Brake Fluid

 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗯𝗿𝗮𝗸𝗲 𝗳𝗹𝘂𝗶𝗱?

  තිරිංග තරලය (𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅) යනු මෝටර් රථ වල අඩංගු හයිඩ්‍රොලික් බ්‍රේක් (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒃𝒓𝒂𝒌𝒆) සහ හයිඩ්‍රොලික් ක්ලච් (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒄𝒍𝒖𝒕𝒄𝒉 පද්ධතීන් සදහා භාවිතා කරනු ලබන හයිඩ්‍රොලික් තරල (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒇𝒍𝒖𝒊𝒅) වර්ගයකි. බලය පීඩනයක් බවට පරිවර්තනය කරමින් තිරිංග බලය (𝑩𝒓𝒂𝒌𝒆 𝒇𝒐𝒓𝒄𝒆) විස්තාරණය කිරීමට හැකි ආකාරයේ හයිඩ්‍රොලික් ද්‍රවයක් මෙම තිරිංග තරලය සදහා භාවිතා කරනු ලබයි. සරලවම කිව හොත් , ඔබේ වාහනයේ ඇති තිරිංග පැඩලය (𝑩𝒓𝒂𝒌𝒆 𝒑𝒂𝒅𝒅𝒍𝒆) මතට පාදය යොදා ගනිමින් බලයක් යොදන සෑම අවස්තාවකදීම තිරිංග පැඩලය හා සම්බන්ධිත 𝒎𝒂𝒔𝒕𝒆𝒓 𝒑𝒖𝒎𝒑 එක මගින් තිරිංග තරලය පීඩන ක්‍රියාවලියකට ලක් කරයි. පසුව මෙසේ පීඩනයට ලක් වූ තිරිංග තරලය නල මාර්ග ඔස්සේ ඉදිරි පස සහ පසු පස රෝද වලට සවි වී ඇති තිරිංග කොටස් සදහා යොමු කරමින් වාහනය නතර කිරීමට ක්‍රියා කරයි. 




   මෝටර් රථ තිරිංග පද්ධතිය (𝑩𝒓𝒂𝒌𝒆 𝒔𝒚𝒔𝒕𝒆𝒎) සදහා යොදා ගනු ලබන තිරිංග තරලයට ඉහල සම්පීඩන බලයන්ට ඔරොත්තු දීමේ ලාක්ෂණික ගුණාංගයක් පවතී. මේ නිසා තිරිංග තරලය (𝑩𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅) පහසුවෙන් සම්පීඩනය කල නො හැකි බැවින් හයිඩ්‍රොලික් තිරිංග පද්ධති (𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝑩𝒓𝒂𝒌𝒆 𝒔𝒚𝒔𝒕𝒆𝒎) තුල භාවිතා කිරීම ඉතාමත් සුදුසු වේ. ඒ වගේම , මෝටර් රථයක් නතර කිරීමේ දී ඇති වන ඉහල උෂ්ණත්වයන්ට සහ පිඩනයන්ට ඉතාමත් හොදින් ඔරොත්තු දෙමින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිරිංග තරලය සදහා පවතී.



    තිරිංග තරලය නොමැතිව මෝටර් රථයක් ආරක්ෂිත සහ සම්පූර්ණ නැවතුමකට ගෙන ඒමට අවශ්‍ය පීඩනය ලබා දීමට නො හැකි වේ. තිරිංග පද්ධතියෙහි ඇතිවන කාන්දුවක් මගින් හෝ නිසි කලට තිරිංග තරලය (𝑩𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅) මාරු නො කිරීම මගින් මෝටර් රථ තිරිංග පද්ධතියෙහි විවිධාකාර ගැට‍ළු නිර්මාණය වීම හේතුවෙන් තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වී විශාල මෝටර් රථ අනතුරු පවා සිදු විය හැකිය.


Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry