Posts

Showing posts with the label Ignition System

Crankshaft position sensor (CKP)

Image
   දගරකද පිහිටුම් සංවේදකය ( Crankshaft Position Sensor කෙටියෙන් CKP Sensor යනුවෙන් හදුන්වයි ) යනු විද්‍යුත් චුම්බක මූලධර්ම මත පදනම්ව නිර්මාණය කර ගත් සංවේදකයකි. එමගින් ග්‍රහණය කර ගනු ලබන සංවේදී දත්ත මත පදනම්ව ඉන්ධන එන්නත් පද්ධතිය ට අයත් ඉන්ධන විදින වල ක්‍රියාකාරිත්වය සහ ජ්වලන පද්ධතිය ( Ignition system ) සමමුහුර්ත කිරීම සිදු කරයි. මේ හේතු කාරනා මත CKP ලෙසින් හඳුන්වනු ලබන සංවේදකය මගින් ලබා ගනු ලබන සංඥාවන් නොමැතිව ඉන්ධන විදුම් පද්ධතියෙහි ( Fuel Injection System ) ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට නො හැකි වේ. එනම් දෝෂ සහිත හෝ අඩු පාඩු සහිත CKP සංවේදක මගින් ලබා දෙනු ලබන දෝෂ සහිත සංඥාවන් මගින් එන්ජින් ක්‍රියාකාරිත්වය අඩාල වී මෝටර් රථයේ ධාවන හැකියාව අහිමි වීමට අනිවාර්ය හේතු සාධකයක් ලෙස දැක්වීමට හැකිය.       CKP සංවේදකය භාවිතා කරමින් දගර කදෙහි පිහිටීම සහ වේගය ගණනය කිරීම සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් සංඤා දත්ත එන්ජින් පාලන ඒකකය වෙත ලබා දීම සිදු කරනු ලබයි. දගර කද භ්‍රමණය වීම සිදු වන විට CKP සංවේදකය ( Crankshaft Position Sensor ) තුලින් පුනරාවර්තනය වන විද්‍යුත් වෝල්ටීයතා ස...

Ignition Timing

Image
       ජ්වලන කාලය (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑻𝒊𝒎𝒆) යනු අභ්‍යන්තර දහන එන්ජිමක් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) ක්‍රියාකාරී අවස්ථාවේ තබා ගැනීම සදහා දහන කුටීරය ( 𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒆𝒎𝒃𝒆𝒓 ) තුල ඇති ඉන්ධන වාත මිශ්‍රණය දහනය කිරීම සදහා අවශ්‍ය කරනු ලබන ගිනි පුලිඟුව ( 𝑺𝒑𝒂𝒓𝒌 𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 ) නිවැරදි අවස්ථාවේ දී නිවැරදිම වේලාවට ලබා දීමේ ක්‍රියාවලියයි. මෙම ජ්වලන කාලය විශේෂයෙන්ම පිස්ටන් ( 𝑷𝒊𝒔𝒕𝒐𝒏 ) එකෙහි පිහිටුම් ස්ථානයට සහ දඟර කදෙහි ( 𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 ) ඇති වන භ්‍රමණ ප්‍රවේගයන්ට අනුගත වෙමින් සකසා ගැනීම සිදු කරනු ලබයි. ජ්වලන පද්ධතිය ( 𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎 ) හා සම්බන්ධිත පුලිඟු පේනු ( 𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈 ) වෙත සපයනු ලබන අධි වෝල්ටීයතා විද්‍යුත් විභවය මගින් එන්ජිමෙහි සම්පීඩන පහර අවසන් වෙනවාත් සමගම නියමිත වේලාවේ දී දහන කුටිය තුල ඇති සම්පීඩිත ඉන්ධන වාත මිශ්‍රණය මතට විද්‍යුත් පුලිඟුව නිකුත් කිරීම සිදු කරනු ලබයි. මේ නිසා අභ්‍යන්තර දහන එන්ජින් ( 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 ) මගින් ඉන්ධන වාත මිශ්‍රණ දවා ලමින් වඩාත් හොද ක්‍රියාකාරී ජවයක් ජනනය කර ගැනීමේ ක්‍රියාවලිය සද...

Spark plug

Image
Table of Contents What is a Spark Plug? Requirement of a Spark Plug The main part of a Spark Plug Working Principle of Spark Plug Type of Spark Plug What is a Spark Plug?     𝑺𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 එහෙමත් නැතිනම් 𝒔𝒑𝒂𝒓𝒌𝒊𝒏𝒈 𝒑𝒍𝒖𝒈 යන නම් වලින් හඳුන්වනු ලබන උපාංගය යොදාගනිමින් 𝒄𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාවේ එන්ජින් සිලින්ඩරය තුල නිර්මාණය වන 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓 තුල ඇති ප්‍රෙට්ට්‍රල් ඉන්ධන වාත මිශනය දල්වා ගැනීමට සදහා භාවිතා කරයි. ඉන්දන දහනය කර ශක්තිය නිපදවා ගැනීම සදහා ප්‍රැට්‍රල් ඉන්ධනයක් වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් වල දහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය ගිනි පුළිගුව (𝑺𝒑𝒂𝒓𝒌) නිපදවා ගැනීම මෙහි මූලික ම සහ එකම කාර්‍යයයි.   𝑺𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 උපාංගය 𝒑𝒆𝒕𝒓𝒐𝒍 ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් වල 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒉𝒆𝒂𝒅 එක මත හොදින් සවි කර ගැනීම සිදු කරයි. මෙසේ සවි කර ගත් 𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈 එක මත ඇති වායු පරතරයක් (𝑨𝒊𝒓 𝒈𝒂𝒑) පිහිටන පරිදි නිර්මාණය වී ප...