Automotive Wire

 

𝗨𝗻𝗱𝗲𝗿𝘀𝘁𝗮𝗻𝗱𝗶𝗻𝗴 𝗔𝘂𝘁𝗼𝗺𝗼𝘁𝗶𝘃𝗲 𝘄𝗶𝗿𝗶𝗻𝗴


     විද්‍යුත් රැහැන් (𝒘𝒊𝒓𝒆) භාවිතා කරමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා යම් විභව අන්තරයක් යටතේ විද්‍යුත් ධාරා ප්‍රවාහයන් රැගෙන යාම සිදු කර ගත හැකි වේ. මේ නිසා විද්‍යුතය රැගෙන යා හැකි රැහැන් පද්ධතියක් (𝒘𝒊𝒓𝒊𝒏𝒈 𝒔𝒚𝒔𝒕𝒆𝒎) භාවිතා කරමින් මෝටර් රථය තුල අන්තර්ගත වැදගත් විද්‍යුත් පද්ධතීන් ක්‍රියාකර වීමට අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම සිදු කරයි. තඹ (𝑪𝒐𝒑𝒑𝒆𝒓) හෝ ඇළුමිනියම් (𝑨𝒍𝒖𝒎𝒊𝒏𝒊𝒖𝒎) යන විද්‍යුත් සන්නායක ලෝහ ද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කර ගත් 𝒘𝒊𝒓𝒆 මෝටර් රථ විදුලි පද්ධතිය සදහා වඩාත් සුලභව යොදා ගනු ලබයි. තඹ ලෝහය සතුව ඇළුමිනියම් ලෝහයට සාපේක්ෂව ඉහල විද්‍යුත් සන්නයක තාවයක් සහ ඉහල නම්‍යශීලී බවක් අඩංගු වේ. ඒ වගේම තඹ ලෝහය විඛාදන ක්‍රියාවලියට ඉහල ප්‍රතිරෝධී තාවයක් දක්වනු ලබයි. මෙම ගුණාංග සහ ලක්ෂණ හේතුවෙන් තඹ ලෝහය යොදා ගනිමින් නිර්මාණය කර ගත් 𝒘𝒊𝒓𝒆 මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සදහා වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි.  



   මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සදහා විවිධ හැඩයෙන් හා විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් 𝒘𝒊𝒓𝒆 යොදා ගැනීම සිදු කරයි. මෙලෙස යොදා ගනු ලබන සමහරක් 𝒘𝒊𝒓𝒆 මගින් විද්‍යුත් උපාංග ක්‍රියා කිරීමට අවශ්‍ය විද්‍යුත් බලය සැපයීමට සහ භූගත (𝒈𝒓𝒐𝒖𝒏𝒅) කිරීම සදහා යොදා ගනු ලබයි. අනිකුත් 𝒘𝒊𝒓𝒆 යොදා ගනිමින් 𝒑𝒐𝒘𝒆𝒓𝒕𝒓𝒂𝒊𝒏 𝒄𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝒎𝒐𝒅𝒖𝒍𝒆 (𝑷𝑪𝑴) ඇතුළු අනිකුත් පාලන ඒකක සදහා අවශ්‍ය කරනු ලබන 𝒅𝒊𝒈𝒊𝒕𝒂𝒍 / 𝒂𝒏𝒂𝒍𝒐𝒈 පරාසයන්ගේ පවතින විද්‍යුත් සංඥා රැගෙන යාම සිදු කරයි. ඒ වගේම අදාළ වයර් මත පවතින ගුණාංග සහ ලක්ෂණ අනුව අදාළ විද්‍යුත් උපාංග වෙත සම්ප්‍රේෂණය කිරීමට බලාපොරොත්තු වන වෝල්ටීයතාවය සහ ධාරා ප්‍රමාණය තීරණය වේ. මේ නිසා මෝටර් රථයේ අපේක්ෂිත කාර්‍යයන් සදහා ගැළපෙන වයර් තෝරා බේරා ගනිමින් යොදා ගැනීම අනිවාර්ය කටයුත්තක් ලෙස සදහන් කල යුතු ය.





𝗪𝗵𝗮𝘁 𝗮𝗿𝗲 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 𝗼𝗳 𝘃𝗲𝗵𝗶𝗰𝗹𝗲 𝘄𝗶𝗿𝗲𝘀?


    මෝටර් රථ විද්‍යුත් රැහැන් (𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑾𝒊𝒓𝒆) සතු දිග (𝒍𝒆𝒏𝒈𝒕𝒉) , අමුද්‍රව්‍ය (𝑴𝒂𝒕𝒆𝒓𝒊𝒂𝒍) , ප්‍රමාණය (𝑺𝒊𝒛𝒆) සහ වයරය අසුරා ගෙන ඇති ආකාරය (𝑩𝒖𝒏𝒅𝒍𝒊𝒏𝒈) අනුව එම 𝒘𝒊𝒓𝒆 මගින් රැගෙන යා හැකි විද්‍යුත් ධාරා ප්‍රමාණය තීරණය වේ. මේ නිසා 𝒘𝒊𝒓𝒆 භාවිතා කරනු ලබන ආකාරය සහ අවස්ථාව අනුව සුදුසු 𝒘𝒊𝒓𝒆 යොදා ගැනීම සිදු කර ගත යුතුය. ඒ වගේම 𝒘𝒊𝒓𝒆 නිපදවීම සදහා භාවිතා කරනු ලබන සිහින් කම්බි කෙදි මගින් ඉතාමත් සීමිත විද්‍යුත් ධාරා ප්‍රමාණයක් සන්නයනය කිරීම සිදු කරන බැවින් 𝒘𝒊𝒓𝒆 තුල අන්තර්ගත ඉහත ගුණාංග පිළිබදව සවිස්තරාත්මක ව දැන සිටීම ඉතාමත් වැදගත් වේ. වයරයක් මගින් වැඩි පුර විද්‍යුත් ධාරාවක් ලබා ගන්නේ නම් එය අධික ලෙසින් රත් වී විනාශ වීමේ ඉහල සම්භාවිතාවක් පවතී. මේ නිසා 𝒘𝒊𝒓𝒆 වල අන්තර්ගත ගුණාංග තීරණය කිරීමේ ප්‍රධාන සාධක පහත පරිදි විස්තර කල හැකිය. ඒවා නම්; 




☑️ 𝐋𝐞𝐧𝐠𝐭𝐡


   වයරයක දිග ප්‍රමාණය මත එම වයරයෙහි සමස්ත විදුලි පරිභෝජනය සමග සෘජු සම්භන්ධතාවයක් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙසින් යොදා ගනු ලබන 𝒘𝒊𝒓𝒆 එකෙහි දිග ප්‍රමාණය වැඩි වන තරමට ඊට සාපේක්ෂ ලෙසින් එම 𝒘𝒊𝒓𝒆 එකෙහි වැඩි ප්‍රතිරෝධකයක් අන්තර් ගත වේ. මේ හේතුව මත වයර් එකෙහි දිග ප්‍රමාණය වැඩි වන තරමට එම 𝒘𝒊𝒓𝒆 එක මගින් වැඩි විද්‍යුත් ශක්ති ප්‍රමාණයක් අහිමි වීම සිදු වේ. 




☑️ 𝐁𝐮𝐧𝐝𝐥𝐢𝐧𝐠


  𝑾𝒊𝒓𝒆 වල නම්‍යශීලී බව හා ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් යුතුව වයර් නිපදවීමේ දී කම්බි කෙදි කිහිපයක් හෝ විශාල ප්‍රමාණයක් යොදා ගැනීම සිදු කර ගනී. මේ නිසා වයර් එක තුල අන්තර්ගත කම්බි කෙදි පිළිවලට තබා ගනිමින් දඟර ආකාරයට අසුරා ගැනීම සිදු කර ගනී. කෙසේ වෙතත් වයරයක් ඇසුරුම් කර ඇති ආකාරය අනුව එම වයරය මගින් සම්ප්‍රේෂණය කරනු ලබන ධාරාවට සාපේක්ෂව විසුරුවා හරිනු ලබන තාපය ප්‍රමාණය තීරණය වේ. ඒ වගේම වයර් එකිනෙක වෙන් කර තබා ගැනීම සදහා විද්‍යුත පරිවාරක ද්‍රව්‍යයක් යොදා ගනිමින් කම්බි කෙදි හොදින් ආවරණය කිරීම සිදු කරනු ලබයි.





☑️ 𝐌𝐚𝐭𝐞𝐫𝐢𝐚𝐥


    මෝටර් රථ සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් රැහැන් (𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑾𝒊𝒓𝒆) නිපදවා ගැනීම සදහා තඹ (𝒄𝒐𝒑𝒑𝒆𝒓) සහ ඇලුමිනියම් (𝒂𝒍𝒖𝒎𝒊𝒏𝒊𝒖𝒎) යන විද්‍යුත් සන්නායක ද්‍රව්‍යයන් බහුල ලෙසින් භාවිතා කරනු ලබයි. තඹ ලෝහය ඇලුමිනියම් ලෝහයට සාපේක්ෂව අවම විඛාදනතාවයක් දක්වන අතර විද්‍යුත් සන්නායකතාවය හා නම්‍යශීලී බව ඉහල මට්ටමක පවතී. ඒ වගේම තඹ ලෝහය බරින් හා මිලෙන් අධික වේ. තඹ ලෝහයට සාපේක්ෂව ඇලුමිනියම් ලෝහය ඉතාමත් සැහැල්ලු වන අතර මිලෙනුත් ඉතාමත් ලාභදායි මට්ටමක පවතී. නමුත් කාලයත් සමගම ඇලුමිනියම් භාවිතා කරමින් නිපදවනු ලබන විද්‍යුත් රැහැන් මත ඇති වන විඛාදන ක්‍රියාවලිය මගින් විද්‍යුත් ප්‍රතිරෝධය වර්ධනය වීමේ හැකියාවක් පවතී. මේ නිසා මෝටර් රථ නිෂ්පාදකයින් තම නිෂ්පාදන වල ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීම සදහා තඹ ලෝහය යොදා ගනිමින් නිපදවූ 𝒘𝒊𝒓𝒆 භාවිතා කරනු ලබයි.




☑️ 𝐒𝐢𝐳𝐞


   මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සදහා විවිධ ප්‍රමාණයන්ගෙන් (𝒔𝒊𝒛𝒆) යුත් විද්‍යුත් රැහැන් (𝒘𝒊𝒓𝒆) භාවිතා කරනු ලබයි. මේ නිසා 𝒘𝒊𝒓𝒆 වල ප්‍රමාණයන් සදහන් කිරීම සදහා මිනුම් (𝒈𝒂𝒖𝒈𝒆) වර්ග කිහිපයක් ම භාවිතා කිරීම සිදු කරයි. මේ සදහා බොහෝ විට 𝒘𝒊𝒓𝒆 එකෙහි හරස්කඩ විශ්කම්භය පාදක කර ගනිමින් අදාළ මිනුම් (𝒈𝒂𝒖𝒈𝒆) සකස් කර ගැනීම සිදු කරයි. මේ නිසා 𝒘𝒊𝒓𝒆 වලට අදාළ මිනුම් මගින් ඒවායේ ප්‍රමාණයන් තීරණය කරගත හැකි වේ. මේ නිසා 𝒘𝒊𝒓𝒆 එකෙහි ප්‍රමාණය (𝑺𝒊𝒛𝒆) මත එසේත් නැතිනම් 𝒈𝒂𝒖𝒈𝒆 එක මත අදාළ 𝒘𝒊𝒓𝒆 කොටස භාවිතා කර ගනිමින් ආරක්ෂිතව ගෙන යා හැකි විද්‍යුත් ධාරාව හා එය තුල අන්තර්ගත ප්‍රතිරෝධීතාවය තීරණය වේ. විශාල විද්‍යුත් රැහැන් (𝒘𝒊𝒓𝒆) තුල වැඩි සන්නායකතා ද්‍රව්‍ය ප්‍රමාණයක් අන්තර්ගත බැවින් අඩු ප්‍රතිරෝධකතාවයක් යටතේ විද්‍යුතය සන්නයනය කර ගැනීමට හැකි වේ. මෙයට හේතුව වශයෙන් වයර් තුල අඩංගු වන විද්‍යුත් ප්‍රතිරෝධයේ ප්‍රමාණය එහි හරස්කඩ ඝනකම් ප්‍රමාණයට වක්‍රා කාර ලෙසින් සම්බන්ධ තාවයක් දැක්වීම පෙන්වා දිය හැකි වේ.


𝗪𝗵𝗮𝘁 𝗮𝗿𝗲 𝘁𝗵𝗲 𝘁𝘆𝗽𝗲𝘀 𝗼𝗳 𝘄𝗶𝗿𝗲𝘀 𝘂𝘀𝗲𝗱 𝗶𝗻 𝘃𝗲𝗵𝗶𝗰𝗹𝗲𝘀?

    විද්‍යුත් රැහැන් (𝒘𝒊𝒓𝒆) විවිධ හැඩයෙන් සහ ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරන අතර ඒවා වාහන වල විවිධ යෙදුම් වලට අවශ්‍ය විද්‍යුත් ධාරාව සැපයීම සදහා යොදා ගනු ලබයි. විද්‍යුත් උපාංග සදහා අවශ්‍ය විද්‍යුත් ධාරා ප්‍රමාණය අනුව සුදුසු 𝒘𝒊𝒓𝒆 තෝරා ගනිමින් යොදා ගැනීම ඉතා වදගත් වේ. කුමන හෝ හේතුවක් මත වැරදි 𝒘𝒊𝒓𝒆 එකක් භාවිතා කිරීමෙන් අසාර්ථක වීමට සහ ගිනි ගැනීමට හේතු විය හැකිය. මෝටර් රථ සඳහා බහුලව භාවිතා කරනු ලබන 𝒘𝒊𝒓𝒆 වර්ග පහත පරිදි වේ. 

📌️ 𝐆𝐏𝐓 𝐨𝐫 𝐏𝐫𝐢𝐦𝐚𝐫𝐲 𝐖𝐢𝐫𝐞

📌️ 𝐌𝐨𝐭𝐨𝐫 𝐂𝐨𝐢𝐥 𝐖𝐢𝐫𝐞

📌️ 𝐂𝐫𝐨𝐬𝐬-𝐥𝐢𝐧𝐤 𝐖𝐢𝐫𝐞

      ☑️𝐓𝐗𝐋 𝐭𝐲𝐩𝐞 𝐖𝐢𝐫𝐞

      ☑️𝐆𝐗𝐋 𝐭𝐲𝐩𝐞 𝐖𝐢𝐫𝐞

      ☑️𝐒𝐗𝐋 𝐭𝐲𝐩𝐞 𝐖𝐢𝐫𝐞

📌️ 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲 𝐂𝐚𝐛𝐥𝐞

📌️ 𝐒𝐩𝐞𝐚𝐤𝐞𝐫 𝐖𝐢𝐫𝐞

📌️ 𝐓𝐫𝐚𝐢𝐥𝐞𝐫 𝐖𝐢𝐫𝐞


𝗚𝗣𝗧 𝗼𝗿 𝗽𝗿𝗶𝗺𝗮𝗿𝘆 𝘄𝗶𝗿𝗲

     𝑮𝑷𝑻 𝒘𝒊𝒓𝒆 යනු මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සඳහා මූලික මට්ටමින් භාවිතා කරනු ලබන අඩු වෝල්ටීයතා විද්‍යුත් රැහැන් වර්ගයකි. මේ නිසා මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සඳහා වඩාත් බහුල වශයෙන් මෙම 𝑮𝑷𝑻 වර්ගයේ විද්‍යුත් රැහැන් වර්ගය යොදා ගනු ලබයි. මෙම වර්ගයේ විද්‍යුත් රැහැන් තුල පවතින තඹ කම්බි වල ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් සහ පරිවාරක ක්‍රියාවලිය සහතික කිරීමේ අරමුණින් යොදා ඇති 𝑷𝑽𝑪 ආවරණය (𝑷𝒐𝒍𝒚𝒗𝒊𝒏𝒚𝒍 𝒄𝒉𝒍𝒐𝒓𝒊𝒅𝒆 𝒊𝒏𝒔𝒖𝒍𝒂𝒕𝒐𝒓) සඳහා සාමාන්‍ය තාප ප්ලාස්ටික් අන්තර්ගත කර ගනිමින් නිර්මාණය කර පවතී. මෙලෙස සාමාන්‍ය තාප ප්ලාස්ටික් වචන එකතුවෙහි ඉංග්‍රීසි තේරුම වන “𝑮𝒆𝒏𝒆𝒓𝒂𝒍 𝑷𝒖𝒓𝒑𝒐𝒔𝒆 𝑻𝒉𝒆𝒓𝒎𝒐𝒑𝒍𝒂𝒔𝒕𝒊𝒄” වචන එකතුවෙන් බිදී කෙටි කර ගනිමින් මෙම වර්ගයේ විද්‍යුත් රැහැන් 𝑮𝑷𝑻 𝒘𝒊𝒓𝒆 ලෙසින් නම් කර ගෙන පවතී. පරිවාරක කබාය සඳහා යොදා ඇති 𝑷𝑽𝑪 ආවරණ කොටස විශේෂිත උපකරණයක් භාවිතා කරමින් හිස් තඹ කම්බි මත ඒ වටා තැම්පත් කර ගෙන පවතී. මෙලෙසින් තඹ කම්බි වටා තැම්පත් කර ඇති ආවරණ කබාය 𝟔𝟎𝐕 වෝල්ටීයතාවයකට සහ -𝟒𝟓°𝐂 සිට +𝟖𝟓°𝐂 දක්වා උෂ්ණත්ව පරාසයකට පිළිගත හැකි ආකාරයෙන් ඔරොත්තු දෙන පරිවරණයක් ලෙසින් ක්‍රියා කරනු ලබයි. 

   𝑪𝒓𝒐𝒔𝒔-𝒍𝒊𝒏𝒌 වර්ගයේ විද්‍යුත් රැහැන් වලට සාපේක්ෂව 𝑮𝑷𝑻 වර්ගයේ විද්‍යුත් රැහැන් මිලෙන් අඩු වේ. 𝑮𝑷𝑻 𝒘𝒊𝒓𝒆 සාමාන්‍යයෙන් මෝටර් රථ වල 𝒖𝒏𝒅𝒆𝒓-𝒕𝒉𝒆-𝒉𝒐𝒐𝒅 හෝ 𝒊𝒏-𝒕𝒉𝒆-𝒄𝒂𝒃𝒊𝒏 තුල අන්තර්ගත විද්‍යුත් උපාංග යෙදුම් සඳහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් ධාරාව සැපයීමට භාවිතා කරනු ලබනු බව දක්නට ලැබේ. නමුත් 𝑮𝑷𝑻 වර්ගයේ විද්‍යුත් රැහැන් තාපයට සහ දියරමය ද්‍රව යන්ට දක්වනු ලබන අවම ප්‍රතිරෝධී තාවය හේතුවෙන් එන්ජිම අසල හෝ එලිමහන් ස්ථාන වල දියරමය මූලද්‍රවයන්ට නිරාවරණය වන ස්ථාන වල භාවිතා කිරීම ප්‍රායෝගිකව එතරම් සුදුසු නොවේ. 



Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry