Capacitor

    ධාරිත්‍රක(capacitor) යනු විද්‍යුත් ශක්තිය(electrical enargy) ගබඩා කර ගත හැකි උපකරණයකි.   ඉලෙක්ට්‍රොනික උපකරණ වල හැඩයෙන් , ප්‍රමාණයෙන් හා ධාරිතාවෙන්(Capacitance) වෙනස් විවිධ  ධාරිත්‍රක වර්ග භාවිතා කරනු ලබයි.




      එය පරිවාරක මාධ්‍යය ක්   මැදි වන ලෙස ප්‍රතිවිරුද්ධ ලකුණු සහිත සමාන විශාලත්වයෙන් යුත් ආරෝපණ(Charge) රැගෙන යා හැකි සන්නායක දෙකක සැකැස්මකින් යුත් වේ. මෙහි ඇති පරිවාරක මාධ්‍ය (සන්නායක නොවන කලාපය) ලෙස:
• Glass
• Paper
• Air
• Semi-conductor

වැනි විද්‍යුත් පරිවාරක(electric insulator) හෝ රික්තක(Vacuum) මාධ්‍යයන්  භාවිතා කර ඇත. මේ සදහා භාවිතා කරනු ලබන පරිවාරක ද්‍රව්‍ය පාර-විද්‍යුත් ද්‍රව්‍ය (Dielectric) ලෙසින් පොදුවේ හදුන්වනු ලබයි.


 Charge on capacitor 




     ධාරිත්‍රකයේ ගබඩා වන ආරෝපන ප්‍රමාණය Q ලෙස ගනිමු 
   එවිට ධාරිත්‍රකයේ ශුද්ධ ආරෝපනය එහෙම නැත්තන්  සම්පූර්ණ ආරෝපනය ශුන්‍ය වේ.

    (+Q) + (-Q) = 0   නිසා.

    පාර-විද්‍යුත් මාධ්‍ය දෙපස ඇති එක් සන්නයක් වටා ධන ආරෝපන(+Q) එක් රැස් වෙන අතර ඒ නිසා එය ධන විභවයක්(+V) ලබා ගනී. අනෙක් සන්නයකය වටා සෘන ආරෝපන(-Q) එක් රැස් වෙන අතර එය සෘන විභවයක්(-V) ලබා ගනී.


Circuit symbols




Capacitance

    ධාරිත්‍රක යක් තුල ගබඩා වන ආරෝපන ප්‍රමාණය (Q) , තහඩු අතර ඇති වන විභව වෙනස(V) ට සෘජු වම සමානුපාතික වේ.

      ඒ නිසා:
                            
 
   හෝ              

    මෙහි C යනු සමානුපාතික නියතයක් වන අතර එය මගින් සලකනු ලබන ධාරිත්‍රකයක ගබඩා වෙනු ලබන ආරෝපණ ප්‍රමාණයේ ධාරිතාව නිරූපනය වේ. 




Comments

Popular posts from this blog

Crankshaft position sensor (CKP)

Ignition Timing

ignition system