Automotive Battery

 මෝටර් රථ එන්ජිම පණගැන්වීම (𝑪𝒓𝒂𝒏𝒌𝒊𝒏𝒈) සදහා අවශ්‍ය කරනු ලබන මූලික කරකැවීම් බලය 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 එකක් භාවිතයෙන් ලබා දෙනු ලබයි. මෙම 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 ය කරකැවීම සදහා අවශ්‍ය විද්‍යුත් බලය සපයා ගැනීම සදහා මූලික වශයෙන් මෝටර් රථය තුල 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 යක් අන්තර්ගත කර පවතී. විශේෂයෙන්ම මෙම වර්ගයේ මෝටර් රථ 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 නැවත ආරෝපණය (𝑪𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈) කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය කර පවතී. 

බැටරිය තුල එන්ජිම පණගැන්වීම සදහා 𝑺𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 එකට අවශ්‍ය වන විද්‍යුත් බලයට අමතරව , එන්ජිම පණගැන්වීමට සදහා අවශ්‍ය අනිකුත් පද්ධති සදහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් බල ධාරිතාවයක් පැවතිය යුතු ය. එනම් , ප්‍රධාන වශයෙන් දහන කුටීර (𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓) තුල අන්තර්ගත ඉන්ධන වාත මිශ්‍රණය දල්වාලීම සදහා භාවිතා කරනු ලබන 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 වෙත අවශ්‍ය විද්‍යුත් බලය බැටරිය මගින් සපයනු ලබයි. මෝටර් රථ තුල මෙවැනි 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 අන්තර්ගත කිරීමේ ද්වීතික කාර්යය ලෙසින් , මෝටර් රථ තුල පවතින අනිකුත් විද්‍යුත් උපාංගයන් සදහා අවශ්‍ය විද්‍යුත් බලය සැපයීම පෙන්වා දිය හැකි ය. 

  



 එන්ජිම ක්‍රියාත්මක වූ පසුවත් , මෝටර් රථයේ විද්‍යුත් පද්ධතියට අයත් විද්‍යුත් බලය බැටරිය මගින් සැපයීම සිදු කරනු ලබයි. බැටරි වෝල්ටීයතා (𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) මට්ටම ක්‍රමයෙන් පහල බසින විට ඊට සමගාමීව විද්‍යුත් පද්ධතිය සදහා අවශ්‍ය විද්‍යුත් බල ඉල්ලුම මත 𝒂𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 එක මගින් අවශ්‍ය විද්‍යුත් බලය ජනනය කිරීම සිදු කරනු ලබයි. මෙලෙස ජනනය කරනු ලබන විද්‍යුත් බලයෙන් කොටසක් බැටරිය නැවත ආරෝපණය කිරීම සදහා බැටරිය වෙත යොමු කරනු ලබයි. මේ නිසා, මෝටර් රථ ආරෝපණ පද්ධතිය (𝑪𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈 𝒔𝒚𝒔𝒕𝒆𝒎) ට අයත් ප්‍රධානතම උපාංගයක් වශයෙන් 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 ය පෙන්වා දිය හැකිය.

    වාහන සදහා විවිධ වර්ගවලට අයත් විවිධ ප්‍රමාණයන්ගෙන්, ධාරිතාවයන්ගෙන් හා හැඩයන්ගෙන් යුතු මෝටර් රථ 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 බහුල වම භාවිතා කරනු ලබයි. මේ සදහා විශේෂයෙන් ම නිර්මාණය කල 𝑾𝒆𝒕-𝒄𝒆𝒍𝒍 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 වර්ගය මෝටර් රථ නිෂ්පාදකයන් විසින් වාහන සදහා නිර්දේශ කර ඇත. මෝටර් රථ සදහා යොදා ගනු ලබන ජනප්‍රියතම 𝑾𝒆𝒕-𝒄𝒆𝒍𝒍 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 වර්ගය ලෙසින් 𝑳𝒆𝒂𝒅-𝑨𝒄𝒊𝒅-𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 අවිවාදයෙන් යුතුව පිළිගෙන ඇත. මෙම වර්ගයේ බැටරි බහුතරයක් සදහා ඊයම්-අම්ල රසායනික ප්‍රතික්‍රියාව උපයෝගී කර ගෙන පවතී. 

   𝑳𝒆𝒂𝒅-𝒂𝒄𝒊𝒅-𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 තුල ඇති සෑම බැටරි කෝෂයක්ම තහඩු දෙකකින් සමන්විත වන අතර , ඉන් එකක් මෘදු ඊයම් [𝑺𝒑𝒐𝒏𝒈𝒆 𝒍𝒆𝒂𝒅 (𝑷𝒃)] වලින් සහ අනෙක ඊයම් පෙරොක්සයිඩ් 𝑳𝒆𝒂𝒅 𝒑𝒆𝒓𝒐𝒙𝒊𝒅𝒆 (𝑷𝒃𝑶2) භාවිතා කරමින් නිපදවා ගෙන ඇත. මෙලෙස නිර්මාණය කර ගත් 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝒄𝒆𝒍𝒍 කාණ්ඩ හයක් ශේණිගත ආකාරයෙන් එකිනෙක සම්බන්ධ කර තනුක සල්පියුරික් අම්ලය [𝑫𝒊𝒍𝒖𝒕𝒆 𝒔𝒖𝒍𝒇𝒖𝒓𝒊𝒄 𝒂𝒄𝒊𝒅 (𝑯2𝑺𝑶4)] තුල ගිල්වීම මගින් 𝒍𝒆𝒂𝒅-𝒂𝒄𝒊𝒅-𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 බැටරි නිපදවා ඇත. බැටරිය තුල අන්තර්ගත තනුක සල්පියුරික් අම්ලය උත්පේරකයක් ලෙසින් ක්‍රියා කරමින් , 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝒄𝒆𝒍𝒍 සමගින් ප්‍රතික්‍රියා කර විශාල විද්‍යුත් ආරෝපණ සංඛ්‍යාවක් නිදහස් කරමින් විද්‍යුත් ධාරාවක් නිර්මාණය වීම සිදු වේ.

  එන්ජිම පණගන්වා ගැනීම සදහා අවශ්‍ය කැරකුම් බලය එන්ජිමට සම්බන්ධිත 𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 එක මගින් ලබා ගැනීමට අවශ්‍ය වන අධි විද්‍යුත් ධාරා අවශ්‍යතාව බැටරිය තුල සිදු වන රසායනික ප්‍රතික්‍රියාව මගින් නිපදවන විද්‍යුත් බලය මගින් සපුරා ගනු ලබයි. මේ සදහා අවම වශයෙන බැටරි ධාරිතාවයෙන් සියයට තුනක විද්‍යුත් බලයක් භාවිතා කරනු ලබයි. මේ නිසා මෝටර් රථ සදහා භාවිතා කරනු ලබන බැටරි කෙටි කාලයක් තුල උපරිම ධාරාවක් ලබා දීමට සැලසුම් කර පවතී. එන්ජිම ක්‍රියාත්මක වන විට එයට සම්බන්ධිත 𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓 උපාංගය මගින් බැටරිය තුල සිදු වන රසායනික ප්‍රතික්‍රියාව ආපසු හරවා ආරෝපණ ක්‍රියාවලිය ආරම්භ වීම සිදු වේ.



𝐀𝐮𝐭𝐨𝐦𝐨𝐭𝐢𝐯𝐞 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲 𝐃𝐞𝐟𝐢𝐧𝐢𝐭𝐢𝐨𝐧 

   පොදුවේ ගත් කල , බැටරියක් යනු රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර ගැනීම සදහා භාවිතා කරනු ලබන උපකරණයකි. මෝටර් රථ සදහා යොදා ගනු ලබන බැටරි මූලික වශයෙන් 𝒘𝒆𝒕 𝒄𝒆𝒍𝒍 අන්තර්ගත කරමින් නිර්මාණය කර ඇත. මෙහි දී රසායනික ද්‍රාවනයක් තුල අන්තර් ගතව පවතින බැටරියෙහි සැබෑ ශක්ති ප්‍රමාණය මෝටර් රථ විද්‍යුත් පද්ධතියෙහි විද්‍යුත් ඉල්ලුම මත විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදු කරනු ලබයි.

   මෝටර් රථ බැටරි නිෂ්පාදකයන් විසින් 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 නිර්මාණය කිරීම සදහා විවිධාකාර සැලසුම් සහ අමුද්‍රව්‍ය යොදා ගැනීම සිදු කරයි. නමුත් මෝටර් රථ සදහා බැටරි යොදා ගැනීමේ මූලික අවශ්‍යතාව වෙනස් නොවන අතර එකම අරමුණක් සදහා තම සේවය 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 මගින් සපයයි. විශේෂයෙන්ම , 𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 තුල ඊයම් සංයෝග උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ගත් 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚-𝒄𝒆𝒍𝒍 හයක් එකිනෙක වෙන් කර ගත් කුටීර හයක් තුලට අන්තර්ගත කර පවතී. එම සෑම 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝒄𝒆𝒍𝒍 අඩංගු කුටීරයක් ම ඉලෙක්ට්‍රොයිට් (𝒆𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒍𝒚𝒕𝒆) ද්‍රාවණය නමින් හඳුන්වනු ලබන සල්පියුරික් ආම්ලික (𝒔𝒖𝒍𝒑𝒉𝒖𝒓𝒊𝒄 𝒂𝒄𝒊𝒅) ද්‍රාවණයක් මගින් පුරවා ගනු ලබයි. මෙලෙස සකසා ගත් 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚-𝒄𝒆𝒍𝒍 හය එකිනෙක ශේණිගත ආකාරයෙන් සම්බන්ධ කර ගත් පසු නිර්මාණය වන ප්‍රධාන අග්‍රයන් දෙක ඇනොඩය (+) ලෙසින් හා කැතෝඩය (-) ලෙස නම් කර ගැනීම සිදු කරයි. මෙලෙස ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙසින් ඊයම් (𝒍𝒆𝒂𝒅) සහ ආම්ලික ද්‍රාවණයක් යොදා ගනිමින් නිර්මාණය වන බැටරි 𝒍𝒆𝒂𝒅-𝒂𝒄𝒊𝒅-𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 ලෙසින් පොදුවේ හඳුන්වනු ලබයි.





𝗙𝘂𝗻𝗰𝘁𝗶𝗼𝗻𝘀 𝗼𝗳 𝗕𝗮𝘁𝘁𝗲𝗿𝘆 

   𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 සහිත මෝටර් රථ සදහා යොදා ගනු ලබන 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 මගින් , මෝටර් රථ තුල පහත දැක්වෙන පරිදි කාර්‍යයන් රැසක් ඉටු කර ගනු ලබයි. ඒවා නම්;


📌️ මෝටර් රථයට අයත් අභ්‍යන්තර දහන එන්ජිම (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) පණගැන්වීම සදහා භාවිතා කරනු ලබන 𝒔𝒕𝒂𝒕𝒐𝒓 𝒎𝒐𝒕𝒐𝒓 උපාංගයට අවශ්‍ය විද්‍යුත් ධාරාව සැපයීම.


📌️ මෝටර් රථය තුල ඇති සියළුම විද්‍යුත් උපාංගයන් ක්‍රියාත්මක් කිරීමට අවශ්‍ය විද්‍යුත් බලය බැටරිය හරහා ලබා දීම.



📌️ නවීන මෝටර් රථ සදහා භාවිතා වන 𝑰𝒏𝒋𝒆𝒄𝒕𝒐𝒓 𝒔𝒚𝒔𝒕𝒆𝒎 , 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 , 𝒔𝒆𝒏𝒔𝒐𝒓 ඇතුළු බොහෝ පද්ධති සහ උපාංගයන් සදහා බැටරිය මගින් විද්‍යුත් බලය සැපයීම.


   𝒑𝒆𝒕𝒓𝒐𝒍 සහ 𝒅𝒊𝒆𝒔𝒆𝒍 ඉන්ධන වශයෙන් භාවිතා කරමින් ක්‍රියාත්මක වන මෝටර් රථ තුල අන්තර්ගත විද්‍යුත් පද්ධතිය සදහා 𝑺𝑳𝑰 කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති බැටරි යොදා ගනු ලබයි. මෙම බැටරි කාණ්ඩය මගින් 𝑰𝑪 𝒆𝒏𝒈𝒊𝒏𝒆 මෙහි මූලික පණගැන්වීම , ආලෝක පද්ධතිය සහ ජ්වලන පද්ධතිය යන මෝටර් රථය තුල අන්තර්ගත වැදගත් විද්‍යුත් පද්ධතීන් ක්‍රියාත්මක කිරීම මැනවින් ඉටු කරනු ලබයි. ඒ වගේම , එන්ජිම පණගැන්වීමේ දී සහ මෝටර් රථය තුල අන්තර්ගත විද්‍යුත් උපාංගයන් සදහා විද්‍යුත් ආරෝපණ පද්ධතිය මගින් සපයනු ලබන විද්‍යුත් බලයට වඩා වැඩි විද්‍යුත් බලයක් අවශ්‍ය කරන විට 𝑺𝑳𝑰 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 කාණ්ඩය යටතේ වර්ගීකරණය ඇති 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 මගින් අවශ්‍ය කරනු ලබන අමතර විද්‍යුත් බලය ඉතාමත් හොදින් සපයනු ලබයි. ඉහත සදහන් කරුනු කාරනා මත, මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සහ ආරෝපණ පද්ධතිය ස්ථාවර තත්වයේ පවත්වා ගැනීමේ කාර්‍යය 𝑺𝑳𝑰 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 යොදා ගනිමින් ඉතාමත් සාර්ථකව සිදු කර ගැනීමේ හැකියාව පවතී.



𝗡𝗢𝗧𝗘:-

𝐒𝐋𝐈 𝐛𝐚𝐭𝐭𝐞𝐫𝐲 𝐦𝐞𝐚𝐧𝐬 


𝐒 - 𝐒ᴛᴀʀᴛɪɴɢ 

𝐋 – 𝐋ɪɢʜᴛɪɴɢ

𝐈 - 𝐈ɢɴɪᴛɪᴏɴ




   විදුලි සහ දෙමුහුන් මෝටර් රථ බල ගැන්වීම සදහා විශේෂයෙන්ම නිෂ්පාදනය කල අධි වෝල්ටීයතා බැටරි පද්ධතියක් භාවිතා කරනු ලබයි. මෙම අධි වෝල්ටීයතා බැටරි පද්ධතිය නිර්මාණය කර ගැනීම සදහා සුදුසු විද්‍යුත් කෝෂ එකිනෙක ශේණිගත හා සමාන්තර ගත ආකාරයෙන් බැටරි ඒකකයක් (𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝑴𝒐𝒅𝒖𝒍𝒆) ලෙස සම්බන්ධ කර ගෙන පවතී. විද්‍යුත් මෝටර් රථ තුල අන්තර්ගත අධි වෝල්ටීයතා බැටරි පද්ධතිය ප්‍රධාන වශයෙන් මෝටර් රථ ධාවනය කිරීම සදහා යොදා ගනු ලබන අතර විද්‍යුත් පද්ධතියෙහි මූලික ක්‍රියාකාරිත්වය පවත්වා ගෙන යාම සදහා 𝑺𝑳𝑰 බැටරි කාණ්ඩය යටතේ පවතින බැටරියක් යොදා ගනු ලබයි. මෙමගින් 12𝑽 විභව අන්තරයක් යටතේ ක්‍රියා කිරීමට සැලසුම් කර ඇති මෝටර් රථ විද්‍යුත් උපාංග සහ පරිපථ කොටස් ක්‍රියාත්මක කරවා ගත හැකි වේ. මේ හේතුව නිසා මෙම වර්ගයේ බැටරි සහායක බැටරි (𝒂𝒖𝒙𝒊𝒍𝒊𝒂𝒓𝒚 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒊𝒆𝒔) ලෙසින් හඳුන්වනු ලබයි.


   සාම්ප්‍රදායික අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) සහිත මෝටර් රථ තුල අන්තර්ගත සහායක බැටරිය (𝒂𝒖𝒙𝒊𝒍𝒊𝒂𝒓𝒚 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒊𝒆𝒔) ආරෝපණය කර ගැනීම සදහා එන්ජිමට සම්බන්ධිත ප්‍රත්‍යාවර්තක (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒐𝒓) උපාංගය භාවිතා කර ගනිමින් සිදු කරයි. නමුත් විද්‍යුත් මෝටර් රථ (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑽𝒆𝒉𝒊𝒄𝒍𝒆 𝒐𝒓 𝑬𝑽) හෝ දෙමුහුන් මෝටර් රථ (𝑯𝒚𝒃𝒓𝒊𝒅 𝑽𝒆𝒉𝒊𝒄𝒍𝒆) තුල අන්තර්ගත සහායක බැටරියෙහි ආරෝපිත තත්වය දිගටම පවත්වා ගෙන යාම සදහා එම බැටරිය 𝑩𝒐𝒐𝒔𝒕 ලෙසින් හැදින්වෙන විශේෂිත ක්‍රියාවලියකට ලක් කරයි. මේ සදහා විද්‍යුත් මෝටර් රථ තුල අන්තර්ගත කර ඇති 𝑫𝑪-𝒕𝒐-𝑫𝑪 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓 උපාංගය භාවිතා කරමින් සහයක බැටරියේ වෝල්ටීයතාවය 𝒇𝒍𝒐𝒂𝒕-𝒄𝒉𝒂𝒓𝒈𝒆 𝒗𝒐𝒍𝒕𝒂𝒈𝒆 මට්ටමේ පාලනයකින් යුතුව පවත්වා ගෙන යනු ලබයි.




𝗖𝗼𝗺𝗽𝗼𝗻𝗲𝗻𝘁 𝗼𝗳 𝗮 𝗯𝗮𝘁𝘁𝗲𝗿𝘆 

    මෝටර් රථ විද්‍යුත් අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා මෙන්ම විද්‍යුත් බලය ගබඩා කර තබා ගැනීම සදහා භාවිතා කරනු ලබන බොහෝමයක් විද්‍යුත් කෝෂ ඇනෝඩය (𝑨𝒏𝒐𝒅𝒆) , කැතෝඩය (𝑪𝒂𝒕𝒉𝒐𝒅𝒆) සහ ඉලෙක්ට්‍රෝලය (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒍𝒚𝒕𝒆) යන මූලික සංරචක තුන මත ගොඩ නගා පවතී. ඇනෝඩය සහ කැතෝඩය එකිනෙක ස්පර්ශ වීම වැළැක්වීම සදහා බොහෝ විට ඉලෙක්ට්‍රොල ද්‍රාවණයම භාවිතා කිරීම සිදු කරනු ලබයි. මේ සදහා ඉලෙක්ට්‍රෝල ද්‍රාවණ මිශ්‍රණය ප්‍රමාණවත් නොවන අවස්ථාවන් හිදී පරිවාරක හැකියාවන්ගෙන් යුත් ද්‍රව්‍යයන් යොදා ගනිමින් නිර්මාණය කල විශේෂිත බෙදුම්කාරක කොටස් භාවිතා කරමින් ඇනෝඩය සහ කැතෝඩය යන ඉලෙට්‍රෝඩ යුගලය වෙන් කිරීම සිදු කරනු ලබයි. මෙලෙස ඉලෙක්ට්‍රෝඩ (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒅𝒆) යුගලය වෙන් කර තබා ගැනීම සදහා භාවිතා කරනු ලබන බෙදුම්කාරක කොටස් එම විද්‍යුත් කෝෂයෙහි 𝒔𝒆𝒑𝒂𝒓𝒂𝒕𝒐𝒓 කොටස් ලෙසින් හඳුන්වනු ලබයි. ඒ වගේම බැටරියෙහි අඩංගු කර පවතින සංරචක ගබඩා කර තබා ගැනීමට මෙන්ම බැටරියේ ආරක්ෂාව සහතික කර ගැනීම සදහා අදාළ බැටරි වර්ගයට ගැළපෙන පරිදි විශේෂිත ආකාරයෙන් නිර්මාණය කල ආවරණයක් (𝑪𝒂𝒔𝒊𝒏𝒈) භාවිතා කරනු ලබයි. 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝒄𝒂𝒔𝒊𝒏𝒈 කොටස ලෙසින් හඳුන්වනු ලබන්නේ එම කොටසයි.



     විද්‍යුත් කෝෂයක පවතින ඇනෝඩය සහ කැතෝඩය යන සංරචක දෙක එම විද්‍යුත් කෝෂයෙහි ඉලෙක්ට්‍රෝඩ (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒅𝒆) ලෙසින් ක්‍රියා කරනු ලබයි. ඉලෙක්ට්‍රෝඩ යනු කිසියම් විද්‍යුත් පරිපථයක විද්‍යුත් ධාරාව ඇතුළු වන හෝ පිටවන සන්නායක කොටස් වේ.


 𝐌𝐚𝐢𝐧 𝐂𝐨𝐦𝐩𝐞𝐧𝐧𝐞𝐧𝐭 𝐨𝐟 𝐚𝐮𝐭𝐨𝐦𝐨𝐭𝐢𝐯𝐞 𝐛𝐚𝐭𝐭𝐞𝐫𝐲 :

📌️𝐀𝐧𝐨𝐝𝐞 - ඇනෝඩය යනු බැටරියක පවතින සෘන ඉලෙක්ට්‍රෝඩය වන අතර මෙමගින් බැටරිය විසර්ජනය (𝒅𝒊𝒔𝒉𝒄𝒉𝒂𝒓𝒈) වීමේ දී ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ ක්‍රියාවලියට භාජනය කරනු ලබයි. වෙනත් වචන වලින් පවසනවා නම් , මෙය බාහිර පරිපථයකට ඉලෙක්ට්‍රෝන සපයනු ලබන බැටරියක පවතින සෘන ඉලෙක්ට්‍රෝඩයි. මෙම ඇනෝඩ (𝑨𝒏𝒐𝒅𝒆) කොටස නිපදවා ගැනීම සඳහා සින්ක් (𝒛𝒊𝒏𝒄) , ලිතියම් (𝒍𝒊𝒕𝒉𝒊𝒖𝒎) හෝ ඊයම් (𝒍𝒆𝒂𝒅) වැනි ඉලෙක්ට්‍රෝන (𝒆𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏) ඉවත් කර ගනිමින් රසායනිකව ප්‍රතික්‍රියාවන්ට ලක් කර ගත හැකි ප්‍රතික්‍රියා කාරක ලෝහ හෝ මිශ්‍ර ලෝහ යොදා ගනු ලබයි. 


📌️𝐂𝐚𝐭𝐡𝐨𝐝𝐞 - කැතෝඩය යනු බැටරියක ධන ඉලෙක්ට්‍රෝඩයයි. මේ සදහා සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන ග්‍රහණය කර ගත හැකි ලෝහ ඔක්සයිඩ හෝ ලෝහ නොවන සංයෝග යොදා ගනිමින් නිපදවා ගනු ලබයි. බැටරි කැතෝඩය සඳහා බහුල වශයෙන් 𝒍𝒆𝒂𝒅 𝒐𝒙𝒊𝒅𝒆, 𝒎𝒂𝒈𝒏𝒆𝒔𝒊𝒖𝒎 𝒅𝒊𝒐𝒙𝒊𝒅𝒆 , 𝒏𝒊𝒄𝒌𝒆𝒍 𝒐𝒙𝒊𝒅𝒆 හෝ 𝒄𝒐𝒃𝒂𝒍𝒕 𝒐𝒙𝒊𝒅𝒆 භාවිතා කරනු ලබයි. 



📌️𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐥𝐲𝐭𝐞 - ඉලෙක්ට්‍රෝලය යනු බැටරිය තුල සිදු වන ආරෝපණ / විසර්ජන චක්‍රයන් තුල දී ඇනෝඩය සහ කැතෝඩය යන ඉලෙක්ට්‍රෝඩ මත සිදු වන රසායනික ප්‍රතික්‍රියාව (𝒄𝒉𝒆𝒎𝒊𝒄𝒂𝒍 𝒓𝒆𝒂𝒄𝒕𝒊𝒐𝒏) සඳහා අවශ්‍ය අයන ගලා යාම සඳහා ඉඩ සලසන රසායනික ද්‍රාවණයක් හෝ කිසියම් ආකාරයක තලපයක් (𝒑𝒂𝒔𝒕𝒆) ලෙසින් හැඳින් විය හැකි ය. මේ සඳහා සාමාන්‍යයෙන් ද්‍රාවිත-ලවණ හෝ වෙනත් අයනික සංයෝග අඩංගු ආම්ලික හෝ ක්ෂාරීය ද්‍රාවණයක් යොදා ගනී.


📌️𝐒𝐞𝐩𝐚𝐫𝐚𝐭𝐨𝐫 – බෙදුම්කාරක කොටස් යොදා ගනිමින් බැටරියෙහි අන්තර්ගත ඇනෝඩ සහ කැතෝඩ ඉලෙක්ට්‍රෝඩ එකිනෙක වෙන් කර තබා ගැනීම සිදු කරයි. මෙමගින් ඉලෙක්ට්‍රෝඩ කොටස් එකිනෙක ස්පර්ශ වීමෙන් ඇති වන කෙටි පරිපථ (𝒔𝒉𝒐𝒓𝒕 𝒄𝒊𝒓𝒄𝒖𝒊𝒕) වීම් වළක්වා ගෙන ඇත. බොහෝමයක් බැටරි තුල මේ කොටස සඳහා පාරගම්‍ය පටලයක් (𝒑𝒆𝒓𝒎𝒆𝒂𝒃𝒍𝒆 𝒎𝒆𝒎𝒃𝒓𝒂𝒏𝒆) භාවිතා කරනු ලබන අතර මේ නිසා ඉලෙක්ට්‍රෝල තලපයන් (𝒆𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒍𝒚𝒕𝒆 𝒑𝒂𝒔𝒕𝒆) එකිනෙක මිශ්‍ර වීම වලක්වාලමින් ඉලෙක්ට්‍රෝඩ අතර අයන ගලා යාමට ඉඩ සලසනු ලබයි.



📌️𝐂𝐚𝐬𝐢𝐧𝐠 - බැටරි ආවරණය යනු , බැටරිය සැදුම් ලත් අභ්‍යන්තර සංරචක එකිනෙක රඳවා තබා ගනිමින් ඒවාට බාහිරින් සිදු වන හානි වලින් ආරක්ෂාව සැලසීම සඳහා පිටතින් පිහිටා ඇති දෘඩ මට්ටමේ ආවරණ කවචයයි. මෙම ආවරණ කොටස සාමාන්‍යයෙන් ප්ලාස්ටික් හෝ ලෝහ වැනි කල් පවතින සැහැල්ලු ද්‍රව්‍ය භාවිතා කරමින් නිපදවා ඇත.


📌️𝐓𝐞𝐫𝐦𝐢𝐧𝐚𝐥 - බැටරි පර්යන්ත (𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝒕𝒆𝒓𝒎𝒊𝒏𝒂𝒍) යනු විද්‍යුත් උපාංගයන් හෝ ආරෝපණ ප්‍රභවයන් මගින් සැදුම් ලත් බාහිර පරිපථයන්ට සම්බන්ධ වීමට ඉඩ සලසන බැටරියක පවතින සම්බන්ධිත ස්ථාන වේ. බැටරියෙහි පවතින සෘන අග්‍රය සාමාන්‍යයෙන් ඇනෝඩයට සම්බන්ධ වන අතර ධන අග්‍රය කැතෝඩයට සම්බන්ධ වේ.


📌️𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐨𝐫 - බැටරිය අභ්‍යන්තරයේ පවතින බැටරි සෙල් (𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝒄𝒆𝒍𝒍) කොටස් තුල අඩංගු ඉලෙක්ට්‍රෝඩ එකිනෙක සමාන්තරගත ලෙසින් හෝ ශේණිගත ලෙසින් එකිනෙක සම්බන්ධ කරමින් බැටරි සෙල් තුල ජනනය වන ඉලෙක්ට්‍රෝන ධාරාව හෝ විද්‍යුත් ධාරාව ප්‍රධාන ඉලෙක්ට්‍රෝඩ අග්‍රයන් වෙත එක් රැස් කිරීම සදහා 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝒄𝒐𝒍𝒍𝒆𝒄𝒕𝒐𝒓 යොදා ගනු ලබයි. මෙම 𝒃𝒂𝒕𝒕𝒆𝒓𝒚 𝒄𝒐𝒍𝒍𝒆𝒄𝒕𝒐𝒓 කොටස් බැටරියේ අභ්‍යන්තර සංරචක සහ බාහිර පරිපථය අතර පාලමක් ලෙස ක්‍රියා කරමින් විද්‍යුත් ධාරාව ගලා යාමට ඉඩ සලසනු ලබයි.




𝗧𝘆𝗽𝗲 𝗼𝗳 𝗕𝗮𝘁𝘁𝗲𝗿𝘆 


𝟏. 𝐒𝐭𝐚𝐫𝐭𝐢𝐧𝐠 , 𝐋𝐢𝐠𝐡𝐭𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐈𝐠𝐧𝐢𝐭𝐢𝐨𝐧 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲 

     මෙම වර්ගයේ විද්‍යුත් කෝෂ යොද ගනිමින් මෝටර් රථ විද්‍යුත් පද්ධතිය සඳහා අවශ්‍ය කරනු ලබන විද්‍යුත් ශක්තිය ගබඩා කර තබා ගැනීමට බහුල වම භාවිතා කරනු ලබයි. මෝටර් රථ විද්‍යුත් පද්ධතියෙහි අන්තර්ගත 𝑺𝒕𝒂𝒓𝒕𝒊𝒏𝒈 𝒔𝒚𝒔𝒕𝒆𝒎 , 𝑳𝒊𝒈𝒉𝒕𝒊𝒏𝒈 𝒔𝒚𝒔𝒕𝒆𝒎 සහ 𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒔𝒚𝒔𝒕𝒆𝒎 සඳහා අවශ්‍ය කරනු ලබන මූලික විද්‍යුත් ශක්ති ප්‍රමාණය සපයනු ලබයි . මෝටර් රථ විද්‍යුත් පද්ධතිය තුල අන්තර්ගත ඉහත සඳහන් මූලික පද්ධති තුනෙහි මුල් අකුරු තුන උකහා ගනිමින් මෙම වර්ගයේ විද්‍යුත් කෝෂ 𝑺𝑳𝑰 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 ලෙස කෙටියෙන් හඳුන්වනු ලබයි. මෙහි නමට අනුව , මෝටර් රථයක් පණගැන්වීම සඳහා භාවිතා කරනු ලබන පණගැන්වුම් මෝටරයට සහ ජ්වලනයට අවශ්‍ය කරනු ලබන විද්‍යුත් බලය සපයයි. මීට අමතරව මෝටර් රථය තුල අන්තර්ගත ගුවන් විදුලි යන්ත්‍රය, ප්‍රධාන විදුලි පහන් සහ අනිකුත් විද්‍යුත් උපාංගයන් බල ගැන්වීම සඳහා ද විද්‍යුත් බලය සපයයි. 𝑺𝑳𝑰 𝑩𝒂𝒕𝒕𝒆𝒓𝒚 වල නො ගැඹුරු ආරෝපණ කවයක් (𝒔𝒉𝒂𝒍𝒍𝒐𝒘 𝒄𝒉𝒂𝒓𝒈𝒊𝒏𝒈 𝒄𝒊𝒓𝒄𝒍𝒆) අඩංගු වේ. මේ නිසා මෙම බැටරි දිගු කාලයක් තිස්සේ විසර්ජනය කිරීමට ලක් කිරීමෙන් බැටරියට හානි ගෙන දිය හැකිය. මෙම වර්ගයේ බැටරි අඩුවෙන් විසර්ජනය කරන තරමට විසර්ජන ගැඹුර (𝑫𝒆𝒑𝒕𝒉 𝒐𝒇 𝑫𝒊𝒔𝒄𝒉𝒂𝒓𝒈𝒆 – 𝑫𝑶𝑫) අවම මට්ටමක පවත්වා ගැනීමට හැකි බැවින් බැටරිය භාවිතා කල හැකි වක්‍ර ගණන වැඩි කර ගත හැකි වේ.





                                     


Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry