Inter combustion engine

   
𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝘀

𝟏. 𝐄𝐱𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐂𝐨𝐦𝐛𝐮𝐬𝐭𝐢𝐨𝐧 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐬 (𝐄.𝐂 𝐄𝐧𝐠𝐢𝐧𝐞)

𝟐. 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐂𝐨𝐦𝐛𝐮𝐬𝐭𝐢𝐨𝐧 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐬 (𝐈.𝐂 𝐄𝐧𝐠𝐢𝐧𝐞)


📌️𝐄𝐱𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐂𝐨𝐦𝐛𝐮𝐬𝐭𝐢𝐨𝐧 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐬 (𝐄.𝐂 𝐄𝐧𝐠𝐢𝐧𝐞) 
  ඉන්ධන දහනය එන්ජින් සිලින්ඩරයෙන් පිටත සිදු වන එන්ජින් බාහිර දහන එන්ජින් (𝑬𝒙𝒕𝒆𝒓𝒏𝒂𝒍-𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒈𝒊𝒏𝒆) ලෙසින් හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස 𝒔𝒕𝒓𝒆𝒂𝒎 𝒕𝒖𝒓𝒃𝒊𝒏𝒆 , 𝑮𝒂𝒔 𝒕𝒖𝒓𝒃𝒊𝒏𝒆 ආදී එන්ජින් හඳුන්වා දිය හැකි ය. 



📌️𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐥 𝐂𝐨𝐦𝐛𝐮𝐬𝐭𝐢𝐨𝐧 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐬 (𝐈.𝐂 𝐄𝐧𝐠𝐢𝐧𝐞) 
    එන්ජින් සිලින්ඩරය තුල ඉන්ධන දහනය සිදු වන එන්ජින් අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒍 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒈𝒊𝒏𝒆) ලෙසින් හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස 𝒑𝒆𝒕𝒓𝒐𝒍 𝒆𝒏𝒈𝒊𝒏𝒆 , 𝒅𝒊𝒆𝒔𝒆𝒍 𝒆𝒏𝒈𝒊𝒏𝒆 ආදී එන්ජින් වර්ග පෙන්වා දිය හැකිය.



𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝗹 𝗖𝗼𝗺𝗯𝘂𝘀𝘁𝗶𝗼𝗻 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝘀 
    පහත දැක්වෙන්නෙ 𝒊𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒍 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒆𝒏𝒈𝒊𝒏𝒆 (𝑰𝑪 𝑬𝑵𝑮𝑰𝑵𝑬) වර්ගීකරණය කර ඇති ලයිස්තුවයි. භාවිතා කර ඇති තාක්ෂණය අනුව සහ විවිධ ක්‍රම මත මෙම වර්ගීකරණය කිරීම සිදු කර ඇත.

𝟏. 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐜𝐲𝐜𝐥𝐞 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐝
     𝟏) 𝑻𝒐𝒘-𝑺𝒕𝒓𝒐𝒌𝒆 𝑬𝒏𝒈𝒊𝒏𝒆 
     𝟐) 𝑭𝒐𝒖𝒓-𝑺𝒕𝒓𝒐𝒌𝒆 𝑬𝒏𝒈𝒊𝒏𝒆 

𝟐. 𝐅𝐮𝐞𝐥 𝐮𝐬𝐞𝐝
    𝟏) 𝑷𝒆𝒕𝒓𝒐𝒍 (𝑮𝒂𝒔𝒐𝒍𝒊𝒏𝒆)
    𝟐) 𝑫𝒊𝒆𝒔𝒆𝒍
    𝟑) 𝑮𝒂𝒔 𝑬𝒏𝒈𝒊𝒏𝒆 

𝟑. 𝐍𝐚𝐭𝐮𝐫𝐞 𝐨𝐟 𝐭𝐡𝐞𝐫𝐦𝐨𝐝𝐲𝐧𝐚𝐦𝐢𝐜𝐬 𝐜𝐲𝐜𝐥𝐞 𝐮𝐬𝐞𝐝
    𝟏) 𝑶𝒕𝒕𝒐 𝒄𝒚𝒄𝒍𝒆
    𝟐) 𝑫𝒊𝒆𝒔𝒆𝒍 𝒄𝒚𝒄𝒍𝒆
    𝟑) 𝑫𝒖𝒂𝒍 𝒄𝒚𝒄𝒍𝒆

𝟒. 𝐌𝐞𝐭𝐡𝐨𝐝 𝐨𝐟 𝐜𝐨𝐨𝐥𝐢𝐧𝐠
    𝟏) 𝑨𝒊𝒓 𝒄𝒐𝒐𝒍𝒊𝒏𝒈
    𝟐) 𝑾𝒂𝒕𝒆𝒓 𝒄𝒐𝒐𝒍𝒊𝒏𝒈 (𝒍𝒊𝒒𝒖𝒊𝒅 𝒄𝒐𝒐𝒍𝒊𝒏𝒈)

𝟓. 𝐒𝐩𝐞𝐞𝐝 𝐨𝐟 𝐭𝐡𝐞 𝐞𝐧𝐠𝐢𝐧𝐞 
    𝟏) 𝑯𝒊𝒈𝒉-𝑺𝒑𝒆𝒆𝒅 𝑬𝒏𝒈𝒊𝒏𝒆 
    𝟐) 𝑴𝒆𝒅𝒊𝒖𝒎-𝒔𝒑𝒆𝒆𝒅 𝑬𝒏𝒈𝒊𝒏𝒆 
    𝟑) 𝑳𝒐𝒘-𝑺𝒑𝒆𝒆𝒅 𝑬𝒏𝒈𝒊𝒏𝒆 

𝟔. 𝐅𝐢𝐞𝐥𝐝 𝐨𝐟 𝐭𝐡𝐞 𝐚𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧
    𝟏) 𝑺𝒕𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒓𝒚 𝑬𝒏𝒈𝒊𝒏𝒆 
    𝟐) 𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒃𝒊𝒍𝒆 𝑬𝒏𝒈𝒊𝒏𝒆 
    𝟑) 𝑷𝒐𝒓𝒕𝒂𝒃𝒍𝒆 𝑬𝒏𝒈𝒊𝒏𝒆 
    𝟒) 𝑨𝒆𝒓𝒐 𝑬𝒏𝒈𝒊𝒏𝒆 

𝟕. 𝐌𝐞𝐭𝐡𝐨𝐝 𝐨𝐟 𝐢𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 
    𝟏) 𝑺𝒑𝒂𝒓𝒌-𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒈𝒊𝒏𝒆 (𝑺𝑰 𝑬𝒏𝒈𝒊𝒏𝒆)
    𝟐) 𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏-𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒈𝒊𝒏𝒆 (𝑪𝑰 𝑬𝒏𝒈𝒊𝒏𝒆) 

𝟖. 𝐀𝐫𝐫𝐚𝐧𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐨𝐟 𝐭𝐡𝐞 𝐄𝐧𝐠𝐢𝐧𝐞 𝐂𝐲𝐥𝐢𝐧𝐝𝐞𝐫 
    𝟏) 𝑯𝒐𝒓𝒊𝒛𝒐𝒏𝒕𝒂𝒍
    𝟐) 𝑽𝒆𝒓𝒕𝒊𝒄𝒂𝒍
    𝟑) 𝑹𝒂𝒅𝒊𝒂𝒍
    𝟒) 𝑽-𝒕𝒚𝒑𝒆



 
𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝗹 𝗖𝗼𝗺𝗯𝘂𝘀𝘁𝗶𝗼𝗻 𝗘𝗻𝗴𝗶𝗻𝗲

     අද වන විට ලෝකයේ භාවිතා වන මෝටර් රථ වලින් අති බහුතරය අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒍 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒐𝒓 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) වලින් සමන්විත වේ. එනම් එන්ජින් සිලින්ඩරය තුල ඉන්ධන දහනය සිදු කර ගනු ලබන එන්ජින් අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) ලෙසින් හඳුන්වනු ලබයි. වෙනත් ආකාරයකට මෙය පැහැදිලි කරනවා නම් , අභ්‍යන්තර දහන එන්ජින් යනු ගිනි පුපුරක් ජනනය කර ගැනීමෙන් හෝ ලබා දීම මගින් එන්ජින් සිලින්ඩරය තුල ඉන්ධන දහනය කර යාන්ත්‍රික ශක්තිය (𝑴𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍 𝑬𝒏𝒆𝒓𝒈𝒚) ජනනය කර ගනු ලබන එන්ජින් වේ. මේ සදහා ඉන්ධන වශයෙන් 𝑷𝒆𝒕𝒓𝒐𝒍  , 𝑫𝒊𝒆𝒔𝒆𝒍 හෝ 𝑳𝒊𝒒𝒖𝒆𝒇𝒊𝒆𝒅 𝒑𝒆𝒕𝒓𝒐𝒍𝒆𝒖𝒎 𝒈𝒂𝒔 භාවිතා කරනු ලබයි.

    මූලික වශයෙන් අභ්‍යන්තර දහන එන්ජිම (𝑰𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒍 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒆𝒏𝒈𝒊𝒏𝒆 ) තුල ඇති දහන කුටීරයක් තුල දවනු ලබන වායු - ඉන්ධන මිශ්‍ර මගින් නිපදවනු ලබන තාප ශක්තිය (𝑻𝒉𝒆𝒓𝒎𝒂𝒍 𝑬𝒏𝒆𝒓𝒈𝒚)  , යාන්ත්‍රික ශක්තිය (𝑴𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍 𝑬𝒏𝒆𝒓𝒈𝒚) බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාව අභ්‍යන්තර දහන එන්ජිම මගින් සිදු කර ගනු ලබයි. මේ නිසා අභ්‍යන්තර දහන එන්ජින් තාප එන්ජින් (𝑯𝒆𝒂𝒕 𝑬𝒏𝒈𝒊𝒏𝒆) යටතේ වර්ගීකරණය කර ඇත.
   




𝗣𝗮𝗿𝘁 𝗼𝗳 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝗹 𝗖𝗼𝗺𝗯𝘂𝘀𝘁𝗶𝗼𝗻 𝗘𝗻𝗴𝗶𝗻𝗲:        
  අභ්‍යන්තර දහන එන්ජිම තුල අන්තර්ගත  ප්‍රධානතම සංරචක පහත පරිදි හඳුන්වා දිය හැකිය.


𝟏.𝐂𝐲𝐥𝐢𝐧𝐝𝐞𝐫
𝟐.𝐂𝐲𝐥𝐢𝐧𝐝𝐞𝐫 𝐡𝐞𝐚𝐝
𝟑.𝐕𝐚𝐥𝐯𝐞𝐬
𝟒.𝐏𝐢𝐬𝐭𝐨𝐧
𝟓.𝐏𝐢𝐬𝐭𝐨𝐧 𝐫𝐢𝐧𝐠
𝟔.𝐂𝐨𝐧𝐧𝐞𝐜𝐭𝐢𝐧𝐠 𝐫𝐨𝐝
𝟕.𝐂𝐫𝐚𝐧𝐤𝐬𝐡𝐚𝐟𝐭
𝟖.𝐂𝐚𝐦𝐬𝐡𝐚𝐟𝐭
𝟗.𝐅𝐥𝐲𝐰𝐡𝐞𝐞𝐥  
𝟏𝟎.𝐂𝐫𝐚𝐧𝐤𝐜𝐚𝐬𝐞
𝟏𝟏.𝐄𝐧𝐠𝐢𝐧𝐞 𝐁𝐥𝐨𝐜𝐤  

1 රූපය









𝗪𝗼𝗿𝗸𝗶𝗻𝗴 𝗣𝗿𝗶𝗻𝗰𝗶𝗽𝗹𝗲 𝗼𝗳 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝗹 𝗖𝗼𝗺𝗯𝘂𝘀𝘁𝗶𝗼𝗻 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝘀

  අභ්‍යන්තර දහන එන්ජින් වල (𝑰𝒏𝒕𝒆𝒓𝒏𝒂𝒍 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒆𝒏𝒈𝒊𝒏𝒆 𝒐𝒓 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆)ඉන්ධන වාත මිශ්‍රණයෙහි දහනය සිලින්ඩර තුල නිර්මාණය වන දහන කුටීර තුල දී සිදු වේ. එබැවින් ඉන්ධන දහනය මගින් ඇති වන තාප ශක්තියෙන් කොටසක් කෙළින්ම යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කර ගැනීම සිදු වේ. බාහිර දහන එන්ජින් (𝑬𝒙𝒕𝒆𝒓𝒏𝒂𝒍 𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒈𝒊𝒏𝒆𝒔 𝒐𝒓 𝑬𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල දී බලා පොරොත්තු විය හැකි තාප කාර්‍යක්ශමතාවය වඩා ඉහල තාප කාර්‍යක්ශමතාවයක් 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 තුල දී බලාපොරොත්තු විය හැකිය. 
  𝑷𝒊𝒔𝒕𝒐𝒏 එක ගමන් කරනු ලබන උපරිම ලක්ෂ්‍ය (𝐓𝐨𝐩 𝐃𝐞𝐚𝐝 𝐂𝐞𝐧𝐭𝐫𝐞 – 𝐓𝐃𝐂) හා පහලතම ලක්ෂ්‍ය (𝐁𝐨𝐭𝐭𝐨𝐦 𝐃𝐞𝐚𝐝 𝐂𝐞𝐧𝐭𝐫𝐞 – 𝐁𝐃𝐂) ලෙසින් හැදින්වෙනු ලබයි. 𝑷𝒊𝒔𝒕𝒐𝒏 එක විසින් 𝑻𝑫𝑪 සහ 𝑩𝑫𝑪 ලක්ෂ්‍යයන් දෙක අතර ඇති දුර ප්‍රමාණය එක් අවස්ථාවක් තුල දී සම්පූර්ණ කරනු ලබයි නම් එය එක් 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාවක් ලෙසින් හඳුන්වනු ලබයි. දඟරකදෙහි 𝒄𝒓𝒂𝒏𝒌 𝒓𝒂𝒅𝒊𝒂𝒏𝒔 අගය මෙන් දෙගුණයක් මෙම 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අගය සදහා අන්තර්ගත වේ. ඒ වගේම 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක එක් 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාවක් චලනය වීම සදහා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක 𝟏𝟖𝟎° කෝණයක් භ්‍රමණය විය යුතු වේ.
   𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 තුල දී ඉන්ධන වාත මිශ්‍රණයෙහි දහනය පියවරින් පියවර පිළිවලට චක්‍රයක් ආකාරයෙන් සිදු වේ. එක දහන අවස්ථාවක් අවසන් වී නැවත මුල් 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාවට පැමිණි විට එක් චක්‍රයක් අවසන් යැයි පවසයි. 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 අඛණ්ඩව ක්‍රියාත්මක වීමේ දී ඕනෑම පහරකින් ආරම්භ වන දහන චක්‍රයක් සලකා බැලීමේ හැකියාව පවතී.
   සම්පූර්ණ දහන චක්‍රයක් සම්පූර්ණ කිරීම සදහා පිස්ටනයට පහරවල් හතරක් අවශ්‍ය වන එන්ජින් 𝑭𝒐𝒖𝒓-𝒔𝒕𝒓𝒐𝒌𝒆 𝑬𝒏𝒈𝒊𝒏𝒆 ලෙසත් , පහරවල් දෙකක් අවශ්‍ය වන එන්ජින් 𝒕𝒘𝒐-𝒔𝒕𝒓𝒐𝒌𝒆 𝑬𝒏𝒈𝒊𝒏𝒆 ලෙසත් හැදින් වේ.

  සිව් පහර (𝑭𝒐𝒖𝒓-𝒔𝒕𝒓𝒐𝒌𝒆) වර්ගයේ 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 එකක් තුල දී එක් දහන චක්‍රයක් සම්පූර්ණ කිරීම පියවර හතරකින් සිදු වේ. එම පියවර හතර පහත පරිදි නම් කර ගැනීම සිදු කරනු ලබයි;


  • 𝐒ᴜᴄᴛɪᴏɴ 𝐒ᴛʀᴏᴋᴇ - මෙම පහර තුල දී නිවැරදි අනුපාතයෙන් යුතු ඉන්ධන වාත මිශ්‍රණය එන්ජින් සිලින්ඩර් තුලට සැපයීම සිදු කරනු ලබයි.

  • 𝐂ᴏᴍᴘʀᴇ𝐬𝐬ɪᴏɴ 𝐒ᴛʀᴏᴋᴇ - 𝒔𝒖𝒄𝒕𝒊𝒐𝒏 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාව තුල දී එන්ජින් සිලින්ඩරය තුලට සපයනු ලැබූ ඉන්ධන වාත මිශ්‍රණය හොදින් සම්පීඩනය (𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏) ලක් කිරීම මෙම අවස්ථාව උපයෝගී කර අර ගනිමින් සිදු කර ගනී.



  • 𝐄𝐱ᴘᴀɴ𝐬ɪᴏɴ ᴏʀ 𝐏ᴏᴡᴇʀ 𝐒ᴛʀᴏᴋᴇ - මෙම පහර තුල දී හොදින් සම් පීඩනය වූ ඉන්ධන වාත මිශ්‍රණය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) දල්වා ගැනීම සදහා අවශ්‍ය කරනු ලබන ගිනි පළිඟුව සැපයීම සිදු කරනු ලබයි. අවශ්‍ය කරනු ලබන ගිනි පළිඟුව නිපදවා ගැනීම සදහා 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎 සම්බන්ධිත සිලින්ඩරයට මුදුනින් සවි කර ගෙන ඇති 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 එකක් උපයෝගී කර ගනු ලබයි. ඉන්ධන වාත මිශ්‍රණය දහනය වන විට සිලින්ඩරය තුල ඇති වාත අවකාශයේ ක්ෂණික ප්‍රසාරණය වීමක් සිදු වේ. මෙලෙස ඇති වන ක්ෂණික ප්‍රසාරණය හේතුවෙන් 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක මත ඇති කරනු ලබන ඉහළ පීඩන තත්වය නිසා 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක ඉහළ බලයකින් යුතුව තල්ලු වීම සිදු වේ. මෙලෙස 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක මත ගොඩ නැගෙන යාන්ත්‍රික ශක්ති (𝒎𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒄𝒂𝒍 𝒆𝒏𝒆𝒓𝒈𝒚) උපයෝගී කර ගනිමින් 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එකට සම්බන්ධිත 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 හරහා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක භ්‍රමණය කර ගැනීම සිදු කර ගනු ලබයි. පසුව 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක මගින් එයට සම්බන්ධිත යාන්ත්‍රික කොටස් හා උපාංගයන් ධාවනය කිරීමට අවශ්‍ය කරනු ලබන ව්‍යාවර්ථ ශක්තිය (𝒕𝒐𝒓𝒒𝒖𝒆) ලබා දීම සිදු කරයි.


  • 𝐄𝐱ʜᴀᴜ𝐬ᴛ 𝐒ᴛʀᴏᴋᴇ - මෙම පහර තුල දී , දහන චක්‍රය තුල දී නිර්මාණය වූ දහන අවශේෂ පිටාර වායුව සිලින්ඩරය තුලින් ඉවත් කරමින් නැවත ආරම්භ වනු ලබන නව දහන චක්‍රය සදහා අවශ්‍ය නැවුම් ඉන්ධන වාත මිශ්‍රණය සිලින්ඩර තුලට පුරවා ගැනීමේ අවකාශය සකසා දෙනු ලබයි.

𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 වල 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාවන්හිදී 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එකෙහි සිදු වන රේඛීය චලිතය 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒅 එක හරහා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 හි භ්‍රමණ චලිතය බවට පරිවර්තනය කර ගනු ලබයි.

   𝑭𝒐𝒖𝒓-𝒔𝒕𝒓𝒐𝒌𝒆 වර්ගයේ අභ්‍යන්තර දහන එන්ජිමක් තුල සම්පූර්ණ දහන චක්‍රයක් ඇති වීම සදහා 𝒑𝒊𝒔𝒕𝒐𝒏 පහරවල් හතරක් ඇති විය යුතු ය. එනම් සම්පූර්ණ එන්ජින් චක්‍රයක් සදහා 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක සම්පූර්ණ වට දෙකක් එනම් 𝟕𝟐𝟎° කෝණයක් භ්‍රමණය විය යුතු ය. 

    ව්‍යාවර්ථ ශක්තිය (𝒕𝒐𝒓𝒒𝒖𝒆) නිපදවනු ලබන එකම පහර 𝒑𝒐𝒘𝒆𝒓 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාවයි. අනිකුත් සියළුම පහරවල් ක්‍රියාත්මක වීම සදහා 𝒑𝒐𝒘𝒆𝒓 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාවේ ජනනය වන ශක්තියෙන් කොටසක් අවශෝෂණය කර ගනී.





     











Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry