Engine Control Module



       එන්ජින් කළමනාකරණ පද්ධතිය (Engine Control Module) කෙටියෙන් EMS ලෙසින් හඳුන්වනු ලබන අතර මෙයට සංවේදක (Sensor) ,රිලේ (Rilay) , ක්‍රියාකාරක  (Actuator) සහ එන්ජින් පාලක ඒකකය (Engine Control Unit:ECU) වැනි පුළුල් පරාසයක පවතින ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් උපාංග වලින් සමන්විත වේ. ඒවා මගින් එන්ජින් කළමනාකරණ පද්ධතියට අවශ්‍ය කරන දත්ත පරාමිතීන් ලබා දීම සදහා එන්ජින් කළමනාකරණ පද්ධතිය සමගින් ඒකාබද්ධ ව කටයුතු කරයි. අභ්‍යන්තර දහන එන්ජිම තුළ සිදු වන විවිධාකාර ක්‍රියාකාරකම් ඵලදායි ලෙසින් පාලනය කිරීම සදහා එන්ජින් කළමනාකරණ පද්ධතිය ට අයත් කොටස් සහ උපාංග භාවිතා කරමින් සිදු කර ගනී. තවද , EMS සදහා මෑත කාලීන ව භාවිතා කරනු ලබන මෝටර් රථ තාක්ෂණික උපක්‍රම සහ දත්තයන් සුදුසු පරිදි අන්තර්ගත කරමින් නිපදවා ඇත. මේ සදහා ඉහළ කාර්‍යක්ශමතාවයක් ඇති වැඩිදියුණු කරන ලද එන්ජින් කළමනාකරණ පද්ධතීන් ලෙස , ප්‍රැට්‍රල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන එන්ජින් වල අන්තර්ගත MPFi සහ GDi පද්ධති මෙන්ම ඩීසල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන එන්ජින් වල අන්තර්ගත SRDi පද්ධතීන්  හැදින්විය  හැකිය.



What is ECU/ECM?

  ECU යනු එන්ජින් පාලන ඒකකය ලෙසින් සහ ECM යනු එන්ජින් පාලන කොටස ලෙසින් කෙටියෙන් අර්ථ දක්වා ඇත. මෙලෙස ECU සහ ECM ලෙසින් හඳුන්වනු ලබන්නෙ අභ්‍යන්තර දහන එන්ජිමෙහි ක්‍රියාකාරිත්වය නිසි පරිදි පාලනය කරනු ලබන එන්ජින් කළමනාකරණ පද්ධතිය ට අයත් ඉලෙක්ට්‍රොනික උපාංගයයි. කෙසේ වෙතත් , ඕනෑම පද්ධතියක් තුල සිදු වන ක්‍රියාකාරිත්වය ඉලෙක්ට්‍රොනික පරිපථ කොටස් සහ උපාංග යොදා ගනිමින් පාලනය කල හැකි පරිදි නිපදවා ඇති පද්ධතීන් ඉලෙක්ට්‍රොනික පාලන ඒකකය/කොටස යන යෙදුම භාවිතා කරමින් බොහෝ ස්ථාන වල හඳුන්වා දෙනු ලබයි. 


Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry