Crankshaft

 
    𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮 𝗰𝗿𝗮𝗻𝗸𝘀𝗵𝗮𝗳𝘁?
   
    දගර කද (𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕) යනු අභ්‍යන්තර දහන එන්ජිම(𝑰𝒏𝒕𝒆𝒓 𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල සිදු වන භ්‍රමණ යාන්ත්‍රික චලන ක්‍රියාවලිය සදහා දායක වන ප්‍රධානතම උපාංගයයි. මෙය භාවිතා කරමින් , අභ්‍යන්තර දහන එන්ජිම තුල දී 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එකෙහි සිදු වන පරස්පරතා රේඛීය චලිතය (𝒓𝒆𝒄𝒊𝒑𝒓𝒐𝒄𝒂𝒕𝒊𝒏𝒈 𝒎𝒐𝒕𝒊𝒐𝒏 𝒐𝒓 𝒍𝒊𝒏𝒆𝒂𝒓 𝒎𝒐𝒕𝒊𝒐𝒏) භ්‍රමණ චලිතයක් (𝒓𝒐𝒕𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝒎𝒐𝒕𝒊𝒐𝒏) බවට පරිවර්තනය කර ගැනීම සිදු කර ගනී. මෙම පරිවර්තන ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සදහා අතරමැදි උපාංගයක් ලෙස 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈-𝒓𝒐𝒅 නමින් හඳුන්වනු ලබන සුවිශේෂී යාන්ත්‍රික උපාංගය භාවිතා කිරීම සිදු කරනු ලබයි. මෙය භාවිතා කරමින් 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක හා සම්බන්ධ කර ගැනීම සිදු කරයි.


    𝗖𝗿𝗮𝗻𝗸 + 𝗦𝗵𝗮𝗳𝘁 -----> 𝗖𝗿𝗮𝗻𝗸𝘀𝗵𝗮𝗳𝘁 

• 𝐂𝐫𝐚𝐧𝐤 - සෘජු කෝණික ලෙස පිටතට නවා ඇති 𝒂𝒙𝒍𝒆 හෝ 𝒔𝒉𝒂𝒇𝒕 වලට අයත් යාන්ත්‍රික කොටස් 𝒄𝒓𝒂𝒏𝒌 යන විශේෂිත නාමයෙන් හඳුන්වනු ලබයි. මෙම 𝒄𝒓𝒂𝒏𝒌 යොදා ගනිමින් පුනරාවර්තී ලෙස ඉහල සහ පහල හෝ ඉදිරිපසට සහ පසුපසට සිදු වන රේඛීය චලිතය භ්‍රමණ චලිතය බවට පරිවර්තනය කර ගැනීම සදහා භාවිතා කරනු ලබයි. 

• 𝐒𝐡𝐚𝐟𝐭 - සාමාන්‍යයෙන් රවුම් හරස්කඩක් සහිතව නිර්මාණය කර ගත් භ්‍රමණය වන යාන්ත්‍රික උපාංගයන් 𝒔𝒉𝒂𝒇𝒕 ලෙසින් හඳුන්වනු ලබයි. එය යොදා ගනිමින් එක් යාන්ත්‍රික කොටසකින් තවත් යාන්ත්‍රික කොටසකට හෝ බලය නිපදවා ගනු ලබන යන්ත්‍රයකින් බලය අවශෝෂණය කර ගනු ලබන යන්ත්‍රයකට බලය සම්ප්‍රේෂණය කිරීම සදහා යොදා ගනු ලබයි.


   𝑪𝒓𝒂𝒏𝒌-𝒑𝒊𝒏 යොදා ගනිමි එක පෙළට සම්බන්ධ කර ගත් 𝒄𝒓𝒂𝒏𝒌 සමූහයකින් දගර කද සමන්විත වේ. 𝑪𝒓𝒂𝒏𝒌-𝒑𝒊𝒏 යොදා ගනිමින් ඒ මත 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈-𝒓𝒐𝒅𝒔 සවි කර ගැනීම සිදු කර ගනී. 𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක 𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒃𝒍𝒐𝒄𝒌 එක තුල භ්‍රමණය වීම සදහා එක් 𝒔𝒉𝒂𝒇𝒕 කොටසක් හෝ භාවිතා කරමින් නිර්මාණය කර පැවතිය යුතු ය. එනම් , මෙය එක් 𝒄𝒓𝒂𝒏𝒌-𝒑𝒊𝒏 කොටසකට සම්බන්ධ වූ 𝒄𝒓𝒂𝒏𝒌 කොටස් දෙකක් එකතු වීමෙන් සැදුම් ලත් 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 කොටසක් හෝ 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එකක් විය යුතු ය.

   𝑴𝒂𝒊𝒏-𝒃𝒆𝒂𝒓𝒊𝒏𝒈 නමින් හඳුන්වනු ලබන සුවිශේෂී යාන්ත්‍රික කොටස් උපයෝගී කර ගනිමින් 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක 𝑬𝒏𝒈𝒊𝒏𝒆-𝒃𝒍𝒐𝒄𝒌 තුලට සවි කර ගැනීම සිදු කර ගනී. මේ නිසා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එකට අවම ඝර්ෂණ තත්වයන් යටතේ 𝑬𝒏𝒈𝒊𝒏𝒆-𝒃𝒍𝒐𝒄𝒌 එක තුල භ්‍රමණය වීමේ හැකියාව ලැබී ඇත. 𝑹𝒐𝒅-𝒃𝒆𝒂𝒓𝒊𝒏𝒈 නමින් හඳුන්වනු ලබන යාන්ත්‍රික කොටස් උපකාරී කර ගනිමින් 𝑪𝒓𝒂𝒏𝒌-𝒑𝒊𝒏 මත 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈-𝒓𝒐𝒅 සම්බන්ධ කර ගැනීම සිදු කර ගනී. මේ නිසා , මෙම 𝒄𝒓𝒂𝒏𝒌-𝒑𝒊𝒏 හා 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈-𝒓𝒐𝒅 කොටස් දෙක අඩු ඝර්ෂණ තත්වයක් යටතේ එක් පද්ධතියක් ලෙසින් ක්‍රියා කරනු ලබයි.



Camshaft Component & Dishing



Main journals: Engine block එක තුල ඇති ප්‍රධාන බෙයාරින්ග් මත දඟර කද රඳවා තබා ගනිමින් තම අක්ෂය වටා භ්‍රමණය කර ගැනීම සදහා Main journals භාවිතා කරනු ලබයි. 

Crank pin: පිස්ටන් එක හා සම්බන්ධිත connecting rod දඟර කද මත සවි වන ස්ථාන crank pin ලෙසින් හඳුන්වනු ලබයි.

Crank Webs: දගර කදෙහි ඇති crank pin සහ main journals එකිනෙක අතර ඉතාමත් හොද සම්භන්දතාවයක් ඇති කර ගැනීම සදහා crank webs භාවිතා කරනු ලබයි.

Counter Wight: crank webs හා සම්බන්ධිත counter Wight මගින් භ්‍රමණය වන දගරකදෙහි තුලනය රඳවා තබා ගැනීම සිදු කර ගනු ලබයි.

    එන්ජිම තුල අඩංගු සිලින්ඩර සංඛ්‍යාව අනුව සහ පිස්ටන් මත දහනය සිදු වන දහන පිලි වෙල පදනම් කර ගනිමින් දඟර කද සැලසුම් කර ගැනීම ප්‍රධාන වශයෙන්  සිදු කර ගනු ලබයි. තවද එය එන්ජිමේ සැලසුමට අනුව එහි දහන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සදහා අවශ්‍ය පහර සංඛ්‍යාව අනුව සහ අඩංගු වන crankshaft bearing සංඛ්‍යාව අනුව ද තීරණය වේ.





𝐇ᴏᴡ ᴀ 𝐂ʀᴀɴᴋ𝐬ʜᴀғᴛ 𝐖ᴏʀᴋ𝐬....?   


දඟරකද (𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕) භාවිතා කරමින් සිදු කර ගනු ලබන යාන්ත්‍රික ක්‍රියාවලිය සංකීර්ණ නොවන අතර එය පහසුවෙන් අපට වටහා ගත හැකි වේ. 𝑴𝒂𝒊𝒏 𝒋𝒐𝒖𝒓𝒏𝒂𝒍𝒔 හි මධ්‍ය ලක්ෂ්‍ය සහ 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 𝒑𝒊𝒏 එක අතර ප්‍රමාණවත් දුරක් පවතී. මෙම දුර ප්‍රමාණය  ක්‍රෑන්ක් අරය (𝒄𝒓𝒂𝒏𝒌 𝒓𝒂𝒅𝒊𝒖𝒔) ලෙසින් හෝ 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එකේ භ්‍රමණ මධ්‍ය ලක්ෂ්‍යයේ සිට 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක ඉවතට තල්ලු කරන දුර ප්‍රමාණය ලෙසින් හැදින් වේ. ඉහත සදහන් කල ක්‍රෑන්ක් අරය , 𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 භ්‍රමණය වන අවස්ථාවේ සිලින්ඩර් බෝරය තුල පිස්ටන් එක ගමන් කරනු ලබන දුර ප්‍රමාණයේ මිනුමක් ලෙසින් ද දැක්විය හැකිය. 


   සිලින්ඩර් බෝරය තුල පිස්ටන් මතුපිට පෘෂ්ඨය ගමන් කරනු ලබන ඉහළතම ලක්ෂ්‍ය 𝑻𝑫𝑪 (𝑻𝒐𝒑 𝑫𝒆𝒂𝒅 𝑪𝒆𝒏𝒕𝒆𝒓) ලෙසින් හඳුන්වනු ලබන අතර පිස්ටන් මතුපිට පෘෂ්ඨය ගමන් කරනු ලබන පහළතම ලක්ෂ්‍ය 𝑩𝑫𝑪 (𝑩𝒐𝒕𝒕𝒐𝒎 𝑫𝒆𝒂𝒅 𝑪𝒆𝒏𝒕𝒆𝒓) ලෙසින් හැදින්වෙයි. මෙලෙස 𝑻𝑫𝑪 සහ 𝑩𝑫𝑪 අතර ආවරණය වන පරිදි පිස්ටන් එක චලනය වන දුර ප්‍රමාණය එක් පහරක් (𝑺𝒕𝒓𝒐𝒌𝒆) ලෙසින් හැදින්වෙනු ලබයි. 𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක 𝟭𝟴𝟬° කින් භ්‍රමණය වන විට ක්‍රෑන්ක් අරය මෙන් දෙගුණයක දුර ප්‍රමාණයක් පිස්ටන් එක 𝑻𝑫𝑪 මට්ටමේ සිට 𝑩𝑫𝑪 මට්ටම දක්වා චලනය වීම සිදු වේ.


   


   


   𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක හා 𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒃𝒍𝒐𝒄𝒌 එක අතර ඉතාමත් හොද සම්බන්ධ තාවයක් පවත්වා ගනිමින් එකිනෙක හොදින් සම්බන්ධ කර ගැනීම සදහා භාවිතා කරනු ලබන උපාංග කට්ටලය සහ ආවරණ කොටස පොදුවේ 𝑪𝒓𝒂𝒏𝒌𝒄𝒂𝒔𝒆 නමින් හඳුන්වනු ලබයි. මෙම 𝒄𝒓𝒂𝒏𝒌𝒄𝒂𝒔𝒆 කොටසින් පිටතට නෙරා ඇති 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 හි ඉදිරි පස 𝒔𝒉𝒂𝒇𝒕 කොටස 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕-𝒏𝒐𝒔𝒆 යන නමින් හඳුන්වනු ලබයි. මෙලෙස 𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 හි ඉදිරියට නෙරා ඇති 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕-𝒏𝒐𝒔𝒆 කොටසට  ඉතාමත් හොදින් නො වෙනස් වන ලෙස සවි වූ 𝒄𝒓𝒂𝒏𝒌 𝒔𝒑𝒓𝒐𝒄𝒌𝒆𝒕 (𝒐𝒓 𝒂 𝒕𝒊𝒎𝒊𝒏𝒈 𝒈𝒆𝒂𝒓) නමින් හඳුන්වනු ලබන සුවිශේෂී යාන්ත්‍රික කොටසක් සම්බන්ධ කර පවතී. මෙම 𝒄𝒓𝒂𝒏𝒌 𝒔𝒑𝒓𝒐𝒄𝒌𝒆𝒕 කොටස මගින් , පිස්ටන් සමග සමමුහුර්තව ක්‍රියා කල යුතු 𝒄𝒂𝒎-𝒎𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒔𝒎 හා 𝒄𝒓𝒂𝒏𝒌 𝒎𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒔𝒎 යන පද්ධතීන් දෙක එකිනෙක සම්බන්ධ කර ගැනීම සිදු කරනු ලබයි. මේ සදහා 𝑻𝒊𝒎𝒊𝒏𝒈 𝒄𝒉𝒂𝒊𝒏, 𝒕𝒊𝒎𝒊𝒏𝒈 𝒃𝒆𝒍𝒕 හෝ 𝒕𝒊𝒎𝒊𝒏𝒈 𝒈𝒆𝒂𝒓 යන නම් වලින් හඳුන්වනු ලබන සුදුසු ක්‍රමයක් භාවිතා කරමින් 𝒄𝒂𝒎 𝒎𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒔𝒎  හා 𝒄𝒓𝒂𝒏𝒌 𝒎𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒔𝒎 යන පද්ධතීන් දෙක තනි පද්ධතියක් ලෙස චලනය විය හැකි අකාරයෙන් ඉතාමත් හොදින් සම්බන්ධ කර ගැනීම සිදු කරනු ලබයි.

  එන්ජිමෙහි ධාවන හැකියාව බාධාවකින් තොරව ඉදිරියට පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය  𝑾𝒂𝒕𝒆𝒓 𝒑𝒖𝒎𝒑 , 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 හා 𝒄𝒐𝒐𝒍𝒊𝒏𝒈 𝒇𝒂𝒏 වැනි අති සංවේදී උපාංගයන් ක්‍රියා කරවීම සදහා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 හි ඉදිරියට නෙරා ඇති 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕-𝒏𝒐𝒔𝒆 කොටසට සම්බන්ධිත 𝒇𝒖𝒍𝒍𝒚 කොටසක් භාවිතයෙන් සිදු කර ගනී. මේ සදහා බොහෝ විට 𝒇𝒖𝒍𝒍𝒚 ට සම්බන්ධිත ධාවනය වන පටියක් (𝑩𝒆𝒍𝒕 𝒅𝒓𝒊𝒗𝒆) යොදා ගැනීම සිදු කර ගනී. ඒ වගේම මෝටර් රථය ධාවනය කිරීමෙ දී අවශ්‍ය වන 𝑷𝒐𝒘𝒆𝒓 𝑺𝒕𝒆𝒆𝒓𝒊𝒏𝒈 𝑷𝒖𝒎𝒑 හා 𝑨𝑪 𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 වැනි උපාංගයන් ක්‍රියා කරවීමට අවශ්‍ය කැරකුම් බලය ලබා ගැනීම සදහා ද , ඉහත සදහන්  𝒇𝒖𝒍𝒍𝒚 ට සම්බන්ධිත ධාවනය වන පටි (𝑩𝒆𝒍𝒕 𝒅𝒓𝒊𝒗𝒆) උපකාරී කර ගනිමින් සිදු කර ගනී.


    𝑪𝒓𝒂𝒏𝒌𝒄𝒂𝒔𝒆 කොටසින් පිටතට නෙරා ඇති 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එකට අයත් පසු පස කොටස 𝒇𝒍𝒚𝒘𝒉𝒆𝒆𝒍 𝒇𝒍𝒂𝒏𝒈𝒆 නමින් හඳුන්වා ගනු ලබයි. මෙම 𝒇𝒍𝒚𝒘𝒉𝒆𝒆𝒍 𝒇𝒍𝒂𝒏𝒈𝒆 කොටස භාවිතා කරමින් 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක 𝒇𝒍𝒚𝒘𝒉𝒆𝒆𝒍 උපාංගය හා ඉතාමත් නිරවද්‍ය ලෙසින් ඇන භාවිතා කරමින් එකිනෙක සම්බන්ධ කර ගැනීම සිදු කරයි.  𝒇𝒍𝒚𝒘𝒉𝒆𝒆𝒍 කොටස මත හෝ ඒ වටා 𝒓𝒊𝒏𝒈 𝒈𝒆𝒂𝒓 නමින් හඳුන්වනු ලබන සුවිශේෂී යාන්ත්‍රික කොටසක් සම්බන්ධ කර පවතී. මෙම 𝒓𝒊𝒏𝒈 𝒈𝒆𝒂𝒓 කොටස උපයෝගී කර ගනිමින් 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 එකක් හරහා 𝑬𝒏𝒈𝒊𝒏𝒆 එක පණගැන්වීමට අවශ්‍ය මූලික මට්ටමේ ස්වයංක්‍රීය ධාවන තත්වය 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක හරහා ලබා ගැනීම සිදු කරයි.


  එන්ජින් එකෙහි දහන පිළිවෙලට (𝑭𝒊𝒓𝒊𝒏𝒈 𝒐𝒓𝒅𝒆𝒓) අනුව  𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 හා සම්බන්ධිත පිස්ටන් මත සිදු වන දහන ක්‍රියාවලිය නිසා 𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 මත රිද්මයානුකූල කම්පන අවථාවන් ජනනය වීම සිදු වේ. මෙලෙස ඇති වන කම්පන අවස්ථාවන් අවශෝෂණය කර 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 හි භ්‍රමණ චලිතය සුමට අයුරින් සිදු කිරීමට 𝑭𝒍𝒚𝒘𝒉𝒆𝒆𝒍 කොටසෙහි පවතින අධික ස්කන්ධය මැනවින් උපකාරී වේ. මෙම 𝒇𝒍𝒚𝒘𝒉𝒆𝒆𝒍 කොටස හරහා සම්ප්‍රේෂණය පද්ධතිය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය කරනු ලබන භ්‍රමණ චාලක ශක්තිය,  සුදුසු ක්‍රමයක් භාවිතා කරමින් 𝒕𝒓𝒂𝒏𝒔𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎 වෙත ලබා දීම සිදු කර ගනී. 

.

•    𝑴𝒂𝒏𝒖𝒂𝒍 𝑻𝒓𝒂𝒏𝒔𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏 පද්ධති සදහා එන්ජිමෙන් ජනනය වන ප්‍රතිදාන ශක්තිය 𝒇𝒍𝒚𝒘𝒉𝒆𝒆𝒍 කොටසට සම්බන්ධ කර ඇති 𝒄𝒍𝒖𝒕𝒄𝒉 පද්ධතියක් හරහා ලබා දීම සිදු කරයි. 

.

•    𝒂𝒖𝒕𝒐𝒎𝒂𝒕𝒊𝒄 𝒕𝒓𝒂𝒏𝒔𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏 පද්ධතිය සදහා අවශ්‍ය කැරකුම් බලය 𝑭𝒍𝒚𝒘𝒉𝒆𝒆𝒍 උපාංගය හා සමාන 𝒓𝒊𝒏𝒈-𝒈𝒆𝒂𝒓 නමින් හඳුන්වනු ලබන කොටසට සම්බන්ධිත 𝒕𝒐𝒓𝒒𝒖𝒆 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 උපාංගය හරහා ලබා දීම සිදු කරයි. 

.

    අභ්‍යන්තර දහන එන්ජිම (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) ධාවනය වීමේ දී 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 මත ජනනය වන ව්‍යාවර්ත බලය ඉහත සදහන් සුදුසු ක්‍රමයක් යොදා ගනිමින් 𝒕𝒓𝒂𝒏𝒔𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏 පද්ධතිය වෙත ලබා දීම සිදු කරයි. මෙලෙස ලැබෙන ප්‍රතිදාන එන්ජින් ව්‍යාවර්ත බලය (𝑶𝒖𝒕𝒑𝒖𝒕 𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑷𝒐𝒘𝒆𝒓 / 𝑶𝒖𝒕𝒑𝒖𝒕 𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑻𝒐𝒓𝒒𝒖𝒆) 𝒕𝒓𝒂𝒏𝒔𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏 පද්ධතිය භාවිතා කරමින් විවිධ වේග අනුපාතයන් යටතේ එලවුම් රෝද වෙත සම්ප්‍රේෂණය කිරීම සිදු කරනු ලබයි. 





Part of Crank mechanism
   



1. Pistons
2. Connecting rods
3. Flywheel 
4. Crankshaft  

    Piston , Connecting rods  සහ Crankshaft එකට සම්බන්ධ වී Crank mechanism නිර්මාණය වී ඇත.

    "දගරකද යොදා ගනිමින් සිදු කරගනු ලබන දෙවැනි කාර්යය වන්නේ එන්ජිමේ ක්‍රියාකාරිත්වය සදහා එන්ජිම තුල හා එන්ජිමට සම්බන්ධිත අනිකුත් පද්ධතින් වෙත අවශ්‍ය ක්‍රියාකාරී බලය සම්ප්‍රේක්ෂණය කිරීමයි."

   එම පද්ධතීන් වන්නේ:

• Valve timing 
• Oil pump
• Cooling(water) pump
• Air Conditioning Comperssor
• Alternator 

Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry