Starting System

 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝘁𝗵𝗲 𝘀𝘁𝗮𝗿𝘁𝗶𝗻𝗴 𝘀𝘆𝘀𝘁𝗲𝗺?

    මෝටර් රථ ක්ෂේත්‍රයට අදාළ ව භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) වලට තනි වම ආරම්භක භ්‍රමණ චලනය ලබා ගනිමින් ක්‍රියාත්මක විය නො හැක. මේ නිසා එන්ජිමක මූලික මට්ටමේ පණගන්වා ගැනීම සිදු කර ගැනීමට අවශ්‍ය අවම 𝑹𝑷𝑴 අගය පරාසය ලබා ගැනීම සදහා විද්‍යුත් මෝටරයක් භාවිතා කරනු ලබයි. මෙමගින් එන්ජිම සතු දගරකද (𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕) අවශ්‍ය ප්‍රමාණයේ වේගයක් සහිතව භ්‍රමණය කර ගැනීම සිදු කරයි. එවිට එන්ජින් සිලින්ඩර් තුලට ඉන්ධන වාත මිශ්‍රණය හොදින් අවශෝෂණය කර සම්පීඩන ක්‍රියාවලියට ලක් කර ගනිමින් සාර්ථක දහන ක්‍රියාවලියට අවශ්‍ය වටපිටාව එන්ජිම තුල පිහිටා ඇති සිලින්ඩර් තුල නිර්මාණය වීම සිදු වේ. එවිට එන්ජිමට තනිවම එහි බලය යටතේ ක්‍රියාත්මක විය හැකිය.




    එන්ජිමට අවශ්‍ය මූලික මට්ටමේ භ්‍රමණ චලිතය සැපයීම සිදු කර ගැනීම සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් මෝටරය මෝටර් රථ ක්ෂේත්‍රයේ දී , පණගැන්වුම් මෝටරය (𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓) නමින් හඳුන්වනු ලබයි. 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 උපාංගය ක්‍රියාත්මක කරවා ගැනීම සදහා විශාල විද්‍යුත් ශක්තියක් අවශ්‍ය වන බැවින් මෙම 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 උපාංගය මෝටර් රථ විද්‍යුත් පද්ධතියෙහි පවතින විශාලතම විද්‍යුත් බැරය ලෙසින් හැදින්විය හැකිය.



𝗖𝗼𝗺𝗽𝗼𝗻𝗲𝗻𝘁 𝗢𝗳 𝗦𝘁𝗮𝗿𝘁𝗶𝗻𝗴 𝗦𝘆𝘀𝘁𝗲𝗺 

    මෝටර් රථ පණගැන්වුම් පද්ධතිය (𝑺𝒕𝒂𝒓𝒕𝒊𝒏𝒈 𝒔𝒚𝒔𝒕𝒆𝒎) සදහා පහත දැක්වෙන සංරචක හා උපාංගයන් සුදුසු පරිදි ඇතුළත් කර ගනිමින් නිර්මාණය කර ගෙන පවතී.

𝟏. 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲

𝟐. 𝐈𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐬𝐰𝐢𝐭𝐜𝐡

𝟑. 𝐍𝐞𝐮𝐭𝐫𝐚𝐥 𝐒𝐚𝐟𝐞𝐭𝐲 𝐬𝐰𝐢𝐭𝐜𝐡

𝟒. 𝐒𝐭𝐚𝐭𝐨𝐫 𝐫𝐞𝐥𝐚𝐲

𝟓. 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲 𝐂𝐚𝐛𝐥𝐞𝐬

𝟔. 𝐒𝐭𝐚𝐭𝐨𝐫 𝐦𝐨𝐭𝐨𝐫


     පණගැන්වුම් පද්ධතියෙහි ස්ථායිතාවය හා ගුණාත්මක භාවය ආරක්ෂා කර ගනිමින් නිවැරදිව ක්‍රියාත්මක වීම සදහා ඉහත සදහන් සෑම උපාංගයක්ම එක සේ තම දායකත්වය ලබා දෙයි. මේ සදහා යොදා ඇති කිසියම් උපාංගයක හෝ කොටසක නිවැරදි ක්‍රියාකාරිත්වයේ අසමත් වීමක් මත පණගැන්වුම් පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය බිද වැටීම සිදු වී එන්ජිම පණගන්වා ගැනීමට නො හැකි තත්වයකට පත් වේ.


📌️ 𝘽𝙖𝙩𝙩𝙚𝙧𝙮 

      මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සදහා සාමාන්‍යයෙන් ඊයම්-අම්ල (𝑳𝒆𝒂𝒅-𝒂𝒄𝒊𝒅) ගබඩා කර ගනිමින් නිපදවූ බැටරියක් භාවිතා කරනු ලබයි. මෙය විද්‍යුත් විභව අන්තරයක් (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒗𝒐𝒍𝒕𝒂𝒈𝒆) නිපදවමින් විද්‍යුත් ධාරාවක් (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) ලබා දිය හැකි ආකාරයෙන් රසායනිකව ක්‍රියාත්මක වන උපාංගයකි. 

    මෝටර් රථ බැටරි (𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚) තුල සිදු වන රසායනික ක්‍රියාවලිය ආපසු හැරවීම මගින් බැටරියෙහි ආරෝපණ ප්‍රමාණය යථා තත්වයට පත් කර ගත හැකිය. මෙම ක්‍රියාවලිය බැටරි ආරෝපණය නමින් හඳුන්වනු ලබයි. මෙලෙස ආරෝපණ ක්‍රියාවලියට ලක් කල හැකි බැටරි ද්වීතික බැටරි (𝑺𝒆𝒄𝒐𝒏𝒅𝒂𝒓𝒚 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර පවතී. මේ නිසා මෝටර් රථ බැටරි මගින් වසර ගණනක සේවා කාලයක් ලබා ගැනීමට හැකි වේ.

   මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සදහා බැටරියක් භාවිතා කිරීමේ මූලික අරමුණ වශයෙන් පණගැන්වුම් මෝටරය සදහා අවශ්‍ය කරනු ලබන විශාල ප්‍රමාණයේ විද්‍යුත් ධාරාව සපයා දීම පෙන්වා දිය හැකිය. මීට අමතරව එන්ජිම ක්‍රෑන්ක් (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝒄𝒓𝒂𝒏𝒌) කරන මොහොතේ දී එනම් එන්ජිම පණගැන්වීම සිදු කරන මොහොතේ දී ජ්වලන පද්ධතිය (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎) ඇතුළු ක්‍රියාකාරී පද්ධතීන් සියල්ලක්ම සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් ධාරාව සැපයීම සිදු කරයි. ඒ වගේම මෝටර් රථ විද්‍යුත් පද්ධතියෙහි ධාරා ඉල්ලුම ප්‍රත්‍යාවර්තකය (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) හරහා සපයා ගැනීමට නො හැකි තරමේ ඉහල අගය පරාසයක පවතින අවස්ථාවන් හිදී බැටරිය විද්‍යුත් සංචිතයක් ලෙස ක්‍රියා කරමින් අවශ්‍ය අමතර විද්‍යුත් ධාරා සැපයුම ලබා දෙනු ලබයි.




📌️𝙎𝙩𝙖𝙧𝙩𝙚𝙧 𝙍𝙚𝙡𝙖𝙮

     විද්‍යුත් රිලේ (𝒓𝒆𝒍𝒂𝒚) උපාංගයක් යනු , කුඩා විද්‍යුත් ධාරාවක් භාවිතා කරමින් විශාල විද්‍යුත් ධාරාවක් පාලනය කිරීම සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් උපාංගයකි. මෝටර් රථ එන්ජිමක් පණගැන්වීමේ ක්‍රියාවලිය සදහා පණගැන්වුම් මෝටරය (𝑺𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒎𝒐𝒕𝒐𝒓) මගින් විශාල ධාරාවක් භාවිතා කරනු ලබයි. ජ්වලන ස්විචය හරහා මෙතරම් විශාල විද්‍යුත් ධාරාවක් පාලනය කිරීම කිසි විටෙක වත් සිදු කර ගත නො හැක. 


   ජ්වලන ස්විචය (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑺𝒘𝒊𝒕𝒄𝒉) හරහා එතරම් විශාල විද්‍යුත් ධාරාවක් ගලා යාම සදහා ඉඩ ලබා දීමට නම් , 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒘𝒊𝒕𝒄𝒉 සදහා විශාල ප්‍රමාණයේ ස්විචයක් භාවිතා කරමින් විශාල ධාරා ප්‍රමාණයක් ගෙන යා හැකි ප්‍රමාණයෙන් විශාල වයර් එම ස්විචය සමගින් සම්බන්ධ කර ගැනීමට සිදු වේ. මෝටර් රථ 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑺𝒘𝒊𝒕𝒄𝒉 එක සදහා විශාල ප්‍රමාණයේ ස්විචයක් භාවිතා කරමින් විශාල ධාරාවක් ගමන් කල යුතු විද්‍යුත් රැහැන් සම්බන්ධ කර ගැනීම එතරම් ප්‍රායෝගික නොවේ.


   මේ නිසා පණගැන්වුම් රිලේ (𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒓𝒆𝒍𝒂𝒚) නමින් හැදින්වෙන විද්‍යුත් රිලේ (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒓𝒆𝒍𝒂𝒚) උපාංගයක් භාවිතා කරමින් පණගැන්වුම් මෝටරය (𝑺𝒕𝒂𝒕𝒆𝒓 𝒎𝒐𝒕𝒐𝒓) ක්‍රියාකර වීම සදහා අවශ්‍ය මූලික මට්ටමේ විද්‍යුත් ධාරා ප්‍රමාණය ලබා දීම සිදු කරයි. බැටරියට සහ පණගැන්වුම් මෝටරයට අතර මැදින් පිහිටා අති ස්ථානයකට ශේණිගත ආකාරයෙන් මෙම 𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒓𝒆𝒍𝒂𝒚 උපාංගය පණගැන්වුම් පද්ධතිය හා සම්බන්ධ කර ගැනීම සිදු කරයි. 


  සමහර මෝටර් රථ එන්ජින් තුල භාවිතා කරනු ලබන පණගැන්වුම් මෝටරය සදහා අවශ්‍ය කරනු ලබන විශාල විද්‍යුත් ධාරා ප්‍රමාණය පාලනයකින් යුතුව ලබා දීමේ ක්‍රියාවලිය 𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒔𝒐𝒍𝒆𝒏𝒐𝒊𝒅 උපාංග කොටස හරහා සිදු කර ගනී. මෙම කොටස 𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒓𝒆𝒍𝒂𝒚 උපාංගයක් ආකාරයෙන් ක්‍රියාත්මක වීම සිදු වේ. ඒ වගේම, පණගැන්වුම් මෝටරයෙහි කැරකුම් බලය එන්ජිමෙහි 𝒇𝒍𝒚𝒘𝒉𝒆𝒆𝒍 රෝදය හා සම්බන්ධ කරනු ලබන යාන්ත්‍රික ක්‍රියාවලිය පාලනය කිරීම මෙම 𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒔𝒐𝒍𝒆𝒏𝒐𝒊𝒅 කොටස හරහා සිදු වේ. මේ නිසා බොහෝ විට මෙම 𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒔𝒐𝒍𝒆𝒏𝒐𝒊𝒅 උපාංග කොටස පණගැන්වුම් මෝටරය තුලට සවි වී පවතී. 


    මෙම 𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒔𝒐𝒍𝒆𝒏𝒐𝒊𝒅 උපාංග කොටස සක්‍රිය කර ගැනීමේ විද්‍යුත් ධාරා ප්‍රමාණය ජ්වලන ස්විචය (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒘𝒊𝒕𝒄𝒉) භාවිතා කරමින් ලබා දිය හැකිය. නමුත් පණගැන්වුම් මෝටරයෙහි හා 𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒘𝒊𝒕𝒄𝒉 හි ආරක්ෂාව පතා 𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒔𝒐𝒍𝒆𝒏𝒐𝒊𝒅 උපාංග කොටස ක්‍රියා කිරීමට අවශ්‍ය මූලික විද්‍යුත් ධාරා ප්‍රමාණය 𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒓𝒆𝒍𝒂𝒚 උපාංගයක් සක්‍රිය කර ගනිමින් ඒ හරහා ලබා දීම සිදු කරයි.


📌️ 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲 𝐂𝐚𝐛𝐥𝐞𝐬

බැටරි කේබල් යනු මෝටර් රථයක පවතින විද්‍යුත් පද්ධතිය බැටරිය හා සම්බන්ධ කරනු ලබන් විද්‍යුත් රැහැන් වේ. මේවා ප්‍රධාන වශයෙන් ධන කේබල් (𝒑𝒐𝒔𝒊𝒕𝒊𝒗𝒆 𝒄𝒂𝒃𝒍𝒆) සහ සෘන කේබල් (𝒏𝒆𝒈𝒂𝒕𝒊𝒗𝒆 𝒄𝒂𝒃𝒍𝒆) ලෙසින් හඳුන්වනු ලබන කේබල් වර්ග දෙකකින් සමන්විත වේ. මේ සදහා විද්‍යුත් පරිවාරකයන් (𝒊𝒏𝒔𝒖𝒍𝒂𝒕𝒐𝒓) මගින් ආවරණය කරන ලද තඹ (𝒄𝒐𝒑𝒑𝒆𝒓) හෝ ඇළුමිනියම් (𝑨𝒍𝒖𝒎𝒊𝒏𝒊𝒖𝒎) රැහැන් යොදා ගනු ලබයි. ධනාත්මක කේබලය (𝒑𝒐𝒔𝒊𝒕𝒊𝒗𝒆 𝒄𝒂𝒃𝒍𝒆) සාමාන්‍යයෙන් රතු පැහැ වන අතර එය බැටරියෙහි ධන අග්‍රයට (𝒑𝒐𝒔𝒊𝒕𝒊𝒗𝒆 𝒕𝒆𝒓𝒎𝒊𝒏𝒂𝒍) සහ පණගැන්වුම් මෝටරය අතරට සම්බන්ධ කර ගනු ලබයි. සෘන කේබලය (𝒏𝒆𝒈𝒂𝒕𝒊𝒗𝒆 𝒄𝒂𝒃𝒍𝒆) සාමාන්‍යයෙන් කළු පැහැ වන අතර එය බැටරියේ සෘන අග්‍රයට (𝑵𝒆𝒈𝒂𝒕𝒊𝒗𝒆 𝒕𝒆𝒓𝒎𝒊𝒏𝒂𝒍) සහ මෝටර් රථයේ චැසියට හෝ භූගත (𝒈𝒓𝒐𝒖𝒏𝒅) ලක්ෂ්‍යයකට සම්බන්ධ කර ගනු ලබයි.

    එන්ජිම හා සම්බන්ධිත පණගැන්වුම් මෝටරය (𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓) ක්‍රියාකර වීමට අවශ්‍ය අධික විද්‍යුත් ධාරාව (250+ 𝒂𝒎𝒑) රැගෙන යාමට හැකි ලෙස බහු-කෙඳි (𝒎𝒖𝒍𝒕𝒊-𝒔𝒕𝒓𝒂𝒏𝒅𝒆𝒅 𝒘𝒊𝒓𝒆) යොදා ගනිමින් මෙම 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚-𝒕𝒐-𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒄𝒂𝒃𝒍𝒆 නිර්මාණය කර පවතී. මෙය ආරම්භක බැටරි කේබලය, ධනාත්මක බැටරි කේබලය හෝ බැටරියේ සිට ආරම්භක කේබලය ලෙසින් ද හඳුන්වනු ලබයි. මෙමගින් බැටරියේ ධන අග්‍රය (𝒑𝒐𝒔𝒊𝒕𝒊𝒗𝒆 𝒕𝒆𝒓𝒎𝒊𝒏𝒂𝒍) සහ පණගැන්වුම් මෝටරය (𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒎𝒐𝒕𝒐𝒓) එකිනෙක සම්බන්ධ කර ගනු ලබන අතර මෙයට ඉහල විද්‍යුත් ආතතියකට (𝑯𝒆𝒂𝒗𝒚-𝒅𝒖𝒕𝒚) ඉතාමත් හොඳින් ඔරොත්තු දීමේ හැකියාවක් පැවතිය යුතු ය. මේ නිසා පණගැන්වුම් මෝටරය හා සම්බන්ධිත ප්‍රධාන 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝒄𝒂𝒃𝒍𝒆 විශාල විශ්කම්භයකින් යුක්ත වේ. ඒ වගේම ආරම්භක මෝටර් බැටරි කේබලය සාමාන්‍යයෙන් උසස් තත්වයේ තඹ වයර් (𝒄𝒐𝒑𝒑𝒆𝒓 𝒘𝒊𝒓𝒆) වලින් නිපදවා ගනු ලබන අතර ශක්තිමත් සහ විශ්වාසදායක සම්භදතාවයක් සහතික කර ගැනීමේ අරමුණින් යුතුව දෙපසට විශාල සම්භන්දක මුදු (𝑹𝒊𝒏𝒈 𝒕𝒆𝒓𝒎𝒊𝒏𝒂𝒍) සවි කර පවතී. මෙය මෝටර් රථ පණගැන්වුම් පද්ධතියෙහි පවතින වැදගත් අංගයක් වන අතර මෝටර් රථය විශ්වාසදායක ලෙස පණගැන්වීම සඳහා ඉතාමත් හොඳ තත්වයේ පැවතිය යුතුය. මීට අමතරව බැටරි කේබල් හි දෙකෙළවර පර්යන්තයන් පිරිසිදුව හා තදින් තබා ගැනීමට සැලකිලිමත් විය යුතුය.


📌️𝐈𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐬𝐰𝐢𝐭𝐜𝐡

 

   ජ්වලන ස්විචය යනු මෝටර් රථයෙහි පණගැන්වුම් මෝටරය , ජ්වලන පද්ධතිය (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑺𝒚𝒔𝒕𝒆𝒎) සහ අනිකුත් විද්‍යුත් උපාංග බල ගැන්වීම සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් ස්විචයකි(𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄𝒂𝒍 𝒔𝒘𝒊𝒕𝒄𝒉). ජ්වලන ස්විචය (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒘𝒊𝒕𝒄𝒉) සඳහා ම වෙන් වූ විශේෂිත යතුර (𝒔𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝒌𝒆𝒚) ජ්වලන ස්විචය තුලට ඇතුළු කර හැරවූ විට, ස්විචය මගින් අදාළ පරිපථ සම්පූර්ණ කර එන්ජිම පණගැන්වීමට ඉඩ සලසමින් පණගැන්වුම් මෝටරයට (𝒔𝒕𝒂𝒓𝒕𝒆𝒓 𝒎𝒐𝒕𝒐𝒓) සහ ජ්වලන පද්ධතියට අවශ්‍ය කරනු ලබන විද්‍යුත් බලය සම්ප්‍රේෂණය කරනු ලබයි. මේ නිසා, ජ්වලන ස්විචය භාවිතා කරමින් රියදුරු හට මෝටර් රථයේ අවශ්‍ය ස්ථාන වෙත හා උපාංග වෙත විද්‍යුත් ධාරාව බෙදා හැරීමට ඉඩ සලසා ගත හැකි වේ.

   ජ්වලන ස්විචය (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒘𝒊𝒕𝒄𝒉) සාමාන්‍යයෙන් සුක්කානම් තීරුවේ හෝ උපකරණ පුවරුවේ පිහිටා ඇත. ස්විචය තුල පිහිටා ඇති සන්ධි / විසන්ධි ලක්ෂ්‍යයන් (𝒔𝒘𝒊𝒕𝒄𝒉 𝒑𝒐𝒔𝒊𝒕𝒊𝒐𝒏) නිෂ්පාදිත මෝටර්-රථ වර්ගය සහ ආකෘතිය අනුව වෙනස් වේ. නමුත් බොහෝ ජ්වලන ස්විචයන් සඳහා පොදු වූ සන්ධි/විසන්ධි ලක්ෂ්‍යයන් කිහිපයක් පවතී. ඒවා නම්:




𝟏. 𝐎𝐟𝐟 𝐩𝐨𝐬𝐢𝐭𝐢𝐨𝐧 – මෙම ස්ථානයෙ දී එන්ජිම ක්‍රියාත්මක නොවන අතර මෝටර් රථයේ පවතින සියළුම විද්‍යුත් උපාංග අක්‍රිය තත්වයේ පවතී.


𝟐. 𝐀𝐜𝐜𝐞𝐬𝐬𝐨𝐫𝐲 𝐩𝐨𝐬𝐢𝐭𝐢𝐨𝐧 (𝐀𝐂𝐂) – මෙම ස්ථානයේ දී රේඩියෝව , 𝒑𝒐𝒘𝒆𝒓 𝒘𝒊𝒏𝒅𝒐𝒘 වැනි තෝරා ගත් විද්‍යුත් උපාංග කිහිපයක් වෙත අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම සිදු කරයි. නමුත් එන්ජිම ක්‍රියා විරහිත මට්ටමේ පවතී.


𝟑. 𝐎𝐧 𝐩𝐨𝐬𝐢𝐭𝐢𝐨𝐧 – මෙම ස්ථානයේ දී ජ්වලන පද්ධතිය , ඉන්ධන පද්ධතිය සහ එන්ජිම පණගැන්වීම සදහා අවශ්‍ය වන වැදගත් පද්ධති රැසක් වෙත අවශ්‍ය කරනු ලබන විද්‍යුත් බලය සපයමින් එන්ජිම ක්‍රියාත්මක කිරීමට සූදානම් මට්ටමේ තබා ගනී.


𝟒. 𝐒𝐭𝐚𝐫𝐭 𝐩𝐨𝐬𝐢𝐭𝐢𝐨𝐧 – මෙම ස්ථානයේ දී , ජ්වලන පද්ධතිය (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑺𝒚𝒔𝒕𝒆𝒎) සක්‍රිය මට්ටමේ පවතින අතර පණගැන්වුම් මෝටරය 𝒇𝒍𝒚𝒘𝒉𝒆𝒆𝒍 කොටස මත ඇති 𝒓𝒊𝒏𝒈 𝒈𝒆𝒂𝒓 වලල්ල සමග සම්බන්ධ වනවාත් සමගම එන්ජිම 𝒄𝒓𝒂𝒏𝒌 ක්‍රියාවලියට ලක් වීම සිදු වේ. මේ නිසා එන්ජිම තුල දහන ක්‍රියාවලිය ආරම්භ වීම සිදු වී එන්ජිම සක්‍රිය මට්ටමට පත් වේ.


𝟓. 𝐑𝐮𝐧 𝐩𝐨𝐬𝐢𝐭𝐢𝐨𝐧 (𝐚𝐟𝐭𝐞𝐫 𝐬𝐭𝐚𝐫𝐭𝐢𝐧𝐠) – එන්ජිම ක්‍රියාත්මක වූ පසුව ස්විචය ස්වයංක්‍රීය ව නැවත 𝒐𝒏 𝒑𝒐𝒔𝒊𝒕𝒊𝒐𝒏 ස්ථානයට පැමිණීම සිදු වේ. මේ නිසා පණගැන්වුම් මෝටරයට ධාවනය වන එන්ජිම සමග ඇති සම්බන්ධ තාවය ඉවත් වීම හේතුවෙන් පණගැන්වුම් මෝටරය 𝑶𝒗𝒆𝒓 𝒓𝒖𝒏𝒏𝒊𝒏𝒈 තත්වයට පත් වීම වැළැක්වීම සිදු වේ. මේ හේතුවෙන් පණගැන්වුම් මෝටරය ආරක්ෂිත මට්ටමට පත්වේ. ඒ වගේම එන්ජිමට එක දිගටම ක්‍රියාකාරී මට්ටමේ ධාවනය වීමට ඉඩ සලසනු ලබයි.



Comments

Post a Comment

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry