Automotive Fuse
විලායක (𝑭𝒖𝒔𝒆) යනු අධි විද්‍යුත් ධාරා ප්රවාහයන් විද්‍යුත් පරිපථ තුලින් ගලා යාම වළක්වා එම විද්‍යුත් පරිපථය ආරක්ෂා කර ගැනීම සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් උපාංගයකි. අනපේක්ෂිත තත්වයන් තුල දී ඇති වන විද්‍යුත් ධාරා ප්‍රවාහයන්ගෙන් විද්‍යුත් පරිපථ හෝ විද්‍යුත් උපාංගයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් යුතුව බොහෝ අවස්ථාවන් වල දී , විද්‍යුත් ධාරා ප්රවාහයන් 𝑭𝒖𝒔𝒆 හරහා ලබා දීම සිදු කරයි. මෙම උපාංගය මගින් පරිපථ කඩනයක් (𝒄𝒊𝒓𝒄𝒖𝒊𝒕 𝒃𝒓𝒆𝒂𝒌𝒆𝒓) ලෙසින් හෝ ස්ථායි කාරකයක් (𝒔𝒕𝒂𝒃𝒊𝒍𝒊𝒛𝒆𝒓) ලෙසින් ක්‍රියා කරමින් ඊට සම්බන්ධිත විද්‍යුත් උපාංග සිදු වීමට නියමිත විද්යුත හානිවලින් ආරක්ෂා කර ගනී. 𝑭𝒖𝒔𝒆 සදහා බොහෝ විට මිශ්‍ර ලෝහ වර්ග යොදා ගනිමින් නිර්මාණය කරගත් තුනී පටි හෝ නූල් භාවිතා කරනු ලබයි. මෝටර් රථ තුල භාවිතා කරනු ලබන විද්‍යුත් පද්ධති වල ආරක්ෂාව සදහා ද විශේෂයෙන් නිර්මාණය කල විලායක (𝑭𝒖𝒔𝒆) භාවිතා කරනු ලබයි. මේවා සාමාන්‍ය ව්‍යවහාරයේ 𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑭𝒖𝒔𝒆 ලෙසින් හඳුන්වනු ලබයි. එම 𝒇𝒖𝒔𝒆 රැදවීම සදහා 𝒇𝒖𝒔𝒆 𝒃𝒍𝒐...