Spark plug

Table of Contents



What is a Spark Plug?

    𝑺𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 එහෙමත් නැතිනම් 𝒔𝒑𝒂𝒓𝒌𝒊𝒏𝒈 𝒑𝒍𝒖𝒈 යන නම් වලින් හඳුන්වනු ලබන උපාංගය යොදාගනිමින් 𝒄𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාවේ එන්ජින් සිලින්ඩරය තුල නිර්මාණය වන 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓 තුල ඇති ප්‍රෙට්ට්‍රල් ඉන්ධන වාත මිශනය දල්වා ගැනීමට සදහා භාවිතා කරයි. ඉන්දන දහනය කර ශක්තිය නිපදවා ගැනීම සදහා ප්‍රැට්‍රල් ඉන්ධනයක් වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් වල දහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය ගිනි පුළිගුව (𝑺𝒑𝒂𝒓𝒌) නිපදවා ගැනීම මෙහි මූලික ම සහ එකම කාර්‍යයයි.
  𝑺𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 උපාංගය 𝒑𝒆𝒕𝒓𝒐𝒍 ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් වල 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒉𝒆𝒂𝒅 එක මත හොදින් සවි කර ගැනීම සිදු කරයි. මෙසේ සවි කර ගත් 𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈 එක මත ඇති වායු පරතරයක් (𝑨𝒊𝒓 𝒈𝒂𝒑) පිහිටන පරිදි නිර්මාණය වී පවතිනු ලබන ඉලෙක්ට්‍රෝඩ යුගලය දහන කුටීරය දක්වා යොමුව පවතී. මෙම ඉලෙක්ට්‍රෝඩ දෙක යොදා ගනිමින් දහන කුටීරය තුල සම්පීඩනය වන ඉන්ධන වාත මිශ්‍රණය දහනය කර ගැනීමට අවශ්‍ය මූලික ගිනිපුලිගුව ජනනය කර ගනු ලබයි. මෙලෙසින් ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ගිනි පුළිගුවක් ජනනය කර ගැනීම සදහා 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎 එක මගින් නිපදවා ගනු ලබන අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාවක් උපයෝගී කර ගනී. 
   𝑺𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 නිර්මාණය කිරීම සදහා භාවිතා කර ඇති ඉලෙක්ට්‍රෝඩ සහ එම ඉලෙක්ට්‍රෝඩ වෙන් කරන පරිවාරකයන් ඉහළ උෂ්ණත්වයට මෙන්ම වෝල්ට් දහස් ගණනක අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාවන් සදහා හොදින් ඔරොත්තු දීමේ හැකියාවක් පැවතිය යුතු ය. ඉලෙක්ට්‍රෝඩ දෙක අතර පවතින පරතරය එනම් 𝒔𝒑𝒂𝒓𝒌-𝒈𝒂𝒑 දුර ප්‍රමාණය මත 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 එක මගින් ජනනය වන ගිනි පුළිගුවේ ශක්ති ප්‍රමාණය තීරණය වේ. 
  දහන කුටීරය තුල පවතින 𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈 හි 𝒊𝒏𝒔𝒖𝒍𝒂𝒕𝒐𝒓 𝒕𝒊𝒑 කොටස අධික උණුසුම් දහන වාතය වෙත සෘජුවම නිරාවරණය වීම සිදු වේ. පරිවාරක කොටසේ (𝑰𝒏𝒔𝒖𝒍𝒂𝒕𝒐𝒓 𝒕𝒊𝒑) හැඩය සහ දහන වාතය නිරාවරණය වන පෘෂ්ඨ වර්ගඵලය මත 𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈 එකෙහි ක්‍රියාකාරී උෂ්ණත්ව අගය පරාසය (𝑯𝒆𝒂𝒕 𝒓𝒂𝒏𝒈𝒆) තීරණය වේ. 𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈 එක සාපේක්ෂව සිසිල් අවස්ථාවේ පවතින විට ඉලෙක්ට්‍රෝඩ මත කාබන් අපද්‍රව්‍ය තැම්පත් වීම හේතුවෙන් කෙටි පරිපථ අවස්ථාවන් නිර්මාණය 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓 තුල 𝒎𝒊𝒔𝒔-𝒇𝒊𝒓𝒆 තත්වයන් ඇති වේ. 𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈 ඉතා උණුසුම් තත්වයේ පවතින විට දහන කුටීරය තුල 𝒑𝒆𝒓-𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 තත්වයන් නිර්මාණය වීම නිසා හානිකර මට්ටමේ 𝒅𝒆𝒕𝒐𝒏𝒂𝒕𝒊𝒐𝒏 අවස්ථාවන් ඇති විය හැකිය.








Requirement of a Spark Plug

දහන කුටීරය තුල ඇති ඉන්ධන වාත මිශ්‍රණය මතට නිවරදිම අවස්තාවේ දී ශක්තිමත් ගිනි පුළිගුවක් යොමු කිරීම සදහා 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 වලට තිබියයුතු මූලික  අවශ්‍යතා.


𝟏.    අධි වෝල්ටීයතා සම්ප්‍රේසනයේදී  එනම් 𝟒𝟎,𝟎𝟎𝟎𝐕 තරම් ඉහල වෝල්ටීයතවන් වලදී පවා විස්වාසනීය ලෙස ක්‍රියා කල යුතුය.


𝟐.    එය තුල 𝟏𝟎𝟎𝟎°𝐂 දී පවා 𝑨𝒓𝒄𝒊𝒏𝒈 සහ 𝑭𝒍𝒂𝒔𝒉𝒐𝒗𝒆𝒓 වලක්වා ගැනීම සදහා ඉතාමත් හොද පරිවාරක හැකියාවක් පැවතිය යුතුය.


𝟑.    එය තුල උනුසුම් පිටාර වායුන් සදහා මෙන්ම සීත චූසන වායුන් මගින් නිපදවෙන තාපන කදම්භයන් වලට ඉතාමත් හොද ප්‍රතිරෝදකයක් පැවතිය යුතුය.


𝟒.    එය දහන කුටීරය තුල ඇති වන ඉහල පීඩනයන්ට සහ වායු අවස්තාවන් සදහා දහන කුටීරය සමග හොදින් මුද්‍රා විය යුතුය.


𝟓.    දල වශයෙන් 𝟏𝟎𝟎𝐛𝐚𝐫  දෝලනය වන පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් එයට පැවතිය යුතුය.


𝟔.    දහන කුටීරය සමග හොදින් සම්භන්ද වීම සදහා ඉතාමත් හොද යාන්ත්‍රික ගුනයක් පැවතිය යුතුය.


𝟕.    𝑰𝒏𝒔𝒖𝒍𝒂𝒕𝒐𝒓 𝒕𝒊𝒑 එකෙහි හා 𝒆𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒅𝒆 හි ඉතාමත් හොද තාප සන්නයකතාවයක් පැවතිය යුතුය.


𝟖.    පුලිගු කාදනය, දහන වායු සහ අපද්‍රව්‍ය වලට ඉතාමත් හොදින් ප්‍රතිරෝදීව ක්‍රියා කල යුතුය.


𝟗.    පරිවාරක මත අපද්‍රව්‍ය තැම්පත් වීම වලක්වා ගැනීමේ ඉතාමත් හොද හැකියාවක් පැවතිය යුතුය.



ඉහත සදහන් කල අවශ්‍යතාවන් සපුරා ගැනීම සදහා තත්වයෙන් ඉතාමත් උසස් මූලද්‍රව්‍ය යොදා ගනිමින් 𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈 නිපදවීම සිදු කරනු ලබයි.





The main part of a Spark Plug


1. Plug terminal: බෙදාහරින පියනේ සිට පැමිනෙන අධි වෝල්ටීයතා විද්‍යුත් දාරාව රැගෙන එනු ලබන විදුලි රැහැන සම්භන්ද කරනු ලබන්නෙ මෙම කොටසටයි.මෙම කොටස මගින් මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය වෙත අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාව සන්නයනය සිදු කරනු ලබයි.

2. Ceramic Insulator: මෙය ඇළුමිනියම් ඔක්සයිඩ් සෙරමික් වලින් සදා ඇති අතර ඉතාමත් හොද විද්‍යුත් පරිවාරකයක් ලෙස ක්‍රියා කරනු ලබයි.40,000V  තරම් වූ අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාව ගමන් කරනු ලබන මද්‍ය ඉලෙක්ට්‍රෝඩය පිටතට භූගත වීම වැලැක්වීම මෙහි මූලිකම අරමුනයි. විශේශයෙන්ම නිශ්පාදකයන් විසින් flashover ඇති වීම වැලැක් වීම සදහා විවිධ ආකාරයෙන් නිස්පාදනය කිරීම සිදු කල හැකිය.

3. Center Electrode:මෙය්ස් නිපදවා ඇත්තේ නිකල් මිශ ලෝහ වර්ගයක් භාවිතා කරමින් වන අතර එය වටා තඹ හරයකින් ආවරනය කර ඇත. Center Electrode හි විද්‍යුත් පුලිගුව නිපදවනු ලබන කෙලවර කොටස නිශ්පාදිත වර්ගය මත ප්ලැටිනම් හෝ ඉරිඩියම් වැනි ලෝහ භාවිතා කරමින් නිපද්විය ඇත.

4. Metal Body: මෙමගින් සිලින්ඩර් හෙඩ් එක සමග ඉතාමත් හොද සම්භන්දතාවයක් ලබා ගත හැකි වන් පරිදි නිවරදි යාන්ත්‍රික පොටවල් භාවිතා කරමින් නිපදවා ඇත. මේ නිසා සේවා කටයුක්තකදී නැවත් ගැලවීමට මෙන්න නැවත සවි කිරීමටද පහසු වේ. මෙමගින් spark plug එක සහ සිලින්ඩර් හෙඩ් එක අතර ඉතාමත් හොද භූගත සම්භන්ද තාවයක් මෙන්ම ඉතාමත් හොද තාප සන්නයකතාවයක් ලබා ගත හැකිය.

5. Ground Electrode: මෙය spark plug එකෙහි metal body යට ඉතාමත් හොදින් ශක්තිමත්ව සම්භන්ද කර ඇත. මෙමගින් මද්‍ය ඉලෙක්ට්‍රෝඩය සමග එක් වී විද්‍යුත් පුලිගුවක් නිපද්වීමට ක්‍රියාත්මක වෙයි. මේ නිසා මෙය කාදනයන්ට ඔරොත්තු දෙන පරිදි නිකල් මිශ ලෝහ විශේශයක් භාවිතා කරමින් විශේසයෙන්ම නිපදවා ඇත.


6. Sealing washer/Gasket: සිලින්ඩර් හිස සමග හොදින් මුද්‍රා වීමට උපකාරී වේ. 

7. Insulator tip:දහන කුටීරය දක්වා දික් කර ඇත.


8. Electrode gap:මද්‍ය ඉලෙක්ට්‍රෝඩය සහ භූගත ඉලෙක්ට්‍රෝඩය අතර පවතින පරතරය Electrode Gap ලෙස හැදින් වේ. මෙම පරතරය මගින් , Electrode මගින් නිපදවනු ලබන විද්‍යුත් පුලිගුවේ ප්‍රභලතාවයට සෘජු බලපෑමක් ඇති කරනු ලබයි.


Working principal of spark plug 


    ප්‍රැට්‍රල් ඉන්ධන වාත මිශ්‍රණය ක් භාවිතා කරමින් බලය නිපදවීම සිදු කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින්  වල ignition chamber ට ඉහළින් මෙම spark plug සවි කර ගැනීම සිදු කර ගනු ලබයි.  මෙලෙස සවි කර ඇති spark plug වලට ඉතා ඉහල වෝල්ටීයතා විද්‍යුත් ධාරාව ක් නිපදවිය හැකි ignition coil හෝ magneto coil වලට සම්බන්ධිත විද්‍යුත් රැහැන් සම්බන්ධ කර ඇත.  මෙලෙස ignition coil එක මගින් ජනනය වන අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාව  නිසා spark plug හි මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය හා භූගත ඉලෙක්ට්‍රෝඩය අතර ඉතා ඉහල විභව වෙනසක් ජනනය වීම සිදුවේ. නමුත් ඉලෙක්ට්‍රෝඩ දෙක අතර සම්බන්ධතාවක් ඇතු නොවන පරිදි වාත අවකාශය ක් පිහිටන බැවින් මුලදී ඒවා අතර ධාරා ගලා යාමක් ඇති නොවේ. නමුත් ඉලෙක්ට්‍රෝන ධාරා ප්‍රවාහයක් වෝල්ටීයතාවය ක්‍රමයෙන් වැඩි වන විට spark plug හි මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය සහ භූගත ඉලෙක්ට්‍රෝඩය අතර ඇති වායු අනු අයනීකරණය වීමට ලක් වේ. 

   මෙලෙස ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ඇති වන වෝල්ටීයතාවය එහෙමත් නැතිනම් විද්‍යුත් විභව අන්තරය , ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ඇති වායූන්ගේ පාර විද්‍යුත් ශක්තිය ට වඩා වැඩි වීමත් සමගම එම වායුන් සම්පූර්ණයෙන්ම අයනීකරණයට ලක් වී ඒවා හරහා ධාරා ප්‍රවාහයක් ගලා යාම හේතුවෙන් ගිනි පුලිගු ඇති වීම සිදු වේ. මෙලෙස ගලා යනු ලබන ඉලෙක්ට්‍රෝන ධාරා ප්‍රවාහයේ වැඩි වීමත් සමගම සෑදෙන ගිනි පුලිගු වල උෂ්ණත්වය 60,000K දක්වා ඉහල යයි. 




𝐓ʏᴘᴇ ᴏꜰ 𝐒ᴘᴀʀᴋ 𝐏ʟᴜɢ


     මූලික වශයෙන් 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 වර්ගීකරණය ආකාර දෙකකට සිදු කරනු ලබයි. එනම්:

1.නිපදවීම සදහා භාවිතා කරනු ලබන ද්‍රව්‍ය මත.

2.ක්‍රියාකරනු ලබන උෂ්ණත්වය මත. (𝑶𝒑𝒆𝒓𝒂𝒕𝒊𝒏𝒈 𝒕𝒆𝒎𝒑𝒆𝒓𝒂𝒕𝒖𝒓𝒆)


   𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈 නිපදවීම සදහා භාවිතා කරනු ලබන මූලද්‍රව්‍ය මත පදනම්ව වර්ගීකරණය කිරීම සිදු කර ඇති අතර , අද වන විට මෝටර් රථ ක්ෂේත්‍රයේ  බහුලව භාවිතා කරනු ලබන 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 වර්ග කිහිපයක් පහත දැක්වේ.


𝟏.𝐂𝐨𝐩𝐩𝐞𝐫 𝐬𝐩𝐚𝐫𝐤 𝐩𝐥𝐮𝐠 
𝟐.𝐏𝐥𝐚𝐭𝐢𝐧𝐮𝐦 𝐬𝐩𝐚𝐫𝐤 𝐩𝐥𝐮𝐠 
𝟑.𝐈𝐫𝐢𝐝𝐢𝐮𝐦 𝐬𝐩𝐚𝐫𝐤 𝐩𝐥𝐮𝐠 
𝟒.𝐃𝐨𝐮𝐛𝐥𝐞 𝐩𝐥𝐚𝐭𝐢𝐧𝐮𝐦 𝐬𝐩𝐚𝐫𝐤 𝐩𝐥𝐮𝐠 
𝟓.𝐒𝐢𝐥𝐯𝐞𝐫 𝐬𝐩𝐚𝐫𝐤 𝐩𝐥𝐮𝐠  


  1. Copper spark plug

    අද වන විටත් මෝටර් රථ වෙලද පොලෙහි  ඉතාමත් ජනප්‍රියතම spark plug වර්ගය ලෙසින් Copper spark plug හැදින්විය හැකිය. මෙම වර්ගයේ spark plug වල මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය නිකල් ආලේපිත කොපර් හරයකින් සමන්විත වේ. තඹ ලෝහය සතුව  ඉතාමත් ඉහළ විද්‍යුත් සන්නයකතාවය පවතී. මේ නිසා Turbo charger සවි කල එන්ජින් වල combustion chamber තුලදී නිර්මාණය වන අහිතකර තත්වයන් යටතේ දී පවා ඉන්ධන වාත මිශ්‍රණය දවාලීමට සමත් විද්‍යුත් පුලිඟුව ක් මෙම වර්ගයේ ස්පාර්ක් ප්ලග් මගින් ලබා දීමට සමත් වේ.  නමුත් ඉහල උෂ්ණත්වය වලදී තඹ ලෝහය ක්‍රමයෙන් ද්‍රව අවස්ථාවට පත් වීමේ හැකියාවක් පවතින බැවින් මධ්‍ය ඉලෙක්ට්‍රෝඩ හරය මතුපිට නිකල් මගින් ආලේපනය කර ගනු ලබයි. Copper spark plug වල පවතින ඉතාමත් ඉහළ කාර්‍යක්ශමතාවය නිසා වර්තමානයේ දී පවා මෝටර් රථ නිෂ්පාදකයන් විසින් නිපදවනු ලබන නවීන මෝටර් රථ වලට පවා එහි ක්‍රියාකාරිත්වය ඉහල නංවාලීමේ අරමුණින් මෙම වර්ගයේ ස්පාර්ක් ප්ලග් භාවිතා කරනු ලබයි.



      2.Platinum spark plug 

    නමෙහි සදහන් ආකාරයට ම මෙම වර්ගයේ spark plug නිපදවීම සදහා platinum ලෝහය යොදා ගනු ලබයි. මෙම වර්ගයේ spark plug තුල ඇති මධ්‍ය ඉලෙක්ට්‍රෝඩ හරය නිර්මාණය කර ගැනීම සදහා platinum ලෝහය භාවිතා කර පවතී. Platinum යනු ඉහළ වටිනාකමක් ඇති ලෝහ ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉහලින්ම ඇති ලෝහ වර්ගයකි. මේ හේතුව මත platinum ලෝහය යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන මෙම වර්ගයේ  spark plug ඉතාමත් මිල අධික වේ. 
     Nickel සහ Copper ලෝහ වලට සාපේක්ෂව platinum ලෝහයේ තරමක දෘඪ ස්වාභාවයකින් යුක්ත බැවින් platinum ලෝහය යොදා ගනිමින් නිර්මාණය කර ඇති spark plug හි ආයු කාලය සාපේක්ෂව ඉහළ අගයක පවතී. අනිකුත් ලෝහ වර්ග (nickel සහ copper වැනි ලෝහ) භාවිතයෙන් නිර්මාණය කර ඇති මධ්‍ය ඉලෙක්ට්‍රෝඩීය හරය මත කාලයත් සමග  සිදු වන විවිධාකාර විපර්යාස හේතුවෙන් මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය අභ්‍යන්තරයේ ඉරිතැලීම් ඇති වී ක්‍රියා විරහිත තත්වයට පත් වීම සිදු වේ. තවද මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය සහ භූගත ඉලෙක්ට්‍රෝඩය අතර පවතින පරතරය වැඩි වීම සිදු වී spark plug හි ක්‍රියාකාරිත්වය අහිමි වීම සිදු වේ.
      නමුත් මේ වර්ගයේ spark plug වල මධ්‍ය ඉලෙක්ට්‍රෝඩීය හරය platinum ලෝහය භාවිතා කරමින් නිපදවා ඇති බැවින් ඉහත සදහන් ගැට‍ළු ඇති වීම වළක්වා ගෙන ඇත. එසේම මෙම මෙම වර්ගයේ spark plug වල මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය සහ භූගත ඉලෙක්ට්‍රෝඩය අතර නිර්මාණය වී පවතින spark gap එක අතර කාබන් අපද්‍රව්‍ය තැන්පත් වීමට ද ප්‍රතිරෝධීතාවයක් දක්වනු ලබයි.





𝗛𝗲𝗮𝘁 𝗿𝗮𝗻𝗴𝗲 𝗼𝗳 𝘀𝗽𝗮𝗿𝗸 𝗽𝗹𝘂𝗴


     අභ්‍යන්තර දහන එන්ජිම (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) මගින් දහන චක්‍රයක් සම්පූර්ණ වන අවස්ථාවේ දී ජනනය වන තාපය (𝑯𝒆𝒂𝒕 𝑬𝒏𝒆𝒓𝒈𝒚) විසුරුවා හැරීම සදහා , පිටාර වායුවට සහ සිලින්ඩර හිසට (𝑪𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝑯𝒆𝒂𝒅) සෘජු වම සම්බන්ධ වී ඇති පුළිගු පේනු ද සාපේක්ෂ ලෙස උපකාරී කර ගනී.


    මේ සදහා ස්පාර්ක් ප්ලග් එකේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය (𝑪𝒆𝒏𝒕𝒓𝒆 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒅𝒆) අඩංගු ප්‍රදේශයට එක් රැස් වන දහන තාපයෙන් වැඩි කොටසක් එම ස්පාර්ක් ප්ලග් එක නිර්මාණය වී ඇති කොටස් හරහා ම ක්‍රමානුකූල ව විසිරී යන පරිදි සකසා ඇත.  මෙලෙස ස්පාර්ක් ප්ලග් එකක් වෙත ලැබෙන තාපයෙන් විසුරුවා හරිනු ලබන ප්‍රමාණය අනුව එම ස්පාර්ක් ප්ලග් එකෙහි  අඩංගු "තාප පරාසය"  ("𝒉𝒆𝒂𝒕 𝒓𝒂𝒏𝒈𝒆") තීරණය වේ. මෙය බොහෝ දුරට දහන කුටීරයේ ඇතුළත පවතින දහන වාතයේ උෂ්ණත්වය සහ පුළිගු පේනු (𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈) නිර්මාණය වී පවතින ආකාරය අනුව තීරණය වේ.


     මේ අනුව විශේෂයෙන් පුළිගු පේනුව (𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈) මගින් තාපය විසුරුවා හැරීමේ ප්‍රමාණය සහ මෙහෙයුම් උෂ්ණත්වය (𝑾𝒐𝒓𝒌𝒊𝒏𝒈 𝑻𝒆𝒎𝒑𝒆𝒓𝒂𝒕𝒖𝒓𝒆) යන සාධක මුල් කර ගනිමින් පුලිඟු පේනු වල මූලික සැලසුම් නිර්මාණය කර ගෙන පවතී. 𝑪𝒆𝒏𝒕𝒓𝒆 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒅𝒆 හි විද්‍යුත් පුලිඟුව (𝑺𝒑𝒂𝒓𝒌) නිපදවන කෙළවර කොටසේ සාපේක්ෂ ක්‍රියාකාරී උෂ්ණත්ව පරාසය පදනම් කර ගනිමින් , 𝑯𝒐𝒕 𝒕𝒚𝒑𝒆 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 සහ 𝑪𝒐𝒖𝒍𝒅 𝒕𝒚𝒑𝒆 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 ලෙස වර්ග දෙකකට බෙදා වෙන් කර ඇත. 






📌️  𝐇𝐨𝐭 𝐓𝐲𝐩𝐞 𝐒𝐩𝐚𝐫𝐤 𝐏𝐥𝐮𝐠 


   මගී ප්‍රවාහන කටයුතු සදහා යොදා ගනු ලබන මෝටර් රථ එන්ජින් සදහා 𝑯𝒐𝒕 𝒕𝒚𝒑𝒆 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 බොහෝ විට භාවිතා කරනු ලබයි. අඩු තාප පරාසයක් තුල පවතින ස්පාර්ක් ප්ලග් මගින් අඩු තාප ප්‍රමාණයක් නිදහස් කරමින් මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය උණුසුම් අවස්ථාවේ තබා ගැනීමට ක්‍රියා කරයි. මේ නිසා මෙම වර්ගය 𝑯𝒐𝒕 𝒕𝒚𝒑𝒆 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 ලෙසින් හඳුන්වනු ලබයි. 


     මෙම ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු වීම සදහා 𝑯𝒐𝒕 𝒕𝒚𝒑𝒆 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 තුල දිගු පරිවාරක කෙළවර (𝒊𝒏𝒔𝒖𝒍𝒂𝒕𝒐𝒓 𝒕𝒊𝒑) කොටසක් අන්තර්ගත කර පවතින අතර මේ නිසා දහන වාතයට නිරාවරණය වන 𝒊𝒏𝒔𝒖𝒍𝒂𝒕𝒐𝒓 𝒕𝒊𝒑 මතුපිට ප්‍රදේශය හා 𝒈𝒂𝒔 𝒑𝒐𝒄𝒌𝒆𝒕 ධාරිතාවය විශාල ලෙස නිර්මාණය වී පවතී. ඒ වගේම පරිවාරක කෙළවර (𝑰𝒏𝒔𝒖𝒍𝒂𝒕𝒐𝒓 𝒕𝒊𝒑) කොටසේ සිට ස්පාර්ක් ප්ලග් එකෙහි ආරක්ෂාව සපයනු ලබන දෘඪ ආවරණ කොටස (𝑴𝒆𝒕𝒂𝒍 𝒃𝒐𝒅𝒚) දක්වා තාපය මුදා හරිනු ලබන මාර්ගය දිගු වන බැවින් , තාපය විසුරුවා හැරීම අඩු වී මධ්‍ය ඉලෙක්ට්‍රෝඩයෙහි (𝑪𝒆𝒏𝒕𝒓𝒆 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒅𝒆) උෂ්ණත්වය පහසුවෙන් ඉහල යයි. 

    

     𝑯𝒐𝒕 𝒕𝒚𝒑𝒆 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 සදහා තාපය සෙමින් විසුරුවා හැරිය හැකි ලෙස වැඩි පරිවරණ හැකියාවක් පවතින බැවින් මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය සහ භූගත ඉලෙක්ට්‍රෝඩය අතර තැන්පත් වන කාබන් තැන්පතු දහනය කිරීමට සහ අකලට අපිරිසිදු වීම වළක්වා ගැනීමට තරම් ඉහල උෂ්ණත්වයක පවතී. මේ හේතූන් මත 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 මාරු කරනු ලබන කාල සීමාවන් අතර වැඩි කාල පරතරයක් පවත්වා ගැනීමට හැකි වේ.







📌️  𝐂𝐨𝐥𝐝 𝐓𝐲𝐩𝐞 𝐒𝐩𝐚𝐫𝐤 𝐏𝐥𝐮𝐠 


     ඉහල 𝑹𝑷𝑴 අගයන් සහිත එන්ජින් සදහා මෙන්ම වෙනත් අවස්ථාවන් තුල දී ඉහල උෂ්ණත්වය අගය පරාසයක් තුල ක්‍රියාත්මක වන එන්ජින් සදහා මෙම 𝑪𝒐𝒍𝒅 𝒕𝒚𝒑𝒆 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 භාවිතා කරනු ලබයි. ඉහල තාප පරාසයක් තුල පවතින ස්පාර්ක් ප්ලග් මගින් වැඩි තාප ප්‍රමාණයක් නිදහස් කරමින් මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය සිසිල් අවස්ථාවේ තබා ගැනීමට ක්‍රියා කරයි. මේ නිසා මෙම වර්ගය 𝑪𝒐𝒍𝒅 𝒕𝒚𝒑𝒆 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 ලෙසින් හඳුන්වනු ලබයි.


   මෙම ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු වීම සදහා 𝑪𝒐𝒍𝒅 𝒕𝒚𝒑𝒆 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 තුල කෙටි පරිවාරක කෙළවර (𝒊𝒏𝒔𝒖𝒍𝒂𝒕𝒐𝒓 𝒕𝒊𝒑) කොටසක් අන්තර්ගත කර පවතින අතර මේ නිසා දහන වාතයට නිරාවරණය වන 𝒊𝒏𝒔𝒖𝒍𝒂𝒕𝒐𝒓 𝒕𝒊𝒑 මතුපිට ප්‍රදේශය හා 𝒈𝒂𝒔 𝒑𝒐𝒄𝒌𝒆𝒕 ධාරිතාවය කුඩා ලෙස නිර්මාණය වී පවතී. ඒ වගේම පරිවාරක කෙළවර (𝑰𝒏𝒔𝒖𝒍𝒂𝒕𝒐𝒓 𝒕𝒊𝒑) කොටසේ සිට ස්පාර්ක් ප්ලග් එකෙහි ආරක්ෂාව සපයනු ලබන දෘඪ ආවරණ කොටස (𝑴𝒆𝒕𝒂𝒍 𝒃𝒐𝒅𝒚) දක්වා තාපය මුදා හරිනු ලබන මාර්ගය කෙටි වන බැවින් , තාපය විසුරුවා හැරීම ඉහල මට්ටමක පැවතීම නිසා මධ්‍යම ඉලෙක්ට්‍රෝඩයෙහි (𝑪𝒆𝒏𝒕𝒓𝒆 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒅𝒆) උෂ්ණත්වය පහසුවෙන් ඉහල නොයයි.


   𝑪𝒐𝒍𝒅 𝒕𝒚𝒑𝒆 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 මගින් වේගවත් තාපය විසුරුවා හැරීමේ ක්‍රියාවලියක් සිදු කරන බැවින් ඉලෙක්ට්‍රෝඩ මත තැම්පත් වන කාබන් තැන්පතු දහනය කර ඉවත් කිරීමට අපොහොසත් වේ. මේ හේතුව මත ඉලෙක්ට්‍රෝඩ අපිරිසිදු වීමේ ක්‍රියාවලියට ලක් වී ක්‍රියා විරහිත තත්වයට පත් විය හැකි බැවින් මෙම වර්ගයේ 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 හි සේවා කාල සීමාව කෙටි වේ.











Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry