Electric Current
Definition of Electric Current:
විද්‍යුත් සන්නයක මාධ්‍යයක් තුල හෝ නිදහස් අවකාශය ක් තුල ආරෝපිත අංශු ප්‍රවාහයක් ගලා යාම විද්‍යුත් ධාරාව ලෙසින් හඳුන්වනු ලබයි. ආරෝපිත අංශු සෘන ආරෝපිත (𝒆𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏) හෝ ධන ආරෝපිත (𝑷𝒓𝒐𝒕𝒐𝒏) විය හැකිය. එනම් විද්‍යුත් සන්නයක මාධ්‍යයක් තුල කාලයට සාපේක්ෂව ගලා යනු ලබන විද්‍යුත් ආරෝපිත අංශු ප්‍රමාණයේ අනුපාතය , විද්‍යුත් ධාරාව ලෙසින් අර්ථ දැක්වේ.
අපිට මේ දෙස එක එල්ලේ නොබලා ඒ වෙනුවට පීඩන වෙනසක් මත ජලය ගමන් කරනු ලබන නලයක් දෙස බලමු. මෙලෙස පීඩන වෙනස නිසා ජලය රැගෙන යනු ලබන නලය තුල අඛණ්ඩව ජල අණු ධාරා ප්‍රවාහයක් ඇති වේ. මීට සමාන ආකාරයට ම කිසියම් විභව අන්තරයක් යටතේ සන්නායක මාධ්‍යයක් තුලද විද්‍යුත් ආරෝපණ අංශූන්ගේ අඛණ්ඩ ප්‍රවාහයක් නිර්මාණය වීම සිදු වේ. මෙලෙස නිශ්චිත කාලයක් තුලදී, සන්නායක මාධ්‍යය තුල සලකනු ලබන කිසියම් ලක්ෂ්‍යයක් තුලින් ගලා යනු ලබන විද්‍යුත් ආරෝපණ අංශූන් ගේ ප්‍රමාණය "විද්‍යුත් ධාරාව" (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 ) ලෙසින් හඳුන්වයි.
විද්‍යුත් ධාරාව ජාත්‍යන්තර ඒකක පද්ධතියේ ඇති මූලික මිනුම් (𝑺𝑰 𝒖𝒏𝒊𝒕) ඒකක හතෙන් එකක් ලෙස නම් කර ගෙන පවතී. එය ඉංග්‍රීසි හෝඩියේ "𝑰" අක්ෂරය භාවිතා කරමින් සංකේතවත් කරයි.
“ කිසියම් විභව අන්තරයක් යටතේ ඇති සන්නායක මාද්යක් තුල ඇති සලකනු ලබන ලක්ෂ්‍යක් තුලින් ගලා යනු ලබන විද්‍යුත් ආරෝපිත අංශූන්ගේ වේගය විද්‍යුත් ධාරාව (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) ලෙසින් අර්ථ දක්වා ඇත.”
අපිට මේ දෙස එක එල්ලේ නොබලා ඒ වෙනුවට පීඩන වෙනසක් මත ජලය ගමන් කරනු ලබන නලයක් දෙස බලමු. මෙලෙස පීඩන වෙනස නිසා ජලය රැගෙන යනු ලබන නලය තුල අඛණ්ඩව ජල අණු ධාරා ප්‍රවාහයක් ඇති වේ. මීට සමාන ආකාරයට ම කිසියම් විභව අන්තරයක් යටතේ සන්නායක මාධ්‍යයක් තුලද විද්‍යුත් ආරෝපණ අංශූන්ගේ අඛණ්ඩ ප්‍රවාහයක් නිර්මාණය වීම සිදු වේ. මෙලෙස නිශ්චිත කාලයක් තුලදී, සන්නායක මාධ්‍යය තුල සලකනු ලබන කිසියම් ලක්ෂ්‍යයක් තුලින් ගලා යනු ලබන විද්‍යුත් ආරෝපණ අංශූන් ගේ ප්‍රමාණය "විද්‍යුත් ධාරාව" (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 ) ලෙසින් හඳුන්වයි.
විද්‍යුත් ධාරාව ජාත්‍යන්තර ඒකක පද්ධතියේ ඇති මූලික මිනුම් (𝑺𝑰 𝒖𝒏𝒊𝒕) ඒකක හතෙන් එකක් ලෙස නම් කර ගෙන පවතී. එය ඉංග්‍රීසි හෝඩියේ "𝑰" අක්ෂරය භාවිතා කරමින් සංකේතවත් කරයි.
" I " හෝ " i " සංකේත භාවිතා කරමින් ගණිතමය වශයෙන් විද්‍යුත් ධාරාව ප්‍රකාශ කරනු ලබයි. විද්‍යුත් ධාරාව මැනීමේ සම්මත ඒකකය Ampere ලෙසින් හදුන්වනු ලබයි. එය amp ලෙසින්ද කෙටි කර දැක්විය හැකිය. Ampere හි SI සම්මත සංකේතය ලෙස කැපිටල් " A " මගින් සංකේතවත් කරනු ලබයි.
ගණිතමය වශයෙන් , කාලයට සාපේක්ෂ ව ගලා යනු ලබන ආරෝපණ ප්‍රමාණය පහත පරිදි ප්‍රකාශ කරුනු ලබයි:
Electric Current = Coulombs/second
Unit of electric current
විද්‍යුත් ධාරාවේ විශාලත්වය , තත්පරයට කූලෝම් වලින් මැනීම සිදු කරගනු ලබයි. විද්‍යුත් ධාරාවේ SI ඒකකය Ampere මගින් නිරූපනය වන අතර එය amp ලෙසින් ද කෙටි කර දැක්විය හැකිය. Ampere ඒකකය සංකේතාත්මක ව ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් " A " අකුර මගින් නිරූපනය කරනු ලබයි. ඇම්පියර් එකක් යනු , විද්‍යුත් ආරෝපණ ක්ෂේත්රයක් තුල ඇති කිසියම් ලක්ෂ්‍ය ක් තුලින් ගලා යනු ලබන කූලෝම් එකක් තුල ඇති විද්‍යුත් ආරෝපණ (Electric Charge) ප්‍රමාණය ලෙසින් අර්ථ දැක්වේ. එනම් විද්‍යුත් ආරෝපණ ක්ෂේත්රයක් තුල පවතින කිසියම් ලක්ෂ්‍ය ක් හරහා තත්පරයක් තුල දී තරම් ඉලෙක්ට්‍රොන ප්‍රමාණය ක් ගලා යන්නේ නම් එම ලක්ෂ්‍ය හරහා ගලා යනු ලබන විද්‍යුත් ධාරා ප්‍රමාණය Ampere එකක් ලෙසින් හැදින් වේ.
විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ආශ්‍රිතව සිදු කරනු ලබන විද්‍යුත් ධාරා මැනීම් කටයුතු සහ ගණනය කිරීම් සදහා ඇම්පියර් ඒකකයේ උප ගුණාකාරකයන් වන milli amp (0.001A) , micro amp (A) සහ nano amp () බහුල වශයෙන් භාවිතා කරනු ලබයි.
Different between AC and DC
විද්‍යුත් ආරෝපණ ප්රවාහයේ ගලා යාමේ රටාව මත ප්‍රත්‍යාවර්ත ධාරාවක් (AC) ලෙසින් හෝ සෘජු ධාරාවක් (DC) ලෙසින් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කර ගැනීම සිදු කර ගනු ලබයි. ප්‍රත්‍යාවර්ත ධාරා අවස්ථාවක දී ධාරා දිශාව ඉදිරි පසට සහ පසු පසට ලෙසින් දිශා මාරු වෙමින් ගමන් කිරීම සිදු වේ. නමුත් සෘජු ධාරා අවස්ථාවක දී ධාරා දිශාව ස්ථාවර ලෙසින් තනි දිශාවකට ගලා යාම සිදු වේ.
What is an Alternating Current(AC)
ප්‍රත්‍යාවර්ත ධාරා අවස්ථාවන්හිදී ගලා යනු ලබන විද්‍යුත් ආරෝපණ ප්‍රවාහය , එහි දිශාව කාලානුරූපී ව වෙනස් කර ගනිමින් ගලා යාම සිදු වේ. AC යනු ගෘහ උපකරණ ,කාර්යාල , ගොඩනැගිලි සහ කර්මාන්තශාලා සදහා බහුල වම භාවිතා කරනු ලබන විද්‍යුත් ධාරා වර්ගය යි. එය ප්‍රථම වරට මයිකල් ෆැරඩේගේ මූලධර්ම මත පදනම්ව වර්ෂ 1832 දී Dynamo electric generator භාවිතා කරමින් සාර්ථක ලෙස පරීක්ෂණ සිදු කරන ලදි.
සයින් තරංග ලෙසින් හැදින්වෙන තරංග ආකාරයන් මගින් ප්‍රස්තාර රූපී ව , ප්‍රත්‍යාවර්ත ධාරාව නිරූපනය සිදු කරනු ලබයි. මෙලෙස නිරූපනය කර ගනු ලබන ප්‍රස්තාර වල ඇති වක්‍ර රේඛා මගින් ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රවාහය තුල තප්පරයකදී ගලා යනු ලබන විද්‍යුත් ආරෝපණ ප්රවාහයේ විශාලත්වය සහ දිශාව නිරූපනය වේ. ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රවාහය තුල තප්පරයකදී ඇති වන තරංග ප්‍රමාණය Hertz (Hz) ඒකකය භාවිතා කරමින් මැන ගැනීම සිදු කරයි.
What is a Direct Current(DC)
ප්‍රත්‍යාවර්ත ධාරාව මෙන් නොව , සෘජු ධාරාවන්හි විද්‍යුත් ආරෝපණ ප්‍රවාහය කාලානුරූපීව වෙනස් නොවී ස්ථාවර වෝල්ටීයතාවයකින් යුක්ත ව එක් දිශාවකට පමණක් ගලා යාම සිදු වේ. DC හි ප්‍රධාන භාවිතය වන්නේ විදුලි උපාංග තුල ඇති විද්‍යුත් පරිපථ සදහා විදුලිය සැපයීම සහ බැටරි ආරෝපණය කිරීමයි. උදාහරණ ලෙස ජංගම දුරකථන බැටරි, ෆ්ලෑෂ් ලයිට්, පැතලි තිර සහිත රූපවාහිනී සහ electric vehicle දැක්විය හැකිය.
Convention currant and electron current
විද්‍යුත් ආරෝපණ වල සිදු වන චලනය එහෙමත් නැතිනම් ආරෝපණ වල සිදු වන ගලා යාම විද්‍යුත් ධාරාව වශයෙන් සරල වම අර්ථ දැක්වීම සිදු කර ඇත. මෙලෙස සංසරණය වන විද්‍යුත් ආරෝපණ වාහක තුල ප්‍රධාන වශයෙන් ධන හෝ සෘන වශයෙන් ධ්‍රැවීයතාවයක් අන්තර්ගත වේ. මෙම ධන ආරෝපිත අංශු සහ සෘන ආරෝපිත අංශූන් චලනය වන දිශාව අනුව විද්‍යුත් ධාරා ප්‍රවාහය ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ නම් කිරීම සිදු කර ඇත.
Electron Current Flow
සන්නායක මාධ්‍යයක් තුල දී සෘන ආරෝපිත වාහක ලෙසින් හඳුන්වනු ලබන ඉලෙක්ට්‍රෝන මගින් සිදු වන චලනය ඉලෙක්ට්‍රෝන ධාරා ප්‍රවාහයක් ලෙසින් හැදින් වේ. ඉලෙක්ට්‍රෝන ධාරාවේ දිශාව බැටරියක සෘන අග්‍රයේ සිට බාහිර පරිපථයක් වෙත සහ බැටරි කෝශයක හෝ බාහිර විද්‍යුත් ප්‍රභවයක ධන අග්‍රය දක්වා වේ. එයට හේතුව ලෙසින් ඉලෙක්ට්‍රෝන සෘන ආරෝපණය වී පැවතීම නිසා එම ආරෝපණ අතර එකිනෙක විකර්ශන බල ඇති වීම සිදු වන අතර ප්‍රතිවිරුද්ධ ලෙසින් ආරෝපිත ආරෝපණ මත ආකර්ශන බල ඇති වීම සිදු වේ.
Conventional current flow
සාම්ප්‍රදායික විද්‍යුත් ධාරා ප්රවාහයන් තුල දී , සන්නායක තුළින් ධන ආරෝපිත අංශූන් චලනය වීම මගින් ධාරා ප්‍රවාහය වීම සිදු වේ. සාම්ප්‍රදායික ධාරාවේ දිශාව , ධන අග්‍රයේ සිට බැටරියක හෝ විද්‍යුත් ප්‍රභවයක සෘන අග්‍රය දක්වා වේ. නැතහොත් සම්ප්‍රදායික විද්‍යුත් ධාරා ප්‍රවාහය වැඩි විභවයේ සිට අඩු විභවය දක්වා ගමන් කිරීම සිදු වන බව අර්ථ දක්වා ඇත.
Comments
Post a Comment