Valve timing


   දගර කදෙහි(Crankshaft) සිදු වන භ්‍රමන චලිතයට අනුකූලව චූසන කපාට(inlert valve) සහ පිටාර කපාට(exhaust valve) විවෘත වීම හා වසා දැමීම නිශ්චිත කාල රාමුවක් තුල සිදු විය යුතුය. අභ්‍යන්තර දහන එන්ජිම( internal combustion engine) තුල සිදු වන මෙම ක්‍රියාවලිය කපාට කාලය(valve timing) ලෙසින් හදුන්වනු ලබයි. ඒ වගේම මෙම චූසන කපාට සහ පිටාර කපාට විවෘතව පවතින කාල සීමාව සහ වැසී පවතින කාල සීමාව අභ්‍යන්තර දහන එන්ජිම තුල ඉන්ධන වාත මිශණයේ(air fuel mixture)  පූර්ණ දහනයක් සිදු වීම සදහා ඉතාමත් වැදගත් වේ. එමෙන්ම valve timing එන්ජිමේ පරාමිතික කාර්‍යක්ශමතාවය(Volumetric efficiency) සදහා බලපානු ලබන වැදගත් සාධකයක් වේ.

     සම්පූර්ණ දහන චක්‍රයක් සිදු වීමේ දී ඇති වන සෑම පහරක් අවසානයේ දීම  කපාටයන්(Valves) විවෘත වී පැවතීම හෝ වැසී පැවතීම සිදු වන අතර ප්‍රායෝගික අවස්තාවන්හිදී ඇතිවන චූසන සහ පිටාර වායූන්ගේ නිසි ප්‍රවාහය(proper flow) මත ඉතාමත් හොද ප්‍රතිදානයක් ලබා ගැනීම සදහා කපාට විවෘත කිරීමේ සහ වසා දැමීමේ කාලය තරමක් දුරට වෙනස් කිරීමට සිදු වේ.

     කපාට(Valve) යනු යම් යම් ප්‍රමාද දෝශ සහිතව ක්‍රියා කරනු ලබන යාන්ත්‍රික උපාංගයක් බැවින් සිදු වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සදහා ඊට සරිලන පරිදි කපාට වේලාවන් (Valve timing) සකසා ඇත.


The valve timing diagram of the Petrol Engine







• Intake stroke අවස්ථාව ආරම්භ වීමට 20° කට පෙර Inlet valve විවෘත වීම සිදු වේ. මෙසේ විවෘත වූ inlet valve , Intake stroke අවස්ථාව අවසන් වන තුරුම විවෘත පවතින අතර , intake stroke අවසන් වී 35° ක දගර කදෙහි සිදු වන භ්‍රමන චලිතයෙන් පසුව Inlet valve වැසීම සිදු වේ.

• සම්පීඩන පහර තුල TDC වලට 35° කට පෙර පුලිඟු පේනුව මගින් දහන කුටීරය තුල සිර වී ඇති ඉන්ධන වාත මිශ්‍රණය වෙත විද්‍යුත් පුලිඟුව නිකුත් කිරීම සිදු කරනු ලබයි. එසේ සිදු කරනු ලබන්නේ ඉන්ධන වාත මිශ්‍රණය පූර්ණ දහනයක් සිදු වීමට අවශ්‍ය කාලය ලබා ගැනීමටයි.

• බල පහර තුල BDC අවස්ථාවට 35° පෙර පිටාර කපාට විවෘත වන අතර , පිටාර පහර අවසන් වන තෙක් ම මෙසේ විවෘත වූ පිටාර් කපාට විවෘත වී පැවතීම සිදු වේ. පසුව ආරම්භ වන Intake stroke  එක තුල TDC අවස්ථාවට 10° කට පසුව පිටාර කපාට වැසීම සිදු වේ. 

• ඉහත සදහන් කල පරිදි චූසන කපාටය Exhaust strock අවස්තාවේ TDC වලට 20° කට පෙර විවෘත වීම සිදු වන අතර ,   Intake stroke අවස්ථාවේ TDC වලට 10° කට පසු පිටාර කපාටය වැසීම සිදු වේ. මෙසේ යම් කාලයක් තුල කපාට දෙකම විවෘත වී පැවතීම සිදු වන අතර මෙම අවස්ථාව Valve overlap අවස්ථාව ලෙසින් හැදින් වේ.



Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry