𝐅ɪʀᴇ 𝐓ʀɪᴀɴɢʟᴇ


   ගින්නක් පැවතීමට හෝ දහනයක් සිදු වීමට නම් , පහත සදහන් අවශ්‍යතාවයන් තුන සපුරාලීම අනිවාර්ය වේ.

.

• දහනය පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඔක්සිජන් (𝑶𝒙𝒚𝒈𝒆𝒏). දහන පෝෂක වායුව ලෙසින් හඳුන්වනු ලබන්නේ ද ඔක්සිජන් වායුවයි.,

.

• දහනය සිදු වන ද්‍රව්‍යයන්ගේ ජ්වලන උෂ්ණත්වය ඉහල නැංවීමට ප්‍රමාණවත් තාපය (𝒉𝒆𝒂𝒕), 

.

• කිසියම් ආකාරයකින් පවතින ඉන්ධන (𝒇𝒖𝒆𝒍) හෝ දහනය කල හැකි ද්‍රව්‍ය ,

.




   ගිනි ත්‍රිකෝණයෙහි (𝑭𝒊𝒓𝒆 𝑻𝒓𝒊𝒂𝒏𝒈𝒍𝒆) පැති තුන මගින් තාපය (𝒉𝒆𝒂𝒕) , ඉන්ධන (𝒇𝒖𝒆𝒍) හා දහන පෝෂක වායුව වන ඔක්සිජන් (𝒐𝒙𝒚𝒈𝒆𝒏) නිරූපනය කරනු ලබයි. මේවා දහනයෙහි මූලද්‍රව්‍ය තුන ලෙසින් හඳුන්වනු ලැබේ.

.

  දහනයක් සිදු වීමට නම් ඉහත සදහන් මූලද්‍රව්‍ය තුන නිවැරදි අනු පාතයන්ගෙන් යුතුව එකිනෙක සම්බන්ධ කිරීම සිදු කල යුතු වේ. ඉහත සපයනු ලබන අංග තුනෙන් එකක් හෝ ඉවත් වීම සිදු උවහොත් දහනය ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකිව නිවී යාම සිදු වේ. 



  මෙම සිද්ධාන්තය අනුව , අභ්‍යන්තර දහන එන්ජිම තුල ඇති දහන කුටීරය තුල දී ඉන්ධන වාත මිශ්‍රණයෙහි දහනය වීම සිදු වේ. ප්‍රෙට්ට්‍රල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන 𝒔𝒑𝒂𝒓𝒌 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒆𝒏𝒈𝒊𝒏𝒆 වලට හා ඩීසල් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන 𝒄𝒐𝒎𝒑𝒂𝒔𝒔𝒊𝒐𝒏 𝒊𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒆𝒏𝒈𝒊𝒏𝒆 සදහා ඉන්ධන සපයන ආකාරය සහ ජ්වලනය සිදු වන ආකාරය එකිනෙක වෙනස් වේ. 

.

• 𝑺𝒑𝒂𝒓𝒌 𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝒆𝒏𝒈𝒊𝒏𝒆 සදහා ප්‍රෙට්ට්‍රල් ඉන්ධන වාතය හා හොදින් මිශ්‍ර කර 𝒊𝒏𝒕𝒂𝒌𝒆 ක්‍රියාවලියේ දී දහන කුටීරය තුලට සැපයීම සිදු කරයි. පිස්ටනය මගින් ඉන්ධන වාත මිශ්‍රණය හොදින් සම්පීඩනය කල පසු 𝒔𝒑𝒂𝒓𝒌 𝒑𝒍𝒖𝒈 එක මගින් නිකුත් කරනු ලබන පුළිගුව උපයෝගී කර ගනිමින් දහන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සිදු කර ගනු ලබයි.

.


• 𝑪𝒐𝒎𝒑𝒂𝒔𝒔𝒊𝒐𝒏 𝑰𝒈𝒏𝒊𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒈𝒊𝒏𝒆 සදහා වාතය පමණක් සිලිඩරය තුලට ඇතුලත් කර ගැනීම සිදු කර 𝒑𝒊𝒔𝒕𝒐𝒏 එක උපයෝගී කර ගනිමින් සපයනු ලබන වාතය හොදින් සම්පීඩනය කර ගැනීම සිදු කරනු ලබයි. 𝑪𝒐𝒎𝒑𝒂𝒔𝒔𝒊𝒐𝒏 අවස්ථාවේ දහන කුටීරය තුල පවතින උණුසුම් සම් පීඩිත වාතය තුලට සුදුසු පරිමා අනුපාතයකින් යුතු ඩීසල් ඉන්ධන කුඩා අංශුමය ආකාරයෙන් ඉසීම සිදු කරයි. මේ නිසා ඩීසල් ඉන්ධන ස්වයං දහනයට ලක් වී දහන ක්‍රියාවලිය සම්පූර්ණ වීම සිදු වේ.

.

.



𝐍𝐨𝐭𝐞:- 


  “ ගිනි ත්‍රිකෝනය භාවිතා කරමින් දහනයක් සිදු වීමට අවශ්‍ය මූලික සිද්ධාන්ත තුන පෙන්වීම සිදු කරනු ලබයි. 

   මෙම ද්‍රවය තුන ඉන්ධන ,තාපය සහ ඔක්සිජන් වේ. ඕනම තත්වයක් යටතේ , ගින්නක් ඇති වීමට නම් ඉහත සදහන් මූලද්‍රව්‍ය තුන එකිනෙක සම්භන්ද කර පැවතිය යුතු අතර ගින්නක් මැඩ පැවැත්වීමට නම් ඉහත සදහන් මූලද්‍රව්‍ය තුන වෙන් කර තැබීම අනිවාර්ය වේ.”


Comments

Popular posts from this blog

ignition system

Air-Fuel Ratio

Piston and Cylinder Geometry