Posts

Showing posts from July, 2022

Type of Resistors

Image
   ප්‍රතිරෝධක (Resistor) මූලික වශයෙන් ප්‍රමාණාත්මක ප්‍රතිරෝධී අගය , බාහිර හැඩය සහ නිපදවීම සදහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය අනුව වර්ගීකරණය කිරීම සිදු කර ඇත. අද වන විට ගෝලීය වශයෙන් භාවිතයේ පවතින ප්‍රතිරෝධක වර්ග වල පවතින වාසි සහ අවාසි මෙන්ම ඒවායේ යෙදුම් පිළිබදව මෙම ලිපිය මගින් දැනුමක් ලබා ගනිමු. ප්‍රතිරෝධක මූලික වශයෙන් වර්ග දෙකක් යටතේ වර්ගීකරණය කර පවතී. • Liner resistors • Non liner resistors Liner resistors     යොදනු ලබන වෝල්ටීයතාවය (Voltage) සහ උෂ්ණත්වය (Temperature) මත ප්‍රතිරෝධී අගයන් රේඛීය ලෙස වෙනස් වන ප්‍රතිරෝධක රේඛීය ප්‍රතිරෝධක (Liner Resistor) ලෙසින් හැදින් වේ. මෙයම වෙනත් වචන් වලින් සරල ආකාරයෙන් පැවසුවහොත් , කිසියම් ප්‍රතිරෝධකයක් තුලින් ගලා යනු ලබන විද්‍යුත් ධාරාවට(Electric Current) සහ එම ප්‍රතිරෝධකය දෙපසට යොදනු ලබන විද්‍යුත් විභවයන්ගේ අන්තරයට සෘජු වම සමානුපාතික වන ප්‍රතිරෝධකයන් රේඛීය ප්‍රතිරෝධක ලෙසින් හැදින් වේ.    සාමාන්‍යයෙන් රේඛීය ගුණ ඇති ප්‍රතිරෝධකයන් ක්‍රියා කරනු ලබන ආකාරය පදනම් කර ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ වර්ගීකරණය කිරීම සිදු කර ඇත: • Fixed Resistor  • Variable Resis

Electrical Conductors

Image
        සෑම ද්‍රව්‍යයක් ම එකිනෙකට වෙනස් ලක්ෂණ සහ ගුණාංග වලින් සමන්විත වෙයි. ද්‍රව්‍යය වල මූලික තැනුම් ඒකකය වන පරමාණු තුල ඉලෙක්ට්‍රෝන(Electron) ලෙසින් හඳුන්වනු ලබන විද්‍යුත් ආරෝපිත (Electric Charge) අංශු විශේෂයක් අඩංගු වෙයි. මෙම විද්‍යුත් ආරෝපිත ඉලෙක්ට්‍රෝන චලනය වීමේ දී ඇති වන ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය (Electron Flow) නිසා යම් විශේෂිත වූ ද්‍රව්‍යයන් තුල විද්‍යුතය සන්නයනය (Conductivity) කිරීමේ සුවිශේෂ ගුණාංගයක් අන්තර්ගත වෙයි.    හොද ඉලෙක්ට්‍රෝන සංචලතාවයක් (mobility) ඇති ද්‍රව්‍යය සන්නායක (conductor) ලෙසත් අඩු ඉලෙක්ට්‍රෝන සංචලතාවයක් ඇති ද්‍රව්‍යය පරිවාරක (insulator) ලෙසත් හඳුන්වනු ලබයි. සංසන්දනාත්මක ව පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ගලා යනු ලබන සන්නායක ද්‍රව්‍යය ඉතාමත් හොද විද්‍යුත් සන්නායකතාවයක් (Conductivity) ඇති ද්‍රව්‍යය ලෙසින් වර්ගීකරණය කරනු ලබයි. මෙම ලිපිය මගින් විද්‍යුත් සන්නායකතාවය අතින් ඉහල ද්‍රව්‍යය සහ එම ද්‍රව්‍යය වල අන්තර්ගත විශේෂිත ගුණාංග පිළිබදව දැනුවත් වෙමු.     What is Electrical Conductor?     පහසුවෙන් විද්‍යුත් ආරෝපණ ප්‍රවාහයක් එහෙම නැතිනම් විද්‍යුත් ධාරාවක් (Electric Current) ගලා යාම ස

Camshaft

Image
   අභ්‍යන්තර දහන එන්ජිම ( Internal combustion engine ) තුල දහන ක්‍රියාවලිය සිදු වීම සදහා චූෂණ කපාට  ( inlet valve ) සහ පිටාර කපාට ( exhaust valve ) වල සිදු වන විවෘත වීමේ සහ වැසීමේ ක්‍රියාවලිය නිශ්චිත කාලවල දී හරියාකාර ව පාලනය කිරීම සිදු විය යුතු ය. මේ ක්‍රියාවලිය සිදු කර ගැනීම සදහා එන්ජිම තුල සවි වී ඇති කැමි දන්ඩ ( camshaft ) නමින් හඳුන්වනු ලබන උපාංගය භාවිතා කරනු ලබයි. අභ්‍යන්තර දහන එන්ජිම තුල පවතින inlet valve සහ exhaust valve සංඛ්‍යාව ට සමාන Cam lobe සංඛ්‍යාවක් කැමි දන්ඩ ( camshaft ) මත පිහිටයි. Camshaft එක භ්‍රමණ චලිතයට ලක් වන විට ඊට අනුකූල වෙමින් කැමි දන්ඩ මත පිහිටන cam lobe ද භ්‍රමණය වීම සිදු වේ. මෙලෙස cam lobe වල සිදු වන භ්‍රමණ චලිතය හේතුවෙන් inlet valve සහ exhaust valve මතුපිට cam lobe ලිස්සා යාම සිදු වන නිසා එම valve විස්ථාපනය වීම සිදු වේ. මේ නිසා එන්ජිමේ දහන ක්‍රියාවලියට අනුකූලව valve වල විවෘත වීමේ සහ වැසීමේ ක්‍රියාවලිය සිදු වේ.          Crankshaft හි සිදු වන භ්‍රමණ චලිතය gears , chain හෝ belts වැනි යාන්ත්‍රික ක්‍රමවේදයක් භාවිතා කරමින් camshaft වෙත ලබා දීම ස

Oxygen Sensor

Image
𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗼𝘅𝘆𝗴𝗲𝗻 𝘀𝗲𝗻𝘀𝗼𝗿 ?    " ඔක්සිජන් සංවේදකය (𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓) යනු , අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල දී දහන ක්‍රියාවලියට භාජනය වන ඉන්ධන වාත මිශ්‍රණය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) මගින් නිපදවෙන පිටාර වායුව(𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔) තුල අන්තර්ගත වන දහනය සදහා සහභාගී නොවූ ඔක්සිජන් වායු (𝑶𝒙𝒚𝒈𝒆𝒏 𝒈𝒂𝒔) අණු ප්‍රමාණය නිරීක්ෂණය කර ගැනීම සදහා පිටාර වායු නලය තුලට සම්බන්ධ කර ගනු ලබන සුවිශේෂී සංවේදක උපාංගයකි. "    තාක්ෂණික වශයෙන් , අභ්‍යන්තර දහන එන්ජින් තුල සිදු වනු ලබන ඉන්ධන දහන ක්‍රියාවලිය සදහා චූෂණ පහර (𝑰𝒏𝒕𝒂𝒌𝒆 𝒔𝒕𝒓𝒐𝒌𝒆) තුලදී එන්ජින් සිලින්ඩරයන් තුලට උරා ගනු ලබන වාතයෙහි අඩංගු ඔක්සිජන් (𝒐𝒙𝒚𝒈𝒆𝒏) ප්‍රමාණය මත රදා පවතී. මේ නිසා එන්ජින් කාර්යය සාධන හැකියාව ඉන්ධන දහනය සදහා සහභාගී වන ඔක්සිජන් ප්‍රමාණය මත තීරණය වේ. එබැවින් අභ්‍යන්තර දහන එන්ජින් තුල නිවැරදි වායු - ඉන්ධන අනුපාතය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) සහතික කර ගැනීම සදහා මෝටර් රථ නිෂ්පාදකයන් විසින් පිටාර වාත පද්ධතිය (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝑮𝒂𝒔 𝒔𝒚𝒔𝒕𝒆𝒎) සදහා ඔක

Air-Fuel Ratio

Image
Air Fuel Ratio Table of Contents Air fuel ratio definition Air fuel ratio formula Air fuel ratio for different fuels Compared with SI Engines and CI Engine of AFR How stoichiometric air fuel ratio is calculated Lambda air fuel ratio Air fuel ratio and engine performance Impact of air fuel ratio on engine emissions Lambda closed-loop combustion control Air fuel ratio definition     අභ්‍යන්තර දහන එන්ජින් ( 𝑰𝒏𝒕𝒆𝒓 𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒈𝒊𝒏𝒆 ) තුල සිදු වන දහනය උපයෝගී කර ගනිමින් ශක්තිය නිපදවීම සදහා ඉන්ධන සහ ඔක්සිජන් සහිත වාත මිශ්‍රණයක් භාවිතා කරනු ලබයි. පූර්ණ දහන ක්‍රියාවලියක් සහතික කර ගැනීම සදහා දහන කුටිය තුලට( 𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓 ) ඉන්ධන සහ වාතය නිශ්චිත ප්‍රමාණ වලින් සැපයීම සිදු කල යුතු ය. පූර්ණ දහන ක්‍රියාවලියක් තුල දී , සපයනු ලැබූ සියළුම ඉන්ධන දහනය වන නිසා පිටාර වායුව ( 𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 ) තුල නොදැවුනු ඉන්ධන අංශු ඉතිරිව නො පවතී..   වායු-ඉන්ධන අනුපාතය(𝑨𝒊𝒓 𝒇𝒖𝒆𝒍 𝒓𝒂𝒕𝒊

Engine Valve

Image
    එන්ජින් කපාට ( Engine Valve ) වල ප්‍රධාන අරමුණ වන්නේ දහන කුටීරය( Ignition chember ) තුලට ඇතුළු වන සහ ඉන් පිට වන වා සිදුරු විවෘත කිරීම සහ වැසීමයි. Intake valve විවෘත වන විට ඉන්ධන වාත මිශ්‍රණය( Air-fuel mixture ) දහන කුටීරය තුලට ඇතුළු වීම සිදු වන අතර Exhaust valve විවෘත වන විට දහන කුටීරය තුල දී දැවීමට ලක් වූ  ඉන්ධන වාත මිශ්‍රණය මගින් ජනනය වන පිලිස්සුණු වායුන්( Exhaust gas ) දහන කුටීරය තුලින් පිට වීම සිදු වේ.    මෙම Engine Valve දහන කුටීරයට ඉහලින් ඇති Engine Head එක තුල අන්තර්ගත වන අතර එම Valve කැමි දන්ඩ ( Camshaft ) මගින් යාන්ත්‍රික ව ක්‍රියාත්මක වේ. මෙලෙස සිදු වන යාන්ත්‍රික ක්‍රියාවලිය Valve mechanism ලෙසින් පොදුවේ හඳුන්වනු ලබයි. Inlet Valve    අභ්‍යන්තර දහන එන්ජිම තුල ඇති දහන කුටීර(Ignition chember) වලට අවශ්‍ය ඉන්ධන වාත මිශ්‍රණය intake stroke අවස්ථාවේ දී විවෘත වූ inlet valve හරහා ලබා ගනී. පසුව එල බෙන compressor stroke අවස්ථාවාදී සහ power stroke අවස්ථාවේ දී මෙම inlet valve මගින් දහන කුටීරය හොදින් මුද්‍රා වන ලෙස වැසීම සිදු වේ. එසේ සිදු කර ගනු ලබන්නේ දහන කුටීරය තුලට වැඩි පුර ඉන්ධන වාත

Semi-conductor

Image
    අර්ධ සන්නායක යනු සන්නායක ගුණ සහ පරිවාරක ගුණ අන්තර්ගත මූලද්‍රව්‍ය හෝ සංයෝග ලෙසින් අර්ථ දැක්විය හැකිය. අර්ධ සන්නායක සෑම විටම විද්‍යුතය සන්නයන ය නොකරන අතර විශේෂිත තත්වයන් යටතේ දී පමණක් විද්‍යුතය සන්නයනය වීම සිදු වේ. අර්ධ සන්නායක සතුව පවතින භෞතික ගුණ සහ ලක්ෂණ අවශ්‍ය පරිදි පාලනය කිරීම මගින් , අවශ්‍ය තැන් වලදී පාලනයකින් යුතුව විද්‍යුතය සන්නයනය කිරීමට හැකි විද්‍යුත් මාධ්‍යයක් බවට පත් කර ගත හැකිය. අර්ධ සන්නායක වල විද්‍යුත් සන්නායකතාවය එහි පාලක විද්‍යුත් අග්‍රයට යොදනු ලබන ධාරාව හෝ වෝල්ටීයතාවය වැනි සාධක කිහිපයක් මත හෝ අධෝරක්ත(IR) , දෘශ්‍ය ආලෝකය , පාරජම්බුල කිරන (UV) හෝ X RAY කිරන මගින් නිකුත් කරනු ලබන විකිරණ ත්‍රීව්‍රතාවය මත රදා පවතී.    අර්ධ සන්නායක ලෙස GalliumArsenide(GaAs) වැනි සංයෝග හෝ Germanium(Ge) , Silicon(Si) වැනි රසායනික ව පිරිසිදු මූලද්‍රව්‍ය නම් කල හැකිය.  භෞතික විද්‍යාව භාවිතා කරමින් අර්ධ සන්නායක පාලනය කරනු ලබන න්‍යායන් , ඒවායේ පවතින ගුණාංග සහ ඒවා වෙත ගණිතමය ප්‍රවේශයන් ලබා ගැනීම පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. Holes and Electrons in semi-conductor      සිදුරු( Holes ) සහ

Valve timing

Image
   දගර කදෙහි( Crankshaft ) සිදු වන භ්‍රමන චලිතයට අනුකූලව චූසන කපාට( inlert valve ) සහ පිටාර කපාට( exhaust valve ) විවෘත වීම හා වසා දැමීම නිශ්චිත කාල රාමුවක් තුල සිදු විය යුතුය. අභ්‍යන්තර දහන එන්ජිම( internal combustion engine ) තුල සිදු වන මෙම ක්‍රියාවලිය කපාට කාලය( valve timing ) ලෙසින් හදුන්වනු ලබයි. ඒ වගේම මෙම චූසන කපාට සහ පිටාර කපාට විවෘතව පවතින කාල සීමාව සහ වැසී පවතින කාල සීමාව අභ්‍යන්තර දහන එන්ජිම තුල ඉන්ධන වාත මිශණයේ( air fuel mixture )  පූර්ණ දහනයක් සිදු වීම සදහා ඉතාමත් වැදගත් වේ. එමෙන්ම valve timing එන්ජිමේ පරාමිතික කාර්‍යක්ශමතාවය( Volumetric efficiency ) සදහා බලපානු ලබන වැදගත් සාධකයක් වේ.      සම්පූර්ණ දහන චක්‍රයක් සිදු වීමේ දී ඇති වන සෑම පහරක් අවසානයේ දීම  කපාටයන්( Valves ) විවෘත වී පැවතීම හෝ වැසී පැවතීම සිදු වන අතර ප්‍රායෝගික අවස්තාවන්හිදී ඇතිවන චූසන සහ පිටාර වායූන්ගේ නිසි ප්‍රවාහය( proper flow ) මත ඉතාමත් හොද ප්‍රතිදානයක් ලබා ගැනීම සදහා කපාට විවෘත කිරීමේ සහ වසා දැමීමේ කාලය තරමක් දුරට වෙනස් කිරීමට සිදු වේ.      කපාට( Valve ) යනු යම් යම් ප්‍රමාද දෝශ සහිතව ක්‍රියා කරනු ලබන යා

Glow plug

Image
    ඩීසල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන මෝටර් රථ වල අභ්‍යන්තර දහන එන්ජින් සදහා glow plug නමින් හඳුන්වන විශේෂිත උපාංගය සවි කර ඇත. ප්‍රෙට්ට්‍රල් ඉන්ධන ලෙසින් භාවිතා කර ක්‍රියා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් සදහා පුලිඟු පේනු යොදා ගන්නා සේම , ඩීසල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් සදහා මූලික දහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට glow plug යොදා ගනු ලබයි.  What is glow plug       Glow plug යනු ඩීසල් ඉන්ධන ලෙස භාවිතා කරන මෝටර් රථ වල එන්ජිමට සවි වන කුඩා තාපන උපාංගයකි. මෙමගින් එන්ජිමක් මුල් පණගැන්වීම සිදු කර ගැනීම සදහා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන අතර , එය සෑම විටම අවශ්‍ය නොවේ. මෙයට හේතුව ලෙස ඉන්ධන වාත මිශ්‍රණය ක් දල්වා ගැනීමට නම් ගිනි පුලිඟුව ක් අවශ්‍ය නමුත්  උෂ්ණත්වය සහ පීඩනය ප්‍රමාණවත් තරම් ඉහල නම් ඩීසල් ඉන්ධන ය ස්වයං දහනයට ලක් කර ගැනීමේ හැකියාව ඇත. ඩීසල් ස්වයං දහනයට තරම් උෂ්ණත්වයක් පවතී නම් glow plug වල අවශ්‍ය තාවයක් ඇති නොවේ.      ඩීසල් ඉන්ධන සීත කාලගුණික අවස්ථාවන්හිදී ගිනි ගැනීමේ සම්භාවිතාව ඉතාමත් පහළ පට්ටමක පවතී. මේ නිසා අභ්‍යන්තර දහන එන්ජිම තුල ඇති ඉන්ධන වාත මිශ්‍රණයේ ගිනි ගැනීම

Magnet

Image
𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗠𝗮𝗴𝗻𝗲𝘁?    පිටතින් චුම්බක ක්ෂේත්‍රයක් (𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒇𝒊𝒆𝒍𝒅) නිපදවා ගත හැකි ඕනෑම වස්තුවක් චුම්බක (𝒎𝒂𝒈𝒏𝒆𝒕) ලෙසින් හැදින් වේ. මෙම චුම්බක වස්තු මගින් යකඩ , කොබෝල්ට් , නිකල් , තඹ වැනි අනිකුත් ෆෙරෝ චුම්බක  ද්‍රව්‍ය (𝒇𝒆𝒓𝒓𝒐𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒎𝒂𝒕𝒆𝒓𝒊𝒂𝒍𝒔) මත ආකර්ෂණ බල ඇති කරයි. චුම්බක මගින් නිපදවනු ලබන චුම්බක ක්ෂේත්‍රය මිනිසා ඇතුළු අනිකුත් ජීවීන්ට නො පෙනෙන ඒ වගේම නො දැනෙන අදෘශ්‍යමාන බලවේගයක් වේ. මෙය චුම්බක ද්‍රව්‍ය හෝ උපාංගයන් තුල අන්තර්ග ඊටම ආවේණික හා වඩාත් කැපී පෙනෙන ප්‍රධානතම ලක්ෂණයයි. චුම්බක මත ඇති වන චුම්බක ක්ෂේත්‍රය මගින් 𝒇𝒆𝒓𝒓𝒐𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 ද්‍රව්‍ය ආකර්ෂණය කරනවාට අමතරව වෙනත් චුම්බක ද්‍රව්‍ය මත ආකර්ෂණ විකර්ෂණ බල ඇති කරමින් එම චුම්බක ද්‍රව්‍ය ආකර්ෂණය හෝ විකර්ෂණය කිරීම සිදු කරයි.   "චුම්බක ක්ෂේත්‍රයක් (𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒇𝒊𝒆𝒍𝒅) නිපදවීමට සහ සමාන චුම්බක ධ්‍රැව විකර්ශනය කිරීමටත් , අසමාන චුම්බක ධ්‍රැව ආකර්ෂණය කිරීමටත් හැකි වස්තු චුම්බක(𝑴𝒂𝒈𝒏𝒆𝒕) ලෙස අර්ථ දැක්වේ."    චුම්බක නිර්මාණය වී ඇති හෝ නිර්මාණය කර