Ignition coil

   අභ්‍යන්තර දහන එන්ජිමෙහි 𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 𝒔𝒕𝒓𝒐𝒌𝒆 අවස්ථාව තුල දී දහන කුටීරය තුළ සිර වී පවතින ඉන්ධන වාත මිශ්‍රණය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝑴𝒊𝒙𝒕𝒖𝒓𝒆) නිවැරදි අවස්ථාවාදී දහනය කර ගත යුතු වේ. මේ සදහා අවශ්‍ය ගිනි පුලිඟුව දහන කුටීරය (𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝑪𝒉𝒂𝒎𝒃𝒆𝒓) මත සවි කර ඇති පුලිඟු පේනු (𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈) මගින් ජනනය කර ගැනීම සිදු කර ගනී. මේ නිසා ජ්වලන දඟරයක් (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑪𝒐𝒊𝒍) භාවිතා කරමින් ජනනය කර ගනු  ලබන අධි වෝල්ටීයතාවය (𝑯𝒊𝒈𝒉 𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) උපකාරී කර ගනිමින් , පුලිඟු පේනුව මත අවශ්‍ය විද්‍යුත් පුලිඟුව (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑺𝒑𝒂𝒓𝒌) නිපදවා ගැනීම සිදු කර ගනී.

     මෙය මගින් බැටරියේ පවතින අඩු වෝල්ටීයතා විද්‍යුත් ධාරාව (𝟏𝟐𝑽 හෝ 𝟐𝟒𝑽) භාවිතා කරමින් ඉතා ඉහල වෝල්ටීයතාවයකට (𝟐𝟎,𝟎𝟎𝟎𝒗~𝟓𝟎,𝟎𝟎𝟎𝒗)  නංවා ගත හැකි පරිදි නිපදවා ඇති අධිකර පරිණාමක (𝒔𝒕𝒆𝒑 𝒖𝒑 𝒕𝒓𝒂𝒏𝒔𝒇𝒐𝒓𝒎𝒆𝒓) වර්ගයට අයත් පේරක දඟරයකි.



Working principal 


        ජ්වලන දඟරය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික එතුමකින්, ද්විතීයික එතුමකින් සහ මෘදු යකඩ හරයකින් සමන්විත වේ. ප්‍රාථමික එතුම හරහා ගලා යනු ලබන සරල ධාරාව Contact breaker මගින් නැවත නැවත බිදී යාම හේතුවෙන් ද්වීතියික එතුම මත 50,000V පමණ අධි වෝල්ටීයතාවයක් ජනනය වීම සිදු වේ. මෙසේ ද්වීතියික එතුම මත ජනනය වන අධි වෝල්ටීයතාවය බෙදාහරිනය හරහා පුලිඟු පේනු වෙත යොමු කරමින් දහන කුටීරය තුල සිර වී ඇති ඉන්ධන වාත මිශ්‍රණය  ගිනි දල්වා ගැනීම සිදු කර ගනු ලබයි.


    ජ්වලන දඟරය නිර්මාණය වී ප්‍රධාන කොටස්:





• Primary winding 
• Secondary winding
• Iron core 


1. Primary winding: මෙම දඟර එතුම එකිනෙක හොදින් පරිවරණය කරන ලද තඹ කම්බි යොදා ගනිමින් 200 ත් 300 ත් තරම් වූ වට සංඛ්‍යාවක් පිහිටන පරිදි නිර්මාණය කර ඇත.

2. Secondary winding: මෙම දඟර එතුම 21,000 තරම් වූ විශාල වට සංඛ්‍යාවක් පිහිටන පරිදි තුනී තඹ කම්බි භාවිතා කරමින් නිර්මාණය කර ඇත. මෙසේ ද්වීතික දඟරය සදහා යොදා ගෙන ඇති තඹ කම්බි මතු පිට විශේෂිත enamelled නැමති විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය ක් යොදා ගනිමින් අධි වෝල්ටීයතා විද්‍යුත් ධාරාව පිටතට කාන්දු නොවන ලෙසින් හොදින් ආවරණය කර ඇත.

3. Iron core: මෙය laminated iron core භාවිතා කරමින් නිර්මාණය කර ඇති නිසා මෙතුල චුම්බක ක්ෂේත්‍රයක් ස්වරූපයෙන් ශක්තිය ගබඩා කර ගැනීමේ හැකියාව පවතී.



Type of ignition coil

ප්‍රධාන වශයෙන් ජ්වලන දඟර වර්ග හතරක් භාවිතයේ පවතී:

1. Conventional ignition system 
2. Electronic ignition system 
3. Distributor - less ignition system (DIS)
4. Coil-on-plug ignition system (COP)


Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry