Anti-Lock Braking System - ABS

    ප්‍රති - අගුළු තිරිංග පද්ධතිය (𝑨𝒏 𝒂𝒏𝒕𝒊-𝒍𝒐𝒄𝒌 𝒃𝒓𝒂𝒌𝒊𝒏𝒈 𝒔𝒚𝒔𝒕𝒆𝒎 කෙටියෙන් 𝑨𝑩𝑺 ලෙසින් හඳුන්වනු ලබයි) යනු වේගවත් තිරිංග යෙදීමක දී රෝද මත ඇති වන ලිස්සා යාම වළක්වා ගැනීම සදහා භාවිතා කරනු ලබන පද්ධතියකි.

   සාමාන්‍යයෙන් 𝑨𝑩𝑺 තිරිංග පද්ධතියක් භාවිතා කරනු නොලබන වාහන වල රියදුරු විසින් තිරිංග පැඩලය (𝒃𝒓𝒂𝒌𝒆 𝒑𝒆𝒅𝒂𝒍) එබූ විට තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වී එලවුම් රෝද (𝒘𝒉𝒆𝒆𝒍) ක්ෂණිකව අගුළු වැටීම සිදු වේ. මෙසේ එලවුම් රෝද මත ක්‍රියාත්මක වන ක්ෂණික අගුළු වැටීම නිසා ගමන් කරනු ලබන මාර්ගයේ රෝද ලිස්සා යාම (𝒔𝒌𝒊𝒅𝒔) හේතුවෙන් අනතුරු වලට භාජනය වීමේ ප්‍රවණතාවය ඉහල අගයක පවතී. එවනි අවස්ථාවක දී වෙනත් මෝටර් රථයක් හෝ විශාල වස්තුවක් වැනි යමක් පදවනු ලබන මෝටර් රථය ඉදිරිපිටට පැමිනියහොත් රියදුරු විසින් මෝටර් රථය තිරිංග (𝑩𝒓𝒂𝒌𝒆) යොදා නතර කිරීමට ක්‍රියා කරයි. නමුත් මාර්ගය මත රෝද ලිස්සා යාම හේතුවෙන් රියදුරු අතින් මෝටර් රථයේ පාලනය ගිලිහී ගොස් විශාල අනතුරක් පවා සිදු විය හැකිය. 

   නමුත් එවැනි අවස්ථාවක දී රියදුරු විසින් 𝑨𝑩𝑺 පද්ධතියක් සහිත වාහනයක් පදවන්නේ නම් තිරිංග පද්ධතිය (𝑩𝒓𝒆𝒂𝒌𝒊𝒏𝒈 𝑺𝒚𝒔𝒕𝒆𝒎) ක්‍රියාත්මක කල විට 𝑨𝑩𝑺 පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් රියදුරුට මෝටර් රථයේ වේගය අඩු කර , මෝටර් රථයේ දිශාව වෙනස් කරමින් මෝටර් රථයේ පාලනය දිගටම රියදුරු සන්තකයේ තබා ගත හැකි වේ. 

   𝑨𝑩𝑺 සහිත මෝටර් රථ වල තිරිංග යෙදීමක දී එලවුම් රෝද වෙත නියත තිරිංග බලයක් ලබා දීම සිදු නො කරයි. සරල වම පවසනවා නම් 𝒂𝒏𝒕𝒊-𝒍𝒐𝒄𝒌 𝒃𝒓𝒂𝒌𝒊𝒏𝒈 𝒔𝒚𝒔𝒕𝒆𝒎 යොදා ගෙන එලවුම් රෝද වෙත තිරිංග බලය ස්පන්දන (𝒑𝒖𝒍𝒔𝒆) ආකාරයට  යොමු කිරීම සිදු කරයි. මේ නිසා එලවුම් රෝද ලිස්සා යාමක් සිදු නොවන නිසා  මෝටර් රථය අඩු කාලයක දී සහ අඩු දුරක දී නවත්වා ගැනීමට හැකි වේ.

𝗔𝗻𝘁𝗶-𝗹𝗼𝗰𝗸 𝗯𝗿𝗮𝗸𝗶𝗻𝗴 𝘀𝘆𝘀𝘁𝗲𝗺 𝗰𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻:

𝑨𝑩𝑺 පද්ධතිය පහත දැක්වෙන ප්‍රධාන සංරචක වලින් සමන්විත වේ.

𝟏. 𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐂𝐲𝐥𝐢𝐧𝐝𝐞𝐫 

𝟐. 𝐇𝐲𝐝𝐫𝐚𝐮𝐥𝐢𝐜 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥 𝐔𝐧𝐢𝐭 (𝐇𝐂𝐔)

𝟑. 𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐧𝐢𝐜 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥 𝐮𝐧𝐢𝐭 (𝐄𝐂𝐔)

𝟒. 𝐓𝐨𝐨𝐭𝐡 𝐖𝐡𝐞𝐞𝐥 & 𝐒𝐩𝐞𝐞𝐝 𝐬𝐞𝐧𝐬𝐨𝐫

𝟏) 𝐌ᴀ𝐬ᴛᴇʀ 𝐂ʏʟɪɴᴅᴇʀ 

    මෙය තිරිංග තරලය (𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅) පීඩන තත්වයක් යටතේ චලනය කිරීම සදහා යොදා ගනු ලබන උපකරණයකි. මෙය 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 , 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එකකින් සහ 𝒓𝒆𝒕𝒖𝒓𝒏 𝒔𝒑𝒓𝒊𝒏𝒈 එකකින් සමන්විත වේ. 

   𝑷𝒊𝒔𝒕𝒐𝒏 𝒓𝒐𝒅 කොටස තිරිංග පැඩලය (𝑩𝒓𝒆𝒂𝒌 𝒑𝒆𝒅𝒂𝒍) හා සම්බන්ධ කර පවතී. එම නිසා රියදුරු විසින් තම පාදය භාවිතා කරමින් තිරිංග පැඩලය එබීමට ලක් කල විට 𝒑𝒊𝒔𝒕𝒐𝒏 කොටස ඉදිරියට චලනය වේ. මේ සමගම ප්‍රධාන සිලින්ඩරය (𝒎𝒂𝒊𝒏 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓) තුල පවතින 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 තෙරපීමකට ලක් වීම සිදු වේ. 

   පද්ධතිය සදහා අවශ්‍ය සංචිත තිරිංග තරලය පිරවූ ටැංකිය(𝒐𝒊𝒍 𝒓𝒆𝒔𝒆𝒓𝒗𝒐𝒊𝒓 𝒕𝒂𝒏𝒌) ඉහළින් පිහිටන පරිදි 𝒎𝒂𝒔𝒕𝒆𝒓 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 ට සම්බන්ධ කර ගෙන පවතී. එමගින් පද්ධතිය ට අවශ්‍ය කරනු ලබන 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 ධාරිතාවය අවශ්‍ය ප්‍රමාණයේ පවත්වා ගැනීම සිදු කරයි. 𝑴𝒂𝒔𝒕𝒆𝒓 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 යෙන් පිට වන තෙල් නලය 𝒉𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝒄𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝒖𝒏𝒊𝒕 එකට සම්බන්ධ කර ගැනීම සිදු කර පවතී.

𝟐) 𝐇ʏᴅʀᴀᴜʟɪᴄ 𝐂ᴏɴᴛʀᴏʟ 𝐔ɴɪᴛ (𝐇𝐂𝐔)

    මෙය 𝑨.𝑩.𝑺 පද්ධතිය ට අයත් ඉලෙක්ට්‍රොනික් පාලන ඒකකය (𝑬𝑪𝑼) විසින් ලබා දෙනු ලබන සංඥා මත පදනම් වී ක්‍රියාත්මක වනු ලබන ඒකකයකි. මෙලෙස 𝑬.𝑪.𝑼 එක මගින් ලැබෙන සංඥා වලට අනුව 𝑯𝒚𝒅𝒓𝒂𝒖𝒍𝒊𝒄 𝑪𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝑼𝒏𝒊𝒕 (𝑯𝑪𝑼) පද්ධතිය මගින් තිරිංග ක්‍රියා කරවීමට අවශ්‍ය 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 අදාළ මාර්ග (𝑶𝒖𝒕𝒑𝒖𝒕 𝒍𝒊𝒏𝒆) ඔස්සේ යොමු කිරීම සිදු කරයි. නැතහොත් 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 නතර කිරීම හෝ 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 නැවතත් 𝒓𝒆𝒕𝒖𝒓𝒏 මාර්ගය වෙත යොමු කිරීම සිදු කරයි. මේ නිසා ධාවන රෝද වෙත තිරිංග යෙදීමක දී සිදු වන රෝදයේ නිරන්තර අගුළු වැටීම වැළකී අදාළ ධාවන රෝදය තිරිංග යෙදීමේ සහ මුදා හැරීමේ ක්‍රියාවලිය කඩින් කඩ සිදු වේ.

𝐇𝐲𝐝𝐫𝐚𝐮𝐥𝐢𝐜 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥 𝐔𝐧𝐢𝐭 (𝐇𝐂𝐔) පහත දැක්වෙන සංරචක වලින් සමන්විත වේ. ඒවා නම්;

𝐈. 𝐏𝐮𝐦𝐩

𝐈𝐈. 𝐀𝐜𝐜𝐮𝐦𝐮𝐥𝐚𝐭𝐨𝐫

𝐈𝐈𝐈. 𝐒𝐨𝐥𝐞𝐧𝐨𝐢𝐝 𝐕𝐚𝐥𝐯𝐞

𝐈. 𝐏𝐮𝐦𝐩

𝑷𝒖𝒎𝒑 වෙත 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 ඇතුල් වන නලය (𝑰𝒏𝒑𝒖𝒕 𝑳𝒊𝒏𝒆) 𝒎𝒂𝒔𝒕𝒆𝒓 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 උපාංගය හා සම්බන්ධ කර පවතී. 𝑷𝒖𝒎𝒑 එක මගින් 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 පිට වන නලය (𝑶𝒖𝒕𝒑𝒖𝒕 𝒍𝒊𝒏𝒆) 𝒂𝒄𝒄𝒖𝒎𝒖𝒍𝒂𝒕𝒐𝒓 උපාංගය හා සම්බන්ධව පවතී. මෙම සම්බන්ධතාවය නිසා 𝒎𝒂𝒔𝒕𝒆𝒓 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 එක ඔස්සේ 𝒑𝒖𝒎𝒑 එක වෙත ලැබෙන 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 පීඩනයකට පත් කර 𝒂𝒄𝒄𝒖𝒎𝒖𝒍𝒂𝒕𝒐𝒓 උපාංගය වෙත යොමු කිරීම සිදු කරයි. 

𝐈𝐈. 𝐀𝐜𝐜𝐮𝐦𝐮𝐥𝐚𝐭𝐨𝐫

  𝑷𝒖𝒎𝒑 එක භාවිතා කරමින් පීඩනයට ලක් කරනු ලබන 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 ගබඩා කර ගැනීම 𝑨𝒄𝒄𝒖𝒎𝒖𝒍𝒂𝒕𝒐𝒓 උපාංගය උපයෝගී කර ගනිමින් සිදු කර ගනී. මෙලෙස පීඩනයක් යටතේ ගබඩා කර ගත් 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 අවශ්‍යතාව අනුව 𝒔𝒐𝒍𝒆𝒏𝒐𝒊𝒅 𝒗𝒂𝒍𝒗𝒆 වෙත සැපයීම සිදු වේ.

𝐈𝐈𝐈. 𝐒𝐨𝐥𝐞𝐧𝐨𝐢𝐝 𝐕𝐚𝐥𝐯𝐞

  𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏𝒊𝒄 𝑪𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝑼𝒏𝒊𝒕 (𝑬.𝑪.𝑼) එක මගින් ලැබෙන් වෝල්ටීයතා සංඥා අනුව 𝑺𝒐𝒍𝒆𝒏𝒐𝒊𝒅 𝑽𝒂𝒍𝒗𝒆 වල ක්‍රියාත්මක වීම සිදු වේ. ධාවක රෝද මත තිරිංග ක්‍රියාත්මක වීම සදහා සපයනු ලබන පීඩිත 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 අදාල මාර්ග සදහා යොමු කිරීම , 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 සැපයුම නැවැත්වීම හා ධාවන රෝද මත ක්‍රියාත්මක තිරිංග බලය මුදා හැරීම සදහා 𝒃𝒓𝒂𝒌𝒆 𝒇𝒍𝒖𝒊𝒅 නැවත 𝒓𝒆𝒕𝒖𝒓𝒏 මාර්ගය වෙත යොමු කිරීම සිදු කරයි.

𝟑) 𝐄ʟᴇᴄᴛʀᴏɴɪᴄ 𝐂ᴏɴᴛʀᴏʟ ᴜɴɪᴛ (𝐄𝐂𝐔)

   මෙය පරිගණක පාලන ඒකකයක් වන අතර මෝටර් රථයේ ධාවන රෝද වෙත සම්බන්ධිත සංවේදක මගින් වේග සංඥාවන් ග්‍රහණය කර ගනිමින් ඒ අනුව ක්‍රියාත්මක වීම සිදු වේ. ඒ වගේම තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී 𝒃𝒓𝒆𝒂𝒌 𝒑𝒆𝒅𝒂𝒍 හා සම්බන්ධිත 𝒔𝒆𝒏𝒔𝒐𝒓 උපාංගයක් භාවිතා කරමින් 𝑬𝑪𝑼 එක ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරනු වෝල්ටීයතා සංඥා සැපයීම සිදු කරනු ලබයි. මෙලෙස මෝටර් රථයේ 𝑨𝑩𝑺 පද්ධතියට අයත් සංවේදී ස්ථාන තුලින් ලබා ගන්නා ලද වෝල්ටීයතා සංඥාවන් හා 𝑬𝑪𝑼 එක තුල අන්තර්ගත කර ඇති දත්තයන් සමග සංසන්දනය කරමින් 𝑨𝑩𝑺 පද්ධතියෙහි මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය කරනු ලබන සංරචක (𝑨𝒄𝒄𝒖𝒎𝒖𝒍𝒂𝒕𝒐𝒓, 𝑺𝒐𝒍𝒆𝒏𝒐𝒊𝒅 𝒗𝒂𝒍𝒗𝒆𝒔, 𝑷𝒖𝒎𝒑, 𝑴𝒂𝒔𝒕𝒆𝒓 𝒄𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓) වෙත සංඥා සපයනු ලබයි. 

𝟒) 𝐓ᴏᴏᴛʜ ᴡʜᴇᴇʟ & 𝐬ᴘᴇᴇᴅ 𝐬ᴇɴ𝐬ᴏʀ

      මෙම උපාංගයන් භාවිතා කරමින් මෝටර් රථයේ ධාවන රෝද වල වේග යන්ට අදාළ විද්‍යුත් සංඥාවන් 𝑬𝑪𝑼 එක වෙත සපයනු ලබයි. මෙහි 𝑻𝒐𝒐𝒕𝒉 𝒘𝒉𝒆𝒆𝒍 කොටස ධාවන රෝද වෙත සම්බන්ධ කර ඇති බැවින් රෝදය හා භ්‍රමණය වීම සිදු වේ. 

   𝑺𝒑𝒆𝒆𝒅 𝒔𝒆𝒏𝒔𝒐𝒓 කොටස රෝදයට පිටුපස ප්‍රදේශයේ 𝑻𝒐𝒐𝒕𝒉 𝒘𝒉𝒆𝒆𝒍 කොටසට සමාන්තරගතව නිශ්චිත දුර ප්‍රමාණයකින් යුතුව ස්ථාන ගත කර පවතී. 𝑻𝒐𝒐𝒕𝒉 𝒘𝒉𝒆𝒆𝒍 කොටස මත අන්තර් ගත දත් 𝑺𝒑𝒆𝒆𝒅 𝒔𝒆𝒏𝒔𝒐𝒓 උපාංගය පසු කර යන මොහොතේ ඊට අදාළ වූ කිසියම් විද්‍යුත් සංඥාවන් 𝑺𝒑𝒆𝒆𝒅 𝒔𝒆𝒏𝒔𝒐𝒓 උපාංගය මගින් ජනනය වීම සිදු වේ. මෙලෙස මෝටර් රථයෙහි එක් එක් ධාවන රෝද වල වේග යන්ට අදාළ ව නිපදවා ගනු ලබන සංඥාවන් 𝑬𝑪𝑼 වෙත යොමු කර යි. එම දත්ත යොදා ගනිමින් 𝑨𝑩𝑺 තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වීමේ දී 𝑩𝒓𝒂𝒌𝒆 බලය යෙදිය යුතු ධාවන රෝද තෝරා එම ධාවන රෝද වෙත අවශ්‍ය ප්‍රමාණයේ 𝒃𝒓𝒂𝒌𝒆 බලය යෙදීම සිදු කරයි.

Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry