Engine operating system




  අභ්‍යන්තර දහන එන්ජිම(Internal combustion engine) තුල සිදු වන දහන ක්‍රියාවලිය ප්‍රදාන කොටස් හතරකට බෙදා වෙන් කර ඇත:

1. Inlert of air fuel mixture
2. Compression
3. Ignite of fuel
4. Exhaust



      මේ කොටස් 4 එකතුව අභ්‍යන්තර දහන එන්ජිමෙහි මෙහෙයුම් චක්‍රයක් (operating cycle) ලෙස හැදින් වේ.

     මෙහෙයුම් චක්‍රය යනු අභ්‍යන්තර දහන එන්ජිම තුල සිදු වන  දහන ක්‍රියාවලිය  ඉතාමත් නිවැරදිව , නියමිත වේලාවේ සකසා ඇති අනුපිළිවෙළකට පුනරාවර්තනය වෙමින් සිදු වීමයි. මෙම ක්‍රියාවලින් ගේ අවසාන ප්‍රතිඵලය වන්නෙ එන්ජිම ක්‍රියා කිරීමයි.  මෙහෙයුම් චක්‍රය සිදු වීම සදහා දඟර කද (Crankshaft) එක වටයක් භ්‍රමණය වන්නේ නම් එවනි එන්ජින් 2 strock Engine ලෙස හැදින් වේ. දගර කද වට 2ක් භ්‍රමණය වී එක් මෙහෙයුම් චක්‍රයක් සම්පූර්ණ කරයි නම් එවැනි එන්ජින් 4 strock engine ලෙසින් හැදින් වේ.




1. Inlert of air-fuel mixture 

   
  මෙම අවස්තාවේ දී පිස්ටනය සිලින්ඩර් බෝරය තුල TDC (Top Dead Center )අවස්තාවේ සිට BDC (Bottom Dead Center) අවස්තාව දක්වා ගමන් කරයි. මෙලෙස පිස්ටනය සිලින්ඩර් බෝරය ඉස්සේ පහලට ගමන් කිරීම නිසා සිලින්ඩර් බෝරය තුල වැඩි වන පරිමා අවකාශය මත වාත චූසන අවස්ථාවක් හට ගනී. මේ නිසා ඉන්ධන - වාත මිශනය ඉන්ලට් වෑල් හරහා පැමිණ සිලින්ඩර් බෝරය තුල එක්‍ වීම සිදු වේ.




2. Compression 

    
    Inlet strock අවසන් වන මොහොතේ සිලින්ඩර් බෝරය තුල ඉන්ධන - වාත මිශනයෙන් පිරී පවතී. ඒත් සමගම චූසන කපාට වැසී යාම සිදු වන අතර , පිස්ටන් එක සිලින්ඩර් බෝරය ඔස්සේ BDC  අවස්තාවේ සිය TDC  අවස්තාව දක්වා ගමන් කිරීමට පටන් ගනී. මෙම අවස්තාව Compersor stroke ලෙසින් හඳුන්වනු ලබන අතර මේ අවස්ථාවාදී ඉන්ධන - වාත මිශනය දහන කුටීරය තුල සම්පීඩිත වීම නිසා එම ඉන්ධන වාත මිශ්‍රණය උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහල යාම ආරම්භ වේ. මෙම compersor strock එක තුලදී Inlet valve සහ exhaust valve වැසී පවතී. (Valve timing වලට අනුව)



3. Ignite of fuel 



    සම්පීඩන පහර අවසානය කරා යොමු වනවාත් සමගම සම් පීඩිත ඉන්ධන වාත මිශණය උෂ්ණත්වය ක්‍රමයෙන් ජ්වලන උෂ්ණත්වය කරා ලං  වීම සිදු වේ. මේ නිසා සම්පීඩිත පහර අවසන් වීමට පෙර ignition chember එකට ඉහලින් cylinder head එක මත සවි කර ඇති spark plug එකක් මගින්  (ප්‍රැට්‍රල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් සදහා පමණක් අදාළ වේ) නියමිත කාලයේදී විද්‍යුත් පුලිඟුවක් අධාරයෙන් ඉන්ධන -  වාත මිශ්‍රණය ගිනි දල්වා ගැනීම සිදු කර ගනු ලබයි. මෙලෙස ගිනි ගෙන ප්‍රසාරනය වන ඉන්ධන වාත මිශ්‍රණය  මගින් නිපදවෙනු ලබන විශාල තාප ශක්තිය නිසා පිස්ටන් එක TDC අවස්ථාවේ සිට BDC අවස්ථාව  දක්වා සිලින්ඩර් බෝරය ඔස්සේ විශාල බලයක් ලබා ගනිමින් චලනය වීම ආරම්භ වේ. මේ සිදුවීම් ක්‍රියාවලිය සිදු වන අවස්ථාව අභ්‍යන්තර දහන එන්ජිමක Power strock  ලෙසින් හැදින් වේ. 


4. Exhaust 



    පිලිස්සී අවසන් වූ ඉන්ධන - වාත මිශ්‍රණය දුමාර වායුන් නිපදවනු ලබන අතර ඒවා ඉවත් කර නැවත inlert strock  අවස්තාව සදහා ignition chamber  එක සූදානම් කල යුතු වේ. මෙම ක්‍රියාවලිය සිදු කිරීම සදහා Piston එක BDC අවස්ථාවේ සිට TDC අවස්ථාව දක්වා සිලින්ඩර් බෝරය ඔස්සේ ගමන් කිරීම ආරම්භ වේ. ඒත් සමගම අධි පීඩිත පිටාර වායුව(දුමාරය) කුටීරයෙන් පිටතට නිදහස් කිරීම සදහා Exhaust valve විවෘත වීම සිදු වේ. මෙම අවස්ථාව අභ්‍යන්තර දහන එන්ජිමක Exhaust strock ලෙසින් හැදින් වේ. 




Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry