඳුන්වනු ලබයි. දුර්වල ඉන්ධන මිශ්‍රණයක් මගින් ඉන්ධන පරිභෝජනය අඩු කරන නමුත් දහන කුටීරය තුල දී වාත ඉන්ධන මිශ්‍රණය දැල්වීමට අපොහොසත් වන බැවින් ඉතාමත් දුර්වල මට්ටමේ දහන ක්‍රියාවලියක් හට ගනී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිශ්‍රණය නිවැරදි මට්ටමේ දහන ක්‍රියාවලියකට ලක් නොවන බැවින් අහිතකර වායු විමෝචනය වැඩි වීමට මෙන්ම එන්ජිමෙහි ප්‍රතිදාන බලය (𝑶𝒖𝒕𝒑𝒖𝒕 𝒑𝒐𝒘𝒆𝒓) අඩු වීමට ද හේතු වේ. ඒ වගේම දහන කුටීරය තුල නිර්මාණය වන අහිතකර මට්ටමේ කම්පන තරංග හේතුවෙන් සහ අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහල යාම හේතුවෙන් එන්ජිමෙහි අභ්‍යන්තර කොටස් වෙත හානි සිදු විය හැකිය.



𝗙𝗼𝗿𝗺𝘂𝗹𝗮 𝗳𝗼𝗿 𝗳𝘂𝗲𝗹 𝘁𝗿𝗶𝗺 𝗰𝗮𝗹𝗰𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻


   පෙට්‍රල් ඉන්ධන (𝑷𝒆𝒕𝒓𝒐𝒍 𝑭𝒖𝒆𝒍) වශයෙන් භාවිතා කරනු ලබන එන්ජිමකට අවශ්‍ය කරනු ලබන ඉන්ධන ස්කන්ධය (𝑭𝒖𝒆𝒍 𝒎𝒂𝒔𝒔) ප්‍රමාණාත්මක ව ගණනය කිරීමට භාවිතා කරන සූත්‍රයේ සරලතම අවස්ථාව පහත සමීකරණය මගින් නිරූපනය වේ.



𝐅𝐮𝐞𝐥 𝐦𝐚𝐬𝐬 = 𝐀𝐢𝐫 𝐦𝐚𝐬𝐬 𝐱 (𝐬𝐡𝐨𝐫𝐭-𝐭𝐞𝐫𝐦 𝐟𝐮𝐞𝐥 𝐭𝐫𝐢𝐦 𝐱 𝐥𝐨𝐧𝐠-𝐭𝐞𝐫𝐦 𝐟𝐮𝐞𝐥 𝐭𝐫𝐢𝐦) 𝐝𝐢𝐯𝐢𝐝𝐞𝐝 𝐛𝐲 (𝐞𝐪𝐮𝐢𝐯𝐚𝐥𝐞𝐧𝐜𝐞 𝐫𝐚𝐭𝐢𝐨 𝐱 𝟏𝟒.𝟔𝟒)


   ඉහත දක්වා ඇති සූත්‍රය මගින් අභ්‍යන්තර දහන එන්ජිමෙහි විවිධ පරාමිතක අවස්ථාවන්ට අනුකූලව, නිසියාකාර දහන ක්‍රියාවලියක් සදහා අවශ්‍ය කරනු ලබන ඉන්ධන ස්කන්ධය සොයා ගැනීම සදහා භාවිතා කරනු ලබයි. ඉහත සූත්‍රය නිර්මාණය කිරීම සදහා යොදා ගෙන ඇති එක් එක් විචල්‍යයේ පැහැදිලි කිරීම් පහත පරිදි වේ:



• 𝐅𝐮𝐞𝐥 𝐦𝐚𝐬𝐬 – සලකනු ලබන අභ්‍යන්තර දහන එන්ජිමක ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍ය කරනු ලබන ඉන්ධන ස්කන්ධය මෙමගින් නිරූපනය වේ.


• 𝐀𝐢𝐫 𝐦𝐚𝐬𝐬 – ක්‍රියාකාරිත්වය අතර තුල දී එන්ජිම තුලට ඇතුළු කර ගනු ලබන ඔක්සිජන් සහිත වාත මිශ්‍රණයේ ස්කන්ධය මෙමගින් නිරූපණය වේ. මෙය එන්ජිම හා සම්බන්ධිත ස්කන්ධ-වායු ප්‍රවාහ සංවේදකය භාවිතා කරමින් මැන ගනු ලබයි. 



• 𝐒𝐡𝐨𝐫𝐭-𝐓𝐞𝐫𝐦 𝐅𝐮𝐞𝐥 𝐓𝐫𝐢𝐦 (𝐒𝐓𝐅𝐓) – ඔක්සිජන් සංවේදකය මගින් නිකුත් කරනු ලබන ක්ෂනික මට්ටමේ ප්‍රතිපෝෂණ (𝒊𝒎𝒎𝒆𝒅𝒊𝒂𝒕𝒆 𝒇𝒆𝒆𝒅𝒃𝒂𝒄𝒌) මත පදනම්ව ඉන්ධන බෙදාහැරීමේ පද්ධතිය වෙත සිදු කරනු ලබන ප්‍රතිශත ගැලපීම මෙමගින් නිරූපනය වේ.


• 𝐋𝐨𝐧𝐠 - 𝐓𝐞𝐫𝐦 𝐅𝐮𝐞𝐥 𝐓𝐫𝐢𝐦 (𝐋𝐓𝐅𝐓) – ඔක්සිජන් සංවේදකය සහ අනිකුත් එන්ජින් පරාමිතීන් වෙතින් ලැබෙන දීර්ඝ මට්ටමේ ප්‍රතිපෝෂණ (𝒆𝒙𝒕𝒆𝒏𝒅𝒆𝒅 𝒇𝒆𝒆𝒅𝒃𝒂𝒄𝒌) මත පදනම්ව ඉන්ධන බෙදාහැරීමේ පද්ධතිය වෙත සිදු කරනු ලබන ප්‍රතිශත ගැලපීම මෙමගින් නිරූපනය වේ.


• 𝐄𝐪𝐮𝐢𝐯𝐚𝐥𝐞𝐧𝐜𝐞 𝐫𝐚𝐭𝐢𝐨 – භාවිතා කරනු ලබන ඉන්ධන වර්ගය සදහා වූ සැබෑ වාත-ඉන්ධන අනුපාතයේත් සහ ස්ටියෝමිතික වාත-ඉන්ධන අනුපාතයේත් අනුපාත අගය මෙමගින් නිරූපණය වේ.


• 𝟏𝟒.𝟔 – මෙය පෙට්‍රල් ඉන්ධන සදහා නියතයක් වන අතර මෙමගින් පෙට්‍රල් 𝟏𝒌𝒈 ස්කන්ධයක් දහනය කිරීම සඳහා අවශ්‍ය වාත ස්කන්ධය අනුපාතයක් ආකාරයෙන් නියෝජනය වෙයි. (මෙම අගය භාවිතා කරනු ලබන ඉන්ධන වර්ගය අනුව වෙනස් වේ.)



Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry