Engine Coolant Temperature Sensor (ECT Sensor)

 𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗘𝗖𝗧 𝗦𝗲𝗻𝘀𝗼𝗿?


   එන්ජින් සිසිලන උෂ්ණත්ව සංවේදකය (𝑬𝒏𝒈𝒊𝒏𝒆 𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕 𝑻𝒆𝒎𝒑𝒆𝒓𝒂𝒕𝒖𝒓𝒆 𝑺𝒆𝒏𝒔𝒐𝒓 𝒐𝒓 𝑬𝑪𝑻) යනු එන්ජිම අභ්‍යන්තරයේ අන්තර්ගත කර පවතින සිසිලන කාරක දියරයේ (𝑪𝒐𝒐𝒍𝒂𝒏𝒕) උෂ්ණත්වය නිරීක්ශනය කිරීම සදහා භාවිතා කරනු ලබන සරල සංවේදකයකි. එන්ජිම ක්‍රියා කරන විට සිලින්ඩර් හිස තුල සහ එන්ජින් බ්ලොක් එක තුල පවතින සිසිලනකාරක දියරය මගින් සිලින්ඩර් බෝර් තුල ජනනය වන තාපය අවශෝෂණය කර ගැනීම සිදු කරයි. සිසිලනකාරක දියරයෙහි අන්තර්ගත උෂ්ණත්වයට සමානුපාතිකව , උෂ්ණත්ව සංවේදකය මගින් 𝑷𝒐𝒘𝒆𝒓𝒕𝒓𝒂𝒊𝒏 𝑪𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝑴𝒐𝒅𝒖𝒍𝒆 (𝑷𝑪𝑴) වෙත සංඥා යොමු කරනු ලබයි. 𝑷𝑪𝑴 තුල අන්තර්ගත දත්ත සමග සංසන්දනය කරමින් එන්ජිම පවතින උෂ්ණත්ව පරාසය ගණනය කරනු ලබයි. ඒ අනුව එන්ජිම සීතලද , රත්වෙලාද , සාමාන්‍ය ක්‍රියාකාරී උෂ්ණත්වයේ ද හෝ අධික උණුසුම් තත්වයේ ද යන්න 𝑷𝑪𝑴 එක මගින් තීරණය කරනු ලබයි. 


   සිසිලන සංවේදකය (𝑬𝑪𝑴) අතිශය වැදගත් වන්නේ , සිසිලන සංවේදකය මගින් 𝑷𝑪𝑴 වෙත සපයනු ලබන ආදාන දත්ත (𝑰𝒏𝒑𝒖𝒕 𝑫𝒂𝒕𝒂) මත එන්ජින් කළමනාකරණ පද්ධතියෙහි සමස්ත මෙහෙයුම් සදහා උපාය මාර්ගික වශයෙන් බලපාන බැවිනි. මේ නිසා එන්ජින් කළමනාකරණ පද්ධතියෙහි සමස්ත ක්‍රියාකාරිත්වය සිසිලන සංවේදකය මත රදා පවතී. එබැවින් බොහෝ විට සිසිලන සංවේදකය "𝑴𝒂𝒔𝒕𝒆𝒓 𝒔𝒆𝒏𝒔𝒐𝒓" ලෙසින් හඳුන්වනු ලබයි.


   𝑷𝑪𝑴 පද්ධතිය මගින් හසුරුවනු ලබන ඉන්ධන , ජ්වලන , විමෝචනය හා ඩ්‍රයිව් ට්‍රේන් වැනි බොහෝමයක් ක්‍රියාකාරකම් අදාල එන්ජිම පවතින ක්‍රියාකාරී උෂ්ණත්වය මත රදා පවතී. එන්ජිම උණුසුම් අවස්ථාවේ පවතිනවාට වඩා සීතල අවස්ථාවේ පවතින විට දී , 𝑷𝑪𝑴 පද්ධතිය මගින් වෙනස් ම මෙහෙයුම් උපාය මාර්ගයක් උපයෝගී කර ගනී. මෙසේ සිදු කර ගනු ලබන්නේ එන්ජිම සිසිල් අවස්ථාවේ පවතින විට දී එන්ජිමේ ධාවන හැකියාව , ලැසි ගමන් වේගය හා දහනය මගින් මුදා හරිනු ලබන අහිතකර වායු විමෝචනය වැඩි දියුණු කිරීමේ අරමුණු කර ගෙනයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිසිලන සංවේදකය අසමත් වීමෙන් හෝ සිසිලන සංවේදකය මගින් 𝑷𝑪𝑴 එක වෙත වැරදි ආදාන දත්ත (𝑰𝒏𝒑𝒖𝒕 𝒅𝒂𝒕𝒂) ලබා දීම මගින් එන්ජින් පාලන ඒකකයේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය අසමත් වීමේ මූලික හේතුවක් වශයෙන් පෙන්වා දිය හැකිය.




Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry