Posts

Showing posts from January, 2023

Brake Fluid

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗯𝗿𝗮𝗸𝗲 𝗳𝗹𝘂𝗶𝗱?   තිරිංග තරලය (𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅) යනු මෝටර් රථ වල අඩංගු හයිඩ්‍රොලික් බ්‍රේක් (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒃𝒓𝒂𝒌𝒆) සහ හයිඩ්‍රොලික් ක්ලච් (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒄𝒍𝒖𝒕𝒄𝒉 පද්ධතීන් සදහා භාවිතා කරනු ලබන හයිඩ්‍රොලික් තරල (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒇𝒍𝒖𝒊𝒅) වර්ගයකි. බලය පීඩනයක් බවට පරිවර්තනය කරමින් තිරිංග බලය (𝑩𝒓𝒂𝒌𝒆 𝒇𝒐𝒓𝒄𝒆) විස්තාරණය කිරීමට හැකි ආකාරයේ හයිඩ්‍රොලික් ද්‍රවයක් මෙම තිරිංග තරලය සදහා භාවිතා කරනු ලබයි. සරලවම කිව හොත් , ඔබේ වාහනයේ ඇති තිරිංග පැඩලය (𝑩𝒓𝒂𝒌𝒆 𝒑𝒂𝒅𝒅𝒍𝒆) මතට පාදය යොදා ගනිමින් බලයක් යොදන සෑම අවස්තාවකදීම තිරිංග පැඩලය හා සම්බන්ධිත 𝒎𝒂𝒔𝒕𝒆𝒓 𝒑𝒖𝒎𝒑 එක මගින් තිරිංග තරලය පීඩන ක්‍රියාවලියකට ලක් කරයි. පසුව මෙසේ පීඩනයට ලක් වූ තිරිංග තරලය නල මාර්ග ඔස්සේ ඉදිරි පස සහ පසු පස රෝද වලට සවි වී ඇති තිරිංග කොටස් සදහා යොමු කරමින් වාහනය නතර කිරීමට ක්‍රියා කරයි.     මෝටර් රථ තිරිංග පද්ධතිය (𝑩𝒓𝒂𝒌𝒆 𝒔𝒚𝒔𝒕𝒆𝒎) සදහා යොදා ගනු ලබන තිරිංග තරලයට ඉහල සම්පීඩන බලයන්ට ඔරොත්තු දීමේ ලාක්ෂණික ගුණාංගයක් පවතී. මේ නිසා තිරිං

Starting System

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝘁𝗵𝗲 𝘀𝘁𝗮𝗿𝘁𝗶𝗻𝗴 𝘀𝘆𝘀𝘁𝗲𝗺?     මෝටර් රථ ක්ෂේත්‍රයට අදාළ ව භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) වලට තනි වම ආරම්භක භ්‍රමණ චලනය ලබා ගනිමින් ක්‍රියාත්මක විය නො හැක. මේ නිසා එන්ජිමක මූලික මට්ටමේ පණගන්වා ගැනීම සිදු කර ගැනීමට අවශ්‍ය අවම 𝑹𝑷𝑴 අගය පරාසය ලබා ගැනීම සදහා විද්‍යුත් මෝටරයක් භාවිතා කරනු ලබයි. මෙමගින් එන්ජිම සතු දගරකද (𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕) අවශ්‍ය ප්‍රමාණයේ වේගයක් සහිතව භ්‍රමණය කර ගැනීම සිදු කරයි. එවිට එන්ජින් සිලින්ඩර් තුලට ඉන්ධන වාත මිශ්‍රණය හොදින් අවශෝෂණය කර සම්පීඩන ක්‍රියාවලියට ලක් කර ගනිමින් සාර්ථක දහන ක්‍රියාවලියට අවශ්‍ය වටපිටාව එන්ජිම තුල පිහිටා ඇති සිලින්ඩර් තුල නිර්මාණය වීම සිදු වේ. එවිට එන්ජිමට තනිවම එහි බලය යටතේ ක්‍රියාත්මක විය හැකිය.     එන්ජිමට අවශ්‍ය මූලික මට්ටමේ භ්‍රමණ චලිතය සැපයීම සිදු කර ගැනීම සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් මෝටරය මෝටර් රථ ක්ෂේත්‍රයේ දී , පණගැන්වුම් මෝටරය (𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓) නමින් හඳුන්වනු ලබයි. 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 උපාංගය ක්‍රියාත්මක කරවා ගැනීම සදහා විශාල විද්‍යුත් ශක්ත

Engine Torque

Image
 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗻𝗴𝗶𝗻𝗲 𝘁𝗼𝗿𝗾𝘂𝗲?     සෑම එන්ජිමක්ම නිශ්චිත ඌ අරමුණක් වෙනුවෙන් සැලසුම් සහගත ව නිර්මාණය කර ගෙන ඇත. මේ නිසා 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 භාවිතා කරමින් ලබා ගැනීම සදහා බලාපොරොත්තු වන ප්‍රතිදාන ව්‍යාවර්තය යොදා ගනු ලබන මෝටර් රථ යෙදුම අනුව වෙනස් වේ. මෝටර් රථ සදහා භාවිතා කරනු ලබන 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 එකක ප්‍රතිදාන ව්‍යාවර්තය ප්‍රදාන වශයෙන් 𝒔𝒕𝒓𝒐𝒌𝒆-𝒕𝒐-𝒃𝒐𝒓𝒆 𝒓𝒂𝒕𝒊𝒐 සහ 𝒄𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏 𝒓𝒂𝒕𝒊𝒐 මත රදා පවතී. මීට අමතරව සලකනු ලබන එන්ජිමෙහි දහන පීඩනය සහ එන්ජින් වේගය එනම් එන්ජිමෙහි 𝑹𝑷𝑴 අගය පරාසය මතද සලකනු ලබන එන්ජිමෙහි ප්‍රතිදාන ව්‍යාවර්තයෙහි රදා පැවතීම තීරණය වේ.     අභ්‍යන්තර දහන එන්ජින් වල දහන ක්‍රියාකාරිත්වය සදහා භාවිතා කරනු ලබන ඉන්ධන වර්ගය මත සහ එන්ජින් නිර්මාණය කිරීම සදහා භාවිතා කරනු ලබන ක්‍රියාකාරී එන්ජින් සැලසුමට (𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒅𝒆𝒔𝒊𝒈𝒏𝒔/𝒄𝒐𝒏𝒇𝒊𝒈𝒖𝒓𝒂𝒕𝒊𝒐𝒏𝒔) අනුව සලකනු ලබන එන්ජිමෙහි ප්‍රතිදාන ව්‍යාවර්තය උච්ච වක්‍රයක් (𝒑𝒆𝒂𝒌 𝒄𝒖𝒓𝒗𝒆) අකාරයෙන් හෝ පැතලි වක්‍රයක් (𝒇𝒍𝒂𝒕 𝒄𝒖𝒓𝒗𝒆) ආකාරයෙන් අපසාරී ලෙස වර්ධනය වීම සිදු වේ. බොහෝ