Petrol or Gassolen Fuel

 පෙට්‍රල් (𝒑𝒆𝒕𝒓𝒐𝒍) යනු වඩාත් සුලබ මෝටර් රථ ඉන්ධන යක් වන අතර මෝටර් රථ , යතුරු පැදි , ස්කූටර් , බෝට්ටු , තණකොළ කපන මැශින් සහ වෙනත් යන්ත්‍ර සූත්‍ර බල ගැන්වීම සදහා ලොව පුරා භාවිතා වේ. මේ නිසා 𝒑𝒆𝒕𝒓𝒐𝒍 යනු ලොව පුරා විහිදී ඇති 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 බහුතරයක් බල ගැන්වීම සදහා භාවිතා කරනු ලබන ජනප්‍රියතම ඉන්ධන වර්ගය ලෙසින් හැදින්විය හැකිය. මෙය ප්‍රෙට්‍රෝලියම් (𝒑𝒆𝒕𝒓𝒐𝒍𝒆𝒖𝒎) භාවිතා කරමින් නිපදවනු ලබන විශේෂිත ඉන්ධනයක් බැවින් 𝑼𝒏𝒊𝒕𝒆𝒅 𝑲𝒊𝒏𝒈𝒅𝒐𝒎 (𝑼.𝑲) විසින් මෙම ඉන්ධන වර්ගය 𝑷𝒆𝒕𝒓𝒐𝒍 ලෙසින් නම් කර පවතී. මෙම 𝒑𝒆𝒕𝒓𝒐𝒍 ඉන්ධන වර්ගයම 𝒈𝒂𝒔𝒐𝒍𝒊𝒏𝒆𝒔 යන විශේෂිත නාමයෙන් ද හඳුන්වනු ලබයි. 𝑷𝒆𝒕𝒓𝒐𝒍 යනු බොර තෙල් (𝑪𝒓𝒖𝒅𝒆 𝒐𝒊𝒍) පිරිපහදු කිරීම මගින් නිස්සාරණය කර ගනු ලබන හයිඩ්‍රොකාබනික වර්ගයේ ඉන්ධනයකි. 𝑷𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 පිරිසිදු අවස්ථාවේ දී පැහැදිලි , අවර්ණ මෙන්ම ඊටම ආවේණික වූ ප්‍රභල ගන්ධයකින් යුක්ත වාෂ්පශීලී ද්‍රවයක් ලෙසින් පවතී. 




   𝑷𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් කාර්‍යක්ශමව ක්‍රියා කරමින් ඉහල ප්‍රතිදාන බලයක් ලබා ගැනීමේ , වැඩි දියුණු කර ගැනීමේ සහ සංරක්ෂණය කර ගැනීමේ අරමුණින් යුතුව මෙම 𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 වලට පිටතින් යම් යම් රසායනික ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයන්ගෙන් එකතු කිරීම සිදු කරනු ලබයි. මෙලෙස එක් කර ගනු ලබන රසායනික ද්‍රව්‍ය මගින් 𝒇𝒖𝒆𝒍 𝒑𝒖𝒎𝒑 , 𝒇𝒖𝒆𝒍 𝒊𝒏𝒋𝒆𝒄𝒕𝒐𝒓 ඇතුළු තවත් උපාංග කොටස් ක්‍රියාකිරීමේදී ඇති වන ගෙවී යාම් , ඉරිතැලීම් වැනි දෝශ සහිත තත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය ලිහිසි කාරක තත්වය ලබා දෙනු ලබයි. මෙලෙස 𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 සදහා පිටතින් එක් කර ගනු ලබන රසායනික ද්‍රව්‍යන්ගේ අනුපාත අගයන් පදනම් කර ගනිමින් ඔක්ටේන් (𝒐𝒄𝒕𝒂𝒏𝒆𝒔) ලෙසින් හැදින්වෙන සුවිශේෂී ශේණිගත කිරීමක් යටතේ වර්ගීකරණය කර පවතී. ඉහල 𝒐𝒄𝒕𝒂𝒏𝒆𝒔 අගයන්ට අයත් 𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 තුල මෙලෙස පිටතින් එක කර ගනු ලබන රසායනික ද්‍රව්‍යයයන්ගේ ඉහල ප්‍රතිශතයක් අන්තර්ගත වේ. 

    සාමාන්‍ය 𝒐𝒄𝒕𝒂𝒏𝒆𝒔 කාණ්ඩය යටතේ 91/92 ලෙසින් ද, මධ්‍යම 𝒐𝒄𝒕𝒂𝒏𝒆𝒔 කාණ්ඩය යටතේ 93/94 ලෙසින් ද , 𝒔𝒖𝒑𝒑𝒆𝒓 𝒐𝒄𝒕𝒂𝒏𝒆𝒔 කාණ්ඩය යටතේ 95 ලෙසින් වර්ගීකරණය කර පවතී. බොහෝ මෝටර් රථ 𝒆𝒏𝒈𝒊𝒏𝒆 සාමාන්‍ය 𝒐𝒄𝒕𝒂𝒏𝒆𝒔 කාණ්ඩය යටතේ ඇති 𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 භාවිතා කිරීම සදහා නිර්මාණය කර ඇත. නමුත් ඉහල කාර්‍යක්ශමතාවයක් ඉලක්ක කර ගත් මෝටර් රථ 𝒆𝒏𝒈𝒊𝒏𝒆 සදහා බොහෝ විට 𝒔𝒖𝒑𝒑𝒆𝒓 𝒐𝒄𝒕𝒂𝒏𝒆𝒔 කාණ්ඩය යටතේ ඇති 𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 භාවිතා කරයි. සමහර රටවල් තුල භාවිතා වෙන අධි බලැති මෝටර් රථ සදහා ඉහල 𝒐𝒄𝒕𝒂𝒏𝒆𝒔 කාණ්ඩය යටතේ නිපදවූ 𝒐𝒄𝒕𝒂𝒏𝒆𝒔 – 100 වර්ගයේ 𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 පවා භාවිතා කිරීම සිදු කරයි.



𝗣𝗲𝘁𝗿𝗼𝗹 𝗙𝘂𝗲𝗹 𝘀𝗽𝗲𝗰𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀


    මෝටර් රථ බල ගැන්වීම සඳහා ඉන්ධන වශයෙන් යොදා ගනු ලබන පෙට්‍රල් (𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒐𝒓 𝒈𝒂𝒔𝒐𝒍𝒊𝒏𝒆 𝒇𝒖𝒆𝒍) වහා ගිනි ඇවිළෙන සුළු ද්‍රව ඉන්ධනයකි. මෝටර් රථ සදහා පෙට්‍රල් ඉන්ධනයක් වශයෙන් යොදා ගැනීමේ දී, රියදුරු ඇතුළු මගීන්ගේ මෙන්ම මහජනයාගේ ද ආරක්ෂාව සහ සෞඛ්‍යය තහවුරු කර ගනිමින් පරිසරයට ඇති වන බලපෑම හැකි උපරිම මට්ටමින් පාලනය කර ගත යුතු වේ. ඒ වගේම පෙට්‍රල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන මෝටර් රථ මගින් ආරක්ෂිත මට්ටමින් යුතු කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් සහතික කර ගැනීමට අනිවාර්යයෙන්ම සිදු කර ගත යුතු වේ.  



   𝑺𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 මූලධර්මය මත ක්‍රියාත්මක වන අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) අන්තර්ගත කර ගනිමින් නිපදවූ මෝටර් රථ සදහා යොදා ගනු ලබන පෙට්‍රල් ඉන්ධන (𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍) වල ගුණාත්මක භාවය , ආරක්ෂාව සහ ක්‍රියාකාරිත්වය සහතික කර ගැනීම මූලික වශයෙන් සිදු කර ගෙන පවතී. මේ හේතූන් මත 𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 සදහාම ගෝලීය මට්ටමින් පිළිගත් විශේෂිත වූ අවශ්‍යතාවයන් ප්‍රමිතීන් සහ ලක්ෂණ අන්තර්ගත කල පිරිවිතර (𝑺𝒑𝒆𝒄𝒊𝒇𝒊𝒄𝒂𝒕𝒊𝒐𝒏𝒔) නිකුත් කර ඇත. මේ නිසා පෙට්‍රල් ඉන්ධන සදහා වූ පිරිවිතරයන් බොහෝ විට ලෝක මට්ටමින් පිළිගත් නියාමන ආයතන මගින් සකස් කිරීම සිදු කරනු ලබයි. නමුත් නිශ්චිත අවශ්‍යතාවයන් මත සහ භාවිතා කරනු ලබන කලාපය හෝ රට අනුව 𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒇𝒖𝒆𝒍 තුල අන්තර්ගත ප්‍රමිතිය සහ ලක්ෂණ සුළු වශයෙන් වෙනස් වේ. පෙට්‍රල් ඉන්ධන සදහා අන්තර්ගත පොදුවේ පිළිගත් ලාක්ෂණික පිරිවිතර (𝒔𝒑𝒆𝒄𝒊𝒇𝒊𝒄𝒂𝒕𝒊𝒐𝒏𝒔) කිහිපයක් පහත පරිදි වේ: 




𝟏. 𝐎𝐜𝐭𝐚𝐧𝐞 𝐫𝐚𝐭𝐢𝐧𝐠

𝟐. 𝐅𝐥𝐚𝐬𝐡 𝐩𝐨𝐢𝐧𝐭

𝟑. 𝐕𝐚𝐩𝐨𝐮𝐫 𝐩𝐫𝐞𝐬𝐬𝐮𝐫𝐞 

𝟒. 𝐃𝐢𝐬𝐭𝐢𝐥𝐥𝐚𝐭𝐢𝐨𝐧 𝐫𝐚𝐧𝐠𝐞

𝟓. 𝐒𝐩𝐞𝐜𝐢𝐟𝐢𝐜 𝐡𝐞𝐚𝐭𝐢𝐧𝐠 𝐯𝐚𝐥𝐮𝐞

𝟔. 𝐕𝐢𝐬𝐜𝐨𝐬𝐢𝐭𝐲 

𝟕. 𝐒𝐮𝐫𝐟𝐚𝐜𝐞 𝐭𝐞𝐧𝐬𝐢𝐨𝐧 

𝟖. 𝐅𝐫𝐞𝐞𝐳𝐢𝐧𝐠 𝐩𝐨𝐢𝐧𝐭 

𝟗. 𝐒𝐮𝐥𝐩𝐡𝐮𝐫 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭

𝟏𝟎. 𝐀𝐝𝐝𝐢𝐭𝐢𝐯𝐞

𝟏𝟏. 𝐆𝐚𝐬𝐨𝐥𝐢𝐧𝐞 𝐯𝐨𝐥𝐚𝐭𝐢𝐥𝐢𝐭𝐲

𝟏𝟐. 𝐂𝐨𝐥𝐝 𝐬𝐭𝐚𝐫𝐭𝐢𝐧𝐠



Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry