Automotive Fuse

     විලායක (𝑭𝒖𝒔𝒆) යනු අධි විද්‍යුත් ධාරා ප්‍රවාහයන් විද්‍යුත් පරිපථ තුලින් ගලා යාම වළක්වා එම විද්‍යුත් පරිපථය ආරක්ෂා කර ගැනීම සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් උපාංගයකි. අනපේක්ෂිත තත්වයන් තුල දී ඇති වන විද්‍යුත් ධාරා ප්‍රවාහයන්ගෙන්  විද්‍යුත් පරිපථ හෝ විද්‍යුත් උපාංගයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් යුතුව බොහෝ අවස්ථාවන් වල දී , විද්‍යුත් ධාරා ප්‍රවාහයන් 𝑭𝒖𝒔𝒆 හරහා ලබා දීම සිදු කරයි.    මෙම උපාංගය මගින් පරිපථ කඩනයක් (𝒄𝒊𝒓𝒄𝒖𝒊𝒕 𝒃𝒓𝒆𝒂𝒌𝒆𝒓) ලෙසින් හෝ ස්ථායි කාරකයක් (𝒔𝒕𝒂𝒃𝒊𝒍𝒊𝒛𝒆𝒓) ලෙසින් ක්‍රියා කරමින් ඊට සම්බන්ධිත විද්‍යුත් උපාංග සිදු වීමට නියමිත විද්‍යුත හානිවලින් ආරක්ෂා කර ගනී. 𝑭𝒖𝒔𝒆 සදහා බොහෝ විට මිශ්‍ර ලෝහ වර්ග යොදා ගනිමින් නිර්මාණය කරගත් තුනී පටි හෝ නූල් භාවිතා කරනු ලබයි.




  මෝටර් රථ තුල භාවිතා කරනු ලබන විද්‍යුත් පද්ධති වල ආරක්ෂාව සදහා ද විශේෂයෙන් නිර්මාණය කල විලායක (𝑭𝒖𝒔𝒆) භාවිතා කරනු ලබයි. මේවා සාමාන්‍ය ව්‍යවහාරයේ 𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑭𝒖𝒔𝒆 ලෙසින් හඳුන්වනු ලබයි. එම 𝒇𝒖𝒔𝒆 රැදවීම සදහා 𝒇𝒖𝒔𝒆 𝒃𝒍𝒐𝒄𝒌 , 𝒊𝒏𝒍𝒊𝒏𝒆 𝒇𝒖𝒔𝒆 𝒉𝒐𝒍𝒅𝒆𝒓 𝒐𝒓 𝒇𝒖𝒔𝒆 𝒄𝒍𝒊𝒑𝒆 වැනි උපක්‍රම භාවිතා කරනු ලබයි. සමහර අවස්ථාවන් වල දී මෙම 𝒂𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝒇𝒖𝒔𝒆  මොටර් රථ ක්ෂේත්‍රයට පරිබාහිර විවිධ යෙදුම් සදහා ද යොදා ගනු ලබයි. 

   𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑭𝒖𝒔𝒆 නිපදවා ගැනීම සදහා බොහෝ විට තුනී ලෝහ තීරු හෝ ලෝහ නූල් භාවිතා කරනු ලබයි. නමුත් මෝටර් රථ විදුලි පද්ධතියෙහි පවතින විවිධාකාර වූ විද්‍යුත් ධාරා ධාරිතාවයන්ට සරිලන පරිදි නිර්මාණය කල විවිධ ධාරිතා ප්‍රමාණයන්ගෙන් යුත් 𝑭𝒖𝒔𝒆 භාවිතා කරනු ලබයි. විවිධාකාර වූ විලායක (𝑭𝒖𝒔𝒆) ධාරිතා අගයන්ට සරිලන පරිද්දෙන් 𝒇𝒖𝒔𝒆 නිපදවා ගැනීම සදහා එකිනෙකට වෙනස් වූ ලෝහ වර්ග මෙන්ම මිශ්‍ර ලෝහ වර්ගද මේ සදහා භාවිතා කරයි. 

   මෙම 𝒂𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝒇𝒖𝒔𝒆 මෝටර් සයිකල්, මෝටර් රථ, මගී ප්‍රවාහන බස් රථ සහ මාර්ගයෙන් බැහැර ධාවනය වන මෝටර් රථ (𝒐𝒇𝒇 𝒓𝒐𝒅 𝒗𝒆𝒉𝒊𝒄𝒍𝒆) වල විදුලි පද්ධති සදහා බහුලව භාවිතා කරනු ලබයි. ලයිට් , හීටර් , වායු සමීකරණ , රේඩියෝ සහ 𝒑𝒐𝒘𝒆𝒓 𝒘𝒊𝒏𝒅𝒐𝒘𝒔 වැනි මෝටර් රථයේ ඇති වැදගත් පද්ධති මෙන්ම ඒ සදහා විද්‍යුත් බලය සපයනු ලබන කේබල් , වයර් , විදුලි උපාංග හා 𝒘𝒊𝒓𝒆 𝒄𝒐𝒏𝒏𝒆𝒄𝒕𝒊𝒏𝒈 𝒔𝒐𝒄𝒌𝒆𝒕 වල ආරක්ෂාව සහතික කිරීම මෙහි අරමුණයි. 

  මෝටර් රථ නිෂ්පාදිත ආයතනය අනුව සහ මාලිදිය අනුව මෝටර් රථ සදහා භාවිතා කරනු ලබන 𝒇𝒖𝒔𝒆 මාදිලි එකිනෙකට වෙනස් විය හැකිය. නමුත් බොහෝමයක් මෝටර් රථ සදහා 𝒃𝒂𝒅𝒆 𝒇𝒖𝒔𝒆 පොදු වර්ගයක් ලෙසින් භාවිතා කල හැකිය. 𝑩𝒂𝒅𝒆 𝒇𝒖𝒔𝒆 මාදිලිය 𝒔𝒑𝒂𝒅𝒆 𝒇𝒖𝒔𝒆 නමින්ද හඳුන්වනු ලබයි.




𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗔𝘂𝘁𝗼𝗺𝗼𝘁𝗶𝘃𝗲 𝗙𝘂𝘀𝗲 

    මූලික වශයෙන් මෝටර් රථ සදහා භාවිතා කරනු ලබන 𝑭𝒖𝒔𝒆 වර්ග පහක් දක්නට ලැබේ. 


𝟏. 𝐁𝐥𝐚𝐝𝐞

𝟐. 𝐁𝐨𝐬𝐜𝐡

𝟑. 𝐆𝐥𝐚𝐬𝐬 𝐭𝐮𝐛𝐞

𝟒. 𝐋𝐢𝐦𝐢𝐭𝐞𝐫

𝟓. 𝐋𝐮𝐜𝐚𝐬



   මෙහි දක්නට ලැබෙන සමහරක් 𝒇𝒖𝒔𝒆 බහුල වම මෝටර් රථ සදහා භාවිතා කරනු ලබන අතර අනෙක් ඒවා බොහෝ විට පැරණි මෝටර් රථ වල දක්නට ලැබේ. උදාහරණයක් ලෙස , 𝑩𝒐𝒔𝒄𝒉 වර්ගයේ ෆියුස් සහ 𝑮𝒍𝒂𝒔𝒔 𝒕𝒖𝒃𝒆 ෆියුස් පිළිවෙළින් පැරණි යුරෝපියන් සහ ඇමරිකන් වාහන වල ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.


   මෙම වර්ගයේ 𝒇𝒖𝒔𝒆 වලට අමතරව 𝒇𝒖𝒔𝒊𝒃𝒍𝒆 𝒍𝒊𝒏𝒌 නමින් හඳුන්වනු ලබන 𝒇𝒖𝒔𝒆 වලට සමාන සංරචකයක් සමහර අවස්ථාවන් සදහා මෝටර් රථ විදුලි පද්ධතිය සදහා භාවිතා කරනු ලබයි. 𝑭𝒖𝒔𝒊𝒃𝒍𝒆 𝒍𝒊𝒏𝒌 නමින් හඳුන්වනු ලබන සංරචකය 𝒇𝒖𝒔𝒆 වලට සමාන කාර්යය භාරයක් ඉටු කරනු ලබයි. නමුත් මෙම සංරචකය බොහෝ විට විද්‍යුත් පද්ධතියෙහි ඇති අධි ධාරා යෙදුම් වන 𝒈𝒆𝒏𝒆𝒓𝒂𝒕𝒐𝒓 , 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 හෝ 𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 වැනි උපාංගයන් සම්බන්ධ කිරීමේ දී භාවිතා කරනු ලබයි.




𝗕𝗹𝗮𝗱𝗲 𝘁𝘆𝗽𝗲 𝗔𝘂𝘁𝗼𝗺𝗼𝘁𝗶𝘃𝗲 𝗙𝘂𝘀𝗲 

  𝑩𝒍𝒂𝒅𝒆 𝒕𝒚𝒑𝒆 𝒇𝒖𝒔𝒆 𝟏𝟗𝟕𝟎 දශකය අග භාගයේ දී සංවර්ධනය කිරීම ආරම්භ කර 𝟏𝟗𝟖𝟎 දශකය මුල් කාල වකවානුවේ පටන් මෝටර් රථ විදුලි පද්ධතිය සදහා භාවිතා කිරීම ආරම්භ කරන ලදි. මෝටර් රථ සදහා භාවිතා කරනු ලබන අනිකුත් 𝒇𝒖𝒔𝒆 වර්ග මෙන් නොව , මෙම 𝒃𝒍𝒂𝒅𝒆 𝒕𝒚𝒑𝒆 𝒇𝒖𝒔𝒆 වල විවිධ වර්ග කිහිපයක් දැක බලා ගත හැකි වේ. ඒවා පහත පරිදි වේ;


• 𝐌𝐢𝐜𝐫𝐨 𝟐

• 𝐌𝐢𝐜𝐫𝐨 𝟑

• 𝐋𝐨𝐰-𝐩𝐫𝐨𝐟𝐢𝐥𝐞 𝐦𝐢𝐧𝐢 (𝐀𝐏𝐒,𝐀𝐓𝐓)

• 𝐌𝐢𝐧𝐢 (𝐀𝐏𝐌,𝐀𝐓𝐌)

• 𝐑𝐞𝐠𝐮𝐥𝐚𝐫 (𝐀𝐏𝐑,𝐀𝐓𝐂,𝐀𝐓𝐎)

• 𝐌𝐚𝐱𝐢 (𝐀𝐏𝐗)


   𝑩𝒍𝒂𝒅𝒆 𝒇𝒖𝒔𝒆 වර්ග සියල්ලක් ම එකම වර්ගයේ මූලික සැලසුමක් යොදා ගනිමින් නිර්මාණය කිරීම සිදු කර ගනී. මේ සදහා සෘජුකෝණාස්‍ර කාර අර්ධ පාරදෘශ්‍ය ප්ලාස්ටික් ආවරණයක් තුලට ලෝහ තල දෙකක් (𝒕𝒘𝒐 𝒃𝒍𝒂𝒅𝒆) අන්තර්ගත කරමින් මූලික සැලසුම නිර්මාණය කර ගෙන ඇත. එම ලෝහ තල දෙක එකිනෙක සිහින් ලෝහ කම්බියක් යොදා ගනිමින් එකට සම්බන්ධ කර ඇත. කුඩා ධාරිතාවයන්ගෙන් යුත් 𝒇𝒖𝒔𝒆 සදහා සිහින් ලෝහ කම්බිද , වැඩි ධාරිතා අගයන් සදහා තරමක ඝනකමින් වැඩි කම්බිද මේ සදහා යොදා ගනු ලබයි.


  මෙලෙස මෙම තල දෙක අතරට යොදා ගනු ලබන මධ්‍යම සිහින් ලෝහ කම්බිය තුලින් නිශ්චිත මට්ටමට වැඩි විද්‍යුත් ධාරා ප්‍රමාණයක් ගලා යාම සිදු වූ විට මෙම සිහින් ලෝහ කම්බිය විනාශ වී බිද වැටෙන පරිද්දෙන් සැලසුම් කර ගෙන ඇත. මේ නිසා සදහන් කර ඇති නිශ්චිත විද්‍යුත් ධාරා මට්ටමට වඩා වැඩි විද්‍යුත් ධාරා ප්‍රමාණයක් යොදා ඇති මධ්‍යම සිහින් ලෝහ කම්බිය හරහා ගලා යාම සිදු වූ විට එම සිහින් ලෝහ කම්බිය බිද වැටීම නිසා බ්ලේඩ් දෙක අතර ඇති විද්‍යුත් සම්බන්ධතාවයේ බිද වැටීම සිදු වේ. 


   මෙම වර්ගයේ දෝශ සහිත 𝒇𝒖𝒔𝒆 හඳුනා ගැනීමට , ඉවත් කර ගැනීමට සහ නැවත ප්‍රතිස්ථාපනය ඉතාමත් පහසුවෙන් සිදු කර ගත හැකි වේ. මෙම වර්ගයේ 𝒇𝒖𝒔𝒆 ඉතාමත් පහසුවෙන් ගලවා ඉවත් කර ගැනීම සදහා (𝒇𝒖𝒔𝒆 𝒑𝒖𝒍𝒍𝒆𝒓) නමින් හැදින්වෙන විශේෂිත මෙවලමක් උපයෝගී කර ගනී. බොහෝ මෝටර් රථ නිෂ්පාදකයන් විසින් මෙම (𝒇𝒖𝒔𝒆 𝒑𝒖𝒍𝒍𝒆𝒓) උපාංගය අත්‍යවශ්‍ය උපාංගයක් ලෙසින් සලකා 𝒇𝒖𝒔𝒆 𝒃𝒐𝒙 එක තුලට අන්තර් ගත කිරීම සිදු කරයි.



𝗚𝗹𝗮𝘀𝘀 𝘁𝘂𝗯𝗲 𝘁𝘆𝗽𝗲 𝗙𝘂𝘀𝗲


   𝟏𝟗𝟖𝟏 වර්ෂයට පෙර නිෂ්පාදිත ඇමරිකානු මොටර් රථ වල විද්‍යුත් පද්ධතියෙහි ආරක්ෂාව සදහා වීදුරු නල යොදා සකස් කල 𝒈𝒍𝒂𝒔𝒔 𝒕𝒖𝒃𝒆 𝒕𝒚𝒑𝒆 𝑭𝒖𝒔𝒆 යොදා ගන්නා ලදි. මෙම වර්ගයේ 𝒇𝒖𝒔𝒆 නිර්මාණය කිරීම සදහා යොදා ගෙන ඇති වීදුරු නලය දෙකෙළවරට විද්‍යුත් සන්නය ලෝහ භාවිතා කරමින් නිපදවූ 𝒆𝒏𝒅 𝒄𝒂𝒑 මගින් ආවරණය කර ඇත. වීදුරු නලය ඇතුළතින් ලෝහ 𝒆𝒏𝒅 𝒄𝒂𝒑 එකිනෙක විද්‍යුත් සන්නයනයක තුනී වයර් හෝ ලෝහ පටියක් මගින් සම්බන්ධ කර එම 𝒆𝒏𝒅 𝒄𝒂𝒑 දෙක අතර විද්‍යුත් සන්නයනතාවයක් ඇති කරනු ලබයි. මෙලෙස වීදුරු නලය දෙපස 𝒆𝒏𝒅 𝒄𝒂𝒑 දෙක එකිනෙක සම්බන්ධ කිරීම සදහා භාවිතා කරනු ලබන විද්‍යුත් සන්නයක කොටස 𝒇𝒖𝒔𝒆 𝒘𝒊𝒓𝒆 නමින් හඳුන්වනු ලබයි. නිශ්චිත මට්ටමේ විද්‍යුත් ධාරාවට වඩා වැඩි විද්‍යුත් ධාරාවක් 𝒇𝒖𝒔𝒆 𝒘𝒊𝒓𝒆 කොටස හරහා ගලා යාමක් සිදු වුවහොත් විනාශ වී බිද වැටෙන ආකාරයෙන් මෙම 𝒇𝒖𝒔𝒆 𝒘𝒊𝒓𝒆 කොටස නිර්මාණය කර පවතී.

   𝑮𝒍𝒂𝒔𝒔 𝒕𝒖𝒃𝒆 𝒇𝒖𝒔𝒆 වලට අදාළ දත්ත සටහන්, විස්තර සහ ලක්ෂණ 𝐒𝐀𝐄 𝐉𝟓𝟓𝟒 කාණ්ඩය යටතේ සවිස්තරාත්මක ව අර්ථ දක්වා ඇත. මෙම වර්ගයේ 𝑭𝒖𝒔𝒆 සියල්ලකම බාහිර විශ්කම්භය අගල් ¼ ප්‍රමාණයේ පවතින අතර මෙම 𝒇𝒖𝒔𝒆 භාවිතා කර සන්නයනය කල හැකි විද්‍යුත් ධාරා ප්‍රාමාණයන් අනුව එනම් ධාරා ශ්‍රේණිගත (𝑨𝒎𝒑𝒆𝒓𝒆 𝒓𝒂𝒕𝒊𝒏𝒈) කිරීම අනුව ඒවායේ දිග ප්‍රමාණයන් වෙනස් කරමින් නිපදවා ඇත.ඒ වගේම ධාරා ශේණිගත (𝑨𝒎𝒑𝒆𝒓𝒆 𝒓𝒂𝒕𝒊𝒏𝒈) කිරීම අනුව වීදුරු නලය තුල අන්තර්ගත කර ඇති විද්‍යුත් සන්නයක 𝒇𝒖𝒔𝒆 𝒘𝒊𝒓𝒆 එනම් තුනී ලෝහ තීරුව හෝ කම්බි කැබැල්ල නිපදවා ගැනීම සදහා භාවිතා කරනු ලබන ලෝහ ද්‍රව්‍යයන් ද වෙනස් වේ. 

     නවීන මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සදහා වීදුරු නල යොදා ගනිමින් නිපදවූ 𝒈𝒍𝒂𝒔𝒔 𝒕𝒖𝒃𝒆 𝒇𝒖𝒔𝒆 භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති නමුත් ඇමරිකන් සම්භවයක් සහිත පැරණි මෝටර් රථ සදහා තවමත් 𝒈𝒍𝒂𝒔𝒔 𝒕𝒖𝒃𝒆 𝒕𝒚𝒑𝒆 𝒇𝒖𝒔𝒆 භාවිතා කරනු ලබයි.




Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry