Posts

Showing posts from February, 2023

Engine Coolant Temperature Sensor (ECT Sensor)

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗘𝗖𝗧 𝗦𝗲𝗻𝘀𝗼𝗿?    එන්ජින් සිසිලන උෂ්ණත්ව සංවේදකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕 𝑻𝒆𝒎𝒑𝒆𝒓𝒂𝒕𝒖𝒓𝒆 𝑺𝒆𝒏𝒔𝒐𝒓 𝒐𝒓 𝑬𝑪𝑻) යනු එන්ජිම අභ්‍යන්තරයේ අන්තර්ගත කර පවතින සිසිලන කාරක දියරයේ (𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕) උෂ්ණත්වය නිරීක්ශනය කිරීම සදහා භාවිතා කරනු ලබන සරල සංවේදකයකි. එන්ජිම ක්‍රියා කරන විට සිලින්ඩර් හිස තුල සහ එන්ජින් බ්ලොක් එක තුල පවතින සිසිලනකාරක දියරය මගින් සිලින්ඩර් බෝර් තුල ජනනය වන තාපය අවශෝෂණය කර ගැනීම සිදු කරයි. සිසිලනකාරක දියරයෙහි අන්තර්ගත උෂ්ණත්වයට සමානුපාතිකව , උෂ්ණත්ව සංවේදකය මගින් 𝑷𝒐𝒘𝒆𝒓𝒕𝒓𝒂𝒊𝒏 𝑪𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝑴𝒐𝒅𝒖𝒍𝒆 (𝑷𝑪𝑴) වෙත සංඥා යොමු කරනු ලබයි. 𝑷𝑪𝑴 තුල අන්තර්ගත දත්ත සමග සංසන්දනය කරමින් එන්ජිම පවතින උෂ්ණත්ව පරාසය ගණනය කරනු ලබයි. ඒ අනුව එන්ජිම සීතලද , රත්වෙලාද , සාමාන්‍ය ක්‍රියාකාරී උෂ්ණත්වයේ ද හෝ අධික උණුසුම් තත්වයේ ද යන්න 𝑷𝑪𝑴 එක මගින් තීරණය කරනු ලබයි.     සිසිලන සංවේදකය (𝑬𝑪𝑴) අතිශය වැදගත් වන්නේ , සිසිලන සංවේදකය මගින් 𝑷𝑪𝑴 වෙත සපයනු ලබන ආදාන දත්ත (𝑰𝒏𝒑𝒖𝒕 𝑫𝒂𝒕𝒂) මත එන්ජින් කළමනාකරණ පද්ධතියෙහි සමස්ත

Exhaust Gas Recirculation (EGR)

Image
අභ්‍යන්තර දහන එන්ජින් තුල සිද වන ඉන්ධන දහන ක්‍රියාවලියේ දී අතුරුඵලයක් ලෙස පිටාර වායු (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔) මිශ්‍රණයක් නිපදවීම සිදු වේ. මෙම පිටාර වාත මිශ්‍රණය තුල පරිසරයට මෙන්ම ජීවීන්ට අහිතකර මට්ටමේ රසායනික සංයෝග රැසක් අන්තර්ගත වී පවතී. මේ අතරින් නයිට්‍රිජන් (𝑵𝒊𝒕𝒓𝒐𝒈𝒆𝒏) සහ ඔක්සිජන් (𝑶𝒙𝒚𝒈𝒆𝒏) වායූන් එකිනෙක ප්‍රතික්‍රියා කරමින් සෑදෙන 𝑵𝑶𝒙 වායූන් ප්‍රධාන තැනක් ගනී.     රසායනික විද්‍යාවට අනුව 𝑵𝑶𝒙 යනු නයිට්‍රිජන් මොනොක්සයිඩ් සහ නයිට්‍රිජන් ඩයොක්සයිඩ් රසායනික සංයෝග හැදින්වීම සදහා භාවිතා කරනු ලබන කෙටි යෙදුමකි. මෙම නයිට්‍රිජන් ඔක්සයිඩ් (𝑵𝒊𝒕𝒓𝒐𝒈𝒆𝒏 𝑶𝒙𝒊𝒅𝒆 𝒐𝒓 𝑵𝑶𝒙) දූෂක වායූන් මගින් වායුගෝලය දූෂණය වීම වඩාත් ප්‍රභල අන්දමින් සිදු වේ. අප ජීවත්වන බාහිර වායු ගෝලයට නයිට්‍රිජන් ඔක්සයිඩ් වායූන් අධික මට්ටමින් එක් වීම මගින් අධික දුමාර තත්වයන් (𝑺𝒎𝒐𝒈) නිර්මාණය වීම , අම්ල වැසි (𝑨𝒄𝒊𝒅 𝒓𝒂𝒊𝒏) ඇති වීම සහ ටොපොස්ෆෙරික් ඕසෝන් (𝒕𝒓𝒐𝒑𝒐𝒔𝒑𝒉𝒆𝒓𝒊𝒄 𝒐𝒛𝒐𝒏𝒆) ස්තරයට හානි සිදු වීම වැනි අහිතකර මට්ටමේ පාරිසරික බලපෑම් ඇති වීම පෙන්වා දිය හැකිය. එන්ජ