Posts

Showing posts from October, 2022

Automotive Battery

Image
 මෝටර් රථ එන්ජිම පණගැන්වීම (𝑪𝒓𝒂𝒏𝒌𝒊𝒏𝒈) සදහා අවශ්‍ය කරනු ලබන මූලික කරකැවීම් බලය 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 එකක් භාවිතයෙන් ලබා දෙනු ලබයි. මෙම 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 ය කරකැවීම සදහා අවශ්‍ය විද්‍යුත් බලය සපයා ගැනීම සදහා මූලික වශයෙන් මෝටර් රථය තුල 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 යක් අන්තර්ගත කර පවතී. විශේෂයෙන්ම මෙම වර්ගයේ මෝටර් රථ 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 නැවත ආරෝපණය (𝑪𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈) කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය කර පවතී.  බැටරිය තුල එන්ජිම පණගැන්වීම සදහා 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 එකට අවශ්‍ය වන විද්‍යුත් බලයට අමතරව , එන්ජිම පණගැන්වීමට සදහා අවශ්‍ය අනිකුත් පද්ධති සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් බල ධාරිතාවයක් පැවතිය යුතු ය. එනම් , ප්‍රධාන වශයෙන් දහන කුටීර (𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓) තුල අන්තර්ගත ඉන්ධන වාත මිශ්‍රණය දල්වාලීම සදහා භාවිතා කරනු ලබන 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 වෙත අවශ්‍ය විද්‍යුත් බලය බැටරිය මගින් සපයනු ලබයි. මෝටර් රථ තුල මෙවැනි 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 අන්තර්ගත කිරීමේ ද්වීතික කාර්යය ලෙසින් , මෝටර් රථ තුල පවතින අනිකුත් විද්‍යුත් උපාංගයන් සදහා අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම පෙන්වා දිය හැකි ය.      එන්ජි

Charging system

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗰𝗵𝗮𝗿𝗴𝗶𝗻𝗴 𝗦𝘆𝘀𝘁𝗲𝗺? රියදුරු හට මෝටර් රථය සුවපහසු ලෙසින් සහ ආරක්ෂාකාරී ලෙසින් පදවා ගෙන යාම සදහා , මෝටර් රථය බොහෝ විද්‍යුත් උපාංගයන් වලින් සමන්විත වේ. මෝටර් රථය ධාවන අවස්ථාවේ දී මෙන්ම නවත්වා ඇති අවස්ථාවේදීද ඉහත සදහන් විද්‍යුත් උපාංගයන් ක්‍රියාකාරී අවස්ථාවේ තබා ගැනීම සදහා විද්‍යුත් බලය මූලික අවශ්‍යතාවක් වශයෙන් පෙන්වා දිය හැකිය.      එම නිසා වාහනයේ ඇති විද්‍යුත් උපාංගයන් ක්‍රියා කරවීම සදහා අවශ්‍ය විද්‍යුත් බල සැපයුම ලබා ගැනීමට බැටරියක් (𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚) මෙන්ම එන්ජිම ක්‍රියා කිරීමේ දී විද්‍යුත් බලය ජනනය කර ගත හැකි ලෙසින් නිර්මාණය කර ගත විද්‍යුත් ආරෝපණ පද්ධතියකින් මෝටර් රථය සමන්විත වේ. ආරෝපණ පද්ධතිය මගින් මෝටර් රථය තුල අන්තර්ගත සියළුම විද්‍යුත් උපකරණ මෙන්ම උපාංගයන් සදහා විදුලිය සැපයීම සිදු කරනු ලබන අතරතුර බැටරිය ආරෝපණය 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝑪𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈) කිරීමද සිදු කරනු ලබයි.    ආරෝපණ පද්ධතිය (𝑪𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈 𝑺𝒚𝒔𝒕𝒆𝒎) මොටර් රථ විද්‍යුත් පද්ධතියට (𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄𝒂𝒍 𝑺𝒚𝒔𝒕𝒆𝒎) අයත් වැදගත් අංගයක් වශයෙන් පෙන්ව

Compression Ratio

Image
 මෝටර් රථ තුල අන්තර්ගත අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) මගින් ඉහල බලශක්ති ප්‍රතිදානයක් (𝑷𝒐𝒘𝒆𝒓 𝑶𝒖𝒕𝒑𝒖𝒕) බලා පොරොත්තු වේ. මේ සදහා සියවසකට වැඩි කාලයක් තිස්සේ  ඉහල පෙලේ මෝටර් රථ නිෂ්පාදකයන් සහ පරීක්ෂකවරුන් එක් වී , 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 වල බල ප්‍රතිදානය සදහා බලපානු ලබන විවිධ හේතු සාධක අධ්‍යනය කරමින් ඊට සාර්ථක පිළිතුරු සෙවීම සදහා පරීක්ෂණ රැසක් සිදු කරන ලදි. මේ අනුව එන්ජින් ධාරිතාව (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒂𝒑𝒂𝒄𝒊𝒕𝒚) , බල ප්‍රතිදානය (𝑷𝒐𝒘𝒆𝒓 𝑶𝒖𝒕𝒑𝒖𝒕) හා සම්පීඩන අනුපාතය (𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏 𝑹𝒂𝒕𝒊𝒐) වැනි වැදගත් පරාමිතින් මත අවසානයේ දී එන්ජින් සැකැස්ම තීරනය කරනු ලබයි.   𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐂𝐨𝐦𝐩𝐫𝐞𝐬𝐬𝐢𝐨𝐧 𝐑𝐚𝐭𝐢𝐨?     අභ්‍යන්තර දහන එන්ජිමක සම් පීඩිත අනුපාතය (𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏 𝑹𝒂𝒕𝒊𝒐 𝒐𝒓 𝑪𝑹) යනු දහන කුටීරය තුල අන්තර්ගත  සම්පූර්ණ පරිමාව (𝑻𝒐𝒕𝒂𝒍 𝑽𝒐𝒍𝒖𝒎𝒆) හා දහන කුටීරය පූර්ණ ලෙස සම්පීඩනය කිරීමෙන් පසුව ඉතිරි වන පරිමාව (𝑪𝒍𝒆𝒂𝒓𝒂𝒏𝒄𝒆 𝒗𝒐𝒍𝒖𝒎𝒆) අතර පවතින අනුපාතයයි.  •පිස්ටන් එක මගින්  𝑩𝑫𝑪 ලක්ෂ්‍යයේ සිට 𝑻𝑫𝑪 ලක්ෂ්‍ය අතර පවත

Automotive Fuse

Image
     විලායක (𝑭𝒖𝒔𝒆) යනු අධි විද්‍යුත් ධාරා ප්‍රවාහයන් විද්‍යුත් පරිපථ තුලින් ගලා යාම වළක්වා එම විද්‍යුත් පරිපථය ආරක්ෂා කර ගැනීම සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් උපාංගයකි. අනපේක්ෂිත තත්වයන් තුල දී ඇති වන විද්‍යුත් ධාරා ප්‍රවාහයන්ගෙන්  විද්‍යුත් පරිපථ හෝ විද්‍යුත් උපාංගයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් යුතුව බොහෝ අවස්ථාවන් වල දී , විද්‍යුත් ධාරා ප්‍රවාහයන් 𝑭𝒖𝒔𝒆 හරහා ලබා දීම සිදු කරයි.    මෙම උපාංගය මගින් පරිපථ කඩනයක් (𝒄𝒊𝒓𝒄𝒖𝒊𝒕 𝒃𝒓𝒆𝒂𝒌𝒆𝒓) ලෙසින් හෝ ස්ථායි කාරකයක් (𝒔𝒕𝒂𝒃𝒊𝒍𝒊𝒛𝒆𝒓) ලෙසින් ක්‍රියා කරමින් ඊට සම්බන්ධිත විද්‍යුත් උපාංග සිදු වීමට නියමිත විද්‍යුත හානිවලින් ආරක්ෂා කර ගනී. 𝑭𝒖𝒔𝒆 සදහා බොහෝ විට මිශ්‍ර ලෝහ වර්ග යොදා ගනිමින් නිර්මාණය කරගත් තුනී පටි හෝ නූල් භාවිතා කරනු ලබයි.   මෝටර් රථ තුල භාවිතා කරනු ලබන විද්‍යුත් පද්ධති වල ආරක්ෂාව සදහා ද විශේෂයෙන් නිර්මාණය කල විලායක (𝑭𝒖𝒔𝒆) භාවිතා කරනු ලබයි. මේවා සාමාන්‍ය ව්‍යවහාරයේ 𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑭𝒖𝒔𝒆 ලෙසින් හඳුන්වනු ලබයි. එම 𝒇𝒖𝒔𝒆 රැදවීම සදහා 𝒇𝒖𝒔𝒆 𝒃𝒍𝒐𝒄𝒌 , 𝒊𝒏𝒍𝒊𝒏𝒆 𝒇𝒖𝒔𝒆 𝒉𝒐

Anti-Lock Braking System - ABS

Image
    ප්‍රති - අගුළු තිරිංග පද්ධතිය (𝑨𝒏 𝒂𝒏𝒕𝒊-𝒍𝒐𝒄𝒌 𝒃𝒓𝒂𝒌𝒊𝒏𝒈 𝒔𝒚𝒔𝒕𝒆𝒎 කෙටියෙන් 𝑨𝑩𝑺 ලෙසින් හඳුන්වනු ලබයි) යනු වේගවත් තිරිංග යෙදීමක දී රෝද මත ඇති වන ලිස්සා යාම වළක්වා ගැනීම සදහා භාවිතා කරනු ලබන පද්ධතියකි.    සාමාන්‍යයෙන් 𝑨𝑩𝑺 තිරිංග පද්ධතියක් භාවිතා කරනු නොලබන වාහන වල රියදුරු විසින් තිරිංග පැඩලය (𝒃𝒓𝒂𝒌𝒆 𝒑𝒆𝒅𝒂𝒍) එබූ විට තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වී එලවුම් රෝද (𝒘𝒉𝒆𝒆𝒍) ක්ෂණිකව අගුළු වැටීම සිදු වේ. මෙසේ එලවුම් රෝද මත ක්‍රියාත්මක වන ක්ෂණික අගුළු වැටීම නිසා ගමන් කරනු ලබන මාර්ගයේ රෝද ලිස්සා යාම (𝒔𝒌𝒊𝒅𝒔) හේතුවෙන් අනතුරු වලට භාජනය වීමේ ප්‍රවණතාවය ඉහල අගයක පවතී. එවනි අවස්ථාවක දී වෙනත් මෝටර් රථයක් හෝ විශාල වස්තුවක් වැනි යමක් පදවනු ලබන මෝටර් රථය ඉදිරිපිටට පැමිනියහොත් රියදුරු විසින් මෝටර් රථය තිරිංග (𝑩𝒓𝒂𝒌𝒆) යොදා නතර කිරීමට ක්‍රියා කරයි. නමුත් මාර්ගය මත රෝද ලිස්සා යාම හේතුවෙන් රියදුරු අතින් මෝටර් රථයේ පාලනය ගිලිහී ගොස් විශාල අනතුරක් පවා සිදු විය හැකිය.     නමුත් එවැනි අවස්ථාවක දී රියදුරු විසින් 𝑨𝑩𝑺 පද්ධතියක් සහිත වාහනයක් පද

Different Types of Rectifiers – Working and Applications

Image
What is Rectifier?     සෘජු කාරකයක් (𝑹𝒆𝒄𝒕𝒊𝒇𝒊𝒆𝒓) යනු ප්‍රත්‍යාවර්ත ධාරාව (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒏𝒈 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 - 𝑨𝑪) , සෘජු ධාරාව (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 - 𝑫𝑪) බවට පරිවර්තන කර ගැනීම සදහා ඩයෝඩ් (𝑫𝒊𝒐𝒅𝒆) එකක් හෝ වැඩි ගණනක් යොදා ගෙන සාදා ගනු ලබන විද්‍යුත් උපාංගයකි. මේ සදහා විශේෂයෙන්ම නිපදවූ සෘජු කාරක ඩයෝඩ (𝑹𝒆𝒄𝒕𝒊𝒇𝒊𝒆𝒓 𝑫𝒊𝒐𝒅𝒆)  භාවිතා කරයි. මේ හරහා විද්‍යුත් ධාරාව එක් දිශාවකට පමණක් ගලා යාමට ඉඩ සලසයි.

Ignition Distributor

Image
        සාම්ප්‍රදායික ජ්වලන පද්ධති (𝑪𝒐𝒏𝒗𝒆𝒏𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑺𝒚𝒔𝒕𝒆𝒎) සහිත අභ්‍යන්තර දහන එන්ජින් සදහා බෙදාහරිනය (𝑫𝒊𝒔𝒕𝒓𝒊𝒃𝒖𝒕𝒐𝒓) නමින් හඳුන්වනු ලබන සුවිශේෂී උපකරණයක් භාවිතා කරයි. මූලික වශයෙන් මෙම උපකරණය භාවිතා කරමි එන්ජිම ක්‍රියා කරනු ලබන ජ්වලන පිළිවෙලට (𝑭𝒊𝒓𝒊𝒏𝒈 𝑶𝒅𝒆𝒓) අනුව පුළිගු පේනු (𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈) වෙත අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාව බෙදාහැරීම සිදු කරයි. මෙය යාන්ත්‍රික කාලානුරූපී (𝒎𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍𝒍𝒚 𝒕𝒊𝒎𝒆𝒅) ව ක්‍රියාත්මක වන බැවින් සාම්ප්‍රදායික ජ්වලන පද්ධතියෙහි හදවත ලෙසින් ද හඳුන්වනු ලබයි. මෙය කැමි දන්ඩ (𝑪𝒂𝒎𝒔𝒉𝒂𝒇𝒕) හා සම්භන්ධ කර ගනු ලබන අතර මේ නිසා මෙහි අන්තර්ගත සුවිශේෂී කොටස් සංවෘතව භ්‍රමණය (𝑬𝒏𝒄𝒍𝒐𝒔𝒆𝒅 𝑹𝒐𝒕𝒂𝒕𝒊𝒏𝒈)විය හැකි පරිද්දෙන් නිර්මාණය තිබේ.   𝑻𝒚𝒑𝒊𝒄𝒂𝒍 𝒅𝒊𝒔𝒕𝒓𝒊𝒃𝒖𝒕𝒐𝒓 𝒘𝒊𝒕𝒉 𝒅𝒊𝒔𝒕𝒓𝒊𝒃𝒖𝒕𝒐𝒓 𝒄𝒂𝒑. 𝑨𝒍𝒔𝒐 𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝒂𝒓𝒆 𝒎𝒐𝒖𝒏𝒕𝒊𝒏𝒈/𝒅𝒓𝒊𝒗𝒆 𝒔𝒉𝒂𝒇𝒕 (𝐛𝐨𝐭𝐭𝐨𝐦), 𝒗𝒂𝒄𝒖𝒖𝒎 𝒂𝒅𝒗𝒂𝒏𝒄𝒆 𝒖𝒏𝒊𝒕 (𝐫𝐢𝐠𝐡𝐭)  𝒂𝒏𝒅 𝒄𝒂𝒑𝒂𝒄𝒊𝒕𝒐𝒓 (𝐜𝐞𝐧𝐭𝐫𝐞).  

Relay

Image
 ස්විචයක් යනු විද්‍යුත් පරිපථ ක්‍රියා කරවීම සදහා යොමු කරනු ලබන විද්‍යුත් ධාරාව විවෘත කරන (𝒕𝒖𝒓𝒏 𝒐𝒇𝒇) සහා වසා දැමීම (𝒕𝒖𝒓𝒏 𝒐𝒏) සදහා භාවිතා කරනු ලබන උපාංගයකි.  •ස්විචය විවෘත (𝒐𝒑𝒆𝒏) අවස්ථාවේ දී , එම ස්විචය හරහා ධාරා ප්‍රවාහයක් සිදු නොවේ. එනම් 𝒕𝒖𝒓𝒏 𝒐𝒇𝒇 අවස්ථාවේ පවතී. •ස්විචය සංවෘත (𝑪𝒍𝒐𝒔𝒆) අවස්ථාවේ දී , එම ස්විචය හරහා ධාරා ප්‍රවාහයක් සිදු වේ. එනම් 𝒕𝒖𝒓𝒏 𝒐𝒏 අවස්ථාවේ පවතී.        𝑹𝒆𝒍𝒂𝒚 නමින් හඳුන්වනු ලබන උපාංගය ද විද්‍යුත් පරිපථ තුල දී විද්‍යුතයෙන් ක්‍රියා කරවා ගත හැකි ආකාරයේ ස්විචයක් (𝑺𝒘𝒊𝒕𝒄𝒉) ලෙස භාවිතා කරනු ලබයි.  මෙම සුවිශේෂී විද්‍යුත් උපාංගය අඩු විද්‍යුත් ප්‍රභවයක් මගින් ක්‍රියා කරවා අධි වෝල්ටීයතා පරිපථ සදහා අවශ්‍ය විද්‍යුත් ධාරාව පාලනය (𝒔𝒘𝒊𝒕𝒄𝒉 𝒐𝒏 & 𝒐𝒇𝒇) කිරීම සදහා ස්විචයක් වශයෙන් යොදා ගනු ලබයි. 𝑹𝒆𝒍𝒂𝒚 භාවිතා කරමින් විද්‍යුත් පරිපථ වල පවතින අඩු වෝල්ටීයතා ප්‍රදේශය සහ අධි වෝල්ටීයතා ප්‍රදේශය වෙන් කර එකිනෙක හුදකලා කිරීමේ ක්‍රියාවලිය සිදු කර ගත හැකි වේ. 𝓦𝓻𝓲𝓽𝓽𝓮𝓷 𝓫𝔂 𝓗𝓲𝓰𝓱𝓡𝓮𝓼𝓲𝓼𝓽𝓛𝓚              

Heating Effect Of Current

Image
       කීර්තිමත් භෞතික විද්‍යාඥයෙක්  වූ 𝑱𝒂𝒎𝒆𝒔 𝑷𝒓𝒆𝒔𝒄𝒐𝒕𝒕 විසින් 𝟏𝟖𝟒𝟎-𝟏𝟖𝟒𝟑 කාල වකවානුව තුලදී ජූල් නියමය ( 𝑱𝒐𝒖𝒍𝒆’𝒔 𝒆𝒇𝒇𝒆𝒄𝒕 , 𝒋𝒐𝒖𝒍𝒆 𝒍𝒆𝒏𝒛 𝒍𝒐𝒘 හෝ 𝒋𝒐𝒖𝒍𝒆'𝒔 𝒇𝒊𝒓𝒔𝒕 𝒍𝒐𝒘 ලෙසින් ද හඳුන්වනු ලබයි) ඉදිරිපත් කරන ලදි. ජූල් නියමය මගින් නිශ්චිත කාලයක් තුල දී විද්‍යුත් ධාරාවේ , තාපයේ සහ ප්‍රතිරෝධී තාවයේ ඇති වන සම්බන්ධ තාවය පෙන්නුම් කරනු ලබයි. එනම් ජූල් නියමය භාවිතා කරමින් ප්‍රතිරෝධී ද්‍රව්‍යයක් තුලින් විද්‍යුත් ධාරා ප්‍රවාහය (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 𝑭𝒍𝒐𝒘) ඇති වීමේ දී එම ප්‍රතිරෝධී ද්‍රව්‍ය තුල ජනනය වන තාප ප්‍රමාණය (𝑯𝒆𝒂𝒕) ගණය කර ගැනීමේ හැකියාව පවතී. 𝐉𝐨𝐮𝐥𝐞 𝐋𝐨𝐰    ජූල් නියමය (𝑱𝒐𝒖𝒍𝒆 𝑳𝒐𝒘) මගින් "𝑹" ප්‍රතිරෝධී අගයක් සහිත ප්‍රතිරෝධකයක් තුලින් "𝒕" තත්පර කාලයක් තුලදී "𝑰" ඇම්පියර් ප්‍රමාණයේ ධාරා ප්‍රවාහයක් සිදු වන විට , ප්‍රතිරෝධකය (𝑹𝒆𝒔𝒊𝒔𝒕𝒐𝒓) මත සිදු වනු ලබන කාර්යය ශක්ති ප්‍රමාණ (𝑾𝒐𝒓𝒌 𝑫𝒐𝒏𝒆) එම ප්‍රතිරෝධකය මත ජනනය වනු ලබන තාප ශක්ති ප්‍රමාණයට (𝑯𝒆𝒂𝒕) සම

Piston Motion Basics

Image
      එන්ජිම තුල ඇති දගරකද (crankshaft) , සම්භන්ධක දඩු (Connecting rods ) , piston pin ( මෙම කොටස wristpin or dudgeon pin ලෙසින් හඳුන්වනු ලබයි) සහ පිස්ටන් යන කොටස් එකට සම්බන්ධ කර ගනිමින් නිර්මාණය කර ගත් යන්ත්‍රණය crank mechanisms ලෙසින් හඳුන්වනු ලබයි. මෙම යන්ත්‍රණය තුල ඇති crankshaft සහ connecting rod එකලස මගින් පිස්ටන් එක වෙත පරස්පරතා චලිතයක් (reciprocating motion) ලබා දීම සිදු කරනු ලබයි. Crank mechanism තුල සිදු වන ඉහත සදහන් පරස්පරතා චලිතය මූලික කර ගනිමින් , දහන කුටීරය තුල ඉන්ධන වාත මිශ්‍රණයෙහි සිදු වන දහනය මගින් නිකුත් කරන ශක්තියෙන් කොටසක් ග්‍රහණය කර එම ශක්තිය වැඩ කිරීමේ හැකියාව ඇති ප්‍රයෝජනවත් භ්‍රමණ ශක්තිය බවට පරිවර්තනය කරනු ලබයි.    දගරකදෙහි පොදු අක්ෂයට මධ්‍යස්තව පිහිටා ඇති සිලින්ඩරාකාර හැඩති main journals දෙකක් හෝ වැඩි ගණනක් සහ සලකනු ලබන පොදු අක්ෂයට ලම්භකව සමාන්තරගත ලෙසින් තරමක් පිටතින් පිහිටා ඇති සිලින්ඩරාකාර හැඩති crankpin (rod) journals එකක් හෝ කිහිපයක් දගරකද මත අඩංගු වේ. උදාහරණයක් ලෙස inline 4 cylinder එන්ජින් තුල අන්තර්ගත දගරකදෙහි main journals පහක් සහ rod journals හතරක් අඩ

Bearing

Image
 𝐁ᴇᴀʀɪɴɢ    යාන්ත්‍රික කොටස් හැකි තාක් අඩු ඝර්ෂණ තත්වයක් යටතේ තවත් කොටස් සමග භ්‍රමණය වීමට හෝ චලනය කිරීම සදහා 𝑩𝒆𝒂𝒓𝒊𝒏𝒈 නමින් හැදින්වෙන විශේෂිත උපාංගයන් භාවිතා කරනු ලබයි.  𝐓𝐲𝐩𝐞 𝐨𝐟 𝐛𝐞𝐚𝐫𝐢𝐧𝐠  𝟭.𝗕𝗮𝗹𝗹 𝗯𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟮.𝗕𝘂𝘀𝗵 𝗕𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟯.𝗧𝗵𝗿𝘂𝘀𝘁 𝗕𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟰.𝗙𝗼𝗼𝘁 𝗦𝘁𝗲𝗽 𝗕𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟱.𝗥𝗼𝗹𝗹𝗶𝗻𝗴 𝗰𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗼𝗿 𝗔𝗻𝘁𝗶-𝗳𝗿𝗶𝗰𝘁𝗶𝗼𝗻 𝗕𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟲.𝗥𝗼𝗹𝗹𝗲𝗿 𝗯𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟳.𝗖𝘆𝗹𝗶𝗻𝗱𝗿𝗶𝗰𝗮𝗹 𝗿𝗼𝗹𝗹𝗲𝗿 𝗯𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟴.𝗧𝗮𝗽𝗲𝗿𝗲𝗱 𝗿𝗼𝗹𝗹𝗲𝗿 𝗯𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟵.𝗡𝗲𝗲𝗱𝗹𝗲 𝗿𝗼𝗹𝗹𝗲𝗿 𝗯𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟭𝟬.𝗣𝗹𝗮𝗶𝗻 𝗯𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟭𝟭.𝗟𝗶𝗻𝗲𝗮𝗿 𝗯𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟭𝟮.𝗙𝗹𝘂𝗶𝗱 𝗯𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟭𝟯.𝗠𝗮𝗴𝗻𝗲𝘁𝗶𝗰 𝗯𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟭𝟰.𝗝𝗲𝘄𝗲𝗹 𝗯𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝟭𝟱.𝗙𝗹𝗲𝘅𝘂𝗿𝗲 𝗯𝗲𝗮𝗿𝗶𝗻𝗴 𝓦𝓻𝓲𝓽𝓽𝓮𝓷 𝓫𝔂 𝓗𝓲𝓰𝓱𝓡𝓮𝓼𝓲𝓼𝓽𝓛𝓚                                                       ²⁰²²/¹⁰/¹⁰