Crankshaft position sensor (CKP)

   දගරකද පිහිටුම් සංවේදකය (Crankshaft Position Sensor කෙටියෙන් CKP Sensor යනුවෙන් හදුන්වයි) යනු විද්‍යුත් චුම්බක මූලධර්ම මත පදනම්ව නිර්මාණය කර ගත් සංවේදකයකි. එමගින් ග්‍රහණය කර ගනු ලබන සංවේදී දත්ත මත පදනම්ව ඉන්ධන එන්නත් පද්ධතිය ට අයත් ඉන්ධන විදින වල ක්‍රියාකාරිත්වය සහ ජ්වලන පද්ධතිය (Ignition system) සමමුහුර්ත කිරීම සිදු කරයි. මේ හේතු කාරනා මත CKP ලෙසින් හඳුන්වනු ලබන සංවේදකය මගින් ලබා ගනු ලබන සංඥාවන් නොමැතිව ඉන්ධන විදුම් පද්ධතියෙහි (Fuel Injection System) ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට නො හැකි වේ. එනම් දෝෂ සහිත හෝ අඩු පාඩු සහිත CKP සංවේදක මගින් ලබා දෙනු ලබන දෝෂ සහිත සංඥාවන් මගින් එන්ජින් ක්‍රියාකාරිත්වය අඩාල වී මෝටර් රථයේ ධාවන හැකියාව අහිමි වීමට අනිවාර්ය හේතු සාධකයක් ලෙස දැක්වීමට හැකිය.



     CKP සංවේදකය භාවිතා කරමින් දගර කදෙහි පිහිටීම සහ වේගය ගණනය කිරීම සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් සංඤා දත්ත එන්ජින් පාලන ඒකකය වෙත ලබා දීම සිදු කරනු ලබයි. දගර කද භ්‍රමණය වීම සිදු වන විට CKP සංවේදකය (Crankshaft Position Sensor) තුලින් පුනරාවර්තනය වන විද්‍යුත් වෝල්ටීයතා ස්පන්දන මාලාවක් වශයෙන් ජනනය වීම සිදු වේ. මෙලෙස ජනනය වන ස්පන්දන සංඤා මත පදනම්ව එන්ජින් පාලන ඒකකය (Engine Control Unit) මගින් ඉන්ධන විදුම් පද්ධතිය සහ ජ්වලන පද්ධතිය පාලනය කිරීම සිදු වේ.





Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry