Type of Resistors



   ප්‍රතිරෝධක (Resistor) මූලික වශයෙන් ප්‍රමාණාත්මක ප්‍රතිරෝධී අගය , බාහිර හැඩය සහ නිපදවීම සදහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය අනුව වර්ගීකරණය කිරීම සිදු කර ඇත. අද වන විට ගෝලීය වශයෙන් භාවිතයේ පවතින ප්‍රතිරෝධක වර්ග වල පවතින වාසි සහ අවාසි මෙන්ම ඒවායේ යෙදුම් පිළිබදව මෙම ලිපිය මගින් දැනුමක් ලබා ගනිමු.


ප්‍රතිරෝධක මූලික වශයෙන් වර්ග දෙකක් යටතේ වර්ගීකරණය කර පවතී.
• Liner resistors
• Non liner resistors




Liner resistors

    යොදනු ලබන වෝල්ටීයතාවය (Voltage) සහ උෂ්ණත්වය (Temperature) මත ප්‍රතිරෝධී අගයන් රේඛීය ලෙස වෙනස් වන ප්‍රතිරෝධක රේඛීය ප්‍රතිරෝධක (Liner Resistor) ලෙසින් හැදින් වේ. මෙයම වෙනත් වචන් වලින් සරල ආකාරයෙන් පැවසුවහොත් , කිසියම් ප්‍රතිරෝධකයක් තුලින් ගලා යනු ලබන විද්‍යුත් ධාරාවට(Electric Current) සහ එම ප්‍රතිරෝධකය දෙපසට යොදනු ලබන විද්‍යුත් විභවයන්ගේ අන්තරයට සෘජු වම සමානුපාතික වන ප්‍රතිරෝධකයන් රේඛීය ප්‍රතිරෝධක ලෙසින් හැදින් වේ.

   සාමාන්‍යයෙන් රේඛීය ගුණ ඇති ප්‍රතිරෝධකයන් ක්‍රියා කරනු ලබන ආකාරය පදනම් කර ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ වර්ගීකරණය කිරීම සිදු කර ඇත:

• Fixed Resistor 
• Variable Resistor 



Fixed Resistor 

    නමෙහි සදහන් වන පරිදිම , නිශ්චිතව සදහන් කර ඇති ප්‍රතිරෝධී අගයක් සහිතව නිර්මාණය කර ඇති ප්‍රතිරෝධකයන් ස්ථාවර ප්‍රතිරෝධක (Fixed Resistor) ලෙසින් හඳුන්වනු ලබයි. අපට මෙම වර්ගයේ  ප්‍රතිරෝධක වල අන්තර්ගත ප්‍රතිරෝධී අගය වෙනස් කිරීමේ හැකියාවක් නො පවතී.


ස්ථාවර ප්‍රතිරෝධක වර්ග:

• Carbon Composition Resistor 
• Wire Wound Resistor 
• Thin Film Resistor 
• Thick Film Resistor 


ස්ථාවර ප්‍රතිරෝධක වල පවතින ලක්ෂණ:

    සාමාන්‍යයෙන් , ස්ථාවර ප්‍රතිරෝධක ඉතාමත් ලාභදායී වන අතර ප්‍රමාණයෙන් කුඩා බැවින් විද්‍යුත් පරිපථ පුවරු (Electric curcit bord) මත ඇසිරීම සදහා අඩු ඉඩ ප්‍රමාණයක් ප්‍රමාණවත් වේ. ඒවා විශ්වාසදායී ලෙසින් ඕමික් අගයන්ගෙන් සහ ක්ෂමතා අගයන් යටතේ වර්ගීකරණය කරන ලද විවිධ වූ අගය පරාසයන් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම, ස්ථාවර ප්‍රතිරෝධක විද්‍යුත් පරිපථ තුල පහසුවෙන් ස්ථාපනය කල හැකි අතර වැඩි වෝල්ටීයතා අගය පරාසයක් තුල විශ්වාසදායි ලෙසින් , යොදනු ලබන වෝල්ටීයතාවයන්ට ඉතාමත් හොදින් ඔරොත්තු දෙමින් ක්‍රියා කරනු ලබයි.
    අනෙක් අතට , ස්ථාවර ප්‍රතිරෝධකයන්හි පවතින ඉතාමත් අවම ස්ථායිතාව මගින් අදහස් කරනු ලබන්නේ එම ප්‍රතිරෝධක වල උෂ්ණත්ව සංගුණකය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවයි. ඒ වගේම මෙම වර්ගයේ ප්‍රතිරෝධක තුලින් විද්‍යුත් ධාරා ප්‍රවාහයක් ගලා යාමේ දී , භාවිතයේ පවතින අනිකුත් ප්‍රතිරෝධක වර්ග වලට සාපේක්ෂව ඉතාමත් අවම මට්ටමකින් විද්‍යුත් ශබ්දයන් නිපදවීම සිදු වේ.


Variables Resistor 



   නමෙහි සදහන් වන පරිදිම මෙම වර්ගයේ ප්‍රතිරෝධක භාවිතා කරමින් අපිට අවශ්‍ය ප්‍රතිරෝධී අගය ලැබෙන පරිදි අවශ්‍ය ප්‍රමාණය ට සීරු මාරු කර ගැනීමේ හැකියාව පවතී. මෙම වර්ගයේ ප්‍රතිරෝධක මත අපට ලබා ගැනීමට අවශ්‍ය කරනු ලබන ප්‍රතිරෝධී අගය රදවා තබා ගැනීම සදහා බොහෝ දුරට අතින්(𝒎𝒂𝒏𝒖𝒂𝒍𝒍𝒚) චලනය කල හැකි යාන්ත්‍රනයක් භාවිතා කරනු ලබයි. මෙම අතින් ක්‍රියා කරවන යාන්ත්‍රික කොටස චලනය කිරීම සදහා 𝒅𝒊𝒂𝒍 , 𝒌𝒏𝒐𝒃 සහ 𝒔𝒄𝒓𝒆𝒘 ලෙසින් හැදින්වෙන සුදුසු ක්‍රමවේදයක් භාවිතා කරමින් නිපදවා ඇත. මෙලෙස අතින් (𝒎𝒂𝒏𝒖𝒂𝒍𝒍𝒚) චලනය කරනු ලබන යාන්ත්‍රික කොටස 𝑾𝒊𝒑𝒆𝒓 ලෙසින් හඳුන්වනු ලබයි.
   සාමාන්‍ය විචල්‍ය ප්‍රතිරෝධකයක අග්‍ර තුනක් පිහිටයි. එක් අග්‍රයක් චලනය වන 𝒘𝒊𝒑𝒆𝒓 කොටසට සම්බන්ධ කර ගෙන ඇත. අනෙක් අග්‍ර දෙක ස්ථීර රේඛීය ප්‍රතිරෝධකයක් දෙපසට ස්ථීර වම සවි කර ඇත. මෙම ප්‍රතිරෝධක සදහා යොදා ගෙන ඇති රේඛීය ප්‍රතිරෝධකය මත ධාවන පථයක් නිර්මාණය කර ඇති අතර චලනය වන 𝒘𝒊𝒑𝒆𝒓 කොටසේ එක් අන්තයක් ප්‍රතිරෝධී ධාවන පතය මත ස්පර්ශ වී පවතී. මෙලෙස ප්‍රතිරෝධී ධාවන පථය මත 𝒘𝒊𝒑𝒆𝒓 කොටස ස්පර්ශ වී පවතින ස්ථානීය පිහිටීම අනුව විචල්‍ය ප්‍රතිරෝධකයක නිර්මාණය වී ඇති ප්‍රතිරෝධී අගය තීරණය වේ.

Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry