Posts

Showing posts from June, 2022

Ignition coil

Image
    අභ්‍යන්තර දහන එන්ජිමෙහි 𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාව තුල දී දහන කුටීරය තුළ සිර වී පවතින ඉන්ධන වාත මිශ්‍රණය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝑴𝒊𝒙𝒕𝒖𝒓𝒆) නිවැරදි අවස්ථාවාදී දහනය කර ගත යුතු වේ. මේ සදහා අවශ්‍ය ගිනි පුලිඟුව දහන කුටීරය (𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝑪𝒉𝒂𝒎𝒃𝒆𝒓) මත සවි කර ඇති පුලිඟු පේනු (𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈) මගින් ජනනය කර ගැනීම සිදු කර ගනී. මේ නිසා ජ්වලන දඟරයක් (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑪𝒐𝒊𝒍) භාවිතා කරමින් ජනනය කර ගනු  ලබන අධි වෝල්ටීයතාවය (𝑯𝒊𝒈𝒉 𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) උපකාරී කර ගනිමින් , පුලිඟු පේනුව මත අවශ්‍ය විද්‍යුත් පුලිඟුව (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑺𝒑𝒂𝒓𝒌) නිපදවා ගැනීම සිදු කර ගනී.      මෙය මගින් බැටරියේ පවතින අඩු වෝල්ටීයතා විද්‍යුත් ධාරාව (𝟏𝟐𝑽 හෝ 𝟐𝟒𝑽) භාවිතා කරමින් ඉතා ඉහල වෝල්ටීයතාවයකට (𝟐𝟎,𝟎𝟎𝟎𝒗~𝟓𝟎,𝟎𝟎𝟎𝒗)  නංවා ගත හැකි පරිදි නිපදවා ඇති අධිකර පරිණාමක (𝒔𝒕𝒆𝒑 𝒖𝒑 𝒕𝒓𝒂𝒏𝒔𝒇𝒐𝒓𝒎𝒆𝒓) වර්ගයට අයත් පේරක දඟරයකි. Working principal          ජ්වලන දඟරය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික එතුමකින්, ද්විතීයික එතුමකින් සහ මෘදු යකඩ හරයකින් සමන්විත වේ. ප්‍රාථමික එතුම

Capacitor

Image
    ධාරිත්‍රක(capacitor) යනු විද්‍යුත් ශක්තිය(electrical enargy) ගබඩා කර ගත හැකි උපකරණයකි.   ඉලෙක්ට්‍රොනික උපකරණ වල හැඩයෙන් , ප්‍රමාණයෙන් හා ධාරිතාවෙන්(Capacitance) වෙනස් විවිධ  ධාරිත්‍රක වර්ග භාවිතා කරනු ලබයි.       එය පරිවාරක මාධ්‍යය ක්   මැදි වන ලෙස ප්‍රතිවිරුද්ධ ලකුණු සහිත සමාන විශාලත්වයෙන් යුත් ආරෝපණ(Charge) රැගෙන යා හැකි සන්නායක දෙකක සැකැස්මකින් යුත් වේ. මෙහි ඇති පරිවාරක මාධ්‍ය (සන්නායක නොවන කලාපය) ලෙස: • Glass • Paper • Air • Semi-conductor වැනි විද්‍යුත් පරිවාරක(electric insulator) හෝ රික්තක(Vacuum) මාධ්‍යයන්  භාවිතා කර ඇත. මේ සදහා භාවිතා කරනු ලබන පරිවාරක ද්‍රව්‍ය පාර-විද්‍යුත් ද්‍රව්‍ය (Dielectric) ලෙසින් පොදුවේ හදුන්වනු ලබයි.  Charge on capacitor       ධාරිත්‍රකයේ ගබඩා වන ආරෝපන ප්‍රමාණය Q ලෙස ගනිමු     එවිට ධාරිත්‍රකයේ ශුද්ධ ආරෝපනය එහෙම නැත්තන්  සම්පූර්ණ ආරෝපනය ශුන්‍ය වේ.     (+Q) + (-Q) = 0   නිසා.     පාර-විද්‍යුත් මාධ්‍ය දෙපස ඇති එක් සන්නයක් වටා ධන ආරෝපන(+Q) එක් රැස් වෙන අතර ඒ නිසා එය ධන විභවයක්(+V) ලබා ගනී. අනෙක් සන්නයකය වටා සෘන ආරෝපන(-Q) එක් රැස් වෙන අතර එය සෘන විභවයක්(

Battery Capacity

Image
 විශේෂයෙන් බැටරියක් ශේණිගත කර තිබෙන කාණ්ඩය මත හෝ බැටරියේ පවතින යම් යම් ලක්ෂණ මත , අප විසින් සලකනු ලබන බැටරිය මගින්: • කොපමණ ධාරා ප්‍රමාණයක් නිපදවා ගත හැකි ද යන්න, • නිපදවා ගන්නා ධාරාව කොපමණ කාලයක් රදවා තබා ගැනීමේ හැකියාව පවතී ද යන්න පිළිබදව සරල අදහසක් ලබා ගැනීමේ හැකියාව පවතී. "බැටරියක ගබඩා කර තැබිය හැකි විද්‍යුත් ශක්ති ප්‍රමාණය බැටරි ධාරිතාව ලෙසින් හැදින් වේ."     බැටරියක් මගින් ධාරාව නිපදවීමේ වේගය , බැටරිය තුල සිදු වනු ලබන රසායනික ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවය අනුව සිදු වේ. එය: 1. Surface area of the plates, 2. Temperature, 3. Electrolyte strength, 4. Current demanded     වැනි සාධක ගණනාවක් මත බැටරි ධාරිතාව ය රදා පවතී. Ampere Hour Capacity        26.7°C නියත උෂ්ණත්වය ක් යටතේ සම්පූර්ණයෙන්ම ආරෝපිත බැටරි කෝෂ වල වෝල්ටීයතාවය 1.75V කට වඩා පහල නොගොස් පැය 20තුල නොකඩවා ලබා ගත හැකි නියත විද්‍යුත් ධාරා ප්‍රමාණය 20 වැඩි කල විට ලැබෙන අගය බැටරියක Ampere Hour ධාරිතාවය ලෙසින් නිර්වචනය කර ඇත.  එය Ah කියන සම්මත SI ඒකකය මගින් නිරූපනය කෙරේ. Reserve Capacity        26.7°C නියත උෂ්ණත්වයක් යටතේ සම්පූර

Crankshaft

Image
      𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮 𝗰𝗿𝗮𝗻𝗸𝘀𝗵𝗮𝗳𝘁?         දගර කද (𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕) යනු අභ්‍යන්තර දහන එන්ජිම(𝑰𝒏𝒕𝒆𝒓 𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල සිදු වන භ්‍රමණ යාන්ත්‍රික චලන ක්‍රියාවලිය සදහා දායක වන ප්‍රධානතම උපාංගයයි. මෙය භාවිතා කරමින් , අභ්‍යන්තර දහන එන්ජිම තුල දී 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එකෙහි සිදු වන පරස්පරතා රේඛීය චලිතය (𝒓𝒆𝒄𝒊𝒑𝒓𝒐𝒄𝒂𝒕𝒊𝒏𝒈 𝒎𝒐𝒕𝒊𝒐𝒏 𝒐𝒓 𝒍𝒊𝒏𝒆𝒂𝒓 𝒎𝒐𝒕𝒊𝒐𝒏) භ්‍රමණ චලිතයක් (𝒓𝒐𝒕𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝒎𝒐𝒕𝒊𝒐𝒏) බවට පරිවර්තනය කර ගැනීම සිදු කර ගනී. මෙම පරිවර්තන ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සදහා අතරමැදි උපාංගයක් ලෙස 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈-𝒓𝒐𝒅 නමින් හඳුන්වනු ලබන සුවිශේෂී යාන්ත්‍රික උපාංගය භාවිතා කිරීම සිදු කරනු ලබයි. මෙය භාවිතා කරමින් 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක හා සම්බන්ධ කර ගැනීම සිදු කරයි.     𝗖𝗿𝗮𝗻𝗸 + 𝗦𝗵𝗮𝗳𝘁 -----> 𝗖𝗿𝗮𝗻𝗸𝘀𝗵𝗮𝗳𝘁  • 𝐂𝐫𝐚𝐧𝐤 - සෘජු කෝණික ලෙස පිටතට නවා ඇති 𝒂𝒙𝒍𝒆 හෝ 𝒔𝒉𝒂𝒇𝒕 වලට අයත් යාන්ත්‍රික කොටස් 𝒄𝒓𝒂𝒏𝒌 යන විශේෂිත නාමයෙන් හඳුන්වනු ලබයි. මෙම 𝒄𝒓𝒂𝒏𝒌 යොදා ගනිමින් පුනරාවර්තී ල

Engine operating system

Image
  අභ්‍යන්තර දහන එන්ජිම( Internal combustion engine ) තුල සිදු වන දහන ක්‍රියාවලිය ප්‍රදාන කොටස් හතරකට බෙදා වෙන් කර ඇත: 1. Inlert of air fuel mixture 2. Compression 3. Ignite of fuel 4. Exhaust       මේ කොටස් 4 එකතුව අභ්‍යන්තර දහන එන්ජිමෙහි මෙහෙයුම් චක්‍රයක් (operating cycle) ලෙස හැදින් වේ.      මෙහෙයුම් චක්‍රය යනු අභ්‍යන්තර දහන එන්ජිම තුල සිදු වන  දහන ක්‍රියාවලිය  ඉතාමත් නිවැරදිව , නියමිත වේලාවේ සකසා ඇති අනුපිළිවෙළකට පුනරාවර්තනය වෙමින් සිදු වීමයි. මෙම ක්‍රියාවලින් ගේ අවසාන ප්‍රතිඵලය වන්නෙ එන්ජිම ක්‍රියා කිරීමයි.  මෙහෙයුම් චක්‍රය සිදු වීම සදහා දඟර කද ( Crankshaft ) එක වටයක් භ්‍රමණය වන්නේ නම් එවනි එන්ජින් 2 strock Engine ලෙස හැදින් වේ. දගර කද වට 2ක් භ්‍රමණය වී එක් මෙහෙයුම් චක්‍රයක් සම්පූර්ණ කරයි නම් එවැනි එන්ජින් 4 strock engine ලෙසින් හැදින් වේ. 1. Inlert of air-fuel mixture         මෙම අවස්තාවේ දී පිස්ටනය සිලින්ඩර් බෝරය තුල TDC (Top Dead Center ) අවස්තාවේ සිට BDC (Bottom Dead Center)  අවස්තාව දක්වා ගමන් කරයි. මෙලෙස පිස්ටනය සිලින්ඩර් බෝරය ඉස්සේ පහලට ගමන් කිරීම නිසා සිලින්ඩර් බෝරය තුල

ignition system

Image
Ignition System Table of Contents 𝗪𝗵𝗮𝘁 𝗜𝘀 𝗮𝗻 𝗜𝗴𝗻𝗶𝘁𝗶𝗼𝗻 𝗦𝘆𝘀𝘁𝗲𝗺?      𝑺𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 මූලධර්මය මත ක්‍රියාත්මක වන අභ්‍යන්තර දහන එන්ජින් , 𝒐𝒊𝒍-𝒇𝒊𝒓𝒆𝒅 𝒐𝒓 𝒈𝒂𝒔-𝒇𝒊𝒓𝒆𝒅 𝒃𝒐𝒊𝒍𝒆𝒓𝒔 සහ 𝒓𝒐𝒄𝒌𝒆𝒕 𝒆𝒏𝒈𝒊𝒏𝒆𝒔 තුල සිදු වන දහන ක්‍රියාකාරිත්වය සදහා භාවිතා කරනු ලබන වාත-ඉන්ධන  මිශ්‍රණය ගිනි දල්වා ගැනීමේ මූලික ක්‍රියාවලිය ජ්වලන පද්ධතියක් භාවිතා කරමින් සිදු කර ගනු ලබයි. මේ නිසා දහන ක්‍රියාවලිය සදහා ජ්වලන පද්ධතියක් යොදා ගනු ලබන එන්ජින් 𝒔𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒆𝒏𝒈𝒊𝒏𝒆 ලෙසින් හඳුන්වනු ලබයි. මෙහි දී කිසියම් උපක්‍රමයන් භාවිතා කරමින් ජනනය කර ගනු ලබන අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාවක් සුදුසු ඉලෙක්ට්‍රෝඩ දෙකක් හරහා යොමු කරමින් අවශ්‍ය කරනු ලබන ගිනි පුලිඟුවක් නිපදවා ගැනීම සිදු කර ගනු ලබයි. මෙලෙස ජනනය වන ගිනි පුලිඟුව උපකාරී කර ගනිමින් එන්ජිම තුල අධි පීඩනයට ලක් කර ඇති ඉන්ධන වාත මිශ්‍රණය ක්ෂණිකව ඉහල උෂ්ණත්වයකට පත් කර ගිනි දල්වා ගැනීමට හැකි වේ.     පෙට්‍රල් (𝑷𝒆𝒕𝒓𝒐𝒍) එහෙමත් නැතිනම් ගැසොලීන් (𝑮𝒂𝒔𝒐𝒍𝒊𝒏𝒆) ඉන්ධන වශය

Inter combustion engine

Image
    𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝘀 𝟏. 𝐄𝐱𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐂𝐨𝐦𝐛𝐮𝐬𝐭𝐢𝐨𝐧 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐬 (𝐄.𝐂 𝐄𝐧𝐠𝐢𝐧𝐞) 𝟐. 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐂𝐨𝐦𝐛𝐮𝐬𝐭𝐢𝐨𝐧 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐬 (𝐈.𝐂 𝐄𝐧𝐠𝐢𝐧𝐞) 📌️𝐄𝐱𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐂𝐨𝐦𝐛𝐮𝐬𝐭𝐢𝐨𝐧 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐬 (𝐄.𝐂 𝐄𝐧𝐠𝐢𝐧𝐞)    ඉන්ධන දහනය එන්ජින් සිලින්ඩරයෙන් පිටත සිදු වන එන්ජින් බාහිර දහන එන්ජින් (𝑬𝒙𝒕𝒆𝒓𝒏𝒂𝒍-𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒈𝒊𝒏𝒆) ලෙසින් හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස 𝒔𝒕𝒓𝒆𝒂𝒎 𝒕𝒖𝒓𝒃𝒊𝒏𝒆 , 𝑮𝒂𝒔 𝒕𝒖𝒓𝒃𝒊𝒏𝒆 ආදී එන්ජින් හඳුන්වා දිය හැකි ය.  📌️𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐂𝐨𝐦𝐛𝐮𝐬𝐭𝐢𝐨𝐧 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐬 (𝐈.𝐂 𝐄𝐧𝐠𝐢𝐧𝐞)      එන්ජින් සිලින්ඩරය තුල ඉන්ධන දහනය සිදු වන එන්ජින් අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒍 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒈𝒊𝒏𝒆) ලෙසින් හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස 𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒆𝒏𝒈𝒊𝒏𝒆 , 𝒅𝒊𝒆𝒔𝒆𝒍 𝒆𝒏𝒈𝒊𝒏𝒆 ආදී එන්ජින් වර්ග පෙන්වා දිය හැකිය. 𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝗹 𝗖𝗼𝗺𝗯𝘂𝘀𝘁𝗶𝗼𝗻 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝘀      පහත දැක්වෙන්නෙ 𝒊𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒍 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒆𝒏𝒈𝒊𝒏𝒆 (𝑰𝑪 𝑬𝑵𝑮𝑰𝑵

DC Curcit

Image
      සරල ධාරාවක් (Direct Current )  ගලා යන සංවෘත මාරගය සරල දාරා පරිපතයක් (DC Curcit ) ලෙස හැදින්වේ. ධාරාව එක් දිශාවකට පමනක් ගලා යන අතර බොහෝ විට අඩු වෝල්ටීයතා යෙදුම් වල භාවිතා වේ. ප්‍රතිරෝධක ( Ressistor ) , DC Curcit වලදී දක්නට ලැබෙන ප්‍රදානතම උපාංගයක් වේ.

Lead Acid Battery

Image
      විද්‍යුත් ශක්තිය( Electrical Energy ) , රසායනික ශක්තිය( Chemical Energy ) බවය පරිවර්තනය කර ගබඩා කර අවශ්‍ය විටදී එම රසායනික ශක්තිය , විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර ගත හැකි පරිදි නිපදවා ඇති බැටරි ද්වීතික බැටරි ( Secondary battery ) ලෙස හඳුන්වයි.       බාහිර විද්‍යුත් ප්‍රභවයක් යෙදීම මගින් විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය  බවට පරිවර්තනය කිරීම බැටරි ආරෝපණය ( battery charging )ලෙසින් හැදින් වේ. ද්වීතික බැටරියේ සිට පිටතට ධාරා( Current ) සැපයීමක් ලබා ගැනීම සදහා රසායනික ශක්තිය, විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම බැටරි විසර්ජනය ( battery discharging )කිරීම ලෙස හැදින් වේ.       Lead - acid - battery යනු විද්‍යුත් ආරෝපණ ගබඩා කිරීම සදහා බහුලව භාවිතා වන බැටරි වර්ගයක් වේ. ද්වීතික බැටරි ( Secondary battery )  කාණ්ඩය යටතේ වර්ග කර ඇති මෙම බැටරි වල ඇති සුවිශේෂ වාසිය නම් නැවත නැවත ආරෝපණය කර භාවිතා කිරීමේ ඇති හැකියාවයි. මේ වාසිය නිසා lead-acid-battery මෝටර් රථ විදුලි පද්ධතිය සදහා අවශ්‍ය විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම සදහා අද වන විට බහුල වම භාවිතා කරනු ලබන බැටරි වර්ගය ලෙස සදහන් කල හැකිය.     ඊයම්

Spark plug

Image
Table of Contents What is a Spark Plug? Requirement of a Spark Plug The main part of a Spark Plug Working Principle of Spark Plug Type of Spark Plug What is a Spark Plug?     𝑺𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 එහෙමත් නැතිනම් 𝒔𝒑𝒂𝒓𝒌𝒊𝒏𝒈 𝒑𝒍𝒖𝒈 යන නම් වලින් හඳුන්වනු ලබන උපාංගය යොදාගනිමින් 𝒄𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාවේ එන්ජින් සිලින්ඩරය තුල නිර්මාණය වන 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓 තුල ඇති ප්‍රෙට්ට්‍රල් ඉන්ධන වාත මිශනය දල්වා ගැනීමට සදහා භාවිතා කරයි. ඉන්දන දහනය කර ශක්තිය නිපදවා ගැනීම සදහා ප්‍රැට්‍රල් ඉන්ධනයක් වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් වල දහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය ගිනි පුළිගුව (𝑺𝒑𝒂𝒓𝒌) නිපදවා ගැනීම මෙහි මූලික ම සහ එකම කාර්‍යයයි.   𝑺𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 උපාංගය 𝒑𝒆𝒕𝒓𝒐𝒍 ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් වල 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒉𝒆𝒂𝒅 එක මත හොදින් සවි කර ගැනීම සිදු කරයි. මෙසේ සවි කර ගත් 𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈 එක මත ඇති වායු පරතරයක් (𝑨𝒊𝒓 𝒈𝒂𝒑) පිහිටන පරිදි නිර්මාණය වී පවතිනු ලබන ඉලෙක