Oxygen Sensor

𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗼𝘅𝘆𝗴𝗲𝗻 𝘀𝗲𝗻𝘀𝗼𝗿 ?


   " ඔක්සිජන් සංවේදකය (𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓) යනු , අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) තුල දී දහන ක්‍රියාවලියට භාජනය වන ඉන්ධන වාත මිශ්‍රණය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) මගින් නිපදවෙන පිටාර වායුව(𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔) තුල අන්තර්ගත වන දහනය සදහා සහභාගී නොවූ ඔක්සිජන් වායු (𝑶𝒙𝒚𝒈𝒆𝒏 𝒈𝒂𝒔) අණු ප්‍රමාණය නිරීක්ෂණය කර ගැනීම සදහා පිටාර වායු නලය තුලට සම්බන්ධ කර ගනු ලබන සුවිශේෂී සංවේදක උපාංගයකි. "


  





තාක්ෂණික වශයෙන් , අභ්‍යන්තර දහන එන්ජින් තුල සිදු වනු ලබන ඉන්ධන දහන ක්‍රියාවලිය සදහා චූෂණ පහර (𝑰𝒏𝒕𝒂𝒌𝒆 𝒔𝒕𝒓𝒐𝒌𝒆) තුලදී එන්ජින් සිලින්ඩරයන් තුලට උරා ගනු ලබන වාතයෙහි අඩංගු ඔක්සිජන් (𝒐𝒙𝒚𝒈𝒆𝒏) ප්‍රමාණය මත රදා පවතී. මේ නිසා එන්ජින් කාර්යය සාධන හැකියාව ඉන්ධන දහනය සදහා සහභාගී වන ඔක්සිජන් ප්‍රමාණය මත තීරණය වේ. එබැවින් අභ්‍යන්තර දහන එන්ජින් තුල නිවැරදි වායු - ඉන්ධන අනුපාතය (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) සහතික කර ගැනීම සදහා මෝටර් රථ නිෂ්පාදකයන් විසින් පිටාර වාත පද්ධතිය (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝑮𝒂𝒔 𝒔𝒚𝒔𝒕𝒆𝒎) සදහා ඔක්සිජන් සංවේදක සවි කර ගැනීම සිදු කර ගනු ලබයි. මීට අමතරව මෙම පිටාර වාත ඔක්සිජන් සංවේදකය හැදින්වීම සදහා "ලැම්ඩා සංවේදකය (𝒍𝒂𝒎𝒃𝒅𝒂 𝒔𝒆𝒏𝒔𝒐𝒓)" යන අනුවර්ත නාමය ද පාවිච්චි කරනු ලබයි. 


   පිටාර වාත පද්ධතියට අයත් 𝒄𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 උපාංගයට ඉදිරියෙන් පිටාර නලය තුලට මෙම ඔක්සිජන් සංවේදකය බොහෝ විට අන්තර් ගත කර ගනු ලබයි. මීට අමතරව නවීන මෝටර් රථ තුල අන්තර්ගත පිටාර වාත පද්ධතිය ට අයත් 𝒄𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 උපාංග කොටසේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු වන බව තහවුරු කර ගැනීම සදහා 𝑪𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 උපාංග කොටසට පිටුපසින් පිටාර නලය තුලට තවත් ඔක්සිජන් සංවේදකයක් සවි කර ගැනීම සිදු කර ගනී.


   ඔක්සිජන් සංවේදකය මගින් පිටාර වාතයේ අඩංගු ඔක්සිජන් අණු ප්‍රමාණයට අනුකූලව කුඩා වෝල්ටීයතාවයක් ජනනය කිරීම සිදු කරනු ලබයි. මේ අනුව ඔක්සිජන් සංවේදකය මගින් එන්ජින් කළමනාකරණ පද්ධතිය සදහා වාත-ඉන්ධන මිශ්‍රණයෙහි (𝑨𝒊𝒓-𝑭𝒖𝒆𝒍 𝒓𝒂𝒕𝒊𝒐) සංයුතිය පිළිබදව තත්‍ය කාලීන ප්‍රතිපෝෂණ (𝒓𝒆𝒂𝒍 𝒕𝒊𝒎𝒆 𝒇𝒆𝒆𝒅𝒃𝒂𝒄𝒌) සපයනු ලබයි. මෙලෙස ඔක්සිජන් සංවේදකය මගින් ලැබෙන වොල්ටීයතා සංඥා (𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆 𝑺𝒊𝒈𝒏𝒂𝒍) වලට අනුකූලව මෝටර් රථ නිෂ්පාදකයන් විසින් එන්ජින් පාලන ඒකකයන් (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝑼𝒏𝒊𝒕 𝒐𝒓 𝑬.𝑪.𝑼) ක්‍රමාංකනය කිරීම සිදු කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් , අභ්‍යන්තර දහන එන්ජින් වල සිදු කර ගනු ලබන සමස්ත මෙහෙයුම් පරාසය තුල දී අදාළ එන්ජිම මගින් ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිදාන බලයක් ලබා ගනිමින් ඊට සාපේක්ෂ ලෙස බාහිර පරිසරයට නිකුත් කරනු ලබන පිටාර වාත විමෝචනය (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝑮𝒂𝒔 𝑬𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏𝒔) හැකි තාක් අවම මට්ටමක තබා ගැනීම සිදු කර ගනු ලබයි. මේ නිසා අභ්‍යන්තර දහන එන්ජින් මගින් බාහිර පරිසරයට නිකුත් කරනු ලබන අපද්‍රව්‍ය නිසා සිදු වනු ලබන අහිතකර මට්ටමේ බලපෑම් හැකි තාක් අවම කර ගැනීමට හැකි වූ අතර ඉන්ධන කාර්‍යක්ශමතාවය (𝑭𝒖𝒆𝒍 𝑬𝒇𝒇𝒊𝒄𝒊𝒆𝒏𝒄𝒚) ඉහල මට්ටමක පවත්වා ගැනීමට හැකි බැවින් ආර්ථිකමය අතින් ද වාසි රැසක් අත් විදීමට හැකි වේ. 


  මෝටර් රථ පිටාර වාත පද්ධතිය (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 𝒆𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏𝒔) සදහා ඔක්සිජන් සංවේදකයක් අන්තර්ගත කිරීම මගින් , එන්ජින් කළමනාකරණ පද්ධතිය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑴𝒂𝒏𝒂𝒈𝒆𝒎𝒆𝒏𝒕 𝑺𝒚𝒔𝒕𝒆𝒎 𝒐𝒓 𝑬.𝑴.𝑺) වෙත පිටාර වාත පද්ධතියෙහි සිදු වන ප්‍රශස්ත විමෝචන ක්‍රියාවලිය පිළිබදව සමීප මට්ටමින් නිරීක්ෂණය කර ගැනීමේ හැකියාව ලැබී ඇත. මේ අනුව ඔක්සිජන් සංවේදකය (𝑶𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓) මගින් ග්‍රහණය කර ගනු ලබන සජීවී දත්ත මත එන්ජින් කළමනාකර පද්ධතිය (𝑬.𝑴.𝑺) හරහා 𝒇𝒖𝒆𝒍 𝒊𝒏𝒋𝒆𝒄𝒕𝒐𝒓 ක්‍රියාත්මක කර ගැනීම සිදු කර එන්ජින් සිලින්ඩර් තුලට අන්තර්ගත කර ගනු ලබන වාත-ඉන්ධන මිශ්‍රණ අනුපාත අගය 𝟏𝟒.𝟕:𝟏 ලෙසින් එනම් පරිපූර්ණ වාත-ඉන්ධන මිශ්‍රණ අනුපාත (𝒊𝒅𝒆𝒂𝒍 𝒂𝒊𝒓-𝒇𝒖𝒆𝒍 𝒓𝒂𝒕𝒊𝒐) මට්ටමේ පවත්වා ගැනීමට ක්‍රියා කරනු ලබයි.



𝗛𝗼𝘄 𝘁𝗼 𝗼𝘅𝘆𝗴𝗲𝗻 𝘀𝗲𝗻𝘀𝗼𝗿 𝘄𝗼𝗿𝗸…


      ඔක්සිජන් සංවේදකය(𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓) තුලින් ම වෝල්ටීයතාවයක් ජනනය කිරීම මගින් ක්‍රියාත්මක වනු ලබයි. නමුත් මෙලෙස වෝල්ටීයතාවයක් ජනනය කර ගැනීම සදහා ඔක්සිජන් සංවේදකය මගින් ආසන්න වශයෙන් 𝟔𝟎𝟎°𝐅 ක උෂ්ණත්වයක් පවතින පාරිසරික තත්වයකට නිරාවරණය විය යුතු ය. 
 
      අභ්‍යන්තර දහන එන්ජිමෙහි පිටාර වායු නාලයට (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒎𝒂𝒏𝒊𝒇𝒐𝒍𝒅) සවි කර ගනු ලබන ඔක්සිජන් සංවේදකය (𝑶𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓) කෙළවරට වන්න සර්කෝනියම් සෙරමික් භාවිතා කරමින් බල්බකාර හැඩති කොටසක් නිර්මාණය කර ගෙන පවතී. මෙලෙස නිර්මාණය කර ගත් බල්බ කාර කොටසේ පිටත සහ ඇතුළත පෘෂ්ඨයන් මත සිදුරු සහිත ස්තර නිර්මාණය වන පරිදි ප්ලැටිනම් මගින් ආලේපනය කර ගැනීම සිදු කර ඇත. මේ ආකාරයෙන් නිර්මාණය කර ගත් සිදුරු සහිත ප්ලැටිනම් ස්තර දෙක ඔක්සිජන් සංවේදකයෙහි ඉලෙක්ට්‍රෝඩ ලෙසින් ක්‍රියා කරනු ලබයි. 

  .




  බල්බාකාර කොටස තුල නිර්මාණය වී පවතින අභ්‍යන්තර වාත අවකාශය සෘජු වම පිටත පවතින වායුගෝලය සමගින් සම්භන්ද වී පවතී. අභ්‍යන්තර දහන එන්ජිම මගින් පිට කරනු ලබන උණුසුම් පිටාර වායුවට (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔) සංවේදක බල්බයේ පිටත පෘෂ්ඨය නිරාවරණය වීම සිදු වේ. මෙලෙස සංවේදක බල්බයෙහි අන්තර්ගත ඇතුලත ඉලෙක්ට්‍රෝඩ පෘෂ්ඨය මත සහ පිටත ඉලෙක්ට්‍රෝඩ පෘෂ්ඨය මත අන්තර්ගත ඔක්සිජන් මට්ටම් වල පවතින වෙනස නිසා ඉලෙක්ට්‍රෝඩ මගින් වෝල්ටීයතාවයක් ජනනය වීම සිදු වේ.

   දහන කුටීරයට (𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓) තුලට සපයනු ලබන ඉන්ධන වාත මිශ්‍රණය දුර්වල (𝒍𝒆𝒂𝒓𝒏 𝒂𝒊𝒓 𝒇𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) ලෙසින් හඳුන්වනු ලබන අවස්ථාවන්හිදී (ඉන්ධන වාත මිශ්‍රණය තුල සාර්ථක දහනයක් සිදු වීම සදහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් අඩංගු නොවන අවස්ථාවක) ඔක්සිජන් සංවේදකය මගින් ජනනය වනු ලබන වෝල්ටීයතාවය සාපේක්ෂ අඩු අගයක් ගනී. (ආසන්න වශයෙන් 𝟎.𝟏𝐕 පමණ)

  දහන කුටීරය (𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓) තුලට සපයනු ලබන ඉන්ධන වාත මිශ්‍රණය තුල පවතින ඉන්ධන කොටස් ප්‍රමාණය සාපේක්ෂව ඉහල අගයක පවතී නම් එම මිශ්‍රණය පොහොසත් මිශ්‍රණයක් (𝒓𝒊𝒄𝒉 𝒂𝒊𝒓 𝒇𝒖𝒆𝒍 𝒎𝒊𝒙𝒕𝒖𝒓𝒆) ලෙසින් හැදින් වේ. මේ අවස්ථාවේ ඔක්සිජන් සංවේදකය මගින් ජනනය වන වෝල්ටීයතාවය සාපේක්ෂව ඉහල අගයක් ගනී. (ආසන්න වශයෙන් 𝟎.𝟗𝐕 පමණ වෝල්ටීයතාවයක් ජනනය වීම සිදු වේ.)

   දහන කුටීරය තුලට සපයනු ලබන ඉන්ධන වාත මිශ්‍රණය ස්ටෝචියෝමිතික අනුපාතයේ (𝒔𝒕𝒐𝒊𝒄𝒉𝒊𝒐𝒎𝒆𝒕𝒓𝒊𝒄 𝒓𝒂𝒕𝒊𝒐) එනම් ඉන්ධන වාත මිශ්‍රණයෙහි වාත කොටස් 𝟏𝟒.𝟕 කට ඉන්ධන කොටස් 𝟏 ක ප්‍රමාණයක් පවතින විට ඔක්සිජන් සංවේදකය මගින් 𝟎.𝟒𝟓𝐕 පමණ වෝල්ටීයතාවයක් ජනනය වීම සිදු වේ.



    📌️𝐑𝐢𝐜𝐡 𝐦𝐢𝐱𝐭𝐮𝐫𝐞 - වායුගෝලීය සහ පිටාර වාතය තුල පවතින ඔක්සිජන් මට්ටම් අතර සැලකිය යුතු වෙනසක් පවතී. මේ නිසා ඔක්සිජන් සංවේදකය තුල අන්තර්ගත ඉලෙක්ට්‍රෝඩ අතර ඉහල සන්නායකතාවයක් ඇති කරනු ලබයි. එබැවින් ඔක්සිජන් සංවේදකයේ වෝල්ටීයතා ප්‍රතිදානය 𝟗𝟎𝟎𝐦𝐕 පමණ අගය පරාසයක පවතී.




    📌️𝐋𝐞𝐚𝐧 𝐦𝐢𝐱𝐭𝐮𝐫𝐞 -  වායුගෝලීය සහ පිටාර වාතය තුල අඩංගු ඔක්සිජන් මට්ටම් අතර සුළු වෙනසක් පවතී. මේ නිසා ඔක්සිජන් සංවේදකයෙහි ඉලෙක්ට්‍රෝඩ අතර අඩු සන්නායකතාවයක් ගොඩ නැගී 𝟏𝟎𝟎𝐦𝐕 ක පමණ ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා දෙනු ලබයි.




     📌️𝐍𝐨𝐫𝐦𝐚𝐥 𝐦𝐢𝐱𝐭𝐮𝐫𝐞 - අභ්‍යන්තර දහන එන්ජින් සිලින්ඩර් තුල දහන ක්‍රියාවලිය සදහා සහභාගී වන වාත - ඉන්ධන මිශ්‍රණ අනුපාත මට්ටම ආසන්න වශයෙන් 𝟏𝟒.𝟕:𝟏 පරාසයේ පවතින විට ඔක්සිජන් සංවේදකයෙහි ප්‍රතිදාන වෝල්ටීයතාවය 𝟒𝟓𝟎𝐦𝐕 අගය පරාසයෙහි පවතී






𝗪𝗵𝗲𝗿𝗲 𝗔𝗿𝗲 𝗢𝗫𝗬𝗚𝗘𝗡 𝗦𝗘𝗡𝗦𝗢𝗥𝗦 𝗟𝗼𝗰𝗮𝘁𝗲𝗱?


    මෝටර් රථ සදහා යොදා ගනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් තුල අන්තර්ගත පිටාර වාත පද්ධතිය සදහා මෙම 𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓 භාවිතා කර ගනු ලබයි. මේ නිසා මෝටර් රථ නිෂ්පාදකයන් විසින් සැලසුම් කර ඇති මෝටර් රථ එන්ජින් කාණ්ඩය අනුව , එන්ජිමෙහි පිටාර වාත පද්ධතිය සදහා අන්තර්ගත කරනු ලබන 𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓 සංඛ්‍යාව තීරණය වේ. ඒ වගේම මෝටර් රථ සදහා වන පාරිසරික නීති දැඩි කිරීමත් සමග 𝟏𝟗𝟗𝟔 වර්ෂයෙන් පසු නිෂ්පාදනය කරනු ලබන අභ්‍යන්තර දහන එන්ජින් සහිත සෑම මෝටර් රථයක් සදහාම 𝑪𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 උපාංගයක් අන්තර්ගත කිරීම අනිවාර්ය කටයුක්තක් විය. මේ නිසා එන්ජිමෙන් පිට කරනු ලබන පිටාර වායූන් සියල්ලක් ම පාහේ 𝒄𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 උපාංගය ඔස්සේ යවා විශේෂිත වූ රසායනික ක්‍රියාවලියකට භාජනය කර බාහිර පරිසරයට නිකුත් කරනු ලබයි. මේ නිසා මෙම 𝒄𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 උපාංග කොටසේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු වන බව සහතික කර ගැනීම සදහා පිටාර නලය හා සම්බන්ධිත 𝒄𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 උපාංගයට ඉදිරියෙන් සහ පසු පසින් 𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓 සවි කර ගැනීම සිදු කරයි. 





📌️ 𝐔𝐩𝐬𝐭𝐫𝐞𝐚𝐦 𝐎𝐱𝐲𝐠𝐞𝐧 𝐒𝐞𝐧𝐬𝐨𝐫 - - 𝒄𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 කොටසට ඉදිරියෙන් පිහිටන පරිදි පිටාර නලයට සම්බන්ධ කර ඇති 𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓 උපාංගය.


📌️ 𝐃𝐨𝐰𝐧𝐬𝐭𝐫𝐞𝐚𝐦 𝐎𝐱𝐲𝐠𝐞𝐧 𝐒𝐞𝐧𝐬𝐨𝐫 – 𝒄𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 කොටසට පසුපසින් පිහිටන පරිදි පිටාර නලයට සම්බන්ධ කර ඇති 𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓 උපාංගය.


    මේ නිසා බොහෝ මෝටර් රථ තුල අන්තර්ගත පිටාර වායු පද්ධතිය සදහා අවම වශයෙන් ඔක්සිජන් සංවේදක දෙකක් වත් අඩංගු වේ. නමුත් 𝑽 𝒕𝒚𝒑𝒆 𝒆𝒏𝒈𝒊𝒏𝒆 කාණ්ඩය ට අයත් 𝐕𝟔 , 𝐕𝟖 හෝ 𝐕𝟏𝟐 එන්ජින් මාදිලීන් පිටාර නල ද්විත්වයකින් සමන්විත වන බැවින් පිටාර වායු පද්ධතිය සදහා 𝒄𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 උපාංගයන් දෙකක් අන්තර්ගත කර ඇත. මේ අනුව එන්ජිමේ එක් එක් ඉවුරට (𝑪𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝒃𝒂𝒏𝒌) අයත් 𝒄𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 උපාංගයන්ට ඉදිරිපසින් සහ පසුපසින් පිහිටන පරිදි 𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓 සම්බන්ධ වේ. මේ නිසා 𝑽 𝒕𝒚𝒑𝒆 𝒆𝒏𝒈𝒊𝒏𝒆 වල පිටාර වායු පද්ධතිය සදහා 𝒐𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓 හතරක් අඩංගු කර ගනු ලබයි.





𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗢𝘅𝘆𝗴𝗲𝗻 𝘀𝗲𝗻𝘀𝗼𝗿


    මෝටර් රථ තුල අන්තර්ගත අභ්‍යන්තර දහන එන්ජින් මගින් පූර්ණ මට්ටමේ දහන ක්‍රියාවලියක් සහතික කර ගැනීම සදහා පිටාර විමෝචන පද්ධතියක් භාවිතා කරනු ලබයි. මෙහිදී , මූලික වශයෙන් දහන කුටීර තුල සිදු වන දහන ක්‍රියාවලියෙන් පසු පිටාර නලය ඔස්සේ පිට වන පිටාර වාතය තුල අන්තර්ගත නොදැවුනු ඔක්සිජන් අණු ප්‍රමාණය මැන ගැනීම සිදු කරයි. මේ ක්‍රියාවලිය සදහා පිටාර නලයට සම්බන්ධ කර ඇති ඔක්සිජන් සංවේදකයක් (𝑶𝒙𝒚𝒈𝒆𝒏 𝒔𝒆𝒏𝒔𝒐𝒓) යොදා ගනු ලබන අතර බොහෝ අවස්ථාවන්හිදී ලැම්ඩා සංවේදකය (𝒍𝒂𝒎𝒃𝒅𝒂 𝒔𝒆𝒏𝒔𝒐𝒓) යනුවෙන් ද හඳුන්වනු ලබන්නේ මෙම සංවේදක කොටසයි. 

    මෝටර් රථ ක්ශේත්‍රයේදී , මෝටර් රථ පිටාර විමෝචන පද්ධතිය සදහා ප්‍රධාන වශයෙන් ලැම්ඩා සංවේදක (𝒍𝒂𝒎𝒃𝒅𝒂 𝒔𝒆𝒏𝒔𝒐𝒓) වර්ග තුනක් භාවිතා කරනු ලබයි. ඒවා නම්:

𝟏.𝟎) 𝐙𝐢𝐫𝐜𝐨𝐧𝐢𝐚 𝐭𝐲𝐩𝐞 𝐨𝐱𝐲𝐠𝐞𝐧 𝐬𝐞𝐧𝐬𝐨𝐫 – 
  මෝටර් රථ ක්ෂේත්‍රයේ දී , පිටාර වාත විමෝචන පද්ධතිය සදහා භාවිතා කල වඩාත් පොදු සහ පැරණිතම ඔක්සිජන් සංවේදක වර්ගය ලෙසින් මෙම වර්ගය හඳුන්වා දිය හැකි ය.

𝟐.𝟎) 𝐓𝐢𝐭𝐚𝐧𝐢𝐮𝐦 𝐭𝐲𝐩𝐞 𝐨𝐱𝐲𝐠𝐞𝐧 𝐬𝐞𝐧𝐬𝐨𝐫 –
   𝟗𝟎 දශකයේ දී 𝑩𝑴𝑾 , 𝑽𝒐𝒍𝒗𝒐 සහ 𝑽𝒂𝒖𝒙𝒉𝒂𝒍𝒍 වැනි මෝටර් රථ සමාගම් මගින් නිෂ්පාදිත සමහර මෝටර් රථ කාණ්ඩයන් සදහා එන්ජින් පාලන පද්ධතිය ලෙසින් 𝑺𝒊𝒆𝒎𝒆𝒏𝒔 සන් නාමය යටතේ නිෂ්පාදනය කල පරිගණක පාලන ඒකකයන් භාවිතා කරන ලදි. 𝑺𝒊𝒆𝒎𝒆𝒏𝒔 වර්ගයේ පරිගණක පාලන ඒකකය අන්තර්ගත කර ගනිමින් නිපදවූ මෝටර් රථ වල පිටාර විමෝචන පද්ධතිය සදහා බොහෝ විට මෙම වර්ගයේ ඔක්සිජන් සංවේදකයක් භාවිතා කරනු ලබයි. බොහෝ අවස්ථාවන්හිදී ‘𝑻𝒊𝒕𝒂𝒏𝒊𝒂’ ලෙසින් ද හඳුන්වනු ලබන්නෙ මෙම වර්ගයේ ඔක්සිජන් සංවේදකයයි.

𝟑.𝟎) 𝐏𝐥𝐚𝐧𝐚𝐫 𝐭𝐲𝐩𝐞 𝐨𝐱𝐲𝐠𝐞𝐧 𝐬𝐞𝐧𝐬𝐨𝐫 –
       𝟐𝟎𝟎𝟎 ගණන්වල සිට අද දක්වා කාල පරාසය තුල දී නිෂ්පාදිත නවතම පරම්පරාවේ මෝටර් රථ තුල අන්තර්ගත පිටාර විමෝචන පද්ධතිය සදහා මෙම වර්ගයේ ඔක්සිජන් සංවේදකයක් භාවිතා කරනු ලබයි. මෙම වර්ගයේ ඔක්සිජන් සංවේදක මගින් පුළුල් කලාපයක අන්තර්ගත ඔක්සිජන් අනු සාන්ද්‍රණය මැන ගැනීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයයි. මේ නිසා මෙය සංවේදකය පුළුල් කලාප සංවේදකයක් ලෙසින් හඳුන්වනු ලබයි.






Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry