Charging system

 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗰𝗵𝗮𝗿𝗴𝗶𝗻𝗴 𝗦𝘆𝘀𝘁𝗲𝗺?

රියදුරු හට මෝටර් රථය සුවපහසු ලෙසින් සහ ආරක්ෂාකාරී ලෙසින් පදවා ගෙන යාම සදහා , මෝටර් රථය බොහෝ විද්‍යුත් උපාංගයන් වලින් සමන්විත වේ. මෝටර් රථය ධාවන අවස්ථාවේ දී මෙන්ම නවත්වා ඇති අවස්ථාවේදීද ඉහත සදහන් විද්‍යුත් උපාංගයන් ක්‍රියාකාරී අවස්ථාවේ තබා ගැනීම සදහා විද්‍යුත් බලය මූලික අවශ්‍යතාවක් වශයෙන් පෙන්වා දිය හැකිය. 

    එම නිසා වාහනයේ ඇති විද්‍යුත් උපාංගයන් ක්‍රියා කරවීම සදහා අවශ්‍ය විද්‍යුත් බල සැපයුම ලබා ගැනීමට බැටරියක් (𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚) මෙන්ම එන්ජිම ක්‍රියා කිරීමේ දී විද්‍යුත් බලය ජනනය කර ගත හැකි ලෙසින් නිර්මාණය කර ගත විද්‍යුත් ආරෝපණ පද්ධතියකින් මෝටර් රථය සමන්විත වේ. ආරෝපණ පද්ධතිය මගින් මෝටර් රථය තුල අන්තර්ගත සියළුම විද්‍යුත් උපකරණ මෙන්ම උපාංගයන් සදහා විදුලිය සැපයීම සිදු කරනු ලබන අතරතුර බැටරිය ආරෝපණය 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝑪𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈) කිරීමද සිදු කරනු ලබයි.




   ආරෝපණ පද්ධතිය (𝑪𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈 𝑺𝒚𝒔𝒕𝒆𝒎) මොටර් රථ විද්‍යුත් පද්ධතියට (𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄𝒂𝒍 𝑺𝒚𝒔𝒕𝒆𝒎) අයත් වැදගත් අංගයක් වශයෙන් පෙන්වා දිය හැකිය. එය මගින් විදුලි පහන් (𝑳𝒊𝒈𝒉𝒕𝒔) , රේඩියෝ (𝑹𝒂𝒅𝒊𝒐) , හීටර් (𝑯𝒆𝒂𝒕𝒆𝒓) , වායු සමීකරණ පද්ධතිය (𝑨𝒊𝒓 𝑪𝒐𝒏𝒅𝒊𝒕𝒊𝒐𝒏 𝑺𝒚𝒔𝒕𝒆𝒎 - 𝑨𝑪) , එන්ජින් පාලන ඒකකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝑼𝒏𝒊𝒕 - 𝑬𝑪𝑼) සහ විදුලියෙන් ක්‍රියාත්මක වන අනිකුත් පද්ධති සියල්ලක් ම සදහා විද්‍යුත් ධාරාව සැපයීම සිදු කරනු ලබයි. එය අවශ්‍ය අවස්ථාවන් හිදී බැටරියෙහි අඩුවන විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය නැවත පුරවමින් දිගටම බැටරිය ආරෝපිත තත්වයේ පවත්වා ගෙන යාමට ක්‍රියා කරයි. 


මෝටර් රථ විද්‍යුත් ආරෝපණ පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත වේ. ඒවා නම්;


• 𝐀𝐥𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐨𝐫 

• 𝐕𝐨𝐥𝐭𝐚𝐠𝐞 𝐑𝐞𝐠𝐮𝐥𝐚𝐭𝐨𝐫

  • 𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 𝐕𝐨𝐥𝐭𝐚𝐠𝐞 𝐑𝐞𝐠𝐮𝐥𝐚𝐭𝐨𝐫
  • 𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐧𝐢𝐜 𝐕𝐨𝐥𝐭𝐚𝐠𝐞 𝐑𝐞𝐠𝐮𝐥𝐚𝐭𝐨𝐫

• 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲


     මෝටර් රථයෙහි අන්තර්ගත විද්‍යුත් උපාංග ක්‍රියාත්මක කිරීමට සහ බැටරිය ආරෝපණය කිරීම සදහා ප්‍රත්‍යාවර්තකය (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) මගින් විද්‍යුත් බලය ජනනය කරනු ලබයි. 𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක මගින් ධාවනය වන 𝒃𝒆𝒍𝒕 එකක් අධාරයෙන් 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 උපාංගය ක්‍රියාත්මක වීමට අවශ්‍ය යාන්ත්‍රික ශක්තිය සැපයීම සිදු කරයි. 𝑪𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 එක භාවිතා කරමින් 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 එක වෙත ලබා දෙනු ලබන භ්‍රමණ යාන්ත්‍රික උපකාරී කර ගනිමින් විද්‍යුත් උපාංග සහ බැටරි සදහා අවශ්‍ය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනු ලබයි. 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 එකෙහි ප්‍රතිදාන වෝල්ටීයතාවය (𝑶𝒖𝒕𝒑𝒖𝒕 𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) නියමිත පරිදි පාලනය කරමින් බැටරිය අධි ආරෝපණය වීම වළක්වාලීමට මෙන්ම මෝටර් රථ විදුලි පද්ධතියෙහි ආරක්ෂාව සහතික කිරීමට 𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆 𝑹𝒆𝒈𝒖𝒍𝒂𝒕𝒐𝒓 උපාංගය යොදා ගනිමින් සිදු කර ගනී. එනම් බැටරිය නැවත ආරෝපණය කිරීමට අවශ්‍ය වූ විට හෝ මෝටර් රථයේ විදුලි අවශ්‍ය තාවය වැඩි වූ විට 𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆 𝑹𝒆𝒈𝒖𝒍𝒂𝒕𝒐𝒓 උපාංගය මගින් එය සංවේදනය කර ඊට අනුකූලව 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 එක මගින් ප්‍රතිදාන වෝල්ටීයතාවය සකස් කර ගනු ලබයි.

   විද්‍යුත් කෝෂ (𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚) යනු විද්‍යුත් ශක්තිය උපක්‍රමික වශයෙන් රසායනික ශක්තිය ලෙසින් ගබඩා කර ඇති උපාංගයකි. එන්ජින් එක පණගන්වා ගැනීම (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒓𝒂𝒏𝒌) සදහා භාවිතා කරනු ලබන 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝑴𝒐𝒕𝒐𝒓 උපාංගය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරනු ලබන අධි විද්‍යුත් ධාරාව ලබා ගැනීමේ මූලික අරමුණින් යුතුව මෝටර් රථ සදහා 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 භාවිතා කරනු ලබයි.

   එන්ජිම මත පැටවෙන භාරයට සමානුපාත ලෙස 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 එක මගින් ජනනය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය විචල්‍ය වීම සිදු වේ. මේ නිසා මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සදහා අවශ්‍ය කරනු ලබන අඩු විද්‍යුත් ශක්ති ප්‍රමාණය පිරවීමේ ක්‍රියාව බැටරිය මගින් සිදු කරනු ලබයි. එනම් 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 එක මගින් විද්‍යුත් පද්ධතියට අයත් උපාංගයන් ක්‍රියා කරවීමට අවශ්‍ය විද්‍යුත් ශක්ති ප්‍රමාණයේ ඉල්ලුම අනුව සැපයුම ලබා දීමට අසමත් වූ විට , ඒ අඩු විද්‍යුත් ශක්ති ප්‍රමාණය බැටරිය මගින් සපයනු ලබයි. මෙමගින් 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 එක මත පැටවෙන අධික විද්‍යුත් භාරය සමනය වීම සිදු වේ. මෙය මොටර් රථ සදහා බැටරියක් භාවිතා කිරීමේ ද්වීතික අරමුණ වශයෙන් පෙන්වා දිය හැකිය.



𝗙𝘂𝗻𝗰𝘁𝗶𝗼𝗻𝘀 𝗼𝗳 𝗖𝗵𝗮𝗿𝗴𝗶𝗻𝗴 𝗦𝘆𝘀𝘁𝗲𝗺

  මෝටර් රථ සදහා භාවිතා කරනු ලබන ආරෝපණ පද්ධතිය මගින් පහත සදහන් කාර්‍යයන් ඉටු කර ගනු ලබයි. ඒවා නම්;


• ආරෝපණ පද්ධතිය මගින් ඉටු කර ගනු ලබන මූලික පරමාර්ථය වන්නේ මෝටර් රථ විද්‍යුත් පද්ධතිය ට අයත් විද්‍යුත් උපාංගයන් සදහා විද්‍යුත් බලය සැපයීමයි.

• මෝටර් රථය තුල අන්තර්ගත බැටරියෙහි ආරෝපණ තත්වය දිගටම පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම. 

• දහන කුටීරය තුල පවතින ඉන්ධන වාත මිශ්‍රණය දහනය කිරීම සදහා අවශ්‍ය ගිනි පුළිගු ජනනය කිරීම සිදු කරනු ලබන 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 වෙත අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම.

• මෝටර් රථ එන්ජිම පණගැන්වීම සදහා භාවිතා කරනු ලබන 𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 උපාංගය සදහා අවශ්‍ය විද්‍යුත් බලය ලබා දීමෙන් පසු අකර්මණ්‍ය වන බැටරිය නැවතත් ප්‍රකෘති තත්වයට පත් ගර ගැනීම සදහා විද්‍යුත් බලය සැපයීම.

• මෝටර් රථය තුල අන්තර්ගතව පවතින විවිධ පද්ධති වලට අයත් සංවේදක යොදා ගනිමින් ග්‍රහණය කර ගනු ලබන අති සංවේදී දත්තයන් 𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏𝒊𝒄 𝑪𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝑼𝒏𝒊𝒕- 𝑬𝑪𝑼 වෙත සැපයීම සදහා අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම.

• මෝටර් රථ විද්‍යුත් පද්ධතියට බැටරිය මගින් එන්ජිම ක්‍රියා විරහිත අවස්ථාවේ දී විද්‍යුත් උපාංගයන් සදහා අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම සිදු කර ගනු ලබයි.



𝗪𝗼𝗿𝗸𝗶𝗻𝗴 𝗣𝗿𝗶𝗻𝗰𝗶𝗽𝗹𝗲 𝗼𝗳 𝗰𝗵𝗮𝗿𝗴𝗶𝗻𝗴 𝘀𝘆𝘀𝘁𝗲𝗺 

   මෝටර් රථ ආරෝපණ පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය , අදාල මෝටර් රථය සදහා සැලසුම් කර ඇති ආකාරය අනුව අප හට තේරුම් ගැනීම සරල හෝ සංකීර්ණ විය හැකි ය. මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සදහා ප්‍රධාන වශයෙන් විද්‍යුත් සංරචක වන බැටරිය (𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚) සහ ප්‍රත්‍යාවර්තකය (𝒂𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) අන්තර්ගත වේ. මෙම උපාංගයන් දෙකෙහි ක්‍රියාකාරිත්වය මෝටර් රථ විද්‍යුත් භාරය (𝒆𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝒍𝒐𝒂𝒅) මත සුදුසු පරිදි ක්‍රියාත්මක වේ. එන්ජිම ක්‍රියාකාරී අවස්ථාවේ නො පවතින විට ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවය බැටරි වෝල්ටීයතාවයට වඩා අඩු මට්ටමින් හෝ ශුන්‍යය මට්ටමේ පවතී. මෙයට හේතුව ලෙසින් බැටරියෙන් සපයනු ලබන විද්‍යුත් ශක්තිය මෝටර් රථ විද්‍යුත් භාරය බල ගැන්වීම සදහා මිස 𝒂𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 ය සදහා නොවන බැවිනි. මේ සදහා 𝑫𝒊𝒐𝒅𝒆 නමින් හඳුන්වනු ලබන විශේෂිත විද්‍යුත් උපාංගයන් භාවිතා කරමින් බැටරියෙහි විද්‍යුත් ධාරාව 𝒂𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 ය තුලට ගලා යාම වළක්වා ගැනීම සිදුකර ගනු ලබයි. 


   එන්ජිම ක්‍රියාකාරී අවස්ථාවේ දී 𝒂𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 ධාරා ප්‍රතිදානය බැටරිය තුල අන්තර්ගත විද්‍යුත් වෝල්ටීයතාවයට වඩා වැඩි වේ. මේ නිසා 𝒂𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 යේ සිට වාහනයේ විද්‍යුත් භාරයන්ට සහ බැටරිය ආරෝපණය කිරීමට අවශ්‍ය විද්‍යුත් ධාරා ප්‍රවාහය සැපයීම පහසුවෙන් සිදු කර ගැනීමේ අවස්ථාව සැලසේ. ඉහත හේතු කාරනා මත මෝටර් රථ නිෂ්පාදකයන් විසින් , එන්ජිම ක්‍රියාකාරී අවස්ථාවේ දී 𝒂𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 ප්‍රතිදාන වෝල්ටීයතාවය බැටරි වෝල්ටීයතාවය ට වඩා ඉහළින් පිහිටන පරිදි සැලසුම් කර ගනු ලබයි. 


   බැටරිය ප්‍රමාණවත් තරම් ආරෝපණය වී ඇති මොහොතක එන්ජිම ක්‍රියා විරහිත කල පසුවද මෝටර් රථය තුල ඇති විද්‍යුත් උපාංගයන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය විද්‍යුත් බලය බැටරිය මගින් සැපයීම සිදු කරනු ලබයි. මෙමගින් පෙනී යන්නේ මෝටර් රථය තුල අඩංගු විවිධාකාර විද්‍යුත් පද්ධතීන් තුල ඇති විද්‍යුත් උපාංගයන් ක්‍රියාත්මක වීමට විශාල විද්‍යුත් ශක්ති ප්‍රමාණයක් අවශ්‍යතවයක් පැවතියද , බැටරියට මගින් තවමත් එම විද්‍යුත් උපාංගයන් ක්‍රියාත්මක වීම සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් ඉල්ලුමට අනුකූල ලෙසින් සාධාරණ විද්‍යුත් සැපයුමක් ලබා දෙනු ලබයි.


  මෝටර් රථ ජ්වලන යතුරු ස්විචයෙහි (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒘𝒊𝒕𝒄𝒉) පිහිටුම ජ්වලන (𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒑𝒐𝒔𝒊𝒕𝒊𝒐𝒏) අවස්ථාවේ ඇති විට මෝටර් රථය තුල අන්තර්ගත විද්‍යුත් උපාංගයන් සියල්ලක්ම පාහේ බැටරි බලය මත රදා පවතිමින් ක්‍රියාත්මක වේ. මෙම අවස්ථාවේ දී මෝටර් රථ ආරෝපණ පද්ධතිය ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආරම්භක විද්‍යුත් සංඥාව ප්‍රත්‍යාවර්තකය (𝒂𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) වෙත ලබා ගැනීමද සිදු කරනු ලබයි. එන්ජිමෙහි ක්‍රියාකාරිත්වය ආරම්භ වූ වහාම 𝒂𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 එක මගින් මෝටර් රථයේ ඇති විද්‍යුත් සංරචක සියල්ලට ම සහ බැටරිය වෙත අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම ආරම්භ කරයි. එන්ජිම ක්‍රියාකාරී අවස්ථාවේ දී බැටරිය ආරෝපණය වන්නේ මේ නිසාය.






Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry