𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗶𝗰 𝗖𝗵𝗮𝗿𝗴𝗲 ?
ප්රදාර්තයන්හි හෝ මූලද්‍රව්‍යයන්හි මූලික තැනුම් ඒකකය ලෙසින් පරමාණු (𝑨𝒕𝒐𝒎) පෙන්වා දිය හැකි ය. මෙම පරමාණු පරමානු අතර බන්ධන සාදා ගෙන එකතු වීමෙන් පරමාණුක අණු හෝ දැලිසි නිර්මාණය වීම සිදු වේ. ස්වාභාවිකවම , පරමාණු නිර්මාණය වීම සදහා උප පරමාණුක අංශූන් එසේත් නැතිනම් මූලික මූලද්‍රව්‍ය තුනක් අඩංගු වීම මගින් සිදු වේ. ඒවා නම් ;
• සෘන ආරෝපණය දරනු ලබන ඉලෙක්ට්‍රෝන (𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐧)
• ධන ආරෝපණය දරනු ලබන ප්‍රෝටෝන (𝐏𝐫𝐨𝐭𝐨𝐧)
• ආරෝපිත අංශූන් අඩංගු නොවන නියුට්‍රෝන (𝐍𝐞𝐮𝐭𝐫𝐨𝐧)
සාමාන්‍යයෙන් , පරමාණු තුල ශුන්‍යයට සමාන වන ශුද්ධ විද්‍යුත් ආරෝපණයක් අන්තර්ගත වේ. මෙය වෙනස් ක්‍රමයකින් පැවසුවහොත් , පරමාණු තුල ස්වාභාවිකව 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏 සහ 𝑷𝒓𝒐𝒕𝒐𝒏 සමාන සංඛ්‍යාවන්ගෙන් පවතින බැවින් පරමාණු විද්‍යුත් වශයෙන් උදාසීන තත්වයේ පවතී. මෙය පරමාණු තුල පැවතිය හැකි අවම ශක්ති මට්ටමයි. එනම් උදාසීන තත්වයේ පවතිනු ලබන පරමාණු භූමි තත්වය යටතේ පවතින බව භෞතික විද්‍යාත්මක ව අර්ථ දක්වා හෙන ඇත.
පරමාණු තුලට 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏 ලබා ගැනීමෙන් හෝ පරමාණු තුලින් 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏 ඉවත් කිරීම මගින් , එම පරමාණු තුල ආරෝපණ තත්වයන් වෙනස් කර ගත හැකිය. එනම්;
• පරමාණුවක් මගින් බාහිර ඉලෙක්ට්‍රෝණයක් ලබා ගත් විට එම පරමාණුව සෘන ආරෝපිත වේ. " සෘණ ආරෝපිත පරමාණු සෘණ අයන (𝐍𝐞𝐠𝐚𝐭𝐢𝐯𝐞-𝐈𝐨𝐧) ලෙසින් හඳුන්වනු ලබයි."
• පරමාණුවක් මගින් බාහිරට ඉලෙක්ට්‍රෝණයක් නිදහස් කල විට එම පරමාණුව ධන ආරෝපිත වේ. " ධන ආරෝපිත පරමාණු ධන අයන (𝐏𝐨𝐬𝐢𝐭𝐢𝐯𝐞-𝐈𝐨𝐧) ලෙසින් හඳුන්වනු ලබයි."
“විද්‍යුත් ආරෝපණ යනු උප පරමාණු ක අංශු වල පවතින සුවිශේෂී ගුණාංගයකි. ඒවා විද්‍යුත් ක්ෂේත්රයක(𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑭𝒊𝒆𝒍𝒅) හෝ චුම්බක ක්ෂේත්රයක(𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝑭𝒊𝒆𝒍𝒅) තැබූ විට , ඒවාට ආවේණික වූ ශක්තීන්(𝑬𝒏𝒆𝒓𝒈𝒚) ගැබ් වීම සිදු වේ.”
විද්‍යුත් ආරෝපණ වාහක(𝑪𝒉𝒂𝒓𝒈𝒆 𝑪𝒂𝒓𝒓𝒊𝒆𝒓𝒔) වර්ග 2ක් පවතී:
• ධන ආරෝපණ(𝐏𝐨𝐬𝐢𝐭𝐢𝐯𝐞 𝐂𝐡𝐚𝐫𝐠𝐞)
• සෘන ආරෝපණ(𝐍𝐞𝐠𝐚𝐭𝐢𝐯𝐞 𝐂𝐡𝐚𝐫𝐠𝐞)
සාමාන්‍යයෙන් ආරෝපණ වාහක(𝑪𝒉𝒂𝒓𝒈𝒆 𝑪𝒂𝒓𝒓𝒊𝒆𝒓𝒔) ප්‍රෝටෝන(𝑷𝒓𝒐𝒕𝒐𝒏) සහ ඉලෙක්ට්‍රෝන(𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏) මගින් රැගෙන යාම සිදු කරනු ලබයි.
ආරෝපණ සදහා උදාහරණ ලෙස උප පරමාණු තුල පවතින අංශු හෝ ප්රදාර්තයන් තුල පවතින අංශු දැක්විය හැකිය.
• ප්‍රෝටෝන(𝐏𝐫𝐨𝐭𝐨𝐧) ධන ආරෝපිත වේ.
𝑷𝒓𝒐𝒕𝒐𝒏 𝑪𝒉𝒂𝒓𝒈𝒆 𝒆 = 𝟏.𝟔𝟎𝟐*𝟏𝟎(-𝟏𝟗) 𝐂𝐨𝐮𝐥𝐨𝐦𝐛𝐬
• ඉලෙක්ට්‍රෝන(𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐧) සෘන ආරෝපිත වේ.
𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏 𝑪𝒉𝒂𝒓𝒈𝒆 -𝒆 = 𝟏.𝟔𝟎𝟐*𝟏𝟎(-𝟏𝟗) 𝐂𝐨𝐮𝐥𝐨𝐦𝐛𝐬
• නියුට්‍රෝන(𝐍𝐞𝐮𝐭𝐫𝐨𝐧) වල ආරෝපණය ශුන්‍යය වේ.
Measuring Electric Charge
Coulomb යනු විද්‍යුත් ආරෝපණ මැනීම සදහා භාවිතා කරනු ලබන SI ඒකකය වේ.
" One Coulomb කූලෝම් එකක් යනු තත්පරයක් තුල දී රැගෙන යනු ලබන ආරෝපණ ප්‍රමාණයයි. "
ගණිතමය වශයෙන් Coulomb පහත පරිදි නිර්වචනය කර ඇත.
ඉහත සමීකරණයට අනුව:
Q:- විද්‍යුත් ආරෝපණ ප්‍රමාණ(Electrical charge quantities)
I:-විද්‍යුත් ධාරාව(Electric current)
t:-කාලය(Time)
විද්‍යුත් ආරෝපණ ප්රවාහයේ වේගය විද්‍යුත් ධාරාව(Electric current) ලෙසින් හඳුන්නු ලබන අතර , එය SI ඒකකය වන ඇම්පියර්(Amper "A") වලින් මනිනු ලැබේ.
Comments
Post a Comment