On-Bord Diagnostic System

 On-Bord Diagnostic System

 

𝗪𝗵𝗮𝘁 𝗶𝘀 𝗮𝗻 𝗼𝗻-𝗯𝗼𝗮𝗿𝗱 𝗱𝗶𝗮𝗴𝗻𝗼𝘀𝘁𝗶𝗰 𝗢𝗕𝗗 𝘀𝘆𝘀𝘁𝗲𝗺 

     𝑶𝒏 𝑩𝒐𝒂𝒓𝒅 𝑫𝒊𝒂𝒈𝒏𝒐𝒔𝒕𝒊𝒄 (𝑶𝑩𝑫 𝒔𝒚𝒔𝒕𝒆𝒎) පද්ධතිය යනු මෝටර් රථ වල ක්‍රියාකාරිත්වයේ විවිධ අංශ නිරීක්ෂණය කිරීම සඳහා මෙන්ම දුර්වල ධාවන තත්වයන් ඇතුළු මෝටර් රථයේ වැදගත් පද්ධතීන් තුල ඇති වන රෝග විනිශ්චය කිරීම සඳහා මෝටර් රථය තුල පවතින සියළුම පද්ධතීන් ඒකාබද්ධ කරමින් නිර්මාණය කරන ලද පද්ධතියකි. එය විශේෂයෙන්ම සැලසුම් කර ඇත්තේ අක්‍රමිකතා හඳුනා ගනිමින් එම අක්‍රමිකතා වාර්තා කිරීමටත්, විය හැකි දෝෂ හඳුනා ගැනීමට සහ අදාළ දෝෂ නිරාකරණය කරමින් අලුත්වැඩියාවන් සඳහා සහය දැක්වීමටයි. 


      අභ්‍යන්තර දහන එන්ජින් (𝑰𝑪 𝑬𝒏𝒈𝒊𝒏𝒆) සහිත නවීන මෝටර් රථ මගින් නිකුත් කරනු ලබන විෂ සහිත පිටාර වායු විමෝචනය (𝑬𝒙𝒉𝒂𝒖𝒔𝒕 𝒈𝒂𝒔 𝒆𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏𝒔) අවම කිරීම සඳහා ම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද පද්ධතීන් සහ සංරචක මෝටර් රථය තුල අඩංගු කර පවතී. මෙම පද්ධති සහ සංරචක පොදුවේ වායු විමෝචන පාලක පද්ධතිය යන නමින් හඳුන්වනු ලබයි. මෙම වායු විමෝචන පාලක පද්ධතියට උත්පේරක පරිවර්තක (𝑪𝒂𝒕𝒂𝒍𝒚𝒕𝒊𝒄 𝑪𝒐𝒏𝒗𝒆𝒓𝒕𝒆𝒓) , ඔක්සිජන් සංවේදක (𝑶𝒙𝒚𝒈𝒆𝒏 𝑺𝒆𝒏𝒔𝒐𝒓) , පිටාර වාත ප්‍රතිචක්‍රීකරණය වැනි සුවිශේෂී සංරචක අන්තර්ගත වනු ලබන අතර මේවායේ පාලනය නිසි පරිදි පවත්වා ගෙන යාම සඳහා පරිගණක පාලනයෙන් යුත් සුවිශේෂී පාලකයක් භාවිතා කරනු ලබයි. 



    මෙලෙස මෝටර් රථ සඳහා යොදා ගනු ලබන වායු විමෝචන පාලන පද්ධති මගින් මෝටර් රථ හරහා බාහිර පරිසරයට නිකුත් කරනු ලබන පිටාර වාත විමෝචනයේ පාරිසරික බලපෑම අවම කරමින් වාතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි . ලෝකයේ පවතින විවිධ කලාප වල සහ රටවල් වල පාරිසරික නීති පද්ධතීන්ට අනුකූල වෙමින් මෝටර් රථ විමෝචන ක්‍රියාවලියට අදාළ ව සපුරා ලිය යුතු නීති රෙගුලාසි ඇතුලත් ප්‍රමිතීන් රැසක් පවතී. මේ නිසා නවීන මෝටර් රථවල විමෝචන පාලන පද්ධතිය (𝑬𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏 𝒄𝒐𝒏𝒕𝒓𝒐𝒍 𝒔𝒚𝒔𝒕𝒆𝒎) සහ ඊට අයත් සංරචක ක්‍රියාත්මක කිරීම විමෝචන සීමා නීතිවලට අනුකූලව සිදු වීම සහතික කිරීම අනිවාර්‍ය වේ. ඒ වගේම අදාළ කලාපය තුල අලෙවි කරනු ලබන සෑම නව මෝටර් රථයක් සදහාම වත්මන් විමෝචන සීමා නීතිවලට අනුකූල විය යුතු බැවින් නියම කර ඇති ප්‍රමිතීන් සපුරාලීම අනිවාර්ය වේ.


Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry