Posts

Showing posts from December, 2022

Electromagnet

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗼𝗺𝗮𝗴𝗻𝗲𝘁?   ස්ථිතික විද්‍යුත් (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔) ක්‍රියාවලිය තුල දී විද්‍යුත් සන්නයනය නො කරන මාධ්‍යයක් තුල හෝ මතුපිට පෘෂ්ඨය මත ධන හා සෘන ලෙසින් ආරෝපිත ස්තර නිර්මාණය වී පවතින ආකාරයට සමාන ලෙසින් ස්ථිතික චුම්බක (𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒐-𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔) ක්‍රියාවලිය තුල දී උත්තර සහ දක්ෂිණ ලෙසින් හඳුන්වනු ලබන ධ්‍රැව නිර්මාණය වී පවතී. 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒔𝒕𝒂𝒕𝒊𝒄𝒔 මාද්‍ය තුල නිර්මාණය වී පවතින ධන හා සෘන ආරෝපණ මගින් ස්ථිතික විද්‍යුත් ක්ෂේත්‍රයන් නිර්මාණය වීම සිදු වන අතර එම විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණයෙන් ආරම්භ වී සෘන ආරෝපණයෙන් අවසන් වීම සිදු වේ. ඒ වගේම මෙම ධන සහ සෘන ආරෝපණ (𝒑𝒐𝒔𝒊𝒕𝒊𝒗𝒆 𝒂𝒏𝒅 𝒏𝒆𝒈𝒂𝒕𝒊𝒗𝒆 𝒄𝒉𝒂𝒓𝒈𝒆) විද්‍යුත් ක්ෂේත්‍ර බලයන්ට යන්ට යටත් නොවී වෙන වෙනම උවද පැවතිය හැකිය. නමුත් මෙම ලිපියෙන් කතා කරනු ලබන චුම්බක උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයන් සදහා වෙන වෙනම පැවතිය නො හැක. එනම් චුම්බක මත උත්තර ධ්‍රැවයක් නිර්මාණය වීමට නම් දක්ෂිණ ධ්‍රැවයක් පැවතීම අනිවාර්යයෙන් සිදු විය යුතු ය.    චුම්භක ධ්‍රැව මගින් නිර්මාණය වන චුම්බක ක

Automotive Wire

Image
  𝗨𝗻𝗱𝗲𝗿𝘀𝘁𝗮𝗻𝗱𝗶𝗻𝗴 𝗔𝘂𝘁𝗼𝗺𝗼𝘁𝗶𝘃𝗲 𝘄𝗶𝗿𝗶𝗻𝗴      විද්‍යුත් රැහැන් (𝒘𝒊𝒓𝒆) භාවිතා කරමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා යම් විභව අන්තරයක් යටතේ විද්‍යුත් ධාරා ප්‍රවාහයන් රැගෙන යාම සිදු කර ගත හැකි වේ. මේ නිසා විද්‍යුතය රැගෙන යා හැකි රැහැන් පද්ධතියක් (𝒘𝒊𝒓𝒊𝒏𝒈 𝒔𝒚𝒔𝒕𝒆𝒎) භාවිතා කරමින් මෝටර් රථය තුල අන්තර්ගත වැදගත් විද්‍යුත් පද්ධතීන් ක්‍රියාකර වීමට අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම සිදු කරයි. තඹ (𝑪𝒐𝒑𝒑𝒆𝒓) හෝ ඇළුමිනියම් (𝑨𝒍𝒖𝒎𝒊𝒏𝒊𝒖𝒎) යන විද්‍යුත් සන්නායක ලෝහ ද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කර ගත් 𝒘𝒊𝒓𝒆 මෝටර් රථ විදුලි පද්ධතිය සදහා වඩාත් සුලභව යොදා ගනු ලබයි. තඹ ලෝහය සතුව ඇළුමිනියම් ලෝහයට සාපේක්ෂව ඉහල විද්‍යුත් සන්නයක තාවයක් සහ ඉහල නම්‍යශීලී බවක් අඩංගු වේ. ඒ වගේම තඹ ලෝහය විඛාදන ක්‍රියාවලියට ඉහල ප්‍රතිරෝධී තාවයක් දක්වනු ලබයි. මෙම ගුණාංග සහ ලක්ෂණ හේතුවෙන් තඹ ලෝහය යොදා ගනිමින් නිර්මාණය කර ගත් 𝒘𝒊𝒓𝒆 මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සදහා වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි.      මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සදහා විවිධ හැඩයෙන් හා විවිධ

Volumetric efficiency of an internal combustion engine

Image
 𝗗𝗲𝗳𝗶𝗻𝗶𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝘃𝗼𝗹𝘂𝗺𝗲𝘁𝗿𝗶𝗰 𝗲𝗳𝗳𝗶𝗰𝗶𝗲𝗻𝗰𝘆     අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) , තාප එන්ජින් කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇත. දහනය සදහා සහභාගී වන පිස්ටන් සහිත සිලින්ඩරාකාර කොටස් සංඛයාව අනුව අභ්‍යන්තර දහන එන්ජිමක ධාරිතාව (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒂𝒑𝒂𝒄𝒊𝒕𝒚) තීරණය වේ. එක් සිලින්ඩර කොටසක් පමණක් යොදා ගනිමින් නිර්මාණය කර ගනු ලබන එන්ජින් "𝒐𝒏𝒆 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒆𝒏𝒈𝒊𝒏𝒆 " ලෙසින් හඳුන්වනු ලබයි. ඒ වගේම , සිලින්ඩර කොටස් කිහිපයක් ඒකාබද්ධ කර ගනිමින් නිර්මාණය කර ගනු ලබන එන්ජින් සමස්තයක් ලෙස "𝒎𝒖𝒍𝒕𝒕𝒚 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒆𝒏𝒈𝒊𝒏𝒆" කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇත.     මුලින් ම තනි සිලින්ඩර් එන්ජිමක එනම් "𝒐𝒏𝒆 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒆𝒏𝒈𝒊𝒏𝒆" හි ක්‍රියාකාරිත්වය දෙස බලමු. එන්ජින් ක්‍රියාකාරිත්වයේ දී , සිලින්ඩර් (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓) කොටස තුල චලනය විය හැකි ලෙසින් සම්බන්ධ කර ගත් පිස්ටන් (𝒑𝒊𝒔𝒕𝒐𝒏) කොටසක් අන්තර්ගත වේ. මෙම පිස්ටන් එක 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 එකක් යොදා ගනිමින් 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක හා සම්බන්ධ