Combustion Chamber

  

   දහන කුටීරය (combustion chamber) යනු අභ්‍යන්තර දහන එන්ජින් තුල පිහිටා ඇති සුවිශේෂී කොටසකි. එම කොටස තුල කුඩා අංශු වශයෙන් පවතින ඉන්ධන වාෂ්ප ඉතාමත් හොදින් වාතය සමගින් මිශ්‍ර වීම සිදු වේ. එම ඉන්ධන වාත මිශ්‍රණය නියත උෂ්ණත්වය කදී දහනය වීමත් සමගම වාත අවකාශය ප්‍රසාරණය වීමෙන් විශාල ශක්තියක් ජනනය වීම සිදු වේ.



   මුල් කාලයේ භාවිතා වූ වාෂ්ප එන්ජින් තුල අන්තර් ගත වූ ගිනි පෙට්ටිය (fire box) ලෙසින් හඳුන්වනු ලබන උපාංගයේ නව සංස්කරණයක් ලෙසින් IC Engine තුල පිහිටා ඇති දහන කුටීරය හඳුන්වා දිය හැකිය. ද්‍රව ඉන්ධන භාවිතා කරමින් බලය උත්පාදනය සිදු කර ගැනීම සදහා ඉන්ධන වාත මිශ්‍රණය පූර්ණ දහන අවස්ථාවකට භාජනය කිරීම සිදු කල යුතුය. මේ ක්‍රියාවලිය සුදුසු තත්ව යටතේ නිසියාකාරව සිදු කර ගැනීම සදහා නවීන මෝටර් රථ තුල අන්තර්ගත IC Engine වල පවා දහන කුටීරය භාවිතා කිරීම සිදු කෙරේ.

    අභ්‍යන්තර දහන එන්ජිම තුල දී ඉන්ධන වාත මිශ්‍රණය දහනය වීමෙන් නිර්මාණය වන අධික පීඩන අවස්ථාව එන්ජිම තුල ඇති යාන්ත්‍රික කොටස් වෙත සෘජු බලයක් යෙදීම සිදු වේ. (උදාහරණයක් ලෙස පිස්ටන් භාවිතා කරනු ලබන තාප එන්ජින් තුල ඇති පිස්ටන් මතට පීඩන බලය යෙදීම සිදු වේ.) එලෙස යොදනු ලබන අධික පීඩන තත්වය IC Engine තුලදී විශේෂිත යාන්ත්‍රික ක්‍රියාවලියකට භාජනය වී යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය වේ.(Crank Mechanism භාවිතයෙන්) 

නමුත් ඉහත ක්‍රියාවලිය මුල් යුගයේ භාවිතා වූ බාහිර දහන එන්ජින් සදහා වෙනස් වන අතර එහි දී දහන ක්‍රියාවලිය එන්ජිමේ වෙනම කොටසක සිදු වී නිර්මාණය වන වායු පීඩනය සුවිශේෂී ක්‍රියාවලියකට භාජනය කර යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කර ගැනීම සිදු කරයි.


𝗗𝗲𝗳𝗶𝗻𝗶𝘁𝗶𝗼𝗻


    දහන කුටීරය (𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓) යනු සිලින්ඩර් බෝරය (𝑪𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝑩𝒐𝒓𝒆) , පිස්ටන් (𝑷𝒊𝒔𝒕𝒐𝒏) එක සහ සිලින්ඩර් හිස (𝑪𝒚𝒍𝒊𝒏𝒅𝒆𝒓 𝑯𝒆𝒂𝒅) අතර නිර්මාණය වන අවකාශය තුල ඉන්ධන වාත මිශ්‍රණය දහනය කිරීම සිදු කර ගනු ලබන ප්‍රදේශයයි. පිස්ටනය මගින් ඉන්ධන වාත මිශ්‍රණය සුදුසු අවස්ථාවක් දක්වා සම්පීඩනය (𝑪𝒐𝒎𝒑𝒆𝒓𝒔𝒔𝒐𝒓) කර අවසන් වනවාත් සමගම සම්පීඩිත ඉන්ධන වාත මිශ්‍රණය මතට පළිඟු පේනු (𝑺𝒑𝒂𝒓𝒌 𝑷𝒍𝒖𝒈) මගින් විද්‍යුත් පළිඟුවක් නිකුත් කර ගැනීම සිදු කර ගනී. ඒ සමගම ඉන්ධන වාත මිශ්‍රණය දහනය වී නිර්මාණය වන ක්‍රියාකාරී ශක්ති ප්‍රමාණය යාන්ත්‍රික ශක්තිය ස්වරූපයෙන් 𝒄𝒓𝒂𝒏𝒌𝒔𝒉𝒂𝒇𝒕 හා සම්බන්ධිත පිස්ටන් (𝒄𝒓𝒂𝒏𝒌 𝒎𝒆𝒄𝒉𝒂𝒏𝒊𝒔𝒎) මගින් දහන කුටීරයෙන් පිටතට ලබා ගැනීම සිදු කරයි.
.
    අභ්‍යන්තර දහන එන්ජින් තුල පවතින සිලින්ඩර බෝරය තුල නිර්මාණය වන අවකාශය තුල 𝒊𝒏𝒋𝒆𝒄𝒕𝒐𝒓 𝒏𝒐𝒛𝒛𝒍𝒆 , 𝒑𝒊𝒔𝒕𝒐𝒏 , 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 , 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓  සහ තවත් වැදගත් උපාංග ස්ථාන ගත කර පවතී.





𝗙𝘂𝗻𝗰𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗖𝗼𝗺𝗯𝘂𝘀𝘁𝗶𝗼𝗻 𝗖𝗵𝗮𝗺𝗯𝗲𝗿 


   අභ්‍යන්තර දහන එන්ජිම තුල ස්ථාන ගත කර ඇති 𝒄𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓 එක මගින් විවිධ කාර්‍යයන් රැසක් ඉටු කර ගනු ලබයි. ඒවා නම්;


• 𝑪𝒐𝒎𝒃𝒖𝒔𝒕𝒊𝒐𝒏 𝒄𝒉𝒂𝒎𝒃𝒆𝒓 එක මගින් ඉන්ධන වාත මිශ්‍රණය දහනය කිරීම සදහා අවශ්‍ය සීමිත ඉඩ සලසා දෙනු ලබයි.

• ඉන්ධන වාත මිශ්‍රණය සදහා අවශ්‍ය දහන පෝෂක වාතය දහන කුටීරය තුලට ලබා ගැනීමට අවශ්‍ය 𝒊𝒏𝒍𝒆𝒕 𝒗𝒂𝒍𝒗𝒆 සහ ඉන්ධන වාත මිශ්‍රණය දහනය වීමෙන් නිර්මාණය වන පිටාර වාතය දහන කුටීරයෙන් පිටතට යොමු කිරීමට අවශ්‍ය 𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒗𝒂𝒍𝒗𝒆 එහි අඩංගු වේ.

• එය දහනය මගින් ජනනය වන අධික උණුසුමට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර පවතී.

• එය මගින් 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එකේ හැසිරීමට අවශ්‍ය ඉඩ ලබා දීම සිදු කරයි.

• මෙය තුල දහනය මගින් නිර්මාණය වන 𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 නියමිත කාලය පැමිණෙන තුරු ඉතාමත් හොදින් මුද්‍රා කර ගෙන පවතී.

• එහි පවතින ජ්‍යාමිතික හැඩය මගින් ඉන්ධන වාත මිශ්‍රණයෙහි ඉතාමත් හොද දහන අවස්ථාවක් සදහා උපකාරී වේ.




Type of Combustion chamber

   ප්‍රධාන වශයෙන් දහන කුටීර වර්ග තුනක් අභ්‍යන්තර දහන එන්ජින් සදහා භාවිතා කිරීම සිදු කරයි.

• Multiple chamber
• The turo-annular chamber
• The annular chamber





Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry