ignition system
Ignition System
Table of Contents
𝗪𝗵𝗮𝘁 𝗜𝘀 𝗮𝗻 𝗜𝗴𝗻𝗶𝘁𝗶𝗼𝗻 𝗦𝘆𝘀𝘁𝗲𝗺?
𝑺𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 මූලධර්මය මත ක්‍රියාත්මක වන අභ්‍යන්තර දහන එන්ජින් , 𝒐𝒊𝒍-𝒇𝒊𝒓𝒆𝒅 𝒐𝒓 𝒈𝒂𝒔-𝒇𝒊𝒓𝒆𝒅 𝒃𝒐𝒊𝒍𝒆𝒓𝒔 සහ 𝒓𝒐𝒄𝒌𝒆𝒕 𝒆𝒏𝒈𝒊𝒏𝒆𝒔 තුල සිදු වන දහන ක්‍රියාකාරිත්වය සදහා භාවිතා කරනු ලබන වාත-ඉන්ධන මිශ්‍රණය ගිනි දල්වා ගැනීමේ මූලික ක්‍රියාවලිය ජ්වලන පද්ධතියක් භාවිතා කරමින් සිදු කර ගනු ලබයි. මේ නිසා දහන ක්‍රියාවලිය සදහා ජ්වලන පද්ධතියක් යොදා ගනු ලබන එන්ජින් 𝒔𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒆𝒏𝒈𝒊𝒏𝒆 ලෙසින් හඳුන්වනු ලබයි. මෙහි දී කිසියම් උපක්‍රමයන් භාවිතා කරමින් ජනනය කර ගනු ලබන අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාවක් සුදුසු ඉලෙක්ට්‍රෝඩ දෙකක් හරහා යොමු කරමින් අවශ්‍ය කරනු ලබන ගිනි පුලිඟුවක් නිපදවා ගැනීම සිදු කර ගනු ලබයි. මෙලෙස ජනනය වන ගිනි පුලිඟුව උපකාරී කර ගනිමින් එන්ජිම තුල අධි පීඩනයට ලක් කර ඇති ඉන්ධන වාත මිශ්‍රණය ක්ෂණිකව ඉහල උෂ්ණත්වයකට පත් කර ගිනි දල්වා ගැනීමට හැකි වේ.
පෙට්‍රල් (𝑷𝒆𝒕𝒓𝒐𝒍) එහෙමත් නැතිනම් ගැසොලීන් (𝑮𝒂𝒔𝒐𝒍𝒊𝒏𝒆) ඉන්ධන වශයෙන් භාවිතා කරමින් මහා මාර්ගයේ ධාවනයට යොදා ගනු ලබන මෝටර් රථ සහ යතුරු පැදි බල ගැන්වීම සදහා ඉතා බහුල ලෙසින් 𝒔𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 සහිත අභ්‍යන්තර දහන එන්ජින් යොදා ගනු ලබයි.
ජ්වලන පද්ධතියක් (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎) යනු 𝒔𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 සහිත අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) සදහා භාවිතා කරනු ලබන සුවිශේෂී පද්ධතියකි. ස්පාර්ක් ජ්වලන එන්ජින් තුල පිහිටා ඇති දහන සිලින්ඩරයෙහි සම්පීඩිත (𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓) ඉන්ධන වාත මිශ්‍රණය දල්වා ගැනීම සදහා යම් උපක්‍රමයක් අවශ්‍ය වේ. මේ සදහා සම් පීඩිත අවස්ථාවේ (𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 𝒔𝒕𝒓𝒐𝒌𝒆) දී දහන කුටීරය තුල සිර වී ඇති ඉන්ධන - වාත මිශ්‍රණය (𝒂𝒊𝒓 𝒇𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) ගිනි දැල්වීම සදහා අවශ්‍ය විද්‍යුත් පුලිඟුව (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒔𝒑𝒂𝒓𝒌) ජනනය කර ගැනීම සදහා 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎 භාවිතා කර ගනිමින් සිදු කර ගනී.
මෙම ජ්වලන පද්ධතිය (𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎) සදහා ප්‍රධාන වශයෙන් පුලිඟු පේනු (𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈) ලෙසින් හඳුන්වනු ලබන විශේෂිත උපාංගයන් අන්තර්ගත වන අතර එම 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 වෙත අවශ්‍ය අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාව නිපදවීමේ සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය සිදු කර ගනු ලබන කොටස් වලින් සමන්විත වේ. මෙය ජ්වලන පද්ධති යොදා ගනිමින් එන්ජින් සිලින්ඩර් (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓) තුල සිර කර පවතින ඉන්ධන වාත මිශ්‍රණය දල්වා ගැනීම සදහා නිවැරදි ම වේලාවේ දී ගිනි පුලිඟුවක් ලබා දීමේ ක්‍රියාවලිය සිදු කර ගනු ලබයි.
𝑨𝒍𝒆𝒔𝒔𝒂𝒏𝒅𝒓𝒐 𝑽𝒐𝒍𝒕𝒂’𝒔 විසින් 𝟏𝟕𝟖𝟎 ආසන්න කාල වකවානුවක දී නිපදවූ 𝒕𝒐𝒚 𝒆𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒑𝒊𝒔𝒕𝒐𝒍 හි ක්‍රියාකාරිත්වය සදහා පළමු වරට විද්‍යුත් පුළිගු ජ්වලන ක්‍රියාකාරිත්වය යොදා ගත් බව සදහන් වේ. 𝑺𝒊𝒆𝒈𝒇𝒓𝒊𝒆𝒅 𝑴𝒂𝒓𝒄𝒖𝒔 විසින් ප්‍රථම වරට ගෑස් මගින් ක්‍රියාත්මක වන අභ්‍යන්තර දහන එන්ජිමක් සදහා විද්‍යුත් ජ්වලන උපාංගයක් සාර්ථකව යොදා ගත් අතර මේ සදහා ඔහුට 𝟏𝟗𝟖𝟒 ඔක්තොම්බර් 𝟎𝟒 වන දින පේටන්ට් බලපත්‍රය හිමි විය.
𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗶𝗴𝗻𝗶𝘁𝗶𝗼𝗻 𝘀𝘆𝘀𝘁𝗲𝗺
ප්‍රධාන වශයෙන් මෝටර් රථ එන්ජින් සදහා භාවිතා කරනු ලබන ජ්වලන පද්ධතීන් කිහිපයක් පහත දැක්වේ.
- 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲 𝐢𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐬𝐲𝐬𝐭𝐞𝐦 𝐨𝐫 𝐜𝐨𝐢𝐥 𝐢𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐬𝐲𝐬𝐭𝐞𝐦 (𝐂𝐨𝐧𝐯𝐞𝐧𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐈𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐬𝐲𝐬𝐭𝐞𝐦)
- 𝐌𝐚𝐠𝐧𝐞𝐭𝐨 𝐢𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐬𝐲𝐬𝐭𝐞𝐦
- 𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐧𝐢𝐜 𝐈𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐒𝐲𝐬𝐭𝐞𝐦
ඉහත ජ්වලන පද්ධතීන් සියල්ලම පාහේ පොදුවේ විද්‍යුත් චුම්බක පේරන මූලධර්ම (𝒆𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒊𝒏𝒅𝒖𝒄𝒕𝒊𝒐𝒏) මත පදනම්ව ක්‍රියාත්මක වීම සිදු වේ. බැටරි ජ්වලන පද්ධතිය (𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑺𝒚𝒔𝒕𝒆𝒎) බොහෝ දුරට මගී මෝටර් රථ සදහා මෙන්ම සැහැල්ලු ට්‍රක් රථ සදහා භාවිතා කරනු ලබයි.
බැටරි ජ්වලන පද්ධතිය තුල අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාව ජනනය කර ගැනීම සදහා ජ්වලන දඟරය (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑪𝒐𝒊𝒍) නම් උපාංගයක් භාවිතා කරනු ලබයි. මෙහි අන්තර්ගත ප්‍රාථමික දඟර එතුම (𝑷𝒓𝒊𝒎𝒂𝒓𝒚 𝑾𝒊𝒏𝒅𝒊𝒏𝒈) සදහා මෝටර් රථ බැටරි වෝල්ටීයතාවය යොදා ගනිමින් ද්වීතික දඟරය (𝑺𝒆𝒄𝒐𝒏𝒅𝒂𝒓𝒚 𝒘𝒊𝒏𝒅𝒊𝒏𝒈) හරහා අධි වොල්ටීයතා විද්‍යුත් ධාරාවක් (𝑯𝒊𝒈𝒉 𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) ජනනය කර ගනු ලබයි.
නමුත් මැගින්ටෝ ජ්වලන පද්ධති (𝑴𝒂𝒈𝒏𝒆𝒕𝒐 𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎) තුල දී , පද්ධතිය තුලම නිපදවෙන ප්‍රාත්මික ධාරාව උපයෝගී කර ගනිමින් ද්විතීයික දගර එතුම හරහා අවශ්‍ය කරනු ලබන අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාව නිපදවා ගනු ලබයි.
𝗔𝗻 𝗶𝗴𝗻𝗶𝘁𝗶𝗼𝗻 𝗶𝗻 𝘁𝗵𝗲 𝘃𝗲𝗵𝗶𝗰𝗹𝗲
මෝටර් රථ සඳහා භාවිතා කරනු ලබන ජ්වලන පද්ධතිය (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑺𝒚𝒔𝒕𝒆𝒎) මගින් අභ්‍යන්තර දහන එන්ජිමෙහි (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) දහන කුටීර (𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓) තුල සිර කර ගෙන පවතින ඉන්ධන-වාත මිශ්‍රණය දල්වා ගැනීමට අදාළ මූලික ආරම්භය ලබා දෙනු ලබන අතර එමගින් දහන ක්‍රියාවලිය ආරම්භ කර එන්ජිම බල ගැන්වීම සිදු කරයි. මෙහි දී , ජ්වලන පද්ධතිය යොදා ගනිමින් අභ්‍යන්තර දහන එන්ජිමෙහි සිලින්ඩර් හිසට (𝑪𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒉𝒆𝒂𝒅) සවි කර පවතින පුලිඟු-පේනු (𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈) වෙත ක්ෂණිකව වැඩි වන අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාවක් (වෝල්ට් 𝟐𝟎,𝟎𝟎𝟎 සිට 𝟒𝟎,𝟎𝟎𝟎 දක්වා ඉහල වෝල්ටීයතාවයක්) සැපයීම සිදු කරනු ලබයි. මෙලෙස ක්ෂණිකව ඉහල යන අධි වෝල්ටීයතා රැළිති වල වෝල්ටීයතාවය කිසියම් වූ නිශ්චිත සීමාවකට ලඟා වූ විට , පුළිගු පේනු හිඩැස්මේ (𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈 𝒈𝒂𝒑) ඇති ඉන්ධන-වාත මිශ්‍රණය අයනීකරණ ක්‍රියාවලියට ලක් වීම හේතුවෙන් විද්‍යුත් චාපයක් හෝ ගිනි පුපුරක් නිර්මාණය වීම සිදු වේ.
𝑺𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 වර්ගයේ අභ්‍යන්තර දහන එන්ජින් තුල අන්තර්ගත පිස්ටනය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑷𝒊𝒔𝒕𝒐𝒏) එහි සම්පීඩන පහරේ ඉහළම සීමාවට ලගා වන විට ඊට සමගාමී ලෙසින් දහන කුටීරය තුල සිර වී පවතින ඉන්ධන-වාත මිශ්‍රණය ඉහල සම්පීඩන ක්‍රියාවලියට ලක් වීම සිදු වේ. මෙලෙස සම්පීඩන පහර (𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 𝒔𝒕𝒓𝒐𝒌𝒆) තුල දී දහන කුටීරය තුල හොඳින් සිර වී පවතින ඉන්ධන-වාත මිශ්‍රණය දල්වා ගැනීම සඳහා සිලින්ඩර් හිසට ඉහළින් සවි කර ගෙන පවතින පුලිඟු-පේනු ඉලෙක්ට්‍රෝඩ (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒅𝒆) හරහා ජනනය කර ගනු ලබන විද්‍යුත් පුළිඟු (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒔𝒑𝒂𝒓𝒌) උපකාරී කර ගනී. මෙම විද්‍යුත් චාප පුළිඟු මගින් අධික ලෙස සම්පීඩිත ඉන්ධන වාත මිශ්‍රණය දල්වා ගැනීමට අදාළ වූ දහන ක්‍රියාවලිය ආරම්භ කරනු ලබයි. මෙලෙස සපයනු ලබන ගිනි පුපුර ඉන්ධන දහනය කිරීමට අවශ්‍ය තාපය හා ශක්තිය ලබා දෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් වායූන් වේගයෙන් ප්‍රසාරණය ක්‍රියාවලියට ලක් වීම මගින් එන්ජිම ධාවනයට අවශ්‍ය බලය නිපදවේ.
ඒ වගේම එන්ජිම කාර්‍යක්ශම මට්ටමෙන් ක්‍රියාත්මක වීම සඳහා ගිනි පළිඟුව නිකුත් කරන වේලාව ඉතාමත් වැදගත් වේ. මේ සඳහා වායු ඉන්ධන මිශ්‍රණය අධික ලෙස සම්පීඩනය වී ජ්වලනයට සූදානම් වන අවස්ථාව එනම් සම්පීඩන පහරේ අවසානයට ආසන්න මොහොතේ , නිවැරදි ම ලක්ෂ්‍යයේ දී ගිනි පළිඟුව නිකුත් විය යුතු ය. මෙම ක්‍රියාවලිය අභ්‍යන්තර දහන එන්ජිම තුල සිදු වන සෑම ක්‍රියාකාරී දහන චක්‍රයක් තුල දීම නිවැරදි ආකාරයෙන් සිදු විය යුතු වේ. මෙලෙස ගිනි පුළිගුව යෙදිය යුතු කාලය එනම් ජ්වලන කාලය (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒕𝒊𝒎𝒆) ඉතාමත් නිවරදිව නිර්ණය කිරීම මගින් දහන කුටීරය තුල සිදු වන දහන ක්‍රියාවලිය ප්‍රශස්ත මොහොතේ ආරම්භ වන බව සහතික කර ගත හැකි වේ. මේ නිසා ඉන්ධන වාත මිශ්‍රණය සම්පූර්ණයෙන් සහ කාර්‍යක්ශමව දහනය කිරීමට ඉඩ සලසනු ලබයි. විද්‍යුත් පුළිගුව නියමිත කාලයට ඉක්මනින් හෝ ප්‍රමාද වී ලැබුනහොත් එමගින් අකාර්යක්ෂම මට්ටමේ දහනයක් සිදු වීම නිසා බලශක්තිමය හානියක් සිදු වේ. ඒ වගේම අහිතක වායු විමෝචනය ඉහල යාම සහ අභ්‍යන්තර මට්ටමින් එන්ජිමට හානි සිදු වීමට ද හේතු විය හැක.
එන්ජිම අධිවේගීව ක්‍රියාත්මක වන මොහොතේ දී හෝ තෙරපුන් කොටස පූර්ණ මට්ටමින් විවෘත වී පවතින අවස්ථාවේ (𝒇𝒖𝒍𝒍-𝒕𝒉𝒓𝒐𝒕𝒕𝒍𝒆 𝒐𝒑𝒆𝒓𝒂𝒕𝒊𝒐𝒏) දී ජ්වලන කාලය සාමාන්‍ය මට්ටමට වඩා ඉදිරියට ගෙන යමින් සංවර්ධනය කර ගත යුතු වේ. මෙම ක්‍රියාවලිය 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒕𝒊𝒎𝒊𝒏𝒈 𝒂𝒅𝒗𝒂𝒏𝒄𝒆 ලෙසින් හඳුන්වනු ලබන අතර මෙහි දී එන්ජිම අඩු වේගයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවන්ට සාපේක්ෂව ජ්වලන පුළිඟුවේ දැල්වීම කලින් සිදු වේ. මෙම ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වන්නේ පිස්ටනය ඉහල මුදුන් සීමාවට පැමිණීමත් සමග ඉන්ධන වාත මිශ්‍රණය දහනය වී උපරිම පීඩනයකට ලඟා වීමට වැඩි කාලයක් ලබා දෙන බැවිනි. මෙලෙස මිශ්‍රණය කලින් දැල්වීම මගින් බල පහරේ නියම වේලාවට උපරිම පීඩනය ලබා ගැනීම සහතික කර වඩාත් හොඳ මට්ටමේ එන්ජින් ක්‍රියාකාරිත්වයක් සහ බල ප්‍රතිදානයක් ලබා ගත හැකි වේ.
ජ්වලන පද්ධතිය ඉහල සහ පහල එන්ජින් වේගයන්හි දී , කාර්‍යක්ශම ඉන්ජින් ක්‍රියාකාරිත්වයක් සහතික කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඉහල සහ අඩු වේගයන් දෙකෙහි ම කාර්යක්ෂමව ක්‍රියා කරමින් ජ්වලන පද්ධතිය එන්ජිමේ ක්‍රියාකාරිත්වයට , ඉන්ධන කාර්‍යක්ශමතාවයට සහ අහිතකර වායු විමෝචනය පාලනය කිරීම සඳහා දායක වේ. ඒ වගේම ජ්වලන පද්ධතියෙහි සැහැල්ලු බව, සරල බව හා සංයුක්ත බව හේතුවෙන් සමස්ත මෝටර් රථයෙහි විශ්වාශනීත්වය , කාර්‍යය සාධනය සහ කාර්‍යක්ශමතාවය වැනි ගුණාංග වැඩි දියුණු කරයි. මෙම ගුණාංග මෝටර් රථයේ පිරිවැය-ඵලදායිකථාවයට සෘජු වම දායක වේ. ඒ මොකද කියනවා නම් ජ්වලන පද්ධතිය පහසුවෙන් නඩත්තු කිරීමේ හැකියාව සහ අඩු බර හේතුවෙන් මෝටර් රථයේ ආයු කාලය තුල නඩත්තු කිරීමට වැය වන මුදල් ප්‍රමාණය සහ ඉන්ධන පරිභෝජනය අඩු වීම හේතුවෙන් ඉන්ධන සඳහා වැය වන මුදල් ප්‍රමාණය ඉතිරි කර ගැනීමට හැකි වීම පෙන්වා දිය හැකිය. මීට අමතරව මෝටර් රථ සඳහා භාවිතා කරනු ලබන ජ්වලන පද්ධතිය මගින් මෝටර් රථ විද්‍යුත් පද්ධතිය තුල අන්තර්ගත අනිකුත් ඉලෙක්ට්‍රොනික පද්ධති වෙත සහ උපාංග වෙත කිසිදු බාධාවක් ඇති නොකල යුතු ය. කිසියම් හෝ ආකාරයකින් මෝටර් රථ ජ්වලන පද්ධතිය හරහා සිදු වන බාධා කිරීම් මගින් රේඩියෝ , 𝒏𝒂𝒗𝒊𝒈𝒂𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎 සහ ඔන්බෝර්ඩ් පරිගණක පද්ධතිය වැනි සංවේදී ඉලෙක්ට්‍රොනික පද්ධති වෙත ක්‍රියාකාරිත්වයේ අක්‍රමිකතා හෝ බාධා ඇති වීම මගින් මෝටර් රථයෙ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය අඩ පන විය හැක.
𝗠𝗮𝗴𝗻𝗲𝘁𝗼 𝗜𝗴𝗻𝗶𝘁𝗶𝗼𝗻 𝗦𝘆𝘀𝘁𝗲𝗺
චුම්භක ජ්වලන පද්ධතිය (𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊𝒄 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎) එසේත් නැතිනම් මැග්නෙටෝ ජ්වලන පද්ධතියෙහි (𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒊 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎) ක්‍රියාකාරිත්වය සඳහා ද බැටරි ජ්වලන පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය සඳහා යොදා ගෙන ඇති ක්‍රියාකාරී මූලධර්මයම භාවිතා කරනු ලබයි. මේ නිසා , චුම්බක ජ්වලන පද්ධතියක ප්‍රාථමික පරිපථ කොටස බැටරි ජ්වලන පද්ධතියකට (𝒄𝒐𝒏𝒗𝒆𝒏𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎) සමාන ලෙසින් ගොඩ නගා ගෙන පවතින අතර එය ප්‍රාථමික දඟර එතුමකින්, ස්පර්ශක තුඩුවකින් (𝒄𝒐𝒏𝒕𝒂𝒄𝒕 𝒑𝒐𝒊𝒏𝒕) සහ ධාරිත්‍රකයකින් (𝑪𝒂𝒑𝒂𝒄𝒊𝒕𝒐𝒓) සමන්විත වේ. නමුත් මෙහි පවතින ප්‍රධාන වෙනස වන්නේ විද්‍යුත් පුලිඟුව ජනනය කර ගැනීමට ජ්වලන පද්ධතිය සඳහා අවශ්‍ය විද්‍යුත් බලය සපයා ගන්නා ආකාරය මතයි. මේ සඳහා චුම්බක ජ්වලන පද්ධතියම ස්වයං විද්‍යුත් ජනක උත්පාදකයක් ලෙසින් ක්‍රියා කරමින් ජ්වලන පුළිඟු (𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒑𝒂𝒓𝒌) නිපදවා ගැනීම සඳහා අවශ්‍ය විද්‍යුත් බලය නිපදවා ගන්නා බැවින් මෙම වර්ගයේ ජ්වලන පද්ධති සඳහා බාහිර විද්‍යුත් ප්‍රභවයක් සහිත විද්‍යුත් කෝෂ (𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚) යොදා ගැනීම අවශ්‍ය නොවේ.
මැග්නෙටෝ ජ්වලන පද්ධතියක (𝒎𝒂𝒈𝒏𝒆𝒕𝒐 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎) මූලික විද්‍යුත් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ස්ථාවර ලෙසින් සවි වූ දඟර-එතුමකින් හා භ්‍රමණය වන චුම්භකයකින් හෝ ස්ථාවර ලෙසින් සවි වූ චුම්භකයක් හා චලනය වන දඟර-එතුමකින් සමන්විත විය හැක. මෙම කොටස් මැග්නෙටෝ විද්‍යුත් ජනකයක් ලෙසින් ක්‍රියා කරමින් දඟර එතුම හරහා ජනනය වන විද්‍යුත් ධාරාව බැටරි ජ්වලන පද්ධතියෙහි ආකාරයට ජ්වලන දඟරයෙහි ද්වීතික පේරිත දඟර එතුම (𝑺𝒆𝒄𝒐𝒏𝒅𝒂𝒓𝒚 𝒘𝒊𝒏𝒅𝒊𝒏𝒈) වෙත යොමු කරනු ලබයි.
මෙලෙස ජ්වලන දඟරයෙහි (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑪𝒐𝒊𝒍) අන්තර්ගත ද්වීතික දඟර එතුම හරහා ජනනය වන අධි වෝල්ටීයතා ධාරාව පසුව බෙදාහරිනය (𝑫𝒊𝒔𝒕𝒓𝒊𝒃𝒖𝒕𝒐𝒓) වෙත යොමු කරනු ලබන අතර එමගින් එන්ජිමෙහි දහන පිළිවෙළට (𝑭𝒊𝒓𝒊𝒏𝒈 𝑶𝒅𝒆𝒓) අනුකූලව පුළිඟු පේනු වෙත අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාව බෙදා හරිනු ලබයි. මෙලෙස බෙදාහරිනයක් උපයෝගී කර ගනිමින් අධි වෝල්ටීයතාවය බෙදා හැරීමේ ක්‍රමය විශේෂයෙන්ම බහු සිලින්ඩර් සහිත කුඩා එන්ජින් සඳහා භාවිතා කරන ලදි. ඒ වගේම මෙම වර්ගයේ ජ්වල පද්ධති කුඩා ප්‍රමාණයේ 𝒔𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒆𝒏𝒈𝒊𝒏𝒆 භාවිතා කරනු ලබන ස්කූටර්, යතුරුපැදි , කුඩා මෝටර් බෝට්ටු ඇතුළු යාන්ත්‍රික උපකරණ රැසක් තුල භාවිතා කරනු ලබයි.
𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗼𝗻𝗶𝗰 𝗜𝗴𝗻𝗶𝘁𝗶𝗼𝗻 𝗦𝘆𝘀𝘁𝗲𝗺
සාම්ප්‍රදායික මට්ටමෙ විද්‍යුත් ජ්වලන පද්ධති තුල පුලිඟු පේනු හරහා ජනනය වනු ලබන විද්‍යුත් පුලිඟු වල ජ්වලන කාලය පාලනය කිරීම සඳහා යාන්ත්‍රික ක්‍රියාවලියකින් යුත් සම්බන්ධතා සන්ධි විසන්ධි පද්ධතියක් භාවිතා කරන ලදි. මේ නිසා බොහෝ අවස්ථාවන්හි දී සම්ප්‍රදායික ජ්වලන පද්ධති හැදින්වීම සඳහා 𝒑𝒐𝒊𝒏𝒕 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎 යන නාමයද භාවිතා කරන ලදි. මෙලෙස සාම්ප්‍රදායික ජ්වලන පද්ධතිය (𝑪𝒐𝒏𝒗𝒆𝒏𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑺𝒚𝒔𝒕𝒆𝒎) තුල යාන්ත්‍රික කොටස් අන්තර්ගත වී පවතින බැවින් සීමාවන් කිහිපයක් මත කොටු වී ක්‍රියාත්මක වීමට සිදු විය. මෙම සීමාවන් මත කොටු වී ක්‍රියාත්මක වීම හේතුවෙන් ජ්වලන පද්ධතියෙහි ක්ෂණික මට්ටමේ බිද වැටීම් ඇති වීම , දුර්වල මට්ටමේ දහනයන් සිදු වීම සහ අධික මට්ටමේ ඉන්ධන පරිභෝජනය වැනි අවාසිදායක තත්වයන් රැසක් ඉස්මතු විය. මෙයට පිළියමක් ලෙස ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධති (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏𝒊𝒄 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎) කරළියට පැමිණි අතර එමගින් සාම්ප්‍රදායික ජ්වලන පද්ධතියෙහි පැවති යාන්ත්‍රික මට්ටමේ සීමාවන් සහිත දෝෂ රැසක් සඳහා පිළියම් හම්බ විය.
සම්ප්‍රදායික ජ්වලන පද්ධතියෙහි වූ සීමාවන් සහිත දෝෂ කිහිපයක් පහත දැක්වේ:
- ස්පර්ශක බිදුම් ලක්ෂ්‍ය (𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕 𝒃𝒓𝒆𝒂𝒌𝒆𝒓 𝒑𝒐𝒊𝒏𝒕) හරහා අධික විද්‍යුත් ධාරා ප්‍රවාහයක් හසුරුවනු ලබයි. මේ නිසා ජ්වලන පද්ධතිය ක්‍රියාත්මක වන විට දී ස්පර්ශක බිඳුම් ලක්ෂ්‍ය සන්දි විසන්ධි ක්‍රියාවලියක් සිදු වන අතර එම බිඳුම් ලක්ෂ්‍යයේ විද්‍යුත් චාප ජනනය වීම හේතුවෙන් කාලයත් සමග ගෙවී යාමේ ක්‍රියාවලියකට භාජනය වේ. මෙමගින් ස්පර්ශක ස්ථාන පිලිස්සී යාමට හෝ කඩතොළු ඇති වීමට හේතු විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස නොගැළපෙන මට්ටමේ ජ්වලන කාලයන් (𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒕𝒊𝒎𝒊𝒏𝒈) සහ ජ්වලන පද්ධතියෙහි කාර්ය සාධන හැකියාව පහත වැටීම සිදු වේ. මේ නිසා ජ්වලන පද්ධතියෙහි නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම සඳහා සම්භන්ධක ස්ථානයෙහි හොඳ සම්භධතාවයක් ඇති කර ගැනීමට සහ නිවැරදි ජ්වලන කාලය ලබා දීම සහතික කර ගත යුතු වේ. මේ සඳහා වරින් වර අවශ්‍ය සේවා සැපයීම සහ ජ්වලන කාලයෙහි සකසා ගැනීම් සිදු කර ගත යුතු වේ.
- යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන සම්බන්ධතා බිදුම් පද්ධතියට අයත් වන කැමි කොටස වෙත ස්ප්‍රීන් යොදා ගනිමින් ආතතියට ලක් කර ඇති ස්පර්ශක බාහු කොටස (𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕 𝒂𝒓𝒎) වැනි චලනය වන යාන්ත්‍රික කොටස් මගින් , එන්ජින් එක ඉහල වේගයන් යටතේ ක්‍රියාත්මක වන විට ජ්වලන කාල නිරවද්‍යතාවට බලපෑ හැකි අවස්ථිති බලපෑමක් ඇති කරනු ලබයි. මෙලෙස ඉහල එන්ජින් වේගයන් යටතේ දී , චලනය වන කොටස් මත ඇති වන අවස්ථිති භාවය (𝒊𝒏𝒆𝒓𝒕𝒊𝒂𝒍 𝒆𝒇𝒇𝒆𝒄𝒕𝒔) හේතුවෙන් සම්බන්ධතා බිඳුම් ලක්ෂ්‍ය විවෘත වීම හා සංවෘත වීම යන ක්‍රියාවන් ප්‍රමාදයකින් යුතුව හෝ කලින් සිදු විය හැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස කාල දෝශ ඇති වීම මගින් ජ්වලන කාලයට සහ සමස්ත එන්ජින් ක්‍රියාකාරිත්වයට එය බලපෑ හැකිය.
- යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන ස්පර්ශක බිදුම් පද්ධතියෙහි පවතින තවත් විශේෂිත දුර්වලතාවයක් වන්නේ ජ්වලන දඟරය ආරෝපණය (𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒄𝒐𝒊𝒍 𝒄𝒉𝒂𝒓𝒈𝒆) කර ගැනීමට ගත වන කාලයයි. මෙය 𝒅𝒘𝒆𝒍𝒍 𝒕𝒊𝒎𝒆 ලෙසින් හඳුන්වනු ලබන අතර එමගින් ජ්වලන දඟරයෙහි ප්‍රාථමික එතුම (𝒑𝒓𝒊𝒎𝒂𝒓𝒚 𝒘𝒊𝒏𝒅𝒊𝒏𝒈) හරහා ධාරාව ගලා යන කාල සීමාව නිරූපනය වේ. මෙහි දී ඉහල එන්ජින් වේගයන් සහිත අවස්ථාවන් වල දී ස්පර්ශක ස්ථාන (𝑪𝒐𝒏𝒕𝒂𝒄𝒕 𝒑𝒐𝒊𝒏𝒕) විවෘත කිරීම සහ වැසීම අතර පවතින කෙටි කාල පරතරයන් හේතුවෙන් 𝒅𝒘𝒆𝒍𝒍 𝒕𝒊𝒎𝒆 සඳහා පවතින කාලය අඩු වේ. මේ හේතුව නිසා ජ්වලන දඟරයට එහි උපරිම චුම්බක ක්ෂේත්‍ර ශක්තිය ගොඩ නගා ගැනීමට ප්‍රමාණවත් කාලයක් නො ලැබෙන බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස පුළිගු පේනු හරහා දුර්වල මට්ටමේ විද්‍යුත් පුලිඟු නිකුත් වීම සිදු වේ. මෙලෙස ඇති වන දුර්වල මට්ටමේ විද්‍යුත් පුලිඟු හේතුවෙන් දහන කාර්‍යක්ශමතාවය අඩු වීමට හේතු විය හැකි අතර , විශේෂයෙන් ඉහල එන්ජින් වේගයන් යටතේ දී දහන කුටීරය (𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓) තුල වැරදි මට්ටමේ දහන ක්‍රියාවලීන් ඇති විය හැක.
නවීන මෝටර් රථ සඳහා සාම්ප්‍රදායික මට්ටමේ විද්‍යුත් ජ්වලන පද්ධති වල පැවති දුර්වලතාවයන් මග හරවා ගැනීමේ අරමුණින් යුතුව ඉලෙක්ට්‍රොනික උපාංගයන්ගෙන් යුත් ජ්වලන පද්ධති බහුලව භාවිතා වේ. මෙම ඉලෙක්ට්‍රොනික ක්‍රියාකාරිත්වයෙන් යුත් ජවලන පද්ධති මගින් යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන ස්පර්ශක බිදුම් පද්ධති සහිත සම්ප්‍රදායික ජ්වලන පද්ධතීන්ට සාපේක්ෂව වැඩි දියුණු කළ විශ්වසනීයත්වය, නිරවද්‍ය කාල පාලනය සහ වඩා හොඳ සමස්ත ක්‍රියාකාරිත්වය ඇතුළු වාසි කිහිපයක් ලබා දෙනු ලබයි. මෝටර් රථ සඳහා ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතීන් සැලසුම් කර ඇත්තේ පුළුල් පරාසයක පවතින වේගයන් සහ තත්වයන් යටතේ ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වීමටයි. මේ නිසා ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධති හරහා ජ්වලන කාලය සහ පුලිඟු බෙදාහැරීම පිලිබදව වඩාත් නිරවද්‍ය පාලනයක් ලබා දෙනු ලබයි.
ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය හරහා එන්ජිමෙහි ජ්වලන ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සඳහා ට්‍රාන්සිස්ටර්, ධාරිත්‍රක, ඩයෝඩ සහ ප්‍රතිරෝධක වැනි ඉලෙක්ට්‍රොනික උපාංගයන් අන්තර්ගත කර ගනිමින් නිර්මාණය කර ගත් පාලන ඒකකයක් භාවිතා කරනු ලබයි. ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය සඳහා ප්‍රධාන වශයෙන් ට්‍රන්සිස්ටර් (𝑻𝒓𝒂𝒏𝒔𝒊𝒔𝒕𝒐𝒓) භාවිතා කරනු ලබන අතර ඒවා ජ්වලන දඟරය හරහා ගලා යනු ලබන ප්‍රාථමික විද්‍යුත් ධාරාව පාලනය කිරීම සඳහා ඊට හොදින් ඔරොත්තු දෙන දැඩි මට්ටමේ ස්විචයන් (𝒉𝒆𝒂𝒗𝒚-𝒅𝒖𝒕𝒚 𝒔𝒘𝒊𝒄𝒉) වශයෙන් යොදා ගනු ලබයි.
Comments
Post a Comment