Compression Ratio

 මෝටර් රථ තුල අන්තර්ගත අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) මගින් ඉහල බලශක්ති ප්‍රතිදානයක් (𝑷𝒐𝒘𝒆𝒓 𝑶𝒖𝒕𝒑𝒖𝒕) බලා පොරොත්තු වේ. මේ සදහා සියවසකට වැඩි කාලයක් තිස්සේ  ඉහල පෙලේ මෝටර් රථ නිෂ්පාදකයන් සහ පරීක්ෂකවරුන් එක් වී , 𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆 වල බල ප්‍රතිදානය සදහා බලපානු ලබන විවිධ හේතු සාධක අධ්‍යනය කරමින් ඊට සාර්ථක පිළිතුරු සෙවීම සදහා පරීක්ෂණ රැසක් සිදු කරන ලදි. මේ අනුව එන්ජින් ධාරිතාව (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒂𝒑𝒂𝒄𝒊𝒕𝒚) , බල ප්‍රතිදානය (𝑷𝒐𝒘𝒆𝒓 𝑶𝒖𝒕𝒑𝒖𝒕) හා සම්පීඩන අනුපාතය (𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏 𝑹𝒂𝒕𝒊𝒐) වැනි වැදගත් පරාමිතින් මත අවසානයේ දී එන්ජින් සැකැස්ම තීරනය කරනු ලබයි.

 



𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐂𝐨𝐦𝐩𝐫𝐞𝐬𝐬𝐢𝐨𝐧 𝐑𝐚𝐭𝐢𝐨?

    අභ්‍යන්තර දහන එන්ජිමක සම් පීඩිත අනුපාතය (𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒊𝒐𝒏 𝑹𝒂𝒕𝒊𝒐 𝒐𝒓 𝑪𝑹) යනු දහන කුටීරය තුල අන්තර්ගත  සම්පූර්ණ පරිමාව (𝑻𝒐𝒕𝒂𝒍 𝑽𝒐𝒍𝒖𝒎𝒆) හා දහන කුටීරය පූර්ණ ලෙස සම්පීඩනය කිරීමෙන් පසුව ඉතිරි වන පරිමාව (𝑪𝒍𝒆𝒂𝒓𝒂𝒏𝒄𝒆 𝒗𝒐𝒍𝒖𝒎𝒆) අතර පවතින අනුපාතයයි. 



•පිස්ටන් එක මගින්  𝑩𝑫𝑪 ලක්ෂ්‍යයේ සිට 𝑻𝑫𝑪 ලක්ෂ්‍ය අතර පවතින 𝑺𝒕𝒓𝒐𝒌𝒆 𝑳𝒆𝒏𝒈𝒕𝒉 නමින් හඳුන්වනු ලබන දුර ප්‍රමාණයෙන් ආවරණය කරනු ලබන පරිමාව 𝒔𝒘𝒆𝒑𝒕 𝒗𝒐𝒍𝒖𝒎𝒆 ලෙසින් හඳුන්වනු ලබයි. 



• පිස්ටන් එක 𝑻𝑫𝑪 මට්ටමට ලගා වූ පසුව දහන කුටීරය තුල ඉතිරිව ඇති ප්‍රමාණය 𝑪𝒍𝒆𝒂𝒓𝒂𝒏𝒄𝒆 𝒗𝒐𝒍𝒖𝒎𝒆 ලෙසින් හඳුන්වනු ලබයි.



  මේ සිද්ධිය සරල වචන වලින් පවසනවා නම්  පිස්ටන් එක 𝑩𝒐𝒕𝒕𝒐𝒎 𝑫𝒆𝒂𝒅 𝑪𝒆𝒏𝒕𝒓𝒆 - 𝑩𝑫𝑪 හි පවතින විට සිලින්ඩර් බෝරය තුල නිර්මාණය වී පවතින මුලු පරිමාව හා පිස්ටන් එක 𝑻𝒐𝒑 𝑫𝒆𝒂𝒅 𝑪𝒆𝒏𝒕𝒓𝒆 - 𝑻𝑫𝑪 අවස්ථාවට පැමිණි අවස්ථාවේ දී දහන කුටීරය තුල නිර්මාණය වන පරිමාවන්ගේ අනුපාතය 𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 𝑹𝒂𝒕𝒊𝒐 ලෙසින් අර්ථ දක්වා ඇත. 




මුළු පරිමාව (𝗧𝗼𝘁𝗮𝗹 𝗩𝗼𝗹𝘂𝗺𝗲) = ( 𝘀𝘁𝗿𝗼𝗸𝗲 × 𝗖𝘆𝗹𝗶𝗻𝗱𝗲𝗿 𝗕𝗼𝗿𝗲) + 𝗖𝗼𝗺𝗯𝘂𝘀𝘁𝗶𝗼𝗻 𝗰𝗵𝗮𝗺𝗯𝗲𝗿 𝗩𝗼𝗹𝘂𝗺𝗲 


𝗖𝗹𝗲𝗮𝗿𝗮𝗻𝗰𝗲 𝗩𝗼𝗹𝘂𝗺𝗲 = 𝗖𝗼𝗺𝗯𝘂𝘀𝘁𝗶𝗼𝗻 𝗰𝗵𝗮𝗺𝗯𝗲𝗿 𝗩𝗼𝗹𝘂𝗺𝗲 




𝐈𝐧 𝐡𝐞𝐫𝐞 ;

𝗩𝟭 = 𝗦𝘁𝗿𝗼𝗸𝗲 × 𝗖𝘆𝗹𝗶𝗻𝗱𝗲𝗿 𝗕𝗼𝗿𝗲 ( 𝗩𝟭 පරිමාව 𝘀𝘄𝗲𝗽𝘁 𝘃𝗼𝗹𝘂𝗺𝗲 වශයෙන් ද හඳුන්වනු ලබයි.) 


𝗩𝟮 = 𝗖𝗼𝗺𝗯𝘂𝘀𝘁𝗶𝗼𝗻 𝗰𝗵𝗮𝗺𝗯𝗲𝗿 𝗩𝗼𝗹𝘂𝗺𝗲 (𝗖𝗹𝗲𝗮𝗿𝗮𝗻𝗰𝗲 𝘃𝗼𝗹𝘂𝗺𝗲) ලෙස ගනිමු.


𝐓𝐡𝐞𝐫𝐞𝐟𝐨𝐫𝐞;

සම් පීඩිත අනුපාතය (𝗖𝗼𝗺𝗽𝗿𝗲𝘀𝘀𝗶𝗼𝗻 𝗥𝗮𝘁𝗶𝗼 𝗼𝗿 𝗥𝗖)  = 𝗩𝟭 + 𝗩𝟮 / 𝗩𝟮



  උදාහරණයක් ලෙස 𝟏𝟎𝟎𝟎𝐜𝐜 සම්පූර්ණ ධාරිතාවක් ඇති එන්ජිමක් සලකා බලමු. මෙහි 𝟗𝟎𝟎𝐜𝐜 ක පරිමාවක් 𝒔𝒘𝒆𝒑𝒕 𝒗𝒐𝒍𝒖𝒎𝒆 ලෙසින් හඳුන්වනු ලබයි. ඒ වගේම ඉතිරි 𝟏𝟎𝟎𝐜𝐜 පරිමාව 𝒄𝒍𝒆𝒂𝒓𝒂𝒏𝒄𝒆 𝒗𝒐𝒍𝒖𝒎𝒆 ලෙසින් හඳුන්වනු ලබයි. එබැවින් මෙම එන්ජිමෙහි සම්පීඩිත අනුපාතය (𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 𝑹𝒂𝒕𝒊𝒐 𝒐𝒓 𝑪𝑹)  𝟏𝟎𝟎𝟎 : 𝟏𝟎𝟎 හෝ 𝟏𝟎 : 𝟏 ලෙසින් දැක්විය හැකිය. 


  සම් පීඩිත අනුපාතය (𝑪𝑹) වැඩි වන තරමට එන්ජිමෙහි බල ප්‍රතිදානය වැඩි වන බව සිදු කරන ලද පරීක්ෂණ මගින් තහවුරු කර ඇත. 


   ඩීසල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන එන්ජින් වල සම්පීඩිත අනුපාතය  ප්‍රැට්‍රල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන එන්ජින් වලට වඩා බෙහෙවින් වැඩිය. එනම් පැට්‍රල් එන්ජින් වල 𝑪𝒐𝒎𝒑𝒓𝒆𝒔𝒔𝒐𝒓 𝑹𝒂𝒕𝒊𝒐 𝒐𝒓 𝑪𝑹  අගය 𝟏𝟎 : 𝟏 සිට 𝟏𝟒 : 𝟏 දක්වා වෙනස් වන අගය පරාසයක පවතින අතර ඩීසල් එන්ජින් සදහා මෙම අගය පරාසය  𝟏𝟖 : 𝟏 සිට 𝟐𝟑 : 𝟏 අතර පවතී.





Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry