Battery Capacity


 විශේෂයෙන් බැටරියක් ශේණිගත කර තිබෙන කාණ්ඩය මත හෝ බැටරියේ පවතින යම් යම් ලක්ෂණ මත , අප විසින් සලකනු ලබන බැටරිය මගින්:

• කොපමණ ධාරා ප්‍රමාණයක් නිපදවා ගත හැකි ද යන්න,

• නිපදවා ගන්නා ධාරාව කොපමණ කාලයක් රදවා තබා ගැනීමේ හැකියාව පවතී ද යන්න

පිළිබදව සරල අදහසක් ලබා ගැනීමේ හැකියාව පවතී.


"බැටරියක ගබඩා කර තැබිය හැකි විද්‍යුත් ශක්ති ප්‍රමාණය බැටරි ධාරිතාව ලෙසින් හැදින් වේ."


    බැටරියක් මගින් ධාරාව නිපදවීමේ වේගය , බැටරිය තුල සිදු වනු ලබන රසායනික ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවය අනුව සිදු වේ. එය:
1. Surface area of the plates,
2. Temperature,
3. Electrolyte strength,
4. Current demanded

    වැනි සාධක ගණනාවක් මත බැටරි ධාරිතාව ය රදා පවතී.




  • Ampere Hour Capacity


       26.7°C නියත උෂ්ණත්වය ක් යටතේ සම්පූර්ණයෙන්ම ආරෝපිත බැටරි කෝෂ වල වෝල්ටීයතාවය 1.75V කට වඩා පහල නොගොස් පැය 20තුල නොකඩවා ලබා ගත හැකි නියත විද්‍යුත් ධාරා ප්‍රමාණය 20 වැඩි කල විට ලැබෙන අගය බැටරියක Ampere Hour ධාරිතාවය ලෙසින් නිර්වචනය කර ඇත.

 එය Ah කියන සම්මත SI ඒකකය මගින් නිරූපනය කෙරේ.


  • Reserve Capacity
       26.7°C නියත උෂ්ණත්වයක් යටතේ සම්පූර්ණයෙන් ආරෝපිත 12V බැටරියක, බැටරි වෝල්ටීයතාවය 10.5V කට වඩා පහල නො ගොස් 25A ක ධාරාවක් නොකඩවා කොපමණ විනාඩි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි දැයි සලකා බලනු ලබයි. 

  • Could Cranking(CCA rating)
       18°C උෂ්ණත්වයක් යටතේ පවතින සම්පූර්ණයෙන්ම ආරෝපිත බැටරියක වෝල්ටීයතාවය 7.2V කට වඩා පහල නොයමින් 30S කාලයක් තුල නොකඩවා ලබා ගත හැකි ධාරා ප්‍රමාණය ඇම්පියර් වලින් මනිනු ලබයි.

  • Wh rating
      26.7°C ක උෂ්ණත්වයක් යටතේ පවතින සම්පූර්ණයෙන් ආරෝපිත බැටරියක් භාවිතා කරමින්, පැයක කාලයක් තුල නොකඩවා ජනනය කර ගත හැකි විද්‍යුත් ශක්ති ප්‍රමාණය watt වලින් මැන ගැනීම සිදු කර ගනු ලබයි.

  










Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry