How to measure Current

 
     සරල වම පවසවනවනම් විද්‍යුත් ධාරාව යනු ඉලෙක්ට්‍රෝන (සෘන අංශු) හෝ අයන (ධන / සෘන අංශු) එක් ලක්ෂ්‍යයක සිට තවත් ලක්ෂ්‍යයක් දක්වා භෞතික ද්‍රව්‍යයක් ඔස්සේ ගලා යාමේ ක්‍රියාවලියයි. භෞතික ද්‍රව්‍ය ලෙසින් ලෝහ වර්ග , විශේෂිත තත්ව යටතේ පවතින ජල ද්‍රාවණ , අර්ධ සන්නායක මූලද්‍රව්‍ය හා වාත අවකාශයන් නම් කල හැකිය.

   ඉහත සදහන් කල ඉලෙක්ට්‍රෝන (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒐𝒏) හෝ අයන (𝒊𝒐𝒏𝒔) ලෙසින් හඳුන්වනු ලැබූ ආරෝපිත අංශූන් චලනය කිරීම සදහා වෝල්ටීයතාවය (𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) ලෙසින් හඳුන්වනු ලබන විශේෂිත බල ශක්තියක් උපකාරී කර ගනී. ( මෙහි වෝල්ටීයතාවය ලෙස භෞතික ද්‍රව්‍යය තුල පවතින ලක්ෂ්‍යයන් දෙකක් අතර පවතින විභව අන්තරයක් එහෙම නැත්නම් වෝල්ටීයතා වෙනස ලෙසින් අර්ථ දක්වා ගැනීම සිදු කර ඇත.) භෞතික ද්‍රව්‍යය සදහා යොදනු ලබන වෝල්ටීයතාවය (𝑽𝒐𝒍𝒕𝒂𝒈𝒆) වැඩි වන තරමට ප්‍රතිරෝධීතාවය දුර්වල වී වැඩි ධාරාවක් ගලා යාම සිදු වේ.




𝕯𝖎𝖗𝖊𝖈𝖙 𝖁𝕾 𝕬𝖑𝖙𝖊𝖗𝖓𝖆𝖙𝖎𝖓𝖌 𝕮𝖚𝖗𝖗𝖊𝖓𝖙 

   සෘජු ධාරා (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 – 𝑫𝑪) ලෙසින් කෙටි කර දැක්වීම සිදු කරයි. සෘජු ධාරාවක් යනු විද්‍යුත් ප්‍රභවයේ පරිමාවට සාපේක්ෂව ඉතාමත් සුළු වශයෙන් වෙනස් වන විද්‍යුත් ආරෝපණ (𝑬𝒍𝒆𝒄𝒕𝒓𝒊𝒄 𝑪𝒉𝒂𝒓𝒈𝒆) ප්‍රවාහයකි. සරල ධාරා (𝑫𝒊𝒓𝒆𝒄𝒕 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) විද්‍යුත් ප්‍රභවයකට හෝ බැටරියකට ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම මගින් අපට ලබා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයේ සරල ධාරා ප්‍රවාහ නිර්මාණය කර ගැනීමට හැකිය. (බැටරි සහ ප්‍රතිරෝධක සතුව ඉතාමත් සුළු වශයෙන් විචල්‍ය වන නිශ්චිත අගය පරාසයක් පවතී.)
   𝑨𝑪 ලෙසින් හඳුන්වනු ලබන ප්‍රත්‍යාවර්ත ධාරා (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒏𝒈 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) වොල්ටීයතාවය කාලයත් සමග වෙනස් වෙමින් විද්‍යුත් ආරෝපණ අංශූන් චලනය වීම සිදු වේ. මේ නිසා ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රභවයක වෝල්ටීයතාවය කාලයට සාපේක්ෂව සටහන් කල විට 𝑺𝒊𝒏 𝑾𝒂𝒗𝒆 තරංග සටහනක් සහිත ප්‍රස්තාරයක් නිර්මාණය වේ. 
   අප රටෙහි මූලික විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සදහා නිවාස සහ කර්මාන්ත ශාලා වෙත රැහැන් මගින් ලබා දෙනු ලබන්නෙ ප්‍රත්‍යාවර්ත ධාරා (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒏𝒈 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕) විද්‍යුත් සැපයුමකි. මේ නිසා අප විසින් එදිනෙදා පාවිච්චි කරනු ලබන බොහෝ විද්‍යුත් උපකරණ සදහා මූලික ප්‍රභවය වශයෙන් ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතා ප්‍රභවයන් භාවිතා කිරීමට සිදු වේ. ඒ වගේම බොහෝ විද්‍යුත් උපාංග තුල අන්තර්ගත බැටරි ආරෝපණය කිරීම සදහා ද ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතා ප්‍රභවයන් වක්‍රාකාරව යොදා ගනී. අප රටෙහි භාවිතා කරනු ලබන ප්‍රත්‍යාවර්ත ධාරා (𝑨𝒍𝒕𝒆𝒓𝒏𝒂𝒕𝒊𝒏𝒈 𝑪𝒖𝒓𝒓𝒆𝒏𝒕 𝑨𝑪) වෝල්ටීයතාවය 250𝑽/50𝑯𝒛 - 60𝑯𝒛 සාමාන්‍ය අගයක පවතී.

3 𝖒𝖊𝖙𝖍𝖔𝖉𝖘 𝖙𝖔 𝖒𝖊𝖆𝖘𝖚𝖗𝖊 𝖆 𝖈𝖚𝖗𝖗𝖊𝖓𝖙

1.𝐑𝐞𝐬𝐢𝐬𝐭𝐢𝐯𝐞 𝐜𝐮𝐫𝐫𝐞𝐧𝐭 𝐬𝐞𝐧𝐬𝐨𝐫 𝐒𝐡𝐮𝐧𝐭 𝐦𝐞𝐭𝐡𝐨𝐝

2.𝐀𝐜 𝐠𝐚𝐥𝐯𝐚𝐧𝐢𝐜𝐚𝐥𝐥𝐲 𝐢𝐬𝐨𝐥𝐚𝐭𝐞𝐝 𝐜𝐮𝐫𝐫𝐞𝐧𝐭 𝐭𝐫𝐚𝐧𝐬𝐟𝐨𝐫𝐦𝐞𝐫 𝐬𝐞𝐧𝐬𝐨𝐫 𝐦𝐞𝐭𝐡𝐨𝐝

3.𝐈𝐧𝐝𝐮𝐜𝐭𝐢𝐯𝐞 𝐇𝐚𝐥𝐥 𝐄𝐟𝐟𝐞𝐜𝐭 𝐜𝐮𝐫𝐫𝐞𝐧𝐭 𝐬𝐞𝐧𝐬𝐨𝐫 𝐦𝐞𝐭𝐡𝐨𝐝



𝓦𝓻𝓲𝓽𝓽𝓮𝓷 𝓫𝔂 𝓗𝓲𝓰𝓱𝓡𝓮𝓼𝓲𝓼𝓽𝓛𝓚
                                               ²⁰²²/⁰⁹/⁰⁶

#Electric_Current _Written_by_HighResistLk
#HighResistlk
#Lk

Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry