Engine Torque


 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗻𝗴𝗶𝗻𝗲 𝘁𝗼𝗿𝗾𝘂𝗲?

    සෑම එන්ජිමක්ම නිශ්චිත ඌ අරමුණක් වෙනුවෙන් සැලසුම් සහගත ව නිර්මාණය කර ගෙන ඇත. මේ නිසා 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 භාවිතා කරමින් ලබා ගැනීම සදහා බලාපොරොත්තු වන ප්‍රතිදාන ව්‍යාවර්තය යොදා ගනු ලබන මෝටර් රථ යෙදුම අනුව වෙනස් වේ. මෝටර් රථ සදහා භාවිතා කරනු ලබන 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 එකක ප්‍රතිදාන ව්‍යාවර්තය ප්‍රදාන වශයෙන් 𝒔𝒕𝒓𝒐𝒌𝒆-𝒕𝒐-𝒃𝒐𝒓𝒆 𝒓𝒂𝒕𝒊𝒐 සහ 𝒄𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏 𝒓𝒂𝒕𝒊𝒐 මත රදා පවතී. මීට අමතරව සලකනු ලබන එන්ජිමෙහි දහන පීඩනය සහ එන්ජින් වේගය එනම් එන්ජිමෙහි 𝑹𝑷𝑴 අගය පරාසය මතද සලකනු ලබන එන්ජිමෙහි ප්‍රතිදාන ව්‍යාවර්තයෙහි රදා පැවතීම තීරණය වේ.




    අභ්‍යන්තර දහන එන්ජින් වල දහන ක්‍රියාකාරිත්වය සදහා භාවිතා කරනු ලබන ඉන්ධන වර්ගය මත සහ එන්ජින් නිර්මාණය කිරීම සදහා භාවිතා කරනු ලබන ක්‍රියාකාරී එන්ජින් සැලසුමට (𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒅𝒆𝒔𝒊𝒈𝒏𝒔/𝒄𝒐𝒏𝒇𝒊𝒈𝒖𝒓𝒂𝒕𝒊𝒐𝒏𝒔) අනුව සලකනු ලබන එන්ජිමෙහි ප්‍රතිදාන ව්‍යාවර්තය උච්ච වක්‍රයක් (𝒑𝒆𝒂𝒌 𝒄𝒖𝒓𝒗𝒆) අකාරයෙන් හෝ පැතලි වක්‍රයක් (𝒇𝒍𝒂𝒕 𝒄𝒖𝒓𝒗𝒆) ආකාරයෙන් අපසාරී ලෙස වර්ධනය වීම සිදු වේ. බොහෝමයක් මෝටර් රථ තුල අන්තර්ගත අභ්‍යන්තර දහන එන්ජින් මගින් නිපදවනු ලබන පිළිගත හැකි ආකාරයේ ප්‍රතිදාන ව්‍යාවර්තය (𝑺𝒐𝒖𝒏𝒅 𝒕𝒐𝒓𝒒𝒖𝒆) සලකනු ලබන එන්ජිමෙහි සම්පූර්ණ වේග පරාසයෙන් පටු කලාපයක් තුල අන්තර්ගත වී පවතී.



📌️ පෙට්‍රල් ඉන්ධන භාවිතා කරනු ලබන මෝටර් රථ එන්ජින් සදහා ලාක්ෂණික වශයෙන් මෙම ප්‍රතිදාන ව්‍යාවර්තය 1000 - 2000 𝑹𝑷𝑴 වේග පරාසයෙන් ආරම්භ වී 2500 - 4000 𝑹𝑷𝑴 වේග පරාසයක් තුල දී උපරිමයක් දක්වා ලගා වේ.



📌️ ඩීසල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන සියළුම ආකාරයේ මෝටර් රථ එන්ජින් සදහා ප්‍රතිදාන ව්‍යාවර්තය ලාක්ෂණික වශයෙන් 1500 – 1700 𝑹𝑷𝑴 වේග පරාසයක් තුල ආරම්භ වී 2000 – 3000 𝑹𝑷𝑴 වේග පරාසයක් තුල දී උපරිමයක් දක්වා ලගා වේ.


Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry