Posts

Showing posts from September, 2022

Altenator

Image
𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗔𝗹𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗼𝗿 ?       ප්‍රත්‍යාවර්තකය (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) යනු විද්‍යුත් චුම්බක මූලධර්ම මත පදනම් වී විද්‍යුත් බලය (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒑𝒐𝒘𝒆𝒓) ජනනය කර ගැනීම සදහා භාවිතා කරනු ලබන උපාංගයකි. මෙය භාවිතා කරමින් යාන්ත්‍රික ශක්තිය (𝑴𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍 𝑬𝒏𝒆𝒓𝒈𝒚) විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර මෝටර් රථ සදහා අවශ්‍ය  විද්‍යුත් බලය උත්පාදනය කර ගැනීම සිදු වේ. ප්‍රත්‍යාවර්තකය ක්‍රියා කිරීමේ දී එය තුල මූලික වශයෙන් ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක් ජනනය වීම සිදු වන අතර පසුව එය සරල ධාරා (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) විද්‍යුත් ප්‍රභවයක් බවට පරිවර්තනය  කර මෝටර් රථ විදුලි පද්ධතිය (𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄𝒂𝒍 𝑺𝒚𝒔𝒕𝒆𝒎) වෙත මුදා හරී. .    පිරිවැය සහ සරල බව යන හේතූන් මත , බොහෝ ප්‍රත්‍යාවර්තක (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) සදහා ස්ථාවර ආමේචරයක් (𝑨𝒓𝒎𝒂𝒕𝒖𝒓𝒆) සහිත භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් (𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝑭𝒊𝒆𝒍𝒅) භාවිතා කරනු ලබයි. මෙම කොටස රොටර් (𝑹𝒐𝒕𝒐𝒓) යන විශේෂ නාමයෙන් ද හඳුන්වනු ලබයි.  පොදුවේ ප්‍රත්‍යාවර්ත ධාරා (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒏

Revolutions Per Minute : RPM

Image
𝑹𝒆𝒗𝒐𝒍𝒖𝒕𝒊𝒐𝒏𝒔 𝑷𝒆𝒓 𝑴𝒊𝒏𝒖𝒕𝒆 යනු කිසියම් වස්තුවක් මිනිත්තු එකක (විනාඩි එකක කාලයක් හෝ තප්පර 60ක කාලයක්) කාලයක් තුල දී නිශ්චිත ලක්ෂ්‍යයක් වටා භ්‍රමණය වන අවස්ථාවන් සංඛ්‍යාව ලෙසින් අර්ථ දක්වා ඇත. මෙය කෙටි කර 𝒓𝒑𝒎 , 𝑹𝑷𝑴 , 𝒓𝒆𝒗/𝒎𝒊𝒏 හෝ 𝒎𝒊𝒏 -1 යන අංකනය භාවිතා කරමින් සටහන් කිරීම සිදු කර ගනු ලබයි. මෙය භ්‍රමණය වන වස්තුවක අන්තර්ගත වන භ්‍රමණ වේගය හෝ සංඛ්‍යාතය ප්‍රකාශ කිරීම සදහා යෙදිය හැකි පිළිගත් තවත් ඒකකයක් ලෙසින් හඳුන්වා දිය හැකිය.     මේ සදහා උදාහරණයක් ලෙස කිසියම් ලක්ෂ්‍යයක් වටා කරකැවෙන රෝදයක් සලකමු. එම රෝදය තත්පර එකක කාලයක් තුල දී එක් වටයක් සම්පූර්ණ කරයි නම් , තත්පර හැටක කාලයක් තුල දී එම රෝදය අවස්ථාවන් හැටක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් භ්‍රමණය වීම සිදු වේ. මේ නිසා එම රෝදය 60𝑹𝑷𝑴 ක වේගයකින් තම අක්ෂය වටා භ්‍රමණය වන බව සදහන් කල හැකිය.  මේ සදහා ඕනෑම අවස්ථාවක් තුල භ්‍රමණය වන වස්තුවක භ්‍රමණය වේගය 𝑹𝑷𝑴 ඇසුරෙන් සොයා ගැනීම සදහා පහත සූත්‍රය භාවිතා කල හැකිය.                      ඉහත සූත්‍රය භාවිතයෙන් ඕනෑම තත්වයක් තුලදී නිශ්චිත ලක්ෂ්‍යයක් වටා වෘත්තාකාර ව භ

How to measure Current

Image
       සරල වම පවසවනවනම් විද්‍යුත් ධාරාව යනු ඉලෙක්ට්‍රෝන (සෘන අංශු) හෝ අයන (ධන / සෘන අංශු) එක් ලක්ෂ්‍යයක සිට තවත් ලක්ෂ්‍යයක් දක්වා භෞතික ද්‍රව්‍යයක් ඔස්සේ ගලා යාමේ ක්‍රියාවලියයි. භෞතික ද්‍රව්‍ය ලෙසින් ලෝහ වර්ග , විශේෂිත තත්ව යටතේ පවතින ජල ද්‍රාවණ , අර්ධ සන්නායක මූලද්‍රව්‍ය හා වාත අවකාශයන් නම් කල හැකිය.    ඉහත සදහන් කල ඉලෙක්ට්‍රෝන (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏) හෝ අයන (𝒊𝒐𝒏𝒔) ලෙසින් හඳුන්වනු ලැබූ ආරෝපිත අංශූන් චලනය කිරීම සදහා වෝල්ටීයතාවය (𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) ලෙසින් හඳුන්වනු ලබන විශේෂිත බල ශක්තියක් උපකාරී කර ගනී. ( මෙහි වෝල්ටීයතාවය ලෙස භෞතික ද්‍රව්‍යය තුල පවතින ලක්ෂ්‍යයන් දෙකක් අතර පවතින විභව අන්තරයක් එහෙම නැත්නම් වෝල්ටීයතා වෙනස ලෙසින් අර්ථ දක්වා ගැනීම සිදු කර ඇත.) භෞතික ද්‍රව්‍යය සදහා යොදනු ලබන වෝල්ටීයතාවය (𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) වැඩි වන තරමට ප්‍රතිරෝධීතාවය දුර්වල වී වැඩි ධාරාවක් ගලා යාම සිදු වේ. 𝕯𝖎𝖗𝖊𝖈𝖙 𝖁𝕾 𝕬𝖑𝖙𝖊𝖗𝖓𝖆𝖙𝖎𝖓𝖌 𝕮𝖚𝖗𝖗𝖊𝖓𝖙     සෘජු ධාරා (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 – 𝑫𝑪) ලෙසින් කෙටි කර දැක්වීම සිදු කරයි. සෘජු ධාරාවක් යනු විද්‍යුත් ප්‍රභවයේ පරිමාවට සාපේක්