Revolutions Per Minute : RPM





𝑹𝒆𝒗𝒐𝒍𝒖𝒕𝒊𝒐𝒏𝒔 𝑷𝒆𝒓 𝑴𝒊𝒏𝒖𝒕𝒆 යනු කිසියම් වස්තුවක් මිනිත්තු එකක (විනාඩි එකක කාලයක් හෝ තප්පර 60ක කාලයක්) කාලයක් තුල දී නිශ්චිත ලක්ෂ්‍යයක් වටා භ්‍රමණය වන අවස්ථාවන් සංඛ්‍යාව ලෙසින් අර්ථ දක්වා ඇත. මෙය කෙටි කර 𝒓𝒑𝒎 , 𝑹𝑷𝑴 , 𝒓𝒆𝒗/𝒎𝒊𝒏 හෝ 𝒎𝒊𝒏-1 යන අංකනය භාවිතා කරමින් සටහන් කිරීම සිදු කර ගනු ලබයි. මෙය භ්‍රමණය වන වස්තුවක අන්තර්ගත වන භ්‍රමණ වේගය හෝ සංඛ්‍යාතය ප්‍රකාශ කිරීම සදහා යෙදිය හැකි පිළිගත් තවත් ඒකකයක් ලෙසින් හඳුන්වා දිය හැකිය.

    මේ සදහා උදාහරණයක් ලෙස කිසියම් ලක්ෂ්‍යයක් වටා කරකැවෙන රෝදයක් සලකමු. එම රෝදය තත්පර එකක කාලයක් තුල දී එක් වටයක් සම්පූර්ණ කරයි නම් , තත්පර හැටක කාලයක් තුල දී එම රෝදය අවස්ථාවන් හැටක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් භ්‍රමණය වීම සිදු වේ. මේ නිසා එම රෝදය 60𝑹𝑷𝑴 ක වේගයකින් තම අක්ෂය වටා භ්‍රමණය වන බව සදහන් කල හැකිය.  මේ සදහා ඕනෑම අවස්ථාවක් තුල භ්‍රමණය වන වස්තුවක භ්‍රමණය වේගය 𝑹𝑷𝑴 ඇසුරෙන් සොයා ගැනීම සදහා පහත සූත්‍රය භාවිතා කල හැකිය.  


     
        

    ඉහත සූත්‍රය භාවිතයෙන් ඕනෑම තත්වයක් තුලදී නිශ්චිත ලක්ෂ්‍යයක් වටා වෘත්තාකාර ව භ්‍රමණය වන වස්තුවක් , විනාඩියට වඩා අඩු (හෝ ඊට වැඩි) කාලයක් තුල අපට සටහන් කර ගත හැකි අවස්ථාවන් සංඛ්‍යාවක් වාර්තා කර ඇත්නම් එම වස්තුවේ වේගය 𝑹𝑷𝑴 ඇසුරෙන් ගණනය කර ගැනීමේ හැකියාව පවතී. 

    උදාහරණයක් ලෙස කරත්ත රෝදයක් තත්පර හතළිස් පහක (45𝒔) එනම් විනාඩි 0.75 කාලයක් තුල අවස්ථාවන් තිස් වතාවක් සම්පූර්ණ කරයි නම් එම රෝදයේ වේගය 𝑹𝑷𝑴 ඇසුරෙන් පහත පරිදි ගණනය කිරීම කර ගත හැකිය.

     






𝓦𝓻𝓲𝓽𝓽𝓮𝓷 𝓫𝔂 𝓗𝓲𝓰𝓱𝓡𝓮𝓼𝓲𝓼𝓽𝓛𝓚
                                               ²⁰²²/⁰⁹/⁰⁸

#RPM_Written_by_HighResistLk 
#HighResistlk
#Lk


Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry