Piston Motion Basics

      එන්ජිම තුල ඇති දගරකද (crankshaft) , සම්භන්ධක දඩු (Connecting rods ) , piston pin ( මෙම කොටස wristpin or dudgeon pin ලෙසින් හඳුන්වනු ලබයි) සහ පිස්ටන් යන කොටස් එකට සම්බන්ධ කර ගනිමින් නිර්මාණය කර ගත් යන්ත්‍රණය crank mechanisms ලෙසින් හඳුන්වනු ලබයි. මෙම යන්ත්‍රණය තුල ඇති crankshaft සහ connecting rod එකලස මගින් පිස්ටන් එක වෙත පරස්පරතා චලිතයක් (reciprocating motion) ලබා දීම සිදු කරනු ලබයි. Crank mechanism තුල සිදු වන ඉහත සදහන් පරස්පරතා චලිතය මූලික කර ගනිමින් , දහන කුටීරය තුල ඉන්ධන වාත මිශ්‍රණයෙහි සිදු වන දහනය මගින් නිකුත් කරන ශක්තියෙන් කොටසක් ග්‍රහණය කර එම ශක්තිය වැඩ කිරීමේ හැකියාව ඇති ප්‍රයෝජනවත් භ්‍රමණ ශක්තිය බවට පරිවර්තනය කරනු ලබයි.




   දගරකදෙහි පොදු අක්ෂයට මධ්‍යස්තව පිහිටා ඇති සිලින්ඩරාකාර හැඩති main journals දෙකක් හෝ වැඩි ගණනක් සහ සලකනු ලබන පොදු අක්ෂයට ලම්භකව සමාන්තරගත ලෙසින් තරමක් පිටතින් පිහිටා ඇති සිලින්ඩරාකාර හැඩති crankpin (rod) journals එකක් හෝ කිහිපයක් දගරකද මත අඩංගු වේ. උදාහරණයක් ලෙස inline 4 cylinder එන්ජින් තුල අන්තර්ගත දගරකදෙහි main journals පහක් සහ rod journals හතරක් අඩංගු වේ.


Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry