Altenator


𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗔𝗹𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗼𝗿 ? 


     ප්‍රත්‍යාවර්තකය (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) යනු විද්‍යුත් චුම්බක මූලධර්ම මත පදනම් වී විද්‍යුත් බලය (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒑𝒐𝒘𝒆𝒓) ජනනය කර ගැනීම සදහා භාවිතා කරනු ලබන උපාංගයකි. මෙය භාවිතා කරමින් යාන්ත්‍රික ශක්තිය (𝑴𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍 𝑬𝒏𝒆𝒓𝒈𝒚) විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර මෝටර් රථ සදහා අවශ්‍ය  විද්‍යුත් බලය උත්පාදනය කර ගැනීම සිදු වේ. ප්‍රත්‍යාවර්තකය ක්‍රියා කිරීමේ දී එය තුල මූලික වශයෙන් ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක් ජනනය වීම සිදු වන අතර පසුව එය සරල ධාරා (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) විද්‍යුත් ප්‍රභවයක් බවට පරිවර්තනය  කර මෝටර් රථ විදුලි පද්ධතිය (𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄𝒂𝒍 𝑺𝒚𝒔𝒕𝒆𝒎) වෙත මුදා හරී.

.

   පිරිවැය සහ සරල බව යන හේතූන් මත , බොහෝ ප්‍රත්‍යාවර්තක (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) සදහා ස්ථාවර ආමේචරයක් (𝑨𝒓𝒎𝒂𝒕𝒖𝒓𝒆) සහිත භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් (𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝑭𝒊𝒆𝒍𝒅) භාවිතා කරනු ලබයි. මෙම කොටස රොටර් (𝑹𝒐𝒕𝒐𝒓) යන විශේෂ නාමයෙන් ද හඳුන්වනු ලබයි.  පොදුවේ ප්‍රත්‍යාවර්ත ධාරා (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒏𝒈 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) විද්‍යුත් ජනක යන්ත්‍ර ප්‍රත්‍යාවර්තකය (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) ලෙසින් හඳුන්වනු ලබයි. නමුත් සාමාන්‍යයෙන් මෙම යෙදුම මෝටර් රථ හා අනෙකුත් අභ්‍යන්තර දහන එන්ජින් (𝑰.𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) මගින් ධාවනය වන කුඩා ප්‍රමාණයේ විද්‍යුත් ජනක (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒈𝒆𝒏𝒆𝒓𝒂𝒕𝒐𝒓) යන්ත්‍ර හැදින්වීම සදහා යොදා ගනු ලබයි. චුම්බක ක්ෂේත්‍රය සදහා ස්ථීර චුම්බකයක් භාවිතා කරනු ලබන ප්‍රත්‍යාවර්තක සාමාන්‍යයෙන් මැගින්ටෝ (𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒐) නමින් හැදින් වේ.





𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗮𝗻 𝗔𝗹𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗼𝗿

   ප්‍රත්‍යාවර්තකයේ (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) ක්‍රියාකාරිත්වය සඳහා උපකාරී වන ප්‍රධාන කොටස් ලෙසින් භ්‍රමකය (𝑹𝒐𝒕𝒐𝒓) සහ ස්ථායුක එතුම (𝑺𝒕𝒂𝒕𝒐𝒓) පෙන්වා දිය හැකි ය. 𝒓𝒐𝒕𝒐𝒓 කොටසේ සහ 𝒔𝒕𝒂𝒕𝒐𝒓 කොටසේ දක්නට ලැබෙන ප්‍රධාන වෙනස් කම ලෙසින් , 𝒓𝒐𝒕𝒐𝒓 කොටස ප්‍රත්‍යාවර්තකය තුල භ්‍රමණ ක්‍රියාවලියට භාජනය වන අතර 𝒔𝒕𝒂𝒕𝒐𝒓 කොටස ප්‍රත්‍යාවර්තකය තුල නිශ්චල අවස්ථාවේ ස්ථාවරව පවතී.





 



📌️ 𝐒𝐭𝐚𝐭𝐨𝐫 - ස්ථායුක එතුම යනු ප්‍රත්‍යාවර්තකයේ චලනය නොවී නිශ්චලව පවතින කොටසයි. මෙම කොටස තුල වෝල්ටීයතාවය ජනනය විය හැකි ආකාරයේ විශේෂිත රටාවකට අනුව එකිනෙක සම්බන්ධ කර ගත් දඟර එතුම් මාලාවකින් සමන්විත වේ. මේ නිසා ප්‍රත්‍යාවර්තකය ක්‍රියාත්මක වීමේ දී ජනනය වන ප්‍රතිදාන වෝල්ටීයතාවය ස්තායුක එතමෙහි නිදහස් අග්‍ර හරහා පිටතට ලබා ගත හැක.


📌️ 𝐑𝐨𝐭𝐨𝐫 - භ්‍රමකය යනු ප්‍රත්‍යාවර්තකයේ පවතින භ්‍රමණය වන කොටසයි. මෙම භ්‍රමකය මගින් ස්ථායුක එතුම හරහා විද්‍යුත් ධාරාව ජනනය කිරීමට අවශ්‍ය කරනු ලබන චුම්බක ක්ෂේත්‍ර ප්‍රවාහය නිෂ්පාදනය කරනු ලබයි.


   ස්ථාවර (𝒔𝒕𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒓𝒚) යනුවෙන් අදහස් වනු ලබන ඉංග්‍රීසි වචනයෙන් බිඳී ස්ථායුක එතුමට 𝒔𝒕𝒂𝒕𝒐𝒓 යන නාමයත් , භ්‍රමනය (𝒓𝒐𝒕𝒂𝒕𝒊𝒏𝒈) යනුවෙන් අදහස් වනු ලබන ඉංග්‍රීසි වචනයෙන් බිඳී භ්‍රමකයට 𝒓𝒐𝒕𝒐𝒓 යන නාමයත් පට බැදී ඇත. ප්‍රත්‍යාවර්තකය (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) තුල පවතින ස්ථායුක එතුම ප්‍රේරක වර්ගයේ මෝටර් (𝒊𝒏𝒅𝒖𝒄𝒕𝒊𝒐𝒏 𝒎𝒐𝒕𝒐𝒓) තුල අඩංගු කර පවතින ස්ථායුක එතුමට බෙහෙවින් සමාන වන ලෙසින් ගොඩ නගා පවතී. ස්ථායුක එතුම (𝒔𝒕𝒂𝒕𝒐𝒓) මද්‍යයෙහි ඊට සමාන්තරගත ලෙසින් අන්තර්ගත කර ඇති ලෝහ දණ්ඩක් මත සිලින්ඩරා කාර කොටසක් ලෙසින් භ්‍රමකය (𝑹𝒐𝒕𝒐𝒓) ඉදිකර පවතී. මෙලෙස ඉදිකර පවතින සිලින්ඩරා කාර කොටස තුල විද්‍යුත් චුම්බක මාලාවක් අන්තර්ගත කර පවතින අතර මේ නිසා මෙමගින් භ්‍රමණය කර ගත හැකි ආකාරයේ චුම්බක ක්ෂේත්‍රයක් (𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒇𝒊𝒆𝒍𝒅) නිපදවා ගැනීමට හැකි වේ. ස්ථායුක එතුම යනු ප්‍රත්‍යාවර්තකය තුල පවතින නිශ්චල කොටස වන අතර භ්‍රමකය යනු ස්ථායුක එතුම තුල භ්‍රමන ක්‍රියාවලියට ලක් වනු ලබන සංරචකය බව අපට මෙමගින් පැහැදිලි අදහසක් අදහසක් ගත හැකි වේ.







𝗦𝘆𝘀𝘁𝗲𝗺𝘀 𝗶𝗻 𝘄𝗵𝗶𝗰𝗵 𝘁𝗵𝗲 𝗮𝗹𝘁𝗲𝗻𝗮𝘁𝗼𝗿 𝗶𝘀 𝗱𝗲𝘀𝗶𝗴𝗻𝗲𝗱. 


    ප්‍රත්‍යාවර්තකයක් (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) යොදා ගැනීමේ මූලික අරමුණ වන්නේ , ප්‍රත්‍යාවර්තකයට සම්බන්ධිත පුලිය (𝑷𝒖𝒍𝒍𝒆𝒚) වෙත ලැබෙන භ්‍රමණ චාලක ශක්තිය උපකාරී කර ගෙන විද්‍යුත් ශක්තිය (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒆𝒏𝒆𝒓𝒈𝒚) ජනනය කර ගැනීමයි. මෙය සංරචක කොටස් එකිනෙක එකතු වී නිර්මාණය වූ පද්ධති කිහිපයක එකතුවක් වන අතර , එම පද්ධතීන් වන්නේ:


𝗥𝗼𝘁𝗼𝗿 𝗮𝘀𝘀𝗲𝗺𝗯𝗹𝘆—𝒇𝒊𝒆𝒍𝒅 𝒘𝒊𝒏𝒅𝒊𝒏𝒈𝒔, 𝒄𝒍𝒂𝒘 𝒑𝒐𝒍𝒆𝒔, 𝒓𝒐𝒕𝒐𝒓 𝒔𝒉𝒂𝒇𝒕, 𝒂𝒏𝒅 𝒔𝒍𝒊𝒑 𝒓𝒊𝒏𝒈𝒔.

𝗦𝘁𝗮𝘁𝗼𝗿 𝗮𝘀𝘀𝗲𝗺𝗯𝗹𝘆—𝒕𝒉𝒓𝒆𝒆 𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒘𝒊𝒏𝒅𝒊𝒏𝒈𝒔, 𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒄𝒐𝒓𝒆, 𝒂𝒏𝒅 𝒐𝒖𝒕𝒑𝒖𝒕 𝒘𝒊𝒓𝒆𝒔.

𝗕𝗿𝘂𝘀𝗵 𝗮𝘀𝘀𝗲𝗺𝗯𝗹𝘆—𝒃𝒓𝒖𝒔𝒉 𝒉𝒐𝒖𝒔𝒊𝒏𝒈, 𝒃𝒓𝒖𝒔𝒉𝒆𝒔, 𝒃𝒓𝒖𝒔𝒉 𝒔𝒑𝒓𝒊𝒏𝒈𝒔, 𝒂𝒏𝒅 𝒃𝒓𝒖𝒔𝒉 𝒘𝒊𝒓𝒆𝒔.

𝗥𝗲𝗰𝘁𝗶𝗳𝗶𝗲𝗿 𝗮𝘀𝘀𝗲𝗺𝗯𝗹𝘆—𝒅𝒊𝒐𝒅𝒆𝒔, 𝒉𝒆𝒂𝒕 𝒔𝒊𝒏𝒌 𝒐𝒓 𝒅𝒊𝒐𝒅𝒆 𝒑𝒍𝒂𝒕𝒆, 𝒂𝒏𝒅 𝒆𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒕𝒆𝒓𝒎𝒊𝒏𝒂𝒍𝒔.

𝗙𝗮𝗻 𝗮𝗻𝗱 𝗽𝘂𝗹𝗹𝗲𝘆 𝗮𝘀𝘀𝗲𝗺𝗯𝗹𝘆—𝒇𝒂𝒏, 𝒔𝒑𝒂𝒄𝒆𝒓, 𝒑𝒖𝒍𝒍𝒆𝒚, 𝒍𝒐𝒄𝒌 𝒘𝒂𝒔𝒉𝒆𝒓, 𝒂𝒏𝒅 𝒑𝒖𝒍𝒍𝒆𝒚 𝒏𝒖𝒕.

𝗛𝗼𝘂𝘀𝗶𝗻𝗴—𝒅𝒓𝒊𝒗𝒆 𝒆𝒏𝒅 𝒇𝒓𝒂𝒎𝒆, 𝒔𝒍𝒊𝒑 𝒓𝒊𝒏𝒈 𝒆𝒏𝒅 𝒇𝒓𝒂𝒎𝒆, 𝒂𝒏𝒅 𝒆𝒏𝒅 𝒃𝒐𝒍𝒕𝒔.





𝐂𝐨𝐦𝐩𝐨𝐧𝐞𝐧𝐭 𝐨𝐟 𝐀𝐧 𝐚𝐥𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐨𝐫





     



     මෝටර් රථය සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් බලය සරල ධාරා (𝒅𝒊𝒓𝒆𝒄𝒕 𝒄𝒖𝒓𝒓𝒆𝒏𝒕) ආකාරයෙන් නිවැරදි ප්‍රමාණයට ජනනය කර ගැනීම සදහා ප්‍රත්‍යාවර්තකයක් (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) භාවිතා කරයි. ඒ සදහා විවිධ ක්‍රියාවන්ගෙන් යුතු කොටස් කිහිපයක් එකිනෙක සුදුසු පරිදි සම්බන්ධ කර ගැනීමෙන් 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 උපාංගය නිර්මාණය කර පවතී. එහි අන්තර්ගත මූලික කොටස් පහත පරිදි වේ... 


☑️  𝐑ᴇɢᴜʟᴀᴛᴏʀ -  වෝල්ටීයතා නියාමයක (𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆 𝑹𝒆𝒈𝒖𝒍𝒂𝒕𝒐𝒓) යනු ප්‍රත්‍යාවර්තකයේ (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) සිට බැටරිය වෙත සපයනු ලබන විද්‍යුත් බල ප්‍රමාණය පාලනය කරනු ලබන කොටසයි. ආරෝපණ පද්ධතිය මත ඇති වන විවිධාකාර අවස්ථා වන්ට අනුකූල වෙමින් ආරෝපණ ක්‍රියාවලිය සුදුසු ප්‍රමාණයට පාලනය කල හැකි පරිද්දෙන් මෙම කොටස නිර්මාණය කර ගෙන පවතී.



☑️  𝐑ᴇᴄᴛɪꜰɪᴇʀ - ආරෝපණ ක්‍රියාවලිය සිදු වන අවස්ථාවාදී ප්‍රත්‍යාවර්තකය (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) තුල ජනනය වන ප්‍රත්‍යාවර්ත ධාරාව (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒏𝒈 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕-𝑨𝑪) , සරල ධාරාව (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕-𝑫𝑪) බවට පරිවර්තනය කර ගැනීම සෘජු කාරකයක් (𝑹𝒆𝒄𝒕𝒊𝒇𝒊𝒆𝒓) භාවිතා කරමින් සිදු කර ගනී.

 



☑️  𝐑ᴏᴛᴏʀ -  රොටරය (𝑹𝒐𝒕𝒐𝒓) යනු ප්‍රත්‍යාවර්තකය තුල කරකැවෙමින් විද්‍යුත් චුම්බක බලය ජනනය කර ගැනීම සිදු කර ගනු ලබන කොටසයි. එන්ජිමෙහි 𝑪𝒓𝒂𝒏𝒌 𝒑𝒖𝒍𝒍𝒆𝒚 හා ප්‍රත්‍යාවර්තකයෙහි 𝑹𝒐𝒕𝒐𝒓 𝒑𝒖𝒍𝒍𝒆𝒚 එකිනෙක , දහවනය වීමට හැකි ලෙසින් සම්බන්ධිත පටි පද්ධතියක් (𝑩𝒆𝒍𝒕𝒔 𝑫𝒓𝒊𝒗𝒆 𝑺𝒚𝒔𝒕𝒆𝒎) යොදා ගනිමින් රොටර් කොටස කරකවා ගැනීම සිදු කර ගනී. මේ නිසා මෙම කොටස 𝑹𝒐𝒕𝒐𝒓 කොටස කරකැවෙන විද්‍යුත් චුම්බකයක් (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐 𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄) ලෙසින් ක්‍රියා කරයි. 



☑️  𝐒ᴛᴀᴛᴏʀ -  ස්ටේටෝරය (𝒔𝒕𝒂𝒕𝒐𝒓) යනු යකඩ වලල්ලක් වටා දඟර පිහිටන පරිදි නිර්මාණය කර ගත් කම්බි පොටවල් 𝑪𝒐𝒊𝒍 𝒐𝒇 𝒘𝒊𝒓𝒆) කිහිපයක් යොදා ගෙන සැකසූ විශේෂිත  කොටසකි. මෙම 𝒔𝒕𝒂𝒕𝒐𝒓 කොටස ප්‍රත්‍යාවර්තකයෙහි (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) ශරීරය ලෙසින් ක්‍රියා කරමින් භ්‍රමණය වන රොටර් (𝑹𝒐𝒕𝒐𝒓) කොටස මගින් ජනනය වන විද්‍යුත් චුම්බක ස්‍රාවය (𝒆𝒍𝒆𝒄𝒕𝒓𝒐 𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒇𝒊𝒆𝒍𝒅) ඡේදනය කරමින් ප්‍රත්‍යාවර්ත ධාරා ( 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒏𝒈 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 - 𝑨𝑪) විද්‍යුත් බලයක් ජනනය කිරීම සිදු කරයි.



☑️  𝐒ʟɪᴘ 𝐑ɪɴɢ𝐬 -  භ්‍රමණය වන අවස්ථාවාදී රොටරය (𝑹𝒐𝒕𝒐𝒓) තුළින් විද්‍යුත් චුම්බක ස්‍රාවය නිපදවා ගැනීමට අවශ්‍ය සරල ධාරා (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) විද්‍යුත් ප්‍රභවයක් යොමු කිරීම ස්ලිප් මුදු (𝑺𝒍𝒊𝒑 𝒓𝒊𝒏𝒈𝒔) හරහා සිදු කර ගනී.



☑️  𝐒ʟɪᴘ 𝐑ɪɴɢ𝐬 ᴇɴᴅ ʙᴇᴀʀɪɴɢ -  රොටර් ශාෆ්ට්    (𝑹𝒐𝒕𝒐𝒓 𝒔𝒉𝒂𝒇𝒕) එකෙහි සිදු වන භ්‍රමණයට ආධාරකයක් ලෙසින් 𝒔𝒍𝒊𝒑 𝒓𝒊𝒏𝒈𝒔 𝒆𝒏𝒅 𝒃𝒆𝒂𝒓𝒊𝒏𝒈 යොදා ගනු ලබයි.



☑️  𝐃ʀɪᴠᴇ ᴇɴᴅ ʙᴇᴀʀɪɴɢ - රොටර් ශාෆ්ට් (𝒓𝒐𝒕𝒐𝒓 𝒔𝒉𝒂𝒇𝒕) එකෙහි සිදු වන භ්‍රමණය සුමටව සිදු කර ගැනීම සදහා 𝒅𝒓𝒊𝒗𝒆 𝒆𝒏𝒅 𝒃𝒆𝒂𝒓𝒊𝒏𝒈 ආධාරයෙන් සිදු කර ගනී.



☑️  𝐏ᴜʟʟᴇʏ -  රොටර් ශාෆ්ට් (𝒓𝒐𝒕𝒐𝒓 𝒔𝒉𝒂𝒇𝒕) එකට සහ එන්ජිම මගින් දිවෙන පටි පද්ධතියට සම්බන්ධ වන කොටස 𝒑𝒖𝒍𝒍𝒆𝒚 ලෙසින් හැදින් වේ. එන්ජිම මගින් ලබා දෙනු ලබන භ්‍රමණ චාලක ශක්තිය ධාවනය විය හැකි පටි පද්ධතියක් (𝒃𝒆𝒍𝒕𝒔 𝒅𝒓𝒊𝒗𝒆 𝒔𝒚𝒔𝒕𝒆𝒎) යොදා ගනිමින් 𝒑𝒖𝒍𝒍𝒆𝒚 කොටස හරහා රොටර් වෙත ලබා දීම සිදු කරයි. මෙලෙසින් ප්‍රත්‍යාවර්තකය (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓)වෙත ලැබෙන භ්‍රමණ චාලක ශක්තිය උපකාරී කර ගනිමින් විද්‍යුත් ආරෝපණ (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑪𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈) ක්‍රියාවලිය සිදු කර ගනී.




𝗪𝗼𝗿𝗸𝗶𝗻𝗴 𝗣𝗿𝗶𝗻𝗰𝗶𝗽𝗮𝗹 𝗼𝗳 𝗔𝗹𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗼𝗿


මෝටර් රථය තුල අන්තර්ගත කර ගෙන පවතින ප්‍රත්‍යාවර්තක (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) විද්‍යුත් ජනකයෙහි ක්‍රියාකාරී මූලධර්මය මෝටර් රථයේ ඇති අනෙකුත් විද්‍යුත් උපාංග හා සංසන්දනය කිරීමේ දී සාපේක්ෂව සරල බවින් සහ අඩු සංකීර්ණ බවකින් යුක්ත වේ. 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 උපාංගයේ ක්‍රියාකාරීත්වය සඳහා මූලික වශයෙන් 19 වන සියවසේ මුල් භාගයේ මයිකල් ෆැරඩේ විසින් සොයා ගන්නා ලද චුම්බක පේරන මූලධර්මය යොදා ගෙන පවතී. මෙම මූළධරමයට අනුව, වෙනස් වන චුම්බක ක්ශේත්‍රයක් මගින් ඊට ආසන්නයේ පවතින සන්නායකයක් මත ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක් නිර්මාණය වීම සිදු වේ.


මෙම මුළධර්මයට අනුගත වෙමින් ප්‍රත්‍යාවර්තකය නිර්මාණය කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් , චලනය නොවී නිශ්චිත ලෙස සවි කර ගෙන පවතින ස්තායුක දඟර එතුමක් (𝒔𝒕𝒂𝒕𝒐𝒓) සහ එය මධ්‍යයෙහි භ්‍රමණ අවස්ථාවට භාජනය වන භ්‍රමක සංරචකයක් (𝒓𝒐𝒕𝒐𝒓) යොදා ගනු ලබයි. වෝල්ටීයතා නියාමකයක පරිපථ කොටසක් (𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆 𝑹𝒆𝒈𝒖𝒍𝒂𝒕𝒐𝒓) භාවිතා කරමින් ඒ හරහා 𝑹𝒐𝒕𝒐𝒓 සංරචකයේ දඟර එතුමට පාලිත තත්වයේ වෝල්ටීයතාවයක් සපයනු ලබයි. එලෙස සපයනු ලබන වෝල්ටීයතාවයට සරිලන විද්‍යුත් ධාරා ප්‍රවාහයක් භ්‍රමන සංරචක උපාංග කොටසේ අන්තර්ගත දඟර එතුම හරහා ගමන් කරමින් විද්‍යුත් චුම්භක ක්ශේත්‍රයක් නිර්මාණය වීම සිදු වේ.


ප්‍රත්‍යාවර්තකය තුල අන්තර්ගත භ්‍රමක කොටස පුලි සහ ධාවක පටි භාවිතා කර ගනිමින් නිර්මාණය කර ගත් යන්ත්‍රණයක් හරහා එන්ජිමට සම්බන්ධ කර ගනිමින් ධාවනය කර ගනු ලබයි. මේ සඳහා , භ්‍රමකයෙහි එක කෙළවරකට ස්ථීර ලෙසින් සවි කර ගෙන පවතින පුලි කොටසට ධාවක පටියක් සම්බන්ධ කර ගෙන පවතින අතර එම ධාවක පටියම අනෙක් පසින් එන්ජිමෙහි දඟර කදට සවි වී ඇති ප්‍රධාන පුලි කොටසට සම්බන්ධ කර ගෙන පවතී. එන්ජිම ධාවනය වන විට, දඟර කඳට සම්බන්ධිත ප්‍රධාන පුලියෙන් ධාවක පටිය කරකවන අතර එමගින් ප්‍රත්‍යාවර්තකයෙහි අන්තර්ගත භ්‍රමක උපාංගය භ්‍රමණය කරවා ගනී.


මෙහි දී භ්‍රමකයේ භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රය සහ 𝑺𝒕𝒂𝒕𝒐𝒓 එතුමෙහි අන්තර්ගත ස්ථාවර දඟර එතුම් අතර සිදු වන අන්තර් ක්‍රියාව හරහා ස්ථායුක එතුමෙහි සන්නායක දඟර එතුම් මත ප්‍රත්‍යාවර්ත ධාරාවක් (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒏𝒈 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 - 𝑨𝑪) ජනනය වීම සිදු වේ. මෙලෙස ජනනය වනු ලබන ප්‍රත්‍යාවර්ත ධාරාව සෘජු කාරක ඩයෝඩ එකලසක් හරහා යොමු කරමින් සෘජු ධාරාව (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 - 𝑫𝑪) බවට පරිවර්තනය කර ගනු ලබයි. මෙලෙස පරිවර්තනය කර ගනු ලබන ප්‍රතිදාන සෘජු ධාරා ප්‍රවාහය මගින් මෝටර් රථයේ අඩංගු විද්‍යුත් කෝෂය (𝒂𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚) ආරෝපණය කිරීමටත් අනිකුත් විද්‍යුත් උපාංග බල ගන්වා ගැනීමටත් භාවිතා කරනු ලබයි. නමුත් මෝටර් රථයේ විද්‍යුත් ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රත්‍යාවර්තකය මඟින් ස්ථාවර සහ සුදුසු වෝල්ටීයතා මට්ටමක් නිපදවනු ලබන බව සහතික කර ගත යුතු ය. මේ සඳහා ප්‍රත්‍යාවර්තකය පිටතින් හෝ අභ්‍යන්තරයෙන් ඊට සම්බන්ධ කර ගත් වෝල්ටීයතා නියාමකයක් භාවිතා කරනු ලබයි.


නවීනතම මට්ටමේ මෝටර් රථ සඳහා භාවිතා කරනු ලබන ප්‍රත්‍යාවර්තක උපාංග වලට යොදා ගනු ලබන වෝල්ටීයතා නියාමක පරිපථ (𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆 𝑹𝒆𝒈𝒖𝒍𝒂𝒕𝒐𝒓) කොටස සාමාන්‍යයෙන් ප්‍රත්‍යාවර්තකය තුලට ම ඒකාබද්ධ කර ගනිමින් සවි කර ගනී. මෙලෙස වෝල්ටීයතා නියාමක කොටස ප්‍රත්‍යාවර්තකය තුලට ම ඒකාබද්ධ කර සවි කර ගැනීම මගින් අවකාශය ඉතිරි කර ගැනීමට හැකි වීම, ඉතාමත් සරල ආකාරයෙන් රැහැන් ගත වීම සකසා ගත හැකි වීම , අඩු පිරිවැය සහ වැඩිදියුණු කල විශ්වසනීත්වය යන වාසි කිහිපයක් ලබා දෙනු ලබයි. මෙලෙස යොදා ගනු ලබන වෝල්ටීයතා නියාමකය මගින් ප්‍රත්‍යාවර්තකයේ ප්‍රතිදාන වෝල්ටීයතාවය අකන්ඩ මට්ටමින් අධීක්ෂණය කරන අතර ස්ථාවර සහ නියාමනය කල වෝල්ටීයතා මට්ටමක් පවත්වා ගැනීම සඳහා 𝒓𝒐𝒕𝒐𝒓 එතුම් දඟරයේ ක්ෂේත්‍ර ධාරාව සකස් කර ගනු ලබයි.






𝓦𝓻𝓲𝓽𝓽𝓮𝓷 𝓫𝔂 𝓗𝓲𝓰𝓱𝓡𝓮𝓼𝓲𝓼𝓽𝓛𝓚
                                         ²⁰²²/¹⁰/²³

Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry