Starting System
𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝘁𝗵𝗲 𝘀𝘁𝗮𝗿𝘁𝗶𝗻𝗴 𝘀𝘆𝘀𝘁𝗲𝗺? මෝටර් රථ ක්ෂේත්‍රයට අදාළ ව භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) වලට තනි වම ආරම්භක භ්‍රමණ චලනය ලබා ගනිමින් ක්‍රියාත්මක විය නො හැක. මේ නිසා එන්ජිමක මූලික මට්ටමේ පණගන්වා ගැනීම සිදු කර ගැනීමට අවශ්‍ය අවම 𝑹𝑷𝑴 අගය පරාසය ලබා ගැනීම සදහා විද්‍යුත් මෝටරයක් භාවිතා කරනු ලබයි. මෙමගින් එන්ජිම සතු දගරකද (𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕) අවශ්‍ය ප්‍රමාණයේ වේගයක් සහිතව භ්‍රමණය කර ගැනීම සිදු කරයි. එවිට එන්ජින් සිලින්ඩර් තුලට ඉන්ධන වාත මිශ්‍රණය හොදින් අවශෝෂණය කර සම්පීඩන ක්‍රියාවලියට ලක් කර ගනිමින් සාර්ථක දහන ක්‍රියාවලියට අවශ්‍ය වටපිටාව එන්ජිම තුල පිහිටා ඇති සිලින්ඩර් තුල නිර්මාණය වීම සිදු වේ. එවිට එන්ජිමට තනිවම එහි බලය යටතේ ක්‍රියාත්මක විය හැකිය. එන්ජිමට අවශ්‍ය මූලික මට්ටමේ භ්‍රමණ චලිතය සැපයීම සිදු කර ගැනීම සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් මෝටරය මෝටර් රථ ක්ෂේත්‍රයේ දී , පණගැන්වුම් මෝටරය (𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓) නමින් හඳුන්වනු ලබයි. 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 උපාංගය ක්‍රියාත්මක කරවා ගැනීම ස...