Magnet


𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗠𝗮𝗴𝗻𝗲𝘁?


   පිටතින් චුම්බක ක්ෂේත්‍රයක් (𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒇𝒊𝒆𝒍𝒅) නිපදවා ගත හැකි ඕනෑම වස්තුවක් චුම්බක (𝒎𝒂𝒈𝒏𝒆𝒕) ලෙසින් හැදින් වේ. මෙම චුම්බක වස්තු මගින් යකඩ , කොබෝල්ට් , නිකල් , තඹ වැනි අනිකුත් ෆෙරෝ චුම්බක  ද්‍රව්‍ය (𝒇𝒆𝒓𝒓𝒐𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒎𝒂𝒕𝒆𝒓𝒊𝒂𝒍𝒔) මත ආකර්ෂණ බල ඇති කරයි. චුම්බක මගින් නිපදවනු ලබන චුම්බක ක්ෂේත්‍රය මිනිසා ඇතුළු අනිකුත් ජීවීන්ට නො පෙනෙන ඒ වගේම නො දැනෙන අදෘශ්‍යමාන බලවේගයක් වේ. මෙය චුම්බක ද්‍රව්‍ය හෝ උපාංගයන් තුල අන්තර්ග ඊටම ආවේණික හා වඩාත් කැපී පෙනෙන ප්‍රධානතම ලක්ෂණයයි. චුම්බක මත ඇති වන චුම්බක ක්ෂේත්‍රය මගින් 𝒇𝒆𝒓𝒓𝒐𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 ද්‍රව්‍ය ආකර්ෂණය කරනවාට අමතරව වෙනත් චුම්බක ද්‍රව්‍ය මත ආකර්ෂණ විකර්ෂණ බල ඇති කරමින් එම චුම්බක ද්‍රව්‍ය ආකර්ෂණය හෝ විකර්ෂණය කිරීම සිදු කරයි.


  "චුම්බක ක්ෂේත්‍රයක් (𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒇𝒊𝒆𝒍𝒅) නිපදවීමට සහ සමාන චුම්බක ධ්‍රැව විකර්ශනය කිරීමටත් , අසමාන චුම්බක ධ්‍රැව ආකර්ෂණය කිරීමටත් හැකි වස්තු චුම්බක(𝑴𝒂𝒈𝒏𝒆𝒕) ලෙස අර්ථ දැක්වේ."


   චුම්බක නිර්මාණය වී ඇති හෝ නිර්මාණය කර ඇති ආකාරය අනුව කාණ්ඩ කිහිපයක් යටතේ වර්ගීකරණය කර ඇත. උදාහරණයක් ලෙස 𝒃𝒂𝒓 𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒔, 𝒉𝒐𝒓𝒔𝒆𝒔𝒉𝒐𝒆 𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒔, 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒐𝒓 𝒅𝒊𝒔𝒄 𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒔, 𝒅𝒓𝒖𝒎 𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒔 ලෙස වර්ගීකරණය කර ඇති ප්‍රධාන චුම්බක වර්ග කිහිපයක් දක්වා ගත හැක. 


  මේ අනුව චුම්බකත්වය යනු ඇදහිය නොහැකි ආකාරයේ අතිශයින් ම සිත් ගන්නා සුළු සංසිද්ධියක් වශයෙන් පෙන්වා දිය හැකිය. විවිධ වර්ගයන්ට අයත් ස්වාභාවික හා කෘතිම චුම්බක වර්ගයන් රාශියක් විවිධාකාර යෙදුම් සදහා භාවිතා කරනු ලබයි. මේ සියල්ලක් ම අතරින් 𝒃𝒂𝒓 𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒔 චුම්බක වර්ගය සදහා විවිධාකාර ගුණාංග සහ වර්ග රාශියක් පවතී. මේ නිසා බොහෝ කාර්මික යෙදුම් තුල මෙම 𝒃𝒂𝒓 𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒔 විවිධාකාර කාර්‍යයන් සිදු කර ගැනීම සදහා භාවිතා කරයි. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සහ පරීක්ෂණාගාර තුල චුම්බක පිළිබඳ මූලික හැදෑරීම් ක්‍රියාවලිය සදහා 𝒃𝒂𝒓 𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒔 ආදේශක ලෙසින් යොදා ගනු ලබයි.








චුම්බක වල පවතින මූලික ගුණාංග කිහිපයක් පහත දැක්වේ:

• ඉතාමත් සිහින්ව සැකසූ යකඩ කුඩු වල චුම්බකයක් ගිල්වූ විට එම චුම්බකය දෙකෙළවරේ චුම්බක ආකර්ෂණය උපරිම වන බැවින් සිහින් යකඩ කුඩු චුම්බකය දෙකෙළවරේ හොදින් ඇමිනී පවතින බව නිරීක්ශණය කල හැකි ය. මෙලෙස චුම්බක ආකර්ෂණය උපරිම වන  දෙකෙළවර චුම්බක ධ්‍රැව(Magnetic pole) ලෙසින් හඳුන්වනු ලබයි. 

• චුම්බක ධ්‍රැව සෑම විටම යුගල වශයෙන් පවතී.

• චුම්බකයක් වාත අවකාශය තුල නිදහසේ එල්ලා ඇති සෑම විටම එය උතුරු-දකුණු දිශා වන්ට යොමු වේ. භූගෝලීය උතුරට යොමු වන ධ්‍රැවය උත්තර ධ්‍රැවය(North pole) ලෙසත් , භූගෝලීය දකුණට යොමු වන ධ්‍රැවය දක්ෂිණ ධ්‍රැවය(South pole) ලෙසත් හැදින් වේ .

• චුම්බක දෙකක් අතර ඇති දුර අඩු වන විට එම චුම්බක දෙක අතර ඇති වන චුම්බක බලය(Magnetic force) වැඩි වේ.


Type of Magnet


  ප්‍රධාන වශයෙන් චුම්බක වර්ග තුනක් භාවිතයේ පවතින අතර ඒවා පහත පරිදි වේ:

1. Permanent Magnet
2. Temporary Magnet
3. Electromagnets
 

Permanent Magnet


    බහුල වම භාවිතා කරනු ලබන චුම්බක වර්ගය ලෙසින් ස්ථීර චුම්බක(Permanent Magnet) හැදින්විය හැකිය. කිසියම් ලෝහ වර්ගයක් හෝ ද්‍රව්‍ය ක් එක් වරක් පමනක් චුම්බකයක් බවට පත් වූ පසු ඒවයේ චුම්බක ගුණය නැති නොවන නිසා ඒවා ස්ථීර චුම්බක ලෙසින් හැදින් වේ. 


 

ස්ථීර චුම්බකයක ගැබ් වී පවතින චුම්බක ගුණය  ඉවත් වීමට බලපානු ලබන ප්‍රධාන සාධක:


• අධික උෂ්ණත්වය කට චුම්බක නිරාවරණය වීම.

• චුම්බකය ක් කිසියම් තැලීමකට ලක් කරන විට එහි අන්තර්ගත චුම්බක පරමාණු අතර ඇති ආකර්ෂණ බල දුර්වල වීම.

• එක් චුම්බකයක් මතට තවත් චුම්බකයක් භාවිතා කරමින් පහර දීම.




Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry