Glow plug


    ඩීසල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන මෝටර් රථ වල අභ්‍යන්තර දහන එන්ජින් සදහා glow plug නමින් හඳුන්වන විශේෂිත උපාංගය සවි කර ඇත. ප්‍රෙට්ට්‍රල් ඉන්ධන ලෙසින් භාවිතා කර ක්‍රියා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් සදහා පුලිඟු පේනු යොදා ගන්නා සේම , ඩීසල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් සදහා මූලික දහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට glow plug යොදා ගනු ලබයි. 




What is glow plug

      Glow plug යනු ඩීසල් ඉන්ධන ලෙස භාවිතා කරන මෝටර් රථ වල එන්ජිමට සවි වන කුඩා තාපන උපාංගයකි. මෙමගින් එන්ජිමක් මුල් පණගැන්වීම සිදු කර ගැනීම සදහා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන අතර , එය සෑම විටම අවශ්‍ය නොවේ. මෙයට හේතුව ලෙස ඉන්ධන වාත මිශ්‍රණය ක් දල්වා ගැනීමට නම් ගිනි පුලිඟුව ක් අවශ්‍ය නමුත්  උෂ්ණත්වය සහ පීඩනය ප්‍රමාණවත් තරම් ඉහල නම් ඩීසල් ඉන්ධන ය ස්වයං දහනයට ලක් කර ගැනීමේ හැකියාව ඇත. ඩීසල් ස්වයං දහනයට තරම් උෂ්ණත්වයක් පවතී නම් glow plug වල අවශ්‍ය තාවයක් ඇති නොවේ.

     ඩීසල් ඉන්ධන සීත කාලගුණික අවස්ථාවන්හිදී ගිනි ගැනීමේ සම්භාවිතාව ඉතාමත් පහළ පට්ටමක පවතී. මේ නිසා අභ්‍යන්තර දහන එන්ජිම තුල ඇති ඉන්ධන වාත මිශ්‍රණයේ ගිනි ගැනීම වැලකී යාම නිසා එන්ජිම පණගැන්වීමට නො හැකි තත්වයකට පත් වේ. මෙවැනි හේතු කාරනා නිසා Glow plug භාවිතා කරමින් එන්ජිම තුලට ඇද ගනු ලබන චූෂණ වාත දාරාවෙහි උෂ්ණත්වය ඉහල දැමීම සිදු කර ගනු ලබයි.




Component of a glow plug

• Heating coil
• Terminal nut
• Regulating coil
• Centre electrode 
• Thread

Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry